728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    මේ සතියේ පෙරළි පිට පෙරළි

    කුජ රාජ්‍යකාරක දෘෂ්ටි ලබයි.

    අවධානයෙන් සිටියොත් ජය නියතයි!


    මේෂ - තත්ත්වය රැකගත යුතු වෘෂභ - නව නිපැයුම්වලට හොඳයි. මිථුන - රස පිරි අත්දැකීම් කටක - වැඩි කතා එපා
    සිංහ - නිරෝගි සුවය කන්‍යා - කෑම බීම පරෙස්සමෙන් තුලා - මුදල් නිසා කරදර වෘෂ්චික- ද්‍රව්‍ය ලාභ
    ධනු - බර වැඩ එපා මකර - උදරාබාධ කුම්භ - සිත් සහනය මීන-කරන දෙයක් පරිස්සමින්

    ජනවාරි 07 දා බදාදා සිට 14 දා බදාදා දක්වා කාලය ඉතා අවධානයෙන් සහ එළඹ සිටි සිහියෙන් කටයුතු කළ යුතුය. 08 දා පස්වරු 04.28 ට සඳු සිංහ රාශිගත වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති අසන්නට ලැබෙනු ඇත. ‍දොළොස් ලග්නයට එය බලපාන්නේ මෙසේය.
    2015 ජනවාරි 07 වෙනිදා සිට 14 බදාදා දක්වා ඉදිරියට ලබන්නාවූ සතිය සමාජ,ආර්ථික,දේශපාලනික වශයෙන් පෙරළි පිට පෙරළි ලංකාව පමණක් නොව සමස්ත ලෝකය පුරාම ඇතිකරන සතියක් වන්නේය.
    සේනාධිනායක කුජ ග්‍රහයා රාජ්‍යකාරක රවිගේ දෘෂ්ටිය ලබමින් සිටියදී 08 වෙනිදා පස්වරු 04.28 ට චන්ද්‍රයා සිංහ රාශියට සැපත් වන්නේය. එයින් අනතුරුව කන්‍යා රැසටත් 13 වෙනිදා පස්වරු 05.37 ට තුලා රාශියටත් චන්ද්‍රයා සම්ප්‍රාප්ත වී අඟහරු ගෙන් දෘෂ්ටි ලබන්නේය.

    දිවයිනේ බොහෝ ජන්මීන්ගේ ක්‍රියාකලාපයන් උ‍ඩු යටිකුරු කරනු ලබන්නේය. මෙයට පාදක වන්නේ ඒ ඒ ලග්නයන් ගොදුරු වන ධනවේගාත්මක හෝ සෘනවේගාත්මක බල තත්ත්වයන්ය.ඔබේ ලග්නය හරහා ගෙන එන අනැවැකි තුළින් ඔබේ ජිවිතයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු සළසා ගැනීමට උත්සුක වී බලන්න.

    මේෂ
    මේ දක්වා පැවැති ඇඟට පණ නැති ගතිය හෙවත් හෝන්දු මාන්දු ගතිය පහ වී යනු ඇත. ගුප්ත ශාස්ත්‍ර ආදිය කෙරෙහි උනන්දුවක් ඇතිවේ. යම් තාක් දුරට තත්ත්වයේ පහළ වැටීමක් පෙන්නුම් කරයි. තමා සොයාගෙන එන ඥාති ,හිතමිතුරන්ගෙන් නිවස පිරී යයි. . ශරීරයේ තිබූ කාන්තිමත් ස්වභාවය තරමක් හීන කරයි. දූ දරු මුණුබුරු දියුණුවට විවිධ මාර්ග මතු කරයි.

    වෘෂභ
    යම් ආකාරයක නවතම දේ පිළිබඳ සිත යොමුවන සතියකි.ඔබේ වෘත්තීය දක්ෂතා අනුව යම් යම් නව නිර්මාණ සිදුකිරීමටත් නව ලිපි ලේඛන ග්‍රන්ථ කරණය ආදියටත් යොමුවන සතියකි. ඔබේ වෘත්තිය දක්ෂතා අනුව යම් යම් නව නිර්මාණ සිදු නිරීමටත් නව ලිපි ලේඛන ග්‍රන්ථ කරණය ආදියටත් යොමුවිමට සුදුසු සතියකි.කුමන හෝ ක්‍රීඩාවක් සඳහා ඔබට විවිධ පහසුකම් සැළසේ. නමුත් ඔබට එකී ක්‍රීඩා කටයුතුවල යෙදෙන මුවාවෙන් රාගාධික ස්වභාවයේ යම් යම් ක්‍රියාවන්වල යෙදීමට පෙළඹීම් ඇති වේ.බුද්ධිමත්ව කටයුතු කරන්න.

    මිථුන
    ඔබ දැනට ලබන විරුද්ධ ලිංගික සැප අඩු කළ හැකිය. අඩු ස්ථානය පිරවීමට ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට නොගතහොත් ඔබ දිනුම්.මිත්‍ර ඇසුර වර්ධනය වන නිසා ඔබ තෘප්තිමත් වෙයි.නමුත් ඔබගේ ක්‍රියාවක් හෝ කතා විලාශයක් නිසා ප්‍රසිද්ධ සතුරෙකු ඇතිවෙයි. ඔබගේ කීර්තිය පැතිරේ.ඔබ පිළිබඳ ගුණ වර්ණනාවක යෙදෙන්නට ඔබට හිතවත් පාර්ශ්වයක් ක්‍රියා කරනු ඇත.

    කටක
    ඔබ යම් යම් අය සමඟ විවිධාකාර බහින් බස්විම්වලට නොයාමට වගබලා ගන්න.
    මොකද දන්නවද?ඔබට නොගැලපෙන්නාවූ පහත් වචනයක් ප්‍රකාශ කරමින් ඔබව ආමණ්ත්‍රණය කිරීමේ පසුබිමක් ඇත. එය දිගුකලක් ගතවන තෙක් ඔබේ මනසට වද දෙනවා ඇත.ඔබට එල්ලවන පීඩාකාරී ක්‍රියා කලාප නිසා ඔබටත් ප්‍රබල බැන වැදීම්වලට සිතක් පහළ වේ. ඉන් මිදෙන්න.නැතිනම් විශාල පාඩුවක් සිදුවෙනවාද ඇත.

    සිංහ
    ඔබගේ ශරීර සෞඛ්‍යය යහපත් වනු ඇත.රෝගයකින් පෙළුනේ නම් සුව වන ලකුණු පහළවේ. යම් කෙනෙකු විසින් ඔබගේ ගුණ කථනයක් සිදු කරනු ඇත.
    එයට එරෙහි වන සතුරු පිරිසක් ද මතු වී ඔබගේ කීර්ති නාමයට හානි සිදු කළ හැක.
    පුද්ගලයන් විවේචනය කිරීමෙන්, කේලම් කීමෙන් හා ඇසීමෙන් වළකින්න. කේලම් ඇසීමට අවනත වුවොත් ඔබ අමාරුවක වැටෙනු ඇත.

    කන්‍යා
    ආහාර පාලනය කිරීමෙන් ‍හා ව්‍යායාම්වල යෙදීමෙන් ඔබට යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගෙන යා හැක. මේ සතියේ දී ආහාර පාන හේතුවෙන් කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් ඇති විය හැකි බැවින් ආහාර පිළිබඳ පරෙස්සම් වන්න. ඉදිරි සතියේ දී ලග්නාධිපතියා මතු වීමට නියමිත හෙයින් ඉතා ඉවසිල්ලෙන් කටයුතු කරන්න. මිතුරු ඇසුර මෙන්ම ධනය පරිහරණය සීමාවකින් යුතුව සිදුකරන්න.

    තුලා
    මුදල් ගණුදෙණු වලදී පරිස්සම් වන්න. මුදල් වලින් නොව චෙක්පත් වලින් හෝ වෙනත් අයකු මාර්ගයෙන් ගණුදෙණු කරන්න. ජලයෛන් හෝ දියර වලින් පීඩා දිය හැක. බෙහෙත් පාවිච්චි කරන්නේ නම් නියමිත වේලාවට නියමිත් මාත්‍රාවට ගන්න. මේ සඳහා උපදෙස් ගැනීමට ලඟම ඥාතියෙක් ලඟ තබාගන්න. තනිව බෙහෙත් ගන්න ගියොත් අතපසු විය හැක.

    වෘෂ්චික
    සියුමැලි ස්ත්‍රීන් ඉලක්ක කොට වෙළ හෙළඳාම් කිරීමේන් යහපත් කාලයක් උදාවනු ඇත.මැදි වයසේ කාන්තාවන්ගෙන් විවිධ ලාභ ලැබෙනු ඇත.
    ඔබේ හිත ගිය කෙනාට පණිවිඩයක් යැවීමට මැදිවයේ කාන්තාවක් යොදාගත හොත් ඔබ දිනුම්.පාරම්පරික උරුමයක් ලැබීමට තිබේ . ඒ සඳහා ඉල්ලා සිටිය යුතු වන්නේය.

    ධනු
    ඔබ කුමන තරාතිරමක රාජකාරියක යෙදී සිටියද පොළව සම්බන්ධ කටයුත්තකට සිතක් පහළ වේ. නැතහොත් නිවෙස හෝ තම කාමරය අස් කිරීමට සිතක් පහළ වෙයි. ‍මේ සතියේ බර වැඩක් කිරීමෙන් වලකින්න. සිත් බිඳීමක් ඇති වුව ද කල්පනාකාරීව ඉවසීමෙන් සාමාන්‍ය කටයුතුවල පමණක් යෙදෙන්න.සම බිමේම කටයුතු කරන්න. ක්ලාන්තයක් හිසේ කැක්කුමක් වැන්නක් ඇති වුවහොත් වහාම අසුන් ගන්න ‍.

    මකර
    යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගෙන යාමට උත්සහ කරන්න. ආමාශ ගත පීඩාවට ලක්විය හැක. වහා ප්‍රතිකාර ගන්න. ළඟම මිතුරන් නෑන,මස්සිනා ආදීන්ගෙන් පරිස්සම් වන්න. ප්‍රබල චරිත ඝාතනයක් ඇතිවීමේ අවදානමක් ඇත. ඇඟෙන් ගිනි පිටවීම වැනි තත්ත්වයක් ඇති වුවහොත් සිංහල බෙහෙත් ගන්න යොමු වන්න. පැණි රස කෑමෙන් වැලකීම සුදුසුය.

    කුම්භ
    අවිනිශ්චිත බව පහවීගොස් අධිෂ්ඨාන ශක්තිය ඉස්මතු වේ. එහෙත් තරමක් මානසික පීඩනයකට ලක්වන සතියකි. ලේ ඥාතීන්ගෙන් අනපේක්ෂිත වාසි ලැබෙන සතියකි.
    උගුර කන නාසය ආශ්‍රිත පීඩා ඇති විය හැක. කෙසේ වෙතත් ඉදිරි දින හත ඉවසීමෙන් සහ දූරදර්ශීව ක්‍රියා කළ යුතුව ඇත. නිවෙසින් බැහැරයෑම් වන්දනාගමන් හා විනෝද ගමන් ආදියට කෙසේ වත් සුදුසු නැත.

    මීන
    මානසික ආබාධ ඇති අය අසලට යාමෙන් වළකින්න.තරඟ ජය ලැබිය හැක.
    වන්දනා ගමන් හෝ දුර බැහැර ගමන් යෙදුන හොත් සුව පහසු නවාතැන් ලැබේ.සංචාරයට මේ සතිය සුබ අතර විරුද්ධ ලිංගික ආකර්ෂණ ලැබේ.



    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුරා ශ්‍රී ගුණවර්ධන
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මේ සතියේ පෙරළි පිට පෙරළි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top