728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    විදුලිය වගේ නොපෙනී ගිය මුත් රෑ ට ලලනාවියන් රැවටෙන්නේ හැඩ රුව ට


    ඔබේ කේන්දරය අතට ගන්න. එහි කොටුවල ග්‍රහයන් පිහිටා තිබෙන ආකාරය බලන්න. ග්‍රහයන් තුන් හතර දෙනා එකම කොටුවක තැන් පත්ව ඇත්නම් එය තරමක් දුලබ පිහිටීමකි. එම පොකුරු යෝගයේ හැටි කෙසේදැයි බලන්න.

    ග්‍රහ යෝග වශයෙන් ගත් විට ග්‍රහ තාරකා අතර නිතරම බොහොම ළඟින් ගමන් කරන ග්‍රහයින් වන්නේ රවි - බුධ ය.බුධ රවි යෝගය ලඟින් ඇසුරු කරන මිතුරන් මෙනි. නමුත් යම් යම් අවස්ථාවල මිනිසුන් විවිධ වන්නාසේ මේ ග්‍රහ ‍යෝගයද හොඳ නරක සැප දුක හොඳින් පෙන්නුම් කර දෙනවා.

    රවි බුධ කියන ග්‍රහයින් හා එකතුවට තවත් ග්‍රහයින් කීපදෙනෙකු එකතුවීමෙන් පොකුරු යෝගය සෑදේ. 1962,1983 වර්ෂවල ග්‍රහයින් අට දෙනෙකු එක් රාශියකට එක්ව පොකුරු යෝගය ඇතිවිය.‍එම යෝගය අනුව එක් එක් ප්‍රතිඵල පෙන්නුම් කරයි. මේ යෝගවලදී උච්ච ග්‍රහයින් සමඟ ස්වක්ෂේත්‍ර ග්‍රහයන් යෝග වූ කල උසස් ප්‍රතිඵල දෙන්නා වගේම නීච සතුරු ග්‍රහ යෝගවලදී අශුභ ප්‍රතිපලද පෙන්නුම් කරයි.

    රවි ග්‍රහයා මූලිකව කුජ-බුධ ගුරු සිකුරු යෝගයෙන් ඉපිද "පංච මහ යෝගය" ලග්නයේ පිහිටියේ නම් එම පුද්ගලයා නීති ගරුක වැඩ කළත් අවිනීත හැසිරීම්වලටත් පෙළඹවේ.නමුත් යම් ක්ෂේත්‍රයකින් අගතැන්පත් වන පුද්ගලයකු බවට පත්වේ. මේෂ ලග්න හිමියකුට මේ යෝග බලපාන්නේ රවි-කුජ බලවත් වීමෙන්, සම ග්‍රහයින් වන බුධ සිකුරු යන ග්‍රහයින්ගේ එකතුව සහ නීච ගුරු මැදිවීමත් සමඟ ලග්න ගත වීමෙනි.මේ යෝගය ඉතා දරුණු වුවත් ඒවා ඉගෙන ගැනීමේ උනන්දුව ඇතිකරන මහා බලසම්පන්න යෝගවේ.

    මේ යෝගය ඇති සමහරු නීති ගැටලු වලටද මැදිවිය හැක. කුජ සිකුරු යෝගය රවි බුධ සමග යෝගවීම කාමාතුර යෝගයකි.ඔවුන් සමාජයේ කුතුහලය ඇතිකරන කාන්තාවන් හා පිරිමින් ඇසුරේ ඇලී නිතර වාසයට කැමතිය. පිරිමින්ට කාන්තාවන් වශීවන යෝගයකි.
    සිකුරු ග්‍රහයා ගුරු සමඟ යෝගව ලග්නයේ සිටීම නිසා රූසපුව කැපීපෙන්වන ගති ඇති කරයි. රවි-කුජ-බුධ යෝගය එයට උදව් කරයි.මෙවැනි යෝගවල උපත ලබන අයට සංසාර පුරුදු මඟහැර ගැනීමට නොහැක.
    මේෂ ලග්න හිමියන්ට මේ යෝගය යම් අවස්ථාවලදී ඉතා වටිනා යෝගයක් වේ.ගුරු සඳු සිකුරු රාහු සමඟ කුජ ග්‍රහයා යෝගවීමෙන් එඩිතර භාවයත් ශාස්ත්‍රීය කටයුතුවලට සිත යොමුවීමත් යහපත්වේ.

    සඳු සිකුරු ගුරු ඉතා බලවත් උද්යෝගිමත් එඩිතර යෝගයකි. නිතරම තරඟකාරීත්වයෙන් ජය ගැනීමට කටයුතු කරයි. නීතිය ඉදිරියේ කටයුතු කරන විට වේගවත් භාවයක් පෙන්නුම් කර කැපී පෙනෙන දක්ෂයන් වන්නේය.මෙවැනි බලවත්කම් තිබුණද ලග්නයේ පවතින පොකුරු යෝගය හා එක්ව රාහු සිකුරු යෝග වීමත් හත්වැන්න රාහු සිකුරු සඳු දැකීමත්නිසා විවාහ ජීවිත‍ය අන්ත අසරණ කරයි.සමහර වි‍ට විවාහ නොවී චරිතයට හානිවන ලෙස නොමඟට යයි.

    ඉහළ පෙළේ ප්‍රභූ ඇසුර ලැබූවද නමට කැළැල් ඇතිකරගන්නා පහත් ඇසුරද පවතී.මෙවැනි පුරුෂයන් කාන්තාවන් කෙරෙහි වැඩි ඇල්මක් ඇතිකර ගන්නා අතර කාන්තාවන් ඉතා ඉක්මනින් රැවටේ.
    ධනු ලග්නය හිමි අයට පංච පොකුරු යෝගය අනුව ලග්නාධිපති ගුරු ලග්නයේ සිටීමත් හතර වැන්න අධිපති ලග්නයේ සිටීමත් අනුව පුරා විද්‍යා සම්බන්ධ උසස් දැනුමක් ඇතිවේ. එසේ නොවුනත් භූමිය සම්බන්ධ මනා අවබෝධයක් ඇතිවිම‍ට පුළුවන. පස් වැන්නාධිපති 12 වැන්නාධිපති ලග්නගත වීම අනුව දරුවන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූවත් දරුවන් තමන් කෙරෙහි ඇල්මක් නොදක්වන පිහිටීමකි.

    පොකුරු යෝගය වෘශ්චික රාශිය වී එම කේන්දරයේ 07 වැනි භාවයේ පිහිටා ඇති විටෙක දැරියක් මල්වර වූයේ නම්,කුඩා වයසේ කරදරවලට මුහුණ දෙයි. සා නැකතේඋත්‍රපුට නැකතින් මල්වරවීම සිදුවූ‍යේ නම් මල්වර වී වසර හතරක් ගතවෙද්දී නිවසින් හොර රහසේ පලා යන්නට ඉ‍ඩ ඇත.
    වෘශ්චික ලග්න හිමියන්ට මේ යෝගය විවාහයට කිසිසේත්ම සුබ නැත. උපතේ දී මේ යෝගය විවාහස්ථානයේ පිහිටියේ නම් විවාහය අසාර්ථක වීමට හෝ කනවැන්දුම් වීමට ඉඩ ඇත.බොහෝ විට විවාහ නොවනු ඇත.සෙනසුරු මහ දශා අතුරු දශා ලැබූ වි‍ට ඥාතීන් අමනාප වීමට පුළුවන.3 හා 4 අධිපති සෙනසුරුගේ මහ දශාවක් පවතින විට තදබල රෝගවලට ගොදුරුවීමටත් උගුරේ අසනීප මෙන්ම හෘද රෝග වලටත් ඉඩ ඇත.

    සිංහ ලග්න හිමියකු‍ට 10වැන්නේ කුජ-ගුරු සිකුරු-චන්ද්‍ර රාහු යන ග්‍රහයින් පොකුරු යෝගව සිටීමෙන් නීතියට අදාලව කටයුතු කරයි. ඔවුන් කිසිදාක පරදින්නේ නැත.ය‍ටිසිත නිතරම උත්සාහවන්තව කටයුතු කරයි. විධිමත් අධ්‍යාපනය අතරමඟදී කඩාකප්පල්කර ගත්තද වෙනත් මාර්ගවලින් ඉගෙනීම සිදුකරගනී.මාතෘකා නොමැතිවද තරඟ වදී.සිතින් මවා ගත් කරුණු කාරණා ඉබේ ගලා එයි. එවැනි අය පරදවන්නට නොහැක. විවාහයකට පෙර කීපදෙනෙකු ඇසුරු කරයි.නමුත් ඒවා වැරදි මාර්ගයට හැරෙන්නේ නැත. විවාහය තරමක් ප්‍රමාද කරයි.කුජ-සිකුරු 10වැන්නේ සිටීනම් තම අදහස්වලට ගැලපෙන පුද්ගලයකු සෙවීමට ඉතා අපහසුය.කුජ ග්‍රහයා 7වැන්නේ දැකීම නිසා අනිවාර්යයෙන්ම කේන්දරය ගලපා විවාහය සිදුකර ගත යුතුය.

    සිංහ ලග්න හිමියන් ආගම ධර්මය කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරගන්නේ පොකුරු යෝගයේ බලය කර්මස්ථානයේ පිහිටීමෙනි.එම ස්ථානය අධිපති සිකුරු මේ යෝගය සමඟ එකතුව සි‍ටීමෙන් ගිහි ජීවිතය අතහැර යාමටද සිතයි.නමුත් එවැනි අවස්ථාවලදී මහ දශාවද විශේෂයෙන් බලපායි.පූර්ණ චන්ද්‍රයා පුර පසළොස්වකින් මේ යෝගයට එකතුවූයේ නම් ඔහු /ඇය ඉතා ධර්මිෂ්ඨ කෙනෙක් වෙයි.
    මේ ‍යෝගය තුළ ගජ කේෂරී ‍යෝගයත් චන්ද්‍ර මංගල යෝගයත්එකතුව ඇති බැවින් කියවීමට දක්ෂ වේ.ඊ‍ට ලේඛන කලාවද එකතුකර කටයුතු කරයි.

    ගුරු මහ දශාව පවතින වි‍ට මෙවැන්නන් ග්‍රන්ථ කතුවරු වෙයි.හතර වැන්නේ සිට දස වැන්න තුළ මේ ග්‍රහයන් පිහිටා ඇත්නම් එහිදී රවි දුටොත් දේපළ හානි ,ධන හානි විය හැක.
    දස වැන්නාධිපති පස් වැන්නාධිපති සමඟ ‍යෝගවීමෙන් දේශපාලන කටයුතු වලට නැඹුරුවේ. උගත්කමට වඩා කතාවෙහි දක්ෂවීමෙන් දේශපාලන කටයුතුවලදී කැපී පෙනෙ‍න ගති ඇතිකර පෙන්වයි.පොකුරු යෝගය ඇති අය මෙවැනි දේට ඉදිරිපත්වීම කැපී පෙනෙයි.මේ යෝගයට රවි ග්‍රහයාද එකතු වීමෙන් තරමක් අධර්මිෂ්ඨ ගති ඇති වේ.පැවිදිව සිටියත් තරමක් දුෂ්ට ගති ඇතිකරයි. නමට අපකීර්තිය ඇති කරයි.

    පොකුරු යෝගයක් පිහිටිකල කේන්දර හිමියාට සම්පූර්ණ ප්‍රතිඵල දෙන අවස්ථා අඩු කරයි.එම යෝගය ඇතිවුවත් ඒ ස්ථානවල සිටින ග්‍රහයා,ග්‍රහයින්ගේ බල දුබලකම අනුව ප්‍රතිපල ගෙනදේ.
    විශාල ව්‍යාපාර හිමියකුට මේ යෝගය ඇතිවීමට පුළුවන.නමුත් කාලයාගේ ඇවෑමෙන් එම ව්‍යාපාරය පරිහානියට පත්වී සියල්ල විනාශවී යාමට ඉඩ ඇත. කලින් මේ පිළිබඳ දැනගත්තොත් මිදීමේ හැකියාවද පවතී.නමුත් දියුණුවී සිටින නිසා පහත වැටේ යැයි නොසිතන බැවින් ඒ පිළිබඳ කේන්දර විමසීමක් නොකරන පිරිස වැඩිය.

    ජ්‍යොතිෂවේදිනී සොමී උඩවත්ත
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: විදුලිය වගේ නොපෙනී ගිය මුත් රෑ ට ලලනාවියන් රැවටෙන්නේ හැඩ රුව ට Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top