සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. එය කවුරුත් දන්නා භෞතික විද්‍යාවේ
සිද්ධාන්තයකි.
එහෙත් පුද්ගලයකු සිත,කය,වචනය යන තුන් දොරින් සිදුකරන ක්‍රියාවන් කෙරෙහි ලැබෙන ප්‍රතික්‍රියාව එතරම්ම සරළව තේරුම් ගැනීමට නොහැක.
සාමාන්‍ය මිනිසා පින පව යනුවෙන් හෝ කුසල අකුසල වශයෙන් හෝ ලැබෙන ප්‍රතික්‍රියාව තේරුම් ගනියි.
යම් කිසි කේන්ද්‍රයක සුබ ග්‍රහයන් සුබ දශාවකදී සුබ පල දෙන්නේ එම පුද්ගලයා පෙර භවයක කරන ලද පින්කම් නිසාය. මේ පුද්ගලයාම මේ භවයේත් ධාර්මික ජිවිතයක් ගත කළේ නම් ඒ ලැබෙන පිනෙහි ආනිසංශය තව දුරටත් ඉහළ යයි.
එසේම යම් පුද්ගලයකුට අශුභ දශාවක දී අසුබ ග්‍රහයෙකු විසින් දුර්විපාක ගෙන දෙනු ලබන්නේ ද එම පුද්ගලයා පෙර භවයේ කළ පව් මතය.මෙවැනි පුද්ගලයෙකු මේ භවයේදීත් තව දුරටත් පාප ක්‍රියාවන් හි යෙදෙන්නේ නම් ඔහුට ඉතා දරුණු විපාක වලට භාජනය වන්නට සිදුවේ. මේ බව දැනුම් තේරුම් ඇතිව දුක හා සැප සම සිතින් විඳීම මනස දියුණු කළ පුද්ගලයාගේ ගති ලක්ෂණයකි.
අපල කාලයට කොතරම් බෝධි පූජා කළත් යන්තර මන්තර යාතුකර්ම කළත් ඒවායෙන් පිහිටක් නොලැබෙන අවස්ථා ද තිබේ. එසේ වන්නේ කළය නොපිට හරවා ජලය වත්කරන්නාක් මෙන් සිත කය වචනය යන තුන්දොර හික්මවා නොගෙන අපල දුරුකර ගැනීමට යන්තර මන්තර වලින් පමණක් හැකි යැයි සිතන නිසාය.
සැබැවින්ම අපල දුරුකර ගැනීමට හැකි හොඳම මාර්ගය නම් සම සිතින් දුක් කරදර විඳ දරාගන්නා අතර තව තවත් බලවත් කුසල කර්ම සිදුකිරීමෙන් රැස්කර ගන්නා වූ ප්‍රාණ ශක්තියෙන් පෙර භවයන්හි කරන ලද අකුසල කර්ම යටපත්කර ගැනීමට උත්සාහ ගැනීමයි.
එසේ නැතිව ලක්ෂ ගණන් මුදල් වැය කොට යන්තර මන්තර හා යාතුකර්ම සිදු කොට මුදල් බලයෙන්ම ග්‍රහයන්ට අල්ලස් දී අපල කර්ම වලින් බේරීමට සිතන්නේ නම් එය හරියට සමාන වන්නේ පොල් කටුවකින් ලෝකය ආවරණය කිරීමට දරණ නිරර්ථක උත්සාහයක් ලෙසයි.

0 comments:
Post a Comment