ඔබ දෙවඟනක් බඳු කුල කාන්තාවකි
පැණි රස කෑම සහ දහවල් නින්ද නිහඬ සතුරෝය
අලස ගතිය දුරු නොකළොත් විවාහ දිවිය නීරස
ඔබට ලැබෙන සහකරු කුමන හෝ අඩුවක් ඇති අයෙකි
පුන් සඳක් වැනි වටකුරු මුහුණකි.ඇහි බැමි,ඇස්,කන්,නාසා,දෙතොල් යනාදිය මනාව පිහිටා ඇත.ලැම,උකුල,නිතඹ යනාදී ශරීරාංගද කැපී පෙනෙන සුළුය. සැමතින්ම ආකර්ෂණීය කාන්තා රත්නයකි.ගෞරවණීය ප්‍රභූ පෙනුමකින් යුතුය.එහෙත් මේ සියල්ල සමඟ මැය අතිශයින්ම ලඳ බොලඳය.වෘෂභ රාශියේ සඳු තැන්පත් ව සිටියදී උපන් ස්ත්‍රියගේ ලක්ෂණ එසේය.
වෘෂභ රාශියේ අධිපති සිකුරුය.ස්ත්‍රී ග්‍රහයෙක් වන සඳු වෘෂභයේ උච්ච වේ.මෙවැනි කාන්තාවෝ ඉතාම පින්බර වෙති.
ආගමික භක්තියෙන් පොහොසත්ය.තම සැමියාට දෙවියකුට මෙන් ගෞරවයෙන් ඇප උපස්ථාන කරන්නීය.ඔහුගේ වචනය ඉක්මවා නොයන සුවච කීකරු භාර්යාවකි. එහෙත් සැඟවුණු ආධිපත්‍යයක් ඉතා සොඳුරු ලෙස ක්‍රියාත්මක කරන මැය තම සැමියා තමාට අවනත කරගන්නා කලාව මැනවින් දනී. විටෙක ඇය තැන්පත් ප්‍රභූ කුල කාන්තාවකි.තවත් විටෙක දඟකාර කෙළිලොල් කෙල්ලකි.ප්‍රේමය-අනුරාගය සහ ශෘංගාරය.නිතැතින්ම රස විඳින්නියකි.තරමක රාගාධික චරිතයකි.ඉක්මනින් තෘප්තියට පත් වේ.විරුද්ධ ලිංගිකයන් කෙරෙහි. සිත් ඇදී යන නමුත් කිසිවකුට ඒ බව නොපෙන්වයි.
මැදිවියට පත්වීමත් සමඟම ශරීරයේ බර ඉහළ යෑම,කොලෙස්ට්‍රෝල් හා රුධිරගත සීනි ඉහළ යාමේ අවදානමක් ඇත.ඕනෑම විෂයක් සම්බන්ධයෙන් දැනුමක් ඇති අතර පොත-පත කියවීමට උපන් හපනියකි.
විවිධාකාර රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග,ඖෂධ,යනාදිය නිතර නිතර භාවිතා කිරීමට ඇබ්බැහිවේ. එහෙත් විච්චූරණ ප්‍රිය නොකරන චාම් චරිතයකි.
දහවල් කාලයේ නින්දට වැටීම,මැයගේ බලවත් දුබලකමක් වන අතර එය ඇයගේ ශරීර ස්‍යෙඛ්‍යයට ඉතාම අහිතකර වේ.පැණි රස කෑමට ගිජු චරිතයක් වන අතර එයද නරක පුරුද්දකි.මව් සෙනෙහස උතුරා පිටාර ගලා යන උතුම් මාතාවකි.දරුවන් වෙනුවෙන් අසීමිතව කැපවන චරිතයකි.
මැය තරමක් ගුප්ත වන අතර රහස් රැකීමට පොහොසත්ය.ඕනෑම අයෙකු සිනහවෙන්-කතාවෙන් වශී කර ගනී.
ඔබ වෘෂභ රාශියේ සඳු සිටියදී උපන් කාන්තාවක් නම් ඉතා වාසනාවන්තියකි. එහෙත් මේ ඇවතුම්-පැවතුම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.කළු පැහැති වස්ත්‍ර හා යට ඇඳුම් ඔබට අහිතකරය.සීනි-පැණි රස කෑම,තෙල් අධික ආහාර යනාදිය ඔබට ඉතාම අහිතකර බව මතක තබා ගන්න.
ඔබට විවාහය සඳහා බොහෝ විට ලැබෙන්නේ කුමන හෝ අඩු පාඩුවක් ඇති සහකරුවෙකි. වයස,ධනය උගත්කම,රූප ස්වභාවය යන කවර කාරණයකින් හෝ ඔහු ඔබට වඩා පහළින් සිටීමට ඉඩ ඇත.
සකසුරුවම්කමට,ඔබ ඉතා දක්ෂය.සෞන්දර්ය,කලාව,ආශ්රිත ක්ෂේත්රයන්ට තදින් ඇළුම් කරන තැනැත්තියකි.
ඔබ අතිශයින්ම පරෙස්සම් විය යුතු තත්ත්වයක් තිබේ. වයස අවුරුදු 40 ඉක්මවනවාත් සමඟම ඔබේ අලස බව ,නිදිමත ගතිය තදින් හිස ඔසවන්නට ගනී.මේ ඔබගේ විවාහ සංස්ථාවටඅසුභ ලකුණක් බව තේරුම් ගැනීම මැනවි.
කෙසේ වෙතත් ඔබ සමාජයේ කිත් පැසසුම් ලබන්නියකි. ගිලනුන්ට උපස්ථාන කිරීම,අන් අයගේ කටයුතු සඳහා ධනයෙන් ශ්‍රමයෙන් දායක වීම යනාදිය උත්පත්ති ගතියකි.එය දෙලොවටම වැඩදායකය. අඩුපාඩු සහ දුබලකම් හදා ගන්නේ නම් ඔබ වැනි කාන්තාවක ලබන සැමියා රජෙකි. ඔබ වැනි මවක් ලබන දූ දරුවෝ වාසනාවන්තයෝ වෙති.
ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය.
මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.
මාරියා සැන්ටෝස්
අමෙරිකාවේ සිට

0 comments:
Post a Comment