එය දැනගෙන ධනය බලය පාවිච්චි කළ යුතුය
පොදු භාවවලට රාහු අශුභයැයිද සැලකේ. නමුත් අපි කලින් ලිපිවල ශනි සහ කුජ කීවාක් මෙන් රාහු වාසිදායක ග්‍රහයන්ගේ රාශි නැකැත් හා උපස්ථානවල සිටි කල කුමන භාවයක වුවත් යහපතක් ගෙනදේ.
මෙහිදී දැනගත යුතු විශේෂම කරුණ වන්නේ රාහු+කේතු ඡායා ග්‍රහයන් වශයෙන් තමා සිටින රාශියේත් යෝගව සිටින ග්‍රහයන්ගේත් ප්‍රතිඵල ප්රබලව ලබාදෙයි.තමන්ට වාසිදායක භාව වශයෙන් හඳුන්වන්නේ 01,02,03,06,10 සහ 11 යන භාවයන්ය.සමහර සුවිශේෂ කාරණාවලදී ඉහත කී භාව වලින් සමහර ඒවා විරසක වීමටද පුළුවන. නිදසුනක් වශයෙන් ගතහොත් විවාහයට හය සුබ නැත. පාසැල් අධ්‍යාපනයට තුන්වැන්නද නරක් විය හැක.(4න්12නිසා) විවාහයට 10 යද නරක් විය හැක.
තමන්ට අසුබ භාව,හිතවත් මෙන්ම අවාසිදායක භාව වශයෙන් සැලකෙන්නේ 04,05,07,08,09 සහ 12යි. 05සහ09 යම් කොන්දේසි මක සුබ වෙයි.
රාහු ලග්නයේ
හොඳ රාශියක යහපත් නැකතක හෝ උපස්ථානයක සිටියොත් තමන්ට යහපතක් වෙයි.ධෛර්යවන්තයකු වෙයි.දයානුකම්පිත වෙයි. පරිත්‍යාගශීලී වෙයි. සටන්වලට නායකත්වය දෙයි. අනුන් වෙනුවෙන් ඉදිරිපත් වෙයි.ක්‍රියාශීලී වෙයි.කඩිසර වෙයි.අනුග්‍රහය දක්වයි.
රාහු දෙවැන්නේ
ධනය ඉපයිමේ දී ක්‍රියාශීලී වෙයි.අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යයි. තෑගි බෝග ලබයි. සාධාරණ අයිතිය වෙනුවෙන් සටන් වදියි.නෑදෑ හිත මිතුරන්ගෙන් මුදල් උපකාර ලබයි. මුදල් ඉතිරි කිරීමට බලයි. විදේශ සංචාරවලින් මුදල් ලබයි.මිත්තණියගෙන් උපකාර ලබයි.මැණික් ,දියර වර්ග,ගුවන් ගමන් ආශ්රිත දෙයින් ආදායම් ලැබිය හැක.ජනමාධ්‍ය අංශයෙන්ද යහපත් ප්‍රතිඵල ලැබිය හැක.
රාහු තෙවැන්නේ
ධෛර්යමත් වෙයි.කෙටි තමන්වලින් වාසි ලබයි.සන්නිවේදන කාර්යයන්ට යොමුවෙයි. අසල්වැසියන් සමඟ සුහදව සිටියි. ඉතා ක්‍රියාශීලීව තම කාර්යයන්හි යෙදේ.
රාහු සිවුවැන්නේ
විවිධ භාෂා ඉගෙන ගනියි.සාහිත්‍ය කලා ගුවන් විදුලි ජ්‍යොතිෂ තාරකා විද්‍යාව ආශ්රිත විෂයන් හදාරයි.මුතුන් මිත්තන්ගේ දේපළ ලබයි.අධ්‍යාපනය බාධාවකින් තොරව කරගෙන යයි.
මනෝ විද්‍යාව වැනි විෂයන්ට වඩාත් ප්‍රිය කරයි.
දේපළ හිමිය.නොමිලේ හෝ වැඩි වියදමක් නොමැතිව හෝ අනුන්ගේ ගේ දොර ලැබීමට වාසනාව ඇත.විදේශ රැකියා කරන අයට විශේෂයෙන් කරදරයක් නොමැතිව ලැගුම්හල් සොයා ගැනීමට හැකිවෙයි.
රාහු පස් වැන්නේ
සූදු ඔට්ටු,කොටස් වෙළඳපොල ආදියෙන් වාසි ලබයි. කොන්ත්‍රාත්,ව්‍යාපාර,අඩමාන ව්‍යාපාර ආදියෙන් වාසි ලබයි. ගබ්සා නොකරයි.හොඳ ක්‍රීඩකයකු නළුවකු නිළියක වෙයි.දේශපාලනයට ගොස් වාසි ලබයි.
පෙම් සබඳතා සාර්ථක වෙයි.හොඳ දූ දරුවන් ලබයි.බුද්ධිමත්ය.
රාහු හය වැන්නේ
සතුරන් පරදවයි.ප්‍රතිවාදීන් අභිබවා තම සේවාස්ථානයේ මූලිකත්වය ගෙන ක්‍රියාකරයි.මවුපස ඥාතීන්ගෙන් සහ මුත්තණුවන්ගෙන් උදව් ලබයි.ශරීර ශක්තිය ඇත්තෙකි.ආහාර හොඳින් දිරවයි.සතුන් ඇති කිරීමෙන් වාසි ලබයි. ණය නොවෙයි.
රාහු හත්වැන්නේ
පවුල් දිවියේ වෙන්වීම් නොවේ. කාලත්‍රයා රෝගී නොවේ.හවුල් ව්‍යාපාර සාර්ථක වෙයි.කෙටි සංචාරවලින් වාසි ලබයි. නඩුහබ වලින් දිනයි.
රාහු අට වැන්නේ
ගුප්ත විද්‍යා ආදියට යොමුවේ.ඉන් ප්‍රයෝජන ද ලබයි.හදිසි ධනය ලබයි.රැකියා ස්ථානවල බෝනස් ආදිය ලබයි. මළගිය ඥාතීන්ගේ උරුම හිමිකම් ලබයි. ලිංගික ශක්තිය වැඩිවෙයි. දීර්ඝායුෂ ලබයි.
රාහු නව වැන්නේ
විදේශ ගතව හෝ උසස් අධ්‍යාපනය ලබයි.ජාත්‍යන්තරව ද ප්‍රසිද්ධියට පත්වෙයි.වන්දනා ගමන් යයි.අපනයන ඇනයන ආදී ක්ෂේත්‍ර සම්බන්ධ වෘත්තීන්හි යෙදෙයි.ආගමික කටයුතු පුණ්‍යකටයුතු ආදියේ නිරත වෙයි. පොත් ප්රකාශනය කරයි.මුතුන් මිත්තන්ගේ දේපළ හිමිවේ.තානාපති වැනි සේවාවන්හි නිරත වෙයි.
රාහු දස වැන්නේ
සමාජ තත්ත්වය ඉහළ යයි.කීර්තිය ලබයි.වෘත්තිමය වශයෙන් ජනප්‍රිය වේ.රැකියා අවශ්‍යතාවය මත විදෙස් ගතවිය හැක. සංචාරයේදී තමන්ට එතරම් වියදම් දැරීමට සිදු නොවේ.වන්දනා ගමන් යයි.අනුන්ගේ වියදමින් දේශපාලනයේ නිරත වෙයි.නිර්මාණ ශක්තිය යොදා කරන වෘත්තියක යෙදේ.පරිපාලන බලය ලබයි. ව්‍යාපාර පාලනය කරයි.
රාහු එකොළොස් වැන්නේ
ආදායම් දියුණුවෙයි.සහෝදර සහෝදරියන්ගෙන් මිතුරන්ගෙන් උදව් ලබයි.සමාජ ශාලා ආදියට සම්බන්ධ වී සාර්ථක ප්‍රතිඵල ලබයි.යහපත් දූ දරුවන් ලබයි.මැති සබයට පවා යාහැක.බුද්ධිමත් වීර්යවන්ත අයෙකි. ප්‍රතිවාදීන් අභිබවයි.හොඳ සෞඛ්‍යය තත්ත්වයක් ලබයි.වෘත්තිමය උසස්වීමක් ලබයි.
රාහු දොළොස් වැන්නේ
ආයෝජන වලින් ලාභ ලබයි.දෙස් විදෙස් සංචාරයේ යෙදෙන අතර ප්‍රසිද්ධ වෙයි. පර්යේෂණ වැඩවලින් යහපත් ප්‍රථිපල ලබයි.බුද්ධි අංශ කටයුතු සාර්ථකව කිරීමට දක්ෂය. පුණ්‍ය ආයතන පුනරුත්ථාපන අංශ ආදියට යොමුවෙයි.මනෝ විද්‍යාව උගනියි.මෝහන විද්‍යාව හැදෑරීමෙන් සාර්ථක විය හැක.තානාපති සේවයට සුදුසුය.පවුලේ සමාදානය ඇතිවේ.නඩුහබ ජය ලබයි.සෞඛ්‍යය තත්ත්වය නොපිරිහෙයි.භවනා වැඩීමෙන් ශාන්තුවරයෙක් වැනි තත්ත්වයකට පත්විය හැක. අනවශ්‍ය වියදම් නැත.
ජ්‍යොතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න
0 comments:
Post a Comment