තරාදියක ආකාරයට විහිදුණු තාරකා මණ්ඩලයකි. රාශි චක්‍රයේ හත්වැන්න වන තුලාව
ශුභපල ගෙන දෙන රාශියකි.අංශක 180 සිට 210 දක්වා ප්‍රදේශයක අංශක 30ක ප්‍රමාණයට
විසිරුණු තාරකා සමූහයක් මේ රාශියට අයත් වෙයි.
පුරුෂ ලිංගය. කෲර ස්වභාවයක් ඇත්තේය.විෂමය.වායෝ ධාතුය. වායෝ ත්‍රිත්වය පෙන්වන ත්‍රිකෝණය ඇන්ඳවිට පහළ කෙළවරේ ඇත්තේ මේ රාශියයි.දක්ෂිණාර්ද ගෝලයේ පිහිටා ඇත. චර ,මනුෂ්‍ය රාශියකි.
නවාංශක ගණනය කිරීමේ දී පළමු නවාංශකය ආරම්භ වන්නේ තුලාවෙනි.එවිට වර්ගෝත්තම බව ලබයි.තුලාවේ රාශි අධිපතියා හෙවත් තුලා ලග්නයේ අධිපතියා සිකුරුය.
ග්‍රහ මණඩලයේ තුලා රාශියේම සිකුරු ග්‍රහයා සිටියේ නම් ශුභයෙක් වන අතර සුබ ඵලම ගෙන දේ.එහෙත් තුලාවේ රවි සිටියොත් නීචව උදාසීන කුසීත අයෙක් කරයි.නමුත් ශනි තුලා වේ වුවොත් ශුභ වේ.කේන්ද්‍රස්ථානයේ එසේ පිහිටියේ නම් "සස"නම් මහා පුරුෂ යෝගය උදාකර රාජ යෝග ඇතිකරයි. මේ ග්‍රහ කාරකය ජීවිත සැපවත් කරනු ඇත.
මේ සියලු තත්ත්වයන් යටතේ ග්‍රහයින්ගේ පිහිටීම් අනුව තුලාවේ ගුණාගුණ ද ත්‍රිවිධ ආකාර වෙයි.
*තුලාවේ සිකුරු සිටියේ නම් කාලාකාමීය. හුරුබුහුටිය.කෙළිලොල් ගතිය ඉහවහා යයි.ගැහැණියක් නම් මනා ඇඟ පසඟකෙලිලොල් ගතිය පිහිටයි.පිරිමින්ගේ සිත් සතන් වේගයෙන් ඇඳ බැඳ ගන්නා දැඩි ප්‍රේමවන්ත ගති ඇත්තියක් වෙයි.ගමන බිමන පවා සිත් ගන්නා සුලුය.කතාවෙන් පවා ප්‍රේමාන්විත වෙයි.කතා බහෙන් ඉක්මනින් කෙනෙකු අල්ලා ගැනීමේ දක්ෂය. ඉතා ලස්සනට ඇඳුම් පැළඳුම් අඳියි. ලස්සනට වඩා ඇඟට ගැලපෙන ලෙසට මනාවූ ඇඳුම් අඳියි.
පිරිමියෙකුට මේ ආකරයෙන් පිහිටියේ නම් ඒත් කෙළිලොල් ගති ඉහවහා යයි. සැබෑ ප්‍රේමවන්තයෙක් වෙයි. ප්‍රේමය ආදරය වෙනුවෙන් ජීවිතය පිදීමට වුවද පසුබට නොවේ. එතරම්ම ප්‍රේමාන්විතය. ආදරය ජීවිතයේ කොටසක් කරගනී.යෙහෙළියන් පිරිවරාගෙන සිටීමට ඉතා කැමතිය.ඇතැම් විට බොලඳ ලෙස කටයුතු කරන අවස්ථාද ඇත. ජේත්තුව ට ඇඳීමට බොහෝ කැමතිය. දිනපතා නාන රැවුල බාන පිළිවෙලට සිටින්නන්වේ. කාන්තාවන් වෙනුවෙන් ඕනෑම කටයුත්තක් කරදීමට ඉදිපත් වේ. එවැනිදේ ප්‍රීතියක් කොට සලකයි.
යම් හෙයකින් සිකුරු මීනයේ වූයේ නම් මේතත්ත්වය තවත් දැඩි වෙයි. කොතරම් දැඩිව කිවහොත් ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟ ප්‍රේමයෙන් බැඳේ. ස්ත්‍රී ඇසුරම ප්‍රිය කරයි. බොහෝ විට විවාහ වූවාට පසුවද අනියම් සබඳතා කීපයක් පවත්වාගෙන යයි.කාමාධිකය. ප්‍රේමය ඉදිරියේ බැගෑවෙයි. ඇතැම් විට ඇඬීමට, වැලපීමට පවා පෙළඹේ. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදුය.
තුලා ලග්න හිමියො අලංකාරයට කැමති ගී ගැයීමට ,නැටීමට ,ප්‍රීතියෙන් සිටීමට කැමත්තෝ වෙති.ඔවුන් ගේ දොර පවා අලංකාරව, ක්‍රමවත්ව තබා ගනී.දැන් දැන් ගමනක් යාමට මෙන් ක්‍රමවත්ව ඇඳුම් පැළඳුම් ඇඳ පිළිවෙලට සිටියි. නිතර ගීයක් මුමුණයි. ලයාන්විත කටහඬක් ඇත. අතිශයින් ප්‍රේමාන්විතය. නිතර තරහා නොයයි.තරහා යටපත් කරගෙන කතාකරයි. යහළු යෙහෙළියන් බොහෝය.බොහෝ විට විරුද්ධ පාර්ශ්වයේ යහළුවෝ හෝ යෙහෙළියෝ ඇත්තේය.
*ශනි තුලාවේ සිටින විට තුලාව කේන්ද්‍රස්ථානයක් වූ විට එනම්1,4,7,10 යන ස්ථානයක සිටි විට නිශ්ශබ්දව වැඩ කරන,එහෙත් රජ වැඩකාරයෝ වෙත්. පරාජය නොහඳුනන, වැටුනත් ඉඩක් ලද වහාම ඉදිරියට යන පරාජය කළ නොහැකි අය වේ. බොහෝ උසස් තනතුරු වලට යයි.කුමන අයුරින් ක්‍රියා කළත් පෙර කී ලෙස සිකුරුගේ ගති පවතී.එය කෙරෙන්නේ ඉතා රහසිගතවය. එයින් ආත්මය විනාශකර නොගනී.තරමක කපටි කමක් ද තිබේ.බොළඳ විය යුතු තැන බොළඳ වෙයි.එයද එක්තරා විදියක කපටිකමක් වෙයි.කෙසේ හෝ තම අභිමථාර්ථය ඉෂ්ට කරගනී.
*මේ තත්ත්වය රවි තුලාවේ පිහිටියොත් වෙනස් වේ.විශේෂයෙන් රවි තුලා ලග්නයේ සිටියොත්, ස්ත්‍රී ලෝලියෙකු වේ. ඔවුන් වෙනුවෙන් මිල මුදල් පමණක් නොව ආත්මය ද විනාශ කරගනී.ඉතින් විවාහයට එළඹුනොත් දාසයෙක් සේ ගේදොර වැඩකරයි. වලන් පිඟන් පවා සෝදයි. ඒ අතර හැකි වුවොත් වෙනත් සබඳතාද පවත්වයි. ස්ත්‍රී ලෝලීත්වයට හානි නොවේ. අනෙක් පාර්ශවය ගැන තිබෙන කැමැත්ත අඩු නොවේ.
සිදුවනුයේ තම අවශ්‍යතාව සඳහා නිහීන තත්ත්වයට පත්වීමය.ජාමෙ බේරාගෙන වැඩ නොකිරීම මෙයට හේතුවෙයි.එයින් බොහෝ හානි සිදුකර ගනී. බොරු කේලාම් කියන,විශ්වාසය තැබිය නොහැකි තත්ත්වයට වැටේ.ඕපාදූප කතා කරන පිරිමියෙක් උනත් ගෑනු වැඩ කරන අයෙක් වෙයි.ගැහැනියක් මෙන් වැඩකිරීමට කැමතිය.තමන්ගේ ආත්ම විශ්වාසය ගැන තමන්ටම විශ්වාස නැත.එහෙත් ඉහළ යාමේ අශාව ඇතිමුත් නියම මාර්ගය තෝරාගත නොහැකිය.එය තරමක් දුෂ්කර වනු ඇත.යන ගමන් මඟ පිළිබඳ විශ්වාසයක් ද නැත.ලැජ්ජාව ,භය තරමක් අඩුය.
සාමාන්‍ය තුලා ලග්න හිමියා සාමකාමීය. රණ්ඩු සරුවල්වලට අකමැතිය.තරමක් කල්පනාකර කටයුතු කරයි.ආදරයෙන් ආලයෙන් සම්බන්ධ නොවේ.නමුත් පැසුණු බුද්ධියක් ඇත්තෙකි.ප්‍රිය මනාපය. හොඳින් ඇඳුම් පැළඳුම් අඳින යහපත් ගති ඇත්තෙකු වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න
රාජ්‍ය සම්මානලාභී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී

0 comments:
Post a Comment