අද රෑ 9.25 ට බුධ වක්‍ර වෙයි
බුධ වක්‍ර මොහොතේ තත්කාල කටකය ලග්න කණ්ඩලියේ හත්වැන්න වන මකරයේ ග්‍රහ පොකුරක් සන්ධානගත වී ඇත. ඒ රවි-ධනු-ශුක්‍ර සහ බුධ ග්‍රහයායන චතුරු ග්‍රහ බලවේගයයයි.රවි රාජ්‍ය කාරකයා වන අතර ඉතිරි ග්‍රහයින් තිදෙනාම ශ්භ ග්‍රහයින් වන්නේය. ඒ වාගේම එහි අධිපතියා වන සෙනසුරු ත්‍රිකෝණස්ථානයක් වන පස්වැන්නේ තැන්පත් වන්නේය. තත්කාල මොහොතක හත්වැන්න බලවත්වීම තදින් බලපානු ලබන්නේ විදේශ සම්බන්ධතා තරවීමේ ප්‍රවනතාවයකටය. විශේෂයෙන් හත්වැන්නේ සිකුරු වීම විදේශ රාජ්‍යයන්හි මිත්‍රත්වය වර්ධනය වීමට බලපාන සාධකයකි.
සිකුරුගේ මෙකී පිහිටීම නිසා විශේෂයෙන් වෙළඳ කටයුතු දියුණු වනු ලබන්නේය.වක්‍රවනු ලබන බුධ ග්‍රහයා ද හත්වැන්නේ වීම නිසා විදේශ රාජ්‍යයන්ගෙන් බුද්ධිමතුන් රටට පැමිණීමේ ප්‍රවනතාවයක් මතුවනු ඇත.
එසේ නැතහොත් නූතන දියුණු මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය භාවිතයක් හෝ ශ්‍රී ලංකාවට ලැබීමේ තත්ත්වයක් නිර්මාණය වෙයි.තත්තකාල ලග්න කුණ්ඩලියේ අටවැන්නේ කුජ ග්‍රහයා තැන්පත්ව සිටීම නිසා යාන වාහන පැදවීමේ දී මනුෂ්‍යයා ගේ සිතට කලබලකාරීමෙන්ම ඉක්මන් කමක් ගෙන දෙන ආවේගශී තත්ත්තවයක් ද නිර්මාණය වනු ඇත. මේ නිසා හඳිසි අනතුරු ආදිය බහුල වීමේ ඉඩ කඩක් ද පවතී.ඉදිරියෙන් යන වාහන පසුකිරීමේ තරගකාරී මනසක් ඇතිවීමද එයට තදින් බලපායි.ඒ නිසා වාහනවල ගවන් කරන මගීන් රියැදුරන් ගේ ගමන් පාලනය කිරීමට උපදෙස් දීමට ඉදිරිපත් නොවුනහොත් අනතුරු බහුලවනු ඇත.
කෙසේ වෙතත් විවිධ නැකැත්වලින් උපන් අයගේ උත්පත්ති ලග්නය කුමක් වුවත් උපන් නැකැත පීඩාවිඳින්නේ නම් සුබ ඵල අවම කරමින් අසුබ ගෙන ඒමේ ඉඩකඩ වැඩිය.මේ නිසා ලග්න හරහා ගෙන දෙන අසුබ මර්දනය කර ගැනීමට සිදුකළ යුතු පුදපූජා කෙරෙහි ජන්මියා අවධානය යොමුකරන්නේ නම් මැනවි.
මේෂ
ඔබගේ ලග්නයේ දස වැන්නේ දී බුධ ග්‍රහයා වක්‍ර වන්නේ ය.බුධ තුන් වැන්නේ අධිපතියා ද වීම නිසා සියලු කටයුතු සඳහා ඔබට නව උනන්දුවක් ඇතිවේ.විශේෂයෙන් රැකියා වේ දියුණුවක් ඇති කරයි. ව්‍යාපාරිකයෙක් නම් ඊට අන් අයගේ සහය ලැබේ. මෙකී ස්ථානයේ බුධ සමඟ වීම රාජ්‍ය සහය ලැබීමටද හේතු වේ.එහෙත් ඔබේ ව්‍යාපාර කටයුතු වලදී ලියකියවිලි භාවිතා කරන්නේනම් ඒ පිළිබඳ සුපරික්ෂාකාරී වන්න.වැරදීම් වලට ඇති ඉඩකඩ වැඩිය. කෙසේ වෙතත් අතමිට සරුවී වැඩිපුර මුදලක් ඔබේ අතට එන කාලයකි.
බුධ හයවැන්නේද අධිපති බැවින් සොරසතුරු උවදුරු වලින් පරිස්සම්වන්නට සිදු වේ. අස්ථාන චෝදනා එල්ලවී තිබුණේ නම් සත්‍ය එළි දරව් වී සාධාරණ තීන්දු ලැබීමටද දසවැන්නේ ගෝචර බුධ මඟපාදයි.
වෘෂභ
ලග්න කුණ්ඩලියේ නව වැන්නේ දී බුධ ග්‍රහයා වක්‍ර වන විට ලග්නාධිපති සිකුරු ලැගුම් ගෙන සිටී.ඔබේ සිත කුසල් සිදුකිරීම කෙරෙහි ඇදී යනු ඇත.ඒ කෙරෙහිම ඔබේ සිතිවිලි මෙහෙයවීම ඉතා සුදුසුය.ඒ මන්ද යත් කිසිවෙකුට අවැඩක් හෝ වංචාවක් කිරීමට ඔබේ සිතට අදහසක් පහළ වුව හොත් එය වලකා ගැනීමටය.පිත් ධාතුව කුපිතවන ආහාර ගැනීමෙන් වලකින්න.ජලය භාවිතයේ දී වඩාත් සැළකිළිමත් වන්න.ආමාශගත පීඩාවකට ඉඩ ඇත.
ඔබේ ආත්ම ගෞරවය කෙළෙසී යන අන්දමේ යමක් සිදුවිය හැකි බැවින් අනවශ්‍ය මැදිහත් වීම් වලින් වලකින්න.ආගම ධර්මය කෙරෙහි භක්තිය අඩුවීමෙන් තම දියුණුව අඩාල වෙයි.වන්දනා ගමන් ආදියට ඇරයුම් ලැබෙනු ඇත.ඒකාකාරී දිවියෙන් මිදී යාම මානසික අස්වැසිල්ලක් ලැබීමට ඒවා පිළිගැනීම සුදුසුය.අත ඇති මුදල් වියදම් වීමට ඉඩ ඇති බැවින් වියදම් පාලනය කරගන්න.කිසිදු ආරවුලකට මැදිහත් නොවන්න.ගෞරවයට හානිවිය හැක.
මිථුන
ඔබේ ලග්නාධිපතියා මෙන්ම සිවු වැන්නාධිපතියාද වන බුධ අට වැන්නේ වක්‍ර වනු ඇත.මෙකී බුධට නෛසර්ගික සඳු -සිකුරු දෙදෙනා සංයෝග වන නිසාද ගුරුගේ දෘෂ්‍ටිය නිසාද ඔබට නව ධනෝපාය මාර්ගයක් පෑදේ.රාජ්‍යකාරක රවි සංයෝගවන බැවින් රාජ්‍ය අංශයේ පිළිගැනීමකටද ලක්වේ.රැකියා තනතුරු ලැබීම නිසා ද ඔබේ ධන බලය හෝ තනතුරු බලය මතුවී ඥාති මිතුරන් ඔබව පිරිවරාගනු ඇත.
නව විලාසිතාවක් පරිත්‍යාග ලෙස ලැබීමේ භාග්‍ය ඇත.අන් සතු ධනයක් හිමිවන කාලයකි.නමුත් සිත්තැවුලක්ද ඇතිවිය හැක.එය දෙයාකාරය.ඔබේ ක්‍රියාකාරීත්වය නිසා කෙනෙක් අසරණවීම දැක සිත්තැවුලක් ඇති විය හැක.අන් අයගේ ක්‍රියාකාරීත්වය නිසාද සිත සසල වීමට ඉඩ ඇත.මේ නිසා අනවශ්‍ය දේට අතපෙවීමෙන් වලකින්න. අලුතින් යමක් ආරම්භ කිරීමට සිතුවේ නම් එයින් දියුණුව ලැබීමේ වාසනාව ඇති බව මතක තබාගන්න.
කටක
විශේෂ දක්ෂතා හා දියුණුවක් ලැබීමේ පසුබිමක් මතුවෙයි.මේ නිසා ඔබටත් ඔබේ දේපළවලටත් ඇස්වහ කටවහ අඬෝවැඩියා දෝෂ ඇතිවිය හැක.ඊට මුහුණදිය හැකි ආකාරය පිළිබඳ සැළකිළිමත් වන්න.ඔබ ප්‍රේම සබඳතාවයක් පවත්වන්නෙක් නම් විරහවකට පසුබිමක් සැකසිය හැක.මේ නිසා අනෙකා කෙරෙහි නම්‍යශීලී වන්නට වගබලා ගන්න.ඔබ විවාහක පුරුෂයකු නම් ඔබේ රාගාධික බව ඉහළ ගියත් බිරියගේ මන්දගාමී තත්ත්වයක් මතුකළ හැකි බැවින් ඔබ ආගම දහමට නැඹුරු වන්න.
ඔබ විවාහක ස්ත්‍රියක් නම් ලිංගික ජීවිතයේ යම් පසුබෑමක් මතු කළත්එය ස්වාමිපුරුෂයාට පෙන්වීම සුදුසු නැත.සියලු අඹු සැමියන් එකිනෙකා කෙරෙහි විශ්වාසයයෙන් කටයුතු කිරීමට වගබලා ගන්න.පෙබරවාරි 10 දක්වාම මේ පිළිබඳ වැඩි සැළකිල්ලක් දැක්විය යුතුය.ඔබගේ නාමයට හානිවන කටකතා පැතිරිය හැකි බැවින් කුමන ලිංගිකයෙක් වුවත් ස්ත්‍රීන් සමඟ වාද විවාදවලට පැටලීම මෙන්ම ලඟ ඇසුර නුසුදුසු වන්නේය. ලග්නගත ගෝචර ගුරු 5,7,9 වෙත දෘෂ්ටි හෙලන බැවින් ඔබට අලුත් තනතුරු ලැබීමේ ඉඩ ඇත.දුරගමන් වලදී ගන්නා ආහාරවලින් පරිස්සම් නොවුනොත් සෞඛ්‍යය ගැටලු මතුවිය හැක.
සිංහ
ඔබේ ලග්නාධිපතියා වන රවි ග්‍රහයා හයවැන්නේ ගමන් කරද්දී ඔහු සමඟ සිටි බුධ වක්‍ර වන්නේය.ඔබට ලැබෙන්නේ කිසිවෙකුට නොලැබෙන ශක්තියකි.එනම් ඇඟිලිවලින් වැඩ ගැනීමේ නිපුණතාවයකි.ඔබ ෂෝට් හෑන්ඩ් භාවිතා කරන මාධ්‍යවේදියකු හෝ අධිකරණ යේ යතරු ලියනය කරයිනම් එසේත් නැත්නම් එවැනි කාරියක යෙදේනම් සුපුරුදු කාර්යයෙන් ඉහලට යන්නට හැකිවෙයි.රාජ්‍යසේවයේ ලිපිකරුවකු නම් බොහෝ වෘත්තිය දියුණුවක් ලබයි.ආභරණ ශිල්පියකු නම් ගැනුම්කරුවන්ගේ ඇඟිලි සරසන නිර්මාණකරනියේ නිපුණයකු වේ. මේ වනවිට ඔබ යම් අසනීප තත්ත්වයකට ගොදුරුව සිටියේ නම් සුවය ලැබේ.
උඩුසිත නොව යටි සිත මෙහෙයවා කරන කටයුතු වලින් වැඩි යහපතක් සිදුවනු ඇත.එසේ කිරීමෙන් වැඩි දියුණුවක් අත් වනු ඇත.ප්‍රසිද්ධ සතුරන් සිටී නම් ඔවුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම නුසුදුසු වන්නේ සිත් පීඩාව හා පරාජය සිදුවිය හැකි බැවිනි.
කන්‍යා
ඔබ අධ්‍යාපනයේ නියැලී සිටින්නෙකු නම් ප්‍රබෝධයකින් ඉගෙනීමට නව දෘෂ්ටි කෝණ හඳුනා ගැනීමට ඔබට පිළිවන් වනු ඇත.එහෙත් මතුරන් ලංවිය හැකි බැවින් පරිස්සම් වන්න.ඒ අය සමඟ කටයුතු කිරීමට ගොස් ඔබ අපහසුතාවයට පත්වනු ඇත.මේ නිසා ස්වයං තීරණ පමණක් ගෙන ඉගෙනීමේ කටයුතු කරන්න වගබලාගන්න.වෘත්තීය කටයුතුවලදීද මෙලෙසම ක්‍රියා කිරීම හොඳය.
නව තනතුර තානාන්තර ලැබීමේ භාග්‍ය ඇත.නමුත් ලග්නාධිපතියා වක්‍රවීම නිසා වචනය නිසා පාඩු වියහැක.විශේෂයෙන් ව්‍යාපාර කටයුතු වලදී ගණුදෙණු කරවන් සමඟ අනවශ්‍ය කතා ඇතිකර ගැනීමෙන් වලකින්න.අනුමානයට කරන කටයුතු වලින් පාඩු සිදුවිය හැක.ඔබේ නොතේරුම් කම නිසා ඔබ අවුල් ඇතිකර ගන්නා අවස්ථා ඇත.මේ නිසා දැනුම ඇත්තන්ගෙන් නිරන්තරයෙන් උපදෙස් ලබා ගැනීමට පසුබට නොවන්න.
තුලා
කුඩා ළමයි සමඟ කටයුතු කිරීමට විවේකය ලැබීමේ පසුබිමක් සැකසේ .තරඟ විභාග ආදියෙන් ජය ලැබේ.රැකියා විරහිත අයෙක් නම් රැකියා ලැබේ.පවුලේ දියුණුවට පසුබිම සැලසේ.ඔබේ කීර්තිය පැතිර ගරු නම්බු ලැබීමේ වාසනාව පවතී.ඔබගේ සිතතුළ පිරිසිදු චේතනා මතු වේ.මේ අනුව මිලමුදල් පමණක් නොව ද්‍රව්‍ය ලාභ ද ලැබෙනු ඇත.වාසනාවන්ත කාලයක් උදාවනු ඇත.දියුණුවට මඟ සලසන පිහිටීමක් බැවින් ඉදිරි දියුණුව ට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට සුදුසුම කාලයයි.බිලි පූජාවකට ගොදුරුවන ප්‍රාණියකු බේරා ගැනීමට අවස්ථාවක් උදාවේ. ඊට කොතෙක් විරෝධතා ආවත් ඔබ ගන්නා උත්සාහයෙන් ආත්ම තෘප්තියක් ලබයි.පුද්ගලික දේපළක් සංවර්ධනය කර ගැනීමට පසුබිමක් සැලසේ.වගා කටයුතු ඇරඹීමට සුදුසු කාලයකි.ඉවුම් පිහුම් කරන්නේ නම් මස් මාළු ආදිය කැපීම සිදු නොකරන්නේ නම් මැනවි.
වෘෂ්චික
ඔබ කරන කටයුතුවල කිසියම් වෙනසක් සිදු කිරීමට වෙයි.රැකියා ස්ථාන හෝ මාර්ගය වෙනස් කිරීමට ඉඩ ඇත.දුරදිග නොබලා සිදුකරන කතා නිසා විශාල වාසියක් නොලැබී යනු ඇත.
ඔබගේ නොතේරුම්කම නිසා කිසියම් දෙයකින් පාඩු ලැබීමේ තත්ත්වයකට පත්විය හැක.වැඩිපුර කල් මැරීම නිසා ද කල් මැරීමට සිදුවේ.බුධ ග්‍රහයා වක්‍රවීමට ප්‍රථම ඔබ යම්කිසි දේපළක් මිලදී ගැනීමට තීරණය කළේ නම් එය මිලදී ගත යුතුමය.මිල ඉහල යාම ඔබට තදින් බලපාන බැවින් ඔබ මිලදී ගැනීමට තීරණය කළ භාණ්ඩයේ මිල ඉහළ යා හැක. මේ නිසා එය කලින් මිලදී නොගත්තොත් ඔබ පසුතැවිලි වෙයි.ඔබේ කටයුත්තක ඇති දුර්වලතාවයක් ඉස්මතු වේ.රහස් සතුරන් ක්‍රියාත්මක වේ.මෙයින් ඇතිවන තත්ත්වය මත ඔබගේ මිතුරන් ද ඔබෙන් ඈත්විය හැක.මේ නිසා කිසියම් අවුල් සහගත තත්ත්වයක් උද්ගතවේ.ඔබට බියක් ඇතිවිය හැක.මේ නිසා මේ දිනවල තමන් ගේ ක්‍රියාකරකම් සීමා කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න.
ධනු
ලග්නයේ දෙවැන්නේ සිදුවන ග්‍රහ වක්‍රය ඔබට බලපාන්නේ වෙනත් ලග්න හිමියන්ට බලපානවාට වඩා වෙනස් ආකාරයකටය.ඔබට අලුත් හිත මිතුරන් ඇතිවේ. ඒ මතු යහපත සඳහා මිස වර්තමානයට නොවේ.මතු යහපතට ප්‍රයෝජනයට ග්‍රහ බලය විසින් මේ සබඳතා ඇති කරයි.දැනට කරන ඔබේ කටයුතුවලින් පිටතට පෙනෙන්නේ පසුබෑමකි.නමුත් කිසිවකු නොදන්නා ගුප්තමය රහස් ආකාරයකින් ඔබේ ධනය වැඩේ.
පිටතට පෙනෙන රැකියා කටයුතුවලින් නොවුනත් පිටතට නොපෙනෙන දෙයකින් ඔබේ යහපත සැලසේ.සමහර විට බ්‍රෝකර් කටයුත්තක් ද විය හැක.එසේ නැතහොත් පරිගණක හරහා දත්ත ගබඩා කරන කටයුත්තක් වැන්නක් ද විය හැක.මංගල සේවයක් වැනිදෙයක්ද විය හැක.කෙසේ වෙතත් මේ පෙන්වූ කිසියම් ක්‍රමයකින් හෝ ඊට සමාන දෙයකින් ඔබට ධනය ගලා එයි.
ඔබට ආවේනික වූ ක්‍රමයක් විදහා දක්වා ගැනීමට කටයුතු කරන්න.මෙකී බුධගේ වක්‍රයට ඔබගේ කේන්ද්‍රයේ දී ගෝචර ඒරාෂ්ඨක ශනිගෙන් දෘෂ්ටි වැටීම සුදුසු නැත.නැති කරදර මතුවීමට පුළුවන.නීති ප්‍රශ්න ඇතිවේ. අන් අය සමඟ විශේෂයෙන් සාමය ආරක්ෂා කරන නිලධාරීන් සමඟ බහින් බස්වීම නුසුදුසුය.එසේ වුවොත් ඒ අයගේ ප්‍රතිචාර නිසා ඔබ සිරගත වීමටද පුළුවන.ඉක්මන් නොවී දුරදිග සිතා කටයුතු කරන්න.
මකර
ප්‍රියයන් හා එක්වීමේ භාග්‍ය උදාවේ.ප්‍රියසම්භාෂණ ආදියට සහභාගි වී සතුටු වීමටත් විනෝද චාරිකාවලින් තෘප්තිමත් වීමටත් පසුබිම සැලසේ.විවාහක නම් දරුවෙකුට දේපළක් හිමි වීමේ භාග්‍ය ඇත.ඒ අනුව සතුටුවීමට පසුබිම සැලසේ.විවාහ වන වයසේ දරුවකු සිටී නම් යහපත් විවාහයක් සිදුවිය හැක.විවාහකයකු නම් හොඳින් කම් සැප විඳී.අනියම් සම්බන්ධයක් පවත්වන්නට ඉඩ ලැබුණ ද එවැන්නක් පටන් නොගැනීමෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි අනතුරකින් ගැලවිය හැක. එසේ නැතහොත් ජීවිතයේ සම්පූර්ණ කාලයම පසුතැවීමට සිදුවේ.ඔබේ ඡායාරූප ගැනීමටත් ඒවා දර්ශනීය ලෙස ප්‍රදර්ශනය වන ලෙස තැබීමටත් හැකිවේ.ෆේස් බුක් හරහා ඔබේ විවිධ ඉරියව් වලින් යුක්ත ඡායාරූප ප්‍රචාරය වනු ඇත.ඔබ නිළියක් හෝ රූප සුන්දරියක් නම් ජනප්‍රිය තරුවක් වෙයි. ඔබ විවාහ වන වයසේ පසුවන අයෙක් නම් අතිශය දැකුම්කළු රූමත් විරුද්ධ හිතවතකුගෙන් යෝජනාවක් ඉදිරිපත් වෙයි.මේ අවස්ථාව නැවත උදා නොවේ.
කුම්භ
කාටත් හොරා රහස් ගමනක් යාමට ඔබට අවස්ථාවක් යෙදේ.රහස් ලියවිල්ලක් සකස් කරන්න සිතක් ඇති වේ.කෙනෙකුට එරෙහිව කැළෑ පත්තරයක් ප්‍රචාරය කර හරින්නට ඔබට සිතක් පහල වෙයි.වෙබ් සයිට් එකක් හරහා අනුන්ට දෝෂාරෝපණය කිරීමට සිතක් පහළ වේ.
මේවා කරන්නට සිතෙන පළියට ඒවායේ නිරත වුවහොත් පෙබරවාරි 10 දා පසුව පොළිත් සමඟම ආපිට හැරී ඔබටම ආපසු ලැබේ.ඒ නිසා දැන් සිතෙන සිතිවිලි බොහෝ දුරදිග බලා කටයුතු කළ යුතුයි.ඔබගේ විරුද්ධවාදීන් නැගිටින කාලයකි.ඔබට එරෙහිව ප්‍රබලව ක්‍රියාත්මක වෙයි.නිසි වේලාවක ආහාරපාන ගැනීමට නොහැකි අවධානමක් පවතී.මේ නිසා ශරීරය දුර්වල වියහැකි බැවින් ආහාර ගැනීමේ දී දැඩි සැළකිල්ලක් දක්වන්න.කිසිදා නොතිබුණු කම්මැලිකමක් දැනේ.ක්‍රියාශීලී වන්න. තමන්ටද හිතවතකුට ඥාතියකුට ඇති බෝවෙන රෝගයක් වැළඳිය හැක.මේ නිසා බෝවෙන රෝගීන් සිටින ස්ථානවලින් ඈත් වන්න.
කේලාම් කීවා යැයි චෝදනාවක් එල්ලවිය හැකි බැවින් අන් අය විවේචනය කිරීමෙන් වලකින්න.
මීන
ඔබ ශිෂ්‍යයකු නම් ඉගෙන ගැනීමට ඇති ආශාව උනන්දුව අධික වෙයි.ඉගෙනීමට යහපත් පරිසරයක් මෙන්ම ආර්ථික ශක්තියක්ද ඇති වේ.ආදායම් මාර්ග තරවී ආර්ථික තත්ත්වය ඉහළ යයි.
ඔබ විභාග සමත්ව සුදුසුකම් සපුරා සිටී නම් රැකියා ලාභ ඇති කරයි.පිළිගැනීමට ලක්වන තනතුරුද ලැබේ.සාමාන්‍ය ගොවියෙකු වුවද සම්පත් වැඩේ. සාම විනිසුරු පදවියක් හෝ ලැබීමේ වාසනාව ඇත. මේ සඳහා තරමක උනන්දුවීමක් අවශ්‍ය වේ.දක්ෂතා අතර යම් යම් අඩුපාඩුද තිබිය හැක.සතුරන් ඒවා උළුප්පා පෙන්වනු ඇත.පාගා කටයුතුකරන්නෝ සිටින බැවින් අවධි සිහියෙන් කටයුතු කරන්න.
ඔබගේ තීක්ෂණ ඥාණය දියුණු වෙයි.ඔබේ වචනයේ බලය පෙන්වීමට අවස්ථාව ලැබේ.කෙසේ වුවද මේ ග්‍රහ පිහිටීම් මත දියුණුවට අවශ්‍ය මඟ පෙන්වීමක් කරයි.ලද දෙයින් සතුටුව උපරිම වින්දනයක් ලැබීමට එන සිතිවිල්ල අලුත් යමක් ඉගෙනීමට කාලය උදාවූ බව සලකා කටයුතු කරන්න.
අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන
0 comments:
Post a Comment