728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-28

    ලග්නය දැනගෙන බිරිඳගේ යටි සිත තේරුම් ගන්න

    මේෂ දරදඬුය - වෘෂභ පිනට දහමට ලැදිය - මිථුන උගත්ය


    මේෂ ලග්නය හිමි කාන්තාවගේ සිතුම් පැතුම් ගතිගුණ සියල්ල කුජ ග්‍රහයා අනුව පාලනය වේ. විශේෂයෙන් ලග්නයේ හෝ දසවැන්නේ උපතින් යෙදුනොත් සිතූ දේ කරන දරදඩු සිතක් ඇති කාන්තාවෝ වෙති. අටවැන්නේ යෙදීම ස්වාමිපුරුෂයාට විපත් ගෙන දීමකි. නවය අධිපති ගුරු සමග කුජ සංයෝගවීම, සුබ දෘෂඨියට ලක්වීම හේතු මත කාන්තාවගේ ගතිගුණ සිතුම් පැතුම්, හැසිරීම මේ ආදී කරුණු යහපත් වේ. කුජ ගුරුගේ ග්‍රහණයට යටත් වීමෙන් දරදඩු සිත දමනය වී. යහපත් සිතුම් පැතුම් මත ජීවන රටාව සකස් වෙනු ඇත. ලග්නයේම කුජ ගුරු සංයෝගය ,යෙදීම 9වැන්නේ යෙදීම, යහපත් කාන්තාවක් වීමට හේතුවේ. මේෂ ලග්නයේ තුන්වන දෙකර්ණය පිරි උත්තම කාන්තාවක් වන්නේය.

    වෘෂභ ලග්නයෙන් ඉපදුන කාන්තාවගේ නිතර ස්ථාවර අදහස්වලින් පිරිපුන්බවක් පෙන්නුම් කෙරේ තමන් ගන්නා තීරණ වෙනස් නොකරන අතර අන් අයට හිරිහැර වන ක්‍රියා දාමයන්ට අකමැතිවේ. ලග්නාධිපති සිකුරු සමග නවය අධිපති සෙනසුරු සංයෝග වී ලග්නයේ යෙදුනේද එම කාන්තාව යහපත් ගුණංගවලින් පිරි අයෙකි. ලග්නාධිපති වශයෙන් සිකුරු නව වැන්නවු පුණ‍ය ස්ථානයේ උපතින්ම යෙදුනේ ද පිණට දහමට සිත යොමුකරන අවංක කාන්තාවකි. පෙර පිණ ක්‍රීයාත්මක වීමෙන් දියුනුවද සැලසේ . කේන්දයේ නවවැන්න හා දසවැන්න භාව දෙකම සෙනසුරුට හිමිවන බැවින් ‍සෙනසුරුගේ ක්‍රියා දාමය නිතරම ජන්මියාගේ සිත ලෝකෝත්තර හැගීම් වලට යොමු කිරීම බැවින් යහපත් ගුණාංගවලින් පිරි කාන්තාවක් බවට පත් වේ. කේ‍න්දරයේ 9, 5 ,1 භාව යන්හිදී එය විශේෂයෙන් කැපී පෙනේ ,ගුරු ඉහතකී භාවවලදී සෙනසුරුට සංයෝග වුව හොත් ඉහත කී තත්ත්වය ඉතා අධික වේ. මිථුන ලග්නයට අධිපති බුධ තුන්වැන්න අධිපති රවි සමග සංයෝග වී තුන්වැන්නේ හෝ එ‍කොළොස් වැන්නේ උපතින් යෙදුනේද එම කාන්තාව බුද්ධිමත් කාය්‍යීශීලී යහපත් ජීවිතයක් ගත කරන්නියකි.

    මිථුන බුධ සමග පස්වැන්නාධිපති සිකුරු සංයෝගවී ලග්නයේ හෝ පස් වැන්නේම උපතින්ම ‍යෙදුන කාන්තාව සමාජයේ බොහෝ දෙනාගේ සිත දිනා ගන්නා යහපත් ස්ත්‍රීයකි. නවවැන්න අධිපති සෙනසුරු දස‍වැන්නේද දසවැන්න අධිපති ගුරු නව වැන්නේද යෙදීමෙන් සිදුවන ධර්ම කර්මාධිිපති යෝග බලය මිථුන ලග්න හිමියාගේ උපතින් යෙදුනේ නම් එවැනි කාන්තාව සමාජයේ සියලු දෙනා අතර ගෞරවයට පාත්‍ර වේ. සඳු, බුධ, ගුරු ත්‍රි ග්‍රහයෝගය ලග්නයේ උපතින් යෙදුන කාන්තාව ඉතා යහපත් වන අතර උගත් භාවයෙන්දී පරිපුර්ණව සමාජමය කටයුතු වලදී ද ඉතා ගෞරවයට පාත්‍ර වේ. මිථුන ලග්නයේ 2වන දෙර්කාණයෙන් ඉපිද සිකුරු සමග ගුරු 10 වැන්නේ සංයෝගවී සිටී නම් යහපත් කාන්තාවකි.

    කටක ලග්නයේ අධිපති සඳු පුර පක්ෂයේ ලග්නගතවී ගුරු නවවැන්නේ උපතින් යෙදුණ කාන්තාව ඉතා යහපත් ගුණගරුක අයෙක්වේ. කටක ලග්නයේ තුන්වන දෙර්කාණයෙන් උපත ලබා ගුරු ලග්නයේ උපතින් පිහිටියේ නම් තීක්ෂණ බුද්ධය ඇති අවංක කාන්තාවකි . සඳු සිකුරු සංයෝගීව සිව් වැන්නේ යෙදීමද යහපත් කාන්තාවකගේ සුබ දායි පිහිටීමකි විවාහයෙන් පසු නිවසේ සාමකාමී පරිසරයක් සකස් වේ. රවි සදු ගුරු සංයෝගය කටක ලග්නයේ යෙදුනේද ඉතා යහපත් ගුණගරුක අයෙක් වේ කටක ලග්නයේ තුන්වන දෙර්කාණයෙන් උපත ලබා ගුරු ලග්නයේ උපතින් පිහිටියේ නම් තීක්ෂණ බුද්ධිය ඇති අවංක කාන්තාවකි. සඳු සිකුරු සංයෝගීව සිව් වැන්නේ යෙදීමද යහපත් කාන්තාවකගේ සුබ දායි පිහිටීමකි . විවාහයෙන් එම කාන්තාව උසස් ගුණධර්මවලන් යුක්ත යහපත් තැනැත්තියකි.

    මේ නිසා සමාජයේ යන යන තැන ගෞරවයට පත්වේ. රවි සදු බුධ සංයෝගය කටක ලගනයේ තුන්වැන්නේ උපතින් යෙදුනේද ඉතා යහපත් ගුණ නුවණින් යුක්ත සාධාරණ ජීවිතයක් ගත කරන යහපත් කාන්තාවකි
    සිංහ ලග්නයේ අධිපති රවි පස්වැන්න අධිපති ගුරු සමග නවවැන්න අධිපති කුජද සංයෝගීව ලග්නයේ බලවත්ව උපතින් යෙදී තිබේද මේ සංයෝගය කාන්තාවකගේ යෙදීමෙන් උසස් ගුණධර්ම වලින් යුක්ත ධාර්මික ජීවිතයකට නැඹුරු විමට හේතුවේ . විවාහයෙන් පසුව ස්වාමි පුරුෂයා පවා යහපත් මාර්ගයට යොමුකර වමින් උසස් ජිවිතයකට මග පාදා ගැනීමට මෙවැනි කාන්තාවෝ සමත්වෙති. ලග්නාධිපති ‍ රවි සමග දෙවැන්න හා එකොළොසවැන්න අධිපති බුධ හා පස්වැන්න හිමි ගුරු සංයෝගිව එකොළොස් වැන්නේ උපතින් යෙදුන කාන්තාව තීක්ෂණ නුවණක් සිතක් ඇති අයෙක් වන්නේය. කුඩාකළ සිටම අධ්‍යාපන කටයුතුවලට දක්ෂතාවය පිහිටියා වු මේ කාන්තාවෝ විවාහයෙන් පසුව ඉමහත් දියුණුවක් ලබති.

    කන්‍යා ලග්නයට අධිපතිවන්නේ බුධය. පස්වැන්න හා සයවැන්න හිමි සෙනසුරු කන්‍යා ලග්නයට විශේෂ බලයක් ලබා දේ. විශේෂයෙන් සතුරන් පවා තමාගේ ග්‍රහණයට ගැනීමට ශක්තිය සෙනසුරු ගෙන් ලැබේ.
    ඒ අනුව කාන්තාවකට බුධ සෙනසුරු සංයෝගයක් ලග්නයේ යෙදීමත් සමගම ගුරු හත්වැන්නේ සිටීමත් උත්‍ර පුටුප නැකතේ පාදයකින් උපත ලබන කාන්තාව ඉතා යහපත් ගුණ ගරුක අයෙකු වනුනේය. ‍යහපත් විවාහ ජීවිතයක් ගත කිරිමේ වාසනාවද ඇති වන්නේය.

    නවවැන්න අධිපති සිකුරු සමග පස්වැන්න අධිපති සෙනසුරු සංයෝගවි දසවැන්නේ උපතින් යෙදී ඇති කාන්තාව ඉතා යහපත් ගුණ ධර්ම වලින් යුක්ත අයෙක්වන්නේය. සමාජය තුල මෙන්ම රැකියා කටයුතු වලදී ද ප්‍රධානින්ගේ ගෞරවයට පාත්‍ර වන්නේය. බුධ ගුරු ශනි සංයෝගය කන්‍යාවෙන් එකොළොස් වැන්නේ යෙදුන කාන්තාවද යහපත් ගතිගුණ ඇති සියලු දෙනාගේ ගරුත්වයට භාජනය වන අයෙකි.

    තුලා ලග්නයේ අධිපති සිකුරු ලෞකික ලෝකයේ ප්‍රධාන ග්‍රහයා වේ වේ. සැම දෙනාගේ සැපට සතුට දෙකට අධිපති වන සිකුරු කාමයටද අධිපතියා වේ . එම නිසා වෙනත් ග්‍රහයින් මෙන්නොව සිකුරු කාන්තාවකගේ යහපත් ස්වාභාවය විනාස කිරිමටද මුල්වේ .විශේෂයෙන් සිකුරුට කුජ සංයෝගවී හත් වැන්නේ යෙදුණ බව පිළිගත යුතුය. එසේනම් සිකුරු සමග හතර වැන්න පස්වැන්න හිමි සෙනසුරු සංයෝගවී පස් වැන්නේම උපතින් යෙදුන හොත් එම කාන්තාව යහපත් ගුණාංගවලින් යුක්තවී උසස් ඉගෙනීමකි ලැබ සමාජයේ පිලිගත් කාන්තාවක් බවට පත්වේ. තවද ලග්නාධිපති සිකුරු සමග ‍සෙනසුරු හා ගුරු සංයෝගවී දසවැන්නේ යෙදී ඇත්නම් එම කාන්තාව පිරිසිදු ගතිගුණ ඇති පිණැති යහපත් තැනැත්නියකි.

    ජ්‍යොතිෂවේදී  ජේ. ගුණපාල
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ලග්නය දැනගෙන බිරිඳගේ යටි සිත තේරුම් ගන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top