728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-28

    නායකත්වයට බලපාන දබරැඟිල්ල

    අංග ලක්ෂණ මෙන්ම අපේ ශරීරයේ පිහිටීම අනුව අප ඇසුරු කරන්නන් පිළිබඳ යම් වැ‍ටහීමක් ලබාගත හැකි බව ඔබ දන්නෙහිද?

    පුරාතන යුගයේ සිටම මිනිසාගේ මේ හැකියාව තිබුණු බව විවිධ පොතපත ඇසුරෙන් අප කියවා ඇත්තෙමු.‍
    අත්ලේ රේඛා පිහිටීම අනුව මෙන්ම ඇඟිලිවලින් ද පුද්ගල ලක්ෂණ කීමේ හැකියාව ඇත.
    ඉකුත් සතියේ දී "සෙත්මිණ"මහපට‍‍ ඇඟිල්ලෙන් කියැවෙන පුද්ගල ලක්ෂණ පිළිබඳ ඔබට කීවා මතකද?මෙවර දබර ඇඟිල්ලෙන් කියැවේන‍්නේ කුමක්දැයි බලමු.

    දබර ඇඟිල්ලේ මුල පටන් ගත් රේඛාවක් දෙවන පුරකේ අග දක්වා විහිදී යයි නම් එම තැනැත්තා බොහෝ සිහිකල්පනාවෙන් යුක්ත වූ තැනැත්තකු වනු ඇත.සමාජයට හිතැති තම බුද්ධිය අන් අයගේ දියුණුව උදෙසා මෙහෙය වන රැස්වීම්,සමුළු ආදියෙහි දී මහජන සිත්බැඳගන්නා සුලු අදහස් වචන බවට පත්වී ගලාගෙන එන්නා වූ අයෙකි.
    ඔබේ ‍අතේ මැද ඇඟිල්ලේ උඩ පුරුකෙහි මැදට වඩා උසට දබර ඇඟිල්ල පිහිටා තිබීම ඉතා යහපත් ලක්ෂණයකි.

    යම් කිසි පිරිසකට නායකත්වය දරයි.තම අදහස‍ට මතයට මෙන්ම සිය උපදෙස් වලට අවනත වන පිරිසකට මෙසේ නායකත්වය දරන අතර පාලනය ශක්තිය අැත්තෙකි.මෙවැනි පිහිටීම් ඇත්තන් සමාජයේ යහපතට කටයුතු කරයි.

    දබරැඟිල්ල මැද පුරුකේ කුරුසයක සලකුණු දෙකක් පිහිටියේ නම් තමන් සමාජයේ තරමක් උසස් ලෙස ජීවත් වන්නා වූ අය හා සම්බන්ධතා පවත්වයි.මැද පුරුකේ ඇති රේඛාව වක්ව පවතී නම් පුද්ගල සබඳතා අයහපත් වෙයි.එවැනි තැනැත්තා බොරුකාරයකු වන බැවින් පරිස්සම් විය යුතුවේ.
    ඇඟිල්ල ප්‍රමාණයට වඩා දිගු නම් රලු නම් එවැන්නෝ ද නායකත්වයට සුදුසු වුවත් ඔවුන්ට එරෙහිව විශාල බලවේගයක් ක්‍රියාත්මක් වේ.දබරැඟිල්ල දික් වී ගොරෝසු නම් සිත දරදඬු අනුකම්පා විරහිත වූවන් වෙයි.එවැනි අය ආත්මාර්ථකාමීන්ය. අනුකම්පා විරහිත වූවන්ය.

    විශේෂයෙන්ම මෙවැනි අයගේ නායකත්යට විරුද්ධව සතුරු බලවේග ක්‍රියාත්මක වේ.
    දබර ඇඟිල්ලේ මැද පුරුක අනෙක් පුරුක් දෙකට වඩා විශාලත්වයෙන් වැඩිනම් කරන කටයුතුවලින් ප්‍රසිද්ධ වීමට බලාපොරොත්තුවෙයි.
    මැද පුරුකටත් මුල පුරුකටත් වඩා අග පුරුක විශාලත්වයයෙන් වැඩි නම් තමන් අදහන්නා වූ ආගමට භක්තියෙන් යුතුව ගරුකරයි.ධාර්මික ජීවිත ගත කරයි.

    මුල් පුරුකට වඩා අනෙක් පුරුක් දෙක දිගින් අඩුනම් නායකත්වයට වඩාත් සුදුසු පිහිටීමකි‍.තම අණසක පතුරුවා හැරීමට හැකියාව හෙබි අයෙකුවෙයි. තමන් යම්කිසි වූ ආයෝජනයක් කිරීමට හෝ තම ධනය වියදම් කිරිමක් හෝ සිදුකරන්නේ නම් ඒ පිළිබඳ හොඳින් කල්පනා කර තීරණ ගනී.යම් හෙයකින් ඔබේ දබර ඇඟිල්ලේ පුරුක් තුනම එක සමානව පිහිටා තිබීම යහපත් ලක්ෂණයකි. එවැනි ලක්ෂණ ඇති ඔබ බුද්ධිය මෙහෙයවා යහපත් ලෙස කටයුතුකර ජීවිතය ද යහපත් කර ගනී.
    දබරැඟිල්ලේ අග පුරුක සතරැස්ව පිහි‍ටා ඇත්නම් එවැනි අයගෙන් ඈත්විම වඩාත් සුදුසු වන්නේය.එවැනි අය කාමටය ලොල් වෙති.

    යම් හෙයකින් දබරැඟිල්ලේ මුල් පුරුකේ පුරුක් සන්ධියෙහි තාරකා ලක්ෂණයක් පවතී නම් ඔබ හැකි පමණ ඉක්මනින් ඔහුගෙන් ඈත්වීම ඈත්වීම ඇඟට ගුණවේ. එවැනි තැනැත්තෙකු හා සම්බන්ධතා පැවැත්වීම ද භයානක වේ.එම තැනැත්තා අනාචාරයේ හැසිරෙන්නා වූ පුද්ගලයකුවේ.

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී මෙලාන් වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: නායකත්වයට බලපාන දබරැඟිල්ල Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top