ලොව අංක විද්‍යාව හඳුන්වා දුන් පයිතගරස් අංක අතරින් වැදගත්ම අංකය ලෙස තීරණය ෙකළේ අංක 1ය.
ධෛර්යය සම්පන්න පුද්ගලයාගේ නමට හිමි අංකවල එකතුව තනි අංකය දක්වා එකතු කළ විට අංක එක ලැබේ.අංක විද්‍යාවට අනුව අංක එක විග්රහ කළ හැකි වන්නේ සුවිශේෂ පුද්ගලයෙකු වශයෙනි. අංක එක පුද්ගලයන් ඉතාමත් ස්වාධීන සේම බලසම්පන්න ය. ඕනෑම කටයුත්ක නියැලෙද්දී තමාගේ අවධානය සහ ශක්තිය ඒ වෙතට සම්පූර්ණයෙන් යොදවනු ලබයි..තමාට අවශ්‍ය දේ කෙරෙහිම ඉලක්ක කිරීමේ පුදුම හැකියාවක් ඇත. ප්‍රකාශන අංක එක (1) හිමියා වාසනාවන්තයකු ලෙසින් සැලකේ.
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වූ වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රකාශන අංකය වන්නේ එකය (1). අලුත් සොයා ගැනීම් වලටද දක්ෂයෙකි. අංක එක (1) මගින් නිරූපණය වන්නේ රජකම රජය හා පෞරුෂත්වය යන ලක්ෂණයන්ය. එක ලබා ගැනීමේ ප්‍රබලත්වය එයින්ම වටහා ගත හැකි වේ. අංක එක (1) පමණක් සෙසු අංක වලට බෙදිය නොහැකිය.
යම් සමාජයකට රටකට සමුළුවකට ගිය විටදී එහි අංක එක (1) හිමි පුද්ගලයාගේ බලය පැතිරීම සාමාන්‍ය දෙයකි. සෘජුව කතා කිරීමටත් අභියෝගයන්ට මුහුණ දී ජය ගැනීමට උනන්දුවක් දක්වනු ලබයි. අංක එක හිමි පුද්ගලයා තමා යා යුතු තැනට නොබියව ගමන් කරයි. ඒ සඳහා වඩාත්ම ප්‍රයෝජනයට ගනු ලබන්නේ සිත් කා වදින වදන් සහ ඉදිරියට යාමේ ලක්ෂණයන්ට උපමා රූපක ආදිය යොදාගනිමින් තමාගේ කතාව ඉදිරිපත් කිරීමෙන් තමා ඉදිරිපත් කරනු ලබන කරුණු අන් අයගේ සිතට කා වැද්දීමය.
අංක (1) පුද්ගලයන් කතාවේදී හැසිරෙන්නේ තමාට කළ නොහැකි දෙයක් නැති තරම් යනුවෙනි. සැබැවින්ම කතාවේ තරමටම ක්‍රියාවෙන්ද දක්ෂයෙකි. වෙහෙසීමෙන් කටයුතු කරමින් ස්ථාවරය වර්ධනය කර ගැනීමට සෑම විටම උත්සාහ කරනු ලබයි. ප්‍රකාශන අංක 1 හිමිවන අය ස්වභාවයෙන්ම නායකත්වයට හිමිකම් ඇත්තන්ය. හොඳ පෞරුෂයක් සමඟ හොඳ සංකල්පනා ශක්තියකින්ද යුක්තය. ප්‍රශ්න වලට දැඩි අවධානයක් යොමු කිරීමට කැමැත්තක් ඇත. මහින්ද රාජපක්ෂ මහාතාටද ප්‍රකාශන අංක එක (1) හිමි වී ඇත. එතුමාගේ ජන්ම අංකය නවය (9) හිමි වීමත් දෛව අංක තුන (3) හිමිවීමත් නිසා ප්‍රකාශන අංක එකෙහි බලය තවත් වර්ධනය වෙයි.
නාම යෝජනා භාරදුන් දිනය 2014.12.08 තනි අංකය වශයෙන් බලන විට අංක නවය (9) ලැබේ.මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම අංකය නවය වෙයි. එතුමාගේ ප්‍රකාශන අංකය එක වන අතර මැතිවරණය පවත්වනු ලබන ජනවාරි මාසය ද අංක එකය.එම අංක දෙකමද සැසඳේ මෙහිදී අංක එකට හිමිවන්නේ පුදුමාකර වැදගත් කමකි. එනම් සියලු ම අංක නිර්මාණය විම සඳහා අංක එක මූලික වී කටයුතු කරයි.එහෙයින්ම මෙහිදී අංක එක සළකණු ලබන්නේ ප්‍රධාන සම්පාදක අංකය ලෙසිනි. මේ සියලු කරුණු සමාලෝචනය කර බලන විට මැතිවරණයේ ප්‍රථම ස්ථානය ප්‍රකාශන අංකය හිමි මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය බව පැහැදිලිව සනාථ වෙයි.
ධර්මසිරි
මනෝවිද්‍යා හා ප්‍රවීණ අංක විද්‍යා උපදේශක
0 comments:
Post a Comment