728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    ග්‍රහ ගමනයි දිවි ගමනයි

    මේෂ
    ජලය සම්බ­න්ධව තිබූ ගැ‍ටලු මඟ­හැරී යයි.කලින් පැවැති මාන­සික කර­දර ද ඉවත් වී සිතට තර­මක් සහන ඇති­ක­රයි. සතියේ මැද භාගයේ දී පිට­ස්තර වැඩ­ව­ලට යාම­ටත් විවේ­කය අඩු­වී­ම­ටත් පුළු­වන.මවට අප­ලය.පවුලේ දියු­ණු­වට ඥාති­යකු හරස්වේ.නව ව්‍යාපාර කට­යු­තු­ව­ලට හිත­ව­තු­න්ගෙන් උප­කාර ලැබේ.නිර්ණා­මික කෙටි පණි­විඩ, දුර­ක­ථන ඇම­තුම් ආදි­යට රැව­ටෙන්න එපා.අධ්‍යා­පන කට­යු­තු­ව­ලට ශුභයි.
    ජය ­අංක-4,2,7,3 ජය වර්ණ-කහ

    වෘෂභ
    ජනා­කීර්ණ ස්ථාන­ව­ලදී පරි­ස්සම් වෙන්න.අම­තක වීම් වැඩිය.සොර සතුරු කර­දර ඇති කරයි.විදෙස් ගතව සිටින දරු­වකු සම්බන්ධ ප්‍රශ්න ඇතිවේ.  අධ්‍යා­ප­නය අඩු කරයි.වකු­ගඩු ආශ්‍රිත රෝග ඇති­විය හැක.දෘෂ්‍යා­බාධ නිසා රැකියා ගැටලු ඇති­විය හැක.දන හිසේ පීඩා ඇති­ක­රයි.වාහන ලාභ ඇත.වගා­වට සුබය.
    ජය අංක-2,5,3,7 ජය වර්ණ-‍කොළ,රෝස
    මිථු­න‍
    ­ඉ­දිරි කාලයේ ජය­ග්‍ර­හණ බලා­පො­රොත්තු වුව­ත්අ­තර මඟදී එය වැලකී යා හැක.පවුලේ අයගේ විරෝ­ධතා මත ඇර­ඹී­මට ගිය යමක්  නතර වෙයි. ජලාශ ආශ්‍රි­තව ඉඩ­මක් මිලදී ගැනී­මට සිතයි.අධ්‍යා­ප­න­යට උන­න්දු­වක් නැත.සති අගදී දේව පූජා වල නියැ­ලී­මට හේතුයි. බඩ­වැල් ආශ්‍රිත රෝග ඇති‍ ‍විය හැක.
    ජය අංක-8,6,5,1 ජය වර්ණ-නිල්

    කටක
    රැකියා මාරු­වක් ඇත.විශේෂ ශාස්ත්‍රීය කට­යු­තු­ව­ලට හිත යොමු වුවත් මුදල් ගැ‍ටලු­වක් නිසා  එය වැල­කිය හැක.මුහුණේ ලප කැලැල් සුව කර ගැනී­මට ගොස් හමේ රෝග­යක් හට ගැනී­මට ඉඩ ඇත.සතුරු කර­දර ඇති වේ.වාහන අන­තුරු ගැන විශේ­ෂ­යෙන් පරි­ස්ස­ම්වන්න.විනෝද චාරි­කා­වක් සඳහා එතෙර යාමට සිතයි.
    ජය අංක-5,6,8,1 ජය වර්ණ-සුදු,නිල්

    සිංහ
    සිතට වද දෙන සතුරු කර­ද­ර­යක් නිසා නීති­මය ගැට­ලු­වක් ඇති වේ. පාසල්  වාද විවාද තර­ඟ­ව­ලදී මුල්තැන ලැබේ. අම­තර පාඨ­මා­ලා­ව­කට මුදල් වැය වේ. ලෝහ සම්බන්ධ ව්‍යාපා­ර­ව­ලින් උසස් දියු­ණු­වක් ඇතිවේ පූජ­නීය ස්ථාන­වල කට­යුතු නිසා විවේ­කය අඩු කරයි.ළම­යින් හෝ හිත­ව­තුන්  සමඟ ප්‍රශ්න­යක් මතුවේ. ඇස් වහ දෝෂ­යක් නිසා පදිං­චිය වෙනස් විය හැක.
    ජය අංක-4,2,9,6 ජය වර්ණ-ලා දම්,කහ

    කන්‍යා
    අධ්‍යා­ප­නය කෙරෙහි වැඩි උන­න්දු­වක් ඇතිවේ.අවි­වේකී කාල­යකි. පිට­ස්තර අයගේ ප්‍රශ්න විස­ඳී­මට ‍ගොස් කර­දර ඇතිවේ.නිවසේ වැඩ ආරම්භ කිරී­මට සිතු­වත් එහි සාර්ථක ප්‍රථි­පල නොලැබේ.ආග­මික කට­යුතු වලට වැඩි උන­න්දු­වක්පවතී.ව්‍යාපා­ර­ව­ලට හිත­වත් ‍කෙනෙකු­ගෙන් උප­කාර ලැබේ.පිරිස් පාලන තන­තුරු ලාබී­මට හේතුව ඇත.මුදල් ප්‍රශ්න­යක් නිසා පවුලේ ගැටුම් ඇතිවේ.සෙම් අස­නීප ඇති­ක­රයි.
    ජය අංක-6,1,3,4 ජය වර්ණ-රන්වන් පැහැය

    තුලා
    අවි­වේ­කය මඟ­හැර ගැනී­මට ආග­මික කට­යු­තු­වල නිරත වේ.ඒකා­ධි­පති භාවය තහ­වුරු කර ගැනී­මට යාමෙන් ව්‍යාපා­රයේ ගැටලු ඇති කරයි.රෝග පීඩා සම්බ­න්ධව යටි සිතේ සැක­යක් ඇතිවේ.වාහන ගැනීමේ දී පරි­ස්සම් වන්න.මංගල උත්ස­ව­යක් සඳහා දුර බැහැර  යයි.අධ්‍යා­පන කට­යු­තු­ව­ලදී හිත­ව­තුන් නිසා රැව­ටී­මට ඉඩ ඇත.
    ජය අංක-6,4,3,8 ජය වර්ණ-තැඹිලි,රන්වන්

    වෘෂ්චික
    දැන උග­ත්කම අම­තක කර රැකියා කිරී­මට සිතයි.වෙළඳ ආය­ත­න­යක අලුත් රැකියා ලැබේ.උගුරේ අස­නීප සෙම් රෝග ඇති­ක­රයි.ජන­ප්‍රිය බව හා සමාජ ප්‍රශංසා ලබයි.ඉඩම් ආර­වු­ල­කට නීතියේ පිහිට පැතී­මට සිදුවේ.සොර සතුරු කර­දර ඇති­වී­මට පුළු­වන.මංගල කට­යු­තු­ව­ලට උදව් කිරී­මට ගොස් නමට කැලැල් ඇතිවේ‍.
    ජය අංක-7,6,8,4 ජය වර්ණ-රතු

    ධනු
    ප්‍රධා­නීන් සමඟ සාකච්ඡා කර රැකි­යාවේ දියු­ණුව ගැන සැල­සුම් කිරී­මට  සිතයි.රාජ­කා­රි­යට බාධා කර­වන සතු­රන් ඇති­විය හැක.විදේශ ගතව ඉගෙ­නී­මට උන­න්දුව ඇතිවේ.කලා කට­යු­තු­ව­ලට පන්ති මාරු කිරී­මට සිතයි.ආහාර අජී­රණ නිසා උද­රා­බාධ ඇති විය හැක.
    ජය අංක -8,6,5,9 ජය වර්ණ-දුඹුරු,රෝස

    මකර
    විනෝද චාරි­කා­ව­කට හිත­ව­තු­න්ගෙන් ආරා­ධනා ලැබේ. කෙ‍‍ටි විදෙස් ගමන් ඇති කරයි.දත් ආබා­ධ­යක් හෝ දරු ප්‍රසූ­ති­යක් නිසා ශල්‍ය­ක­ර්ය­කට මුහුණ දීමට සිදු­විය හැක.අස­ල්වැ­සි­යන් හා එක්ව ඉල්ලුම් කළ මාර්ග ප්‍රශ්න­යක් විස‍ඳේ.රැකියා උස­ස්වී­මක් මෙන්ම මූලි­ක­ත්වය ලැබීම් ඇත.විවේ­කය අඩුවේ.
    ජය අංක- 6,3,8,1 ජය වර්ණ-රෝස,ලා නිල්

    කුම්භ
    සිතා­මතා නොවු­නත් බර­ප­තල වර­දක් වීමට පුළු­වන.නීති­මය ප්‍රශ්න­ය­කදී තමන්ට වාසි­දා­යක තත්ත්ව­යක්ද උදාවේ.
    ඉඩ­ක­ඩම් ප්‍රශ්න­ය­කින් නිද­හස් වේ.අධ්‍යා­පන කට­යුතු සඳහා ගණිත අංශය තෝරා ගැනී­මට සිතයි.යටි සිතේ පැවැති බියක් මඟ­හැර ගැනීම සඳහා පුද­පූජා පැවැ­ත්වී­මට සිතයි.ජල­යෙන් පරි­ස්සම් වන්න.
    ජය අංක-7,9,3,2 ජය වර්ණ-මිශ්‍ර වර්ණ

    මීන
    බලා­පො­රොත්තු නැතිව කෙනෙ­කුට පිහිට වෙයි.එය ප්‍රසි­ද්ධ­වී­මට හේතුවේ.අන්‍ය ජාතී­න්ගෙන් උප­කාර කුස­ලතා සහ­තික ලැබේ.
    නොගැ­ල­පෙන ප්‍රේම සම්බ­න්ධ­තා­ව­යක් නිසා රැකියා කරන ස්ථානයේ ප්‍රශ්න ඇතිවේ.කුඹුරු ඉඩ­මක් ගැනී­මට රජ­යෙන් සහන ලැබේ.දරු­වකු නිසා  පවුලේ මත භේද ඇති­විය හැක. තන­තු­රක් සඳහා බලා­පො­රොත්තු ඇති­කර ගැනී­මට පුළු­වන.
    ජය අංක-8,4,5,9
    ජය වර්ණ-සුදු,රෝස

    ප්‍රවීණ   ජ්‍යොති­ෂ­වේදීනි
    සොමී  උඩවත්ත
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ග්‍රහ ගමනයි දිවි ගමනයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top