ඇතැම් මිනිසුන්ට යන යන තැන මල් ය. තවත් මිනිසුන්ට යන යන තැන ගල් ය.මෙහෙම
වෙන්නේ ඇයි?උපන් ග්‍රහ චාරයේ වරදක් නිසාද?බොහේ දෙනෙකු සිතන්නේ එය උපන් ගෙයි හැටි
කියා ය.එහි ඇත්තක් තිබේ.
කේන්දරය යනු ශේෂ පත්‍රයකි.පෙර භවයන්හි කළ කුසල් අකුසල් එහි සඳහන්ව ඇත.ජීවිතයට අත්දැකීම් ලැබෙන්නේ එම ශේෂ පත්‍රය අනුවය.කෙනෙකුට ගල් ද කෙනෙකුට මල් ද හිමිවන්නේපෙරකී සිද්ධාන්තය මතය.
යන යන තැන ගල් ම වදින පුද්ගලයා ඒ තමාගේ ලබා උපන් හැටිය කියා නිකම් ම සිටියොත් ජ්‍යොතිෂයෙන් ඇති ඵලක් නැත. ජ්‍යොතිෂය වැදගත් වන්නේ මේ භවය හැකිතාක් යහපත් කර ගැනීමට ය. එසේ නම් පෙර භවයන් හි කරන ලද අකුසල කර්ම අවබෝධ කොට ගෙන එම අතීත කර්ම යටපත් කළ හැකි බලවත් කුසල කර්ම සිදුකළ යුතුව ඇත. ඔබේ දහවල් බත්පත කුසගින්නේ පීඩා විඳින්නෙකුට පරිත්‍යාගකර නිරාහාරව සිටියොත් බඩගින්නේ වේදනාව ඔබට දැනෙයි.එය තේරුම් ගැනීමට නම් එය විඳිය යුතුම ය.ආහාර ලබා ගන්නේ කට දිව පිනවන්ට නොව මාරාන්තික ක්ෂුදා ගින්නෙන් බේරීමට බව එවිට ඔබට වැටහෙනු ඇත.
ඔබ යම් අයෙකුගේ බත්පත අහිමි කෙළේ නම් යම් භවයකදී එම ක්ෂුදා ගින්න මෙන් ලක්ෂ වාරයක් විශාල ගින්නකින් කල්ප ගණන් දැවෙන්නට ඔබට සිදුවනු ඇත.
"අත්තානං උපමං කත්වා න හනෙයිය න ඝාතයේ "යැයි බුදුන් වහන්සේ කළ දේශනාව මෙනෙහි කරන්න.ඔබ ඔබවම උදාහරණයට ගෙන අන් අයකු විසින් ඔබ වෙත සිදුකරන්නට අකමැති පීඩාවක් ඔබ විසින් අන් අයටද නො කළ යුතුය.
යම් පුද්ගලයෙකුට මේ භවයේදී යන යන තැන ගල් මුල් ම එල්ලවන්නේ නම් ඔහු තේරුම් ගත යුත්තේ පෙර භවයක තමා විසින් ද අන් අයට ඒ ලෙසම පීඩාකර ඇති බවයි.
සඳුගෙන් 6,8,12 යන රාශියක ගුරු ග්‍රහයා තැන්පත් වීම කර්ම විපාකයක හේතුවකි. ඇතැම්හු මෙයට "ශකට" යෝගය යැයි කියති. ශකට යනු කරත්ත රෝදය යි. එය කරකැවේ. එක්තැෙනක නො රැඳෙයි.කිසියම් අයෙකුට ශකට යෝගය පිහිටියේ නම් ඔහුට සිදුවන්නේ ද උස් පහත් වන ආකාරයේ අස්ථාවර දිවි පැවැත්මක් උරුමකර ගැනීමට ය. කොතෙක් වැඩකළත් මෙවැනි අයට නිසි වේතනයක් හෝ ඇගයීමක් හෝ ලැබෙන්නේ නැත.
දැන් කළ යුත්තේ පීඩාව කරන පුද්ගලයාට එරෙහිව වෛරයේ ගිනි දැල්වීම නොව ඔබ විසින් ම අතීත භවයක දල්වන ලද ගින්න ඔබ විසින් ම නිවා දැමීම ය.
ජ්‍යොතිෂය පිහිට කොට ගත යුත්තේ අන්න එවැනි කරුණු සඳහා ය.මෙවැනි ජීවිත උරුම වූ අය හැකි සෑම විටම අන් අයට සිත,කය,වචනය යන තුන්දොරින් ම පිහිට විය යුතුය.
සිහිනෙන්වත් අන් අයෙකුගේ විපතක් නොපැතිය යුතුය. බැට කන අතරේ අන් අය දෙස උපේක්ෂාවෙන් බලන්නට හැකියාව ලබා ගත හැකි නම් අපල කාලයද සඵලදායක කාලයක් බවට පරිවර්ථනය කරගත හැකිය. ඒ සඳහා තේරුම් ගත යුතුව තිබෙනනේ එකම එක දෙයක් පමණි. එනම් කිසියම් කායික හෝ මානසික හේතුවක් නිසා ඔබට පීඩාවක් දැනෙයිද අන් අයගෙන් පීඩාවක් එල්ල වන්නේ ද මේ සියල්ල ම ඔබ විසින්ද අන් අයට ලබා දුන් දේය. එය පෙරළා ඔබ වෙත එන බව තේරුම් ගෙන යහපත්ව ජීවත්විය හැකි නම් ඇඟට නොදැනීම පීඩාව දුරුවී යනු ඇත.

0 comments:
Post a Comment