728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-28

    ගුරු හොඳ නම් ජීවි‍ෙත්ට ආයු-සැප-බල-වර්ණ නොවරදී


    මිනිසා සවභාවයෙන්ම භෞතික ලෞකික සැප සම්පත් කෙරේ තදින් ඇලීගැලී සිටී. එහෙත් සමහර අවස්ථාවල එහි ඇති නිසරු බව හිස්බව වටහාගත හැකි අවස්ථාද උදාවෙයි. මෙවැනි දැ හැගීම්, දැනීම් ඇතිවන්නේ නොදැනුවත්වම යැයි අප සිතුවද එ් සදහා ග්‍රහ බලපෑම් තදින්ම හේතුවන් බව දක්නට ඇත. විශේෂයෙන්ම ගුරුගේ ගති ස්වභාවය ලෝකෝත්ර සැපත සඳහා යොමු කිරිමය. මේ අනුව විමසීමේදී .අපේ ජිවිතයේ පැවැත්ම සඳහා නවග්‍රහයන්ගේ බලපෑම නිරතුරුව බැදී පවතී.

    ග්‍රහ මණ්ඩලයේ අමරගුරු, සුරගුරු ආදී නම්වලින් හඳුන්වන බ්‍රහස්පති ලෝකෝත්ර ගුණයෙන් යුක්තය. කේන්දරයක ගුරු බලවත්වීම ජන්මියාගේ උසස් ගුණාංග පිළිබිඹු කරවන්නකි පුර්ව භවයන්හිදී කුසල් රැස්කල පුද්ගලයන් ගුරු බලවත්ව උපදින බව ජ්‍යොතිෂයේ දැක්වේ.

    ගරු ග්‍රහයා සතු ගුණාංග විමසීමේදී සෞම්‍ය ගති ඇති පුරුෂ ග්‍රහයෙක් ලෙස හැදින්වේ ග්‍රහ මණ්ඩලයේ මන්ත්‍රි තනතුර දරන අතර ශක්‍ර දෙවියන්ට සහ නුවණට අධිපතිකම දරයි. ජ්‍යොතිෂයේදී ගුරු ධන හා පුත්‍රකාරක ග්‍රහයා ලෙස හැදින්වේ. පළල්වු නලල් තලයක් ඇති තරබාරු ශරීරයක් ඇති. රන් පැහැති පෙනුමෙන් යුත් , ඥානවන්ත .පරාර්ථකාමී යහපත් ගුණධර්මයෙන් පිරුණ පුද්ගලකුගේ ස්වරූපය ගුරුගෙන් නියෝජනය වෙයි. රාශි දොළොස අතරින් ධනු හා මීන ලග්නවලට ඇධිපතිත්වය දරයි.

    ගුරු ග්‍රහයා කටකයේ උච්ච වන අතර මකරයෙදී නීචවෙයි. රවි, චන්ද්‍ර, කුජ ග්‍රහයන් ගුරුගේ අති මිත්‍රයන් වන අතර සෙනසුරු, කේතු මිතුරු ග්‍රහයන් සේ සැලසේ බුධ සහ සිකුරු ගුරු ග්‍රහයාට සම ග්‍රහයන්සේ සැලකේ
    ගුරු මේෂ රාශියට යහපත උදාකරන ග්‍රහයා වන අතර වෘෂභ තුලා, කුම්භ රාශිවලට තදබල පාපියෙක් වෙයි. මිථුන, කන්‍යා රාශිවලට අශුභ ග්‍රහයකුවු ගුරු මීන රාශියට යෝග කාරකය වෙයි. ලග්නයට දිග්බලවන ගුරුගේ මහ දශා කාලය වසර 16 කි

    ගුරුගේ ගුරු අන්තරය (වරෂ 02 මාස. 01ක)ජන්මියාගේ ගුරු යහපත්ව පිහිටා ඇත්නම් ඉතා යහපත් කාලයකි. යානවාහන ඉඩම් ,නව නිවාස ලැබීම සඳහා මඟ පෑදෙන ඇත. අලුත් රැකියා, රැකියා උසස්වීමි .
    සමාජයේ ‍ගෞරව රජයේ පැසසුම් ලැබෙන කාලයකි, සිරුරේ පුෂ්ටිමත් බව වර්ණය වැඩේ. නිදහස , සාමය ඇතිවන කාලයකි නඩු හබවලින් ජය ලැබේ. කරදර අවසන්වේ.

    උසස්, බුද්ධිමත් පුද්ගලයන් ඇසුරට ලැබේ. දේශපාලනයටද යහපත් කාලයකි. පාඩුවට පවත්වා ගෙන ගිය ව්‍යාපාරවලින් ලාභ ලැබේ. ගව මහීෂාදී සතුන් හිමිවේ. රත්ත්‍රන් ආශ්‍රිතව රැකියා කරන අයට යහපත්ය . ආගම දහම කෙරේ වැඩි නැඹුරුවක් දක්වන කාලයකි. වන්දනා ගමන් සඳහා අවස්ථව ලැබේ. විභාග වලින් ඉහළ සාමාර්ථ ලැබේ.

    ගුරු දුර්වලව පිහිටා ඇති විට. දියවැඩියාව ,අංශභාග රෝගවලට ගොදුරුවිය හැක
    ගුරුගේ සෙනසුරු අන්තරය අවුරුදු 02 මාස 07ක් පවතී කෘෂිකර්මික කටයුතු වලින් සමෘද්ධිය උදාකරයි . පින්දහම් කටයුතුවලට නැඹුරුවේ. විභග ජය ඉගනීමේ අවස්ථ උදාවේ. ගේ දොර අලුත් වැඩියාව සඳහා හිත යොමුවේ. ඉතිරි කිරිම සඳහාද යහපත් කාලයකි . උදව් උපකාර ඉල්ලා එන අය වැඩිවේ . රෝගීන්ට ,පැවිදි උතුමන්ට සැලකීමට කටයුතු යෙදේ ගෙදර දොර කරදර අතිවුවත් සිතේ කලකිරිම වැඩිවේ තෙල් ‍අධික ආහාර අනුභවයෙන් රෝගිවීමට ඉඩ ඇත. අලුත් ඉඩම් අස්වැද්දීමට ,පුරන් ඉඩම් අස්වැද්දීමට යහපත් කාලයකි. ව්‍යාපාරවලටත් යහපත්ය. භාවනාවට ිත යොමුවේ .
    ගුරුගේ බුධ අන්තරය (අවුරුදු :02මාස01ක්පවති) විභගවලින් ඉහළ සාමාර්ථ ලැබේ. තනතුරු ලාභ. උසස්වීම් ලැබෙන කාලයකි.

    රාජ්‍ය සම්මාන ගරු බුහුමන් හිමිවේ. උසස් පුද්ගලයන් පැවිදි උතුමන් සමග ලඟින් කටයුතු කිරිමට අවස්ථාව ලැබේ. අන් අයගේ උදව් උපකාර හිමිවේ. වන්දනා ගමන් යෙදේ රසවත් දේ කැමට ලැබේ අන්තරයේදී අසුබ පිහිටිම් ඇතිවිට සිතේ අසහනය ,නොරිස්සුම් ගතිය අර්ශස් රෝග ඇතිවේ . අධ්‍යාපනය කඩාකප්පල් වීමටද ඉඩ ඇත.

    ගුරු දශාවේ. කේතු අන්තරය (මාස 09යි)
    අලුත් වාසභුමියක පදිංචි වීමට ඉඩ සැලසේ , නම්බුව ප්‍රසිධිය ලැබෙන කාලයකි. ජ්‍යොතිෂය , ගුප්ත ශාස්ත්‍ර ඉගනීමට අවස්ථාව ලැ‍බේ. ගේ දොර කටයුතු වලින් මුදල් වියදම් වේ. රහස් කටයුතු වලට පෙළඹීට ඉඩ ඇත. හිතේ නොසන්සුන් ගතිය ඇතිවේ. විවේකීව, හුදකලාව සිටීමට ප්‍රියකරන කාලයකි. සේවයෙන් විශ්‍රාම යෑමද සිදුවිය හැකිය.
    පාද වල ආබාධ . හමේරෝග ආදියද ඇතිවිය හැක. අහංකාර නමින් කටයුතු කරයි. නිවැසියන් සමග අමනාපකම් ඇතිවේ.

    ගුරු දශාවේ සිකුරු අන්තරය (අවුරුදු 02මාස 08)
    නිවාස , ඉඩකඩම් ,යානවාහන ලැබෙන කාලයකි. සිතේ සතුට වර්ධනය වෙයි. නෑදෑයන්ගේ උදව් උපකාර හිමිවෙයි. ආභරණ , සළුපිළි ලැබේ.මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ සදහා ඇරයුම් ලැබේ. එදිනෙදා වැයවීම අයකවෙය.එහෙත් අඩුපාඩුවක් ඇති නොවේ. වන්දනා චාරිකා විනෝද චාරිකා යෙදේ. වැඩිමහල් සහෝදරයකුගේ දුරස්වීමක් සිදුවිය හැකිය. යහපත් විවාහයක් සිදුවේ. මුත්‍රා රෝග, වකුගඩු ආබාධ, මෙන්ම බාහිර කරදර පීඩා ඇතිවීමද අසුබ පිහිටීම් ඇතිවිට සිදුවේ.

    ගුරු දශාවේ රවි අන්තරය (මාස08)
    උසස් තනතුරු හිමිවේ, දේශපාලනයේ යෙදී සිටින අයටද ‍යහපත් කාලයකි. විදේශිය ආධාර අරමුදල් හිමිවේ. නවතා දමා තිබු වැඩකටයුතු ආරම්භ කිරිමට හැකිවේ. අන් අයට උදව් උපකාර දීමට සිදුවේ. ණයට දුන් මුදල් ආපසු ලැබේ. දුර දිග බලා තීරණ ගන්න නිසා කරදර බාධක අඩුවේ. ශරීරයේ ශක්තිය වැඩේ ගමන් බිමන් යෙදේ මෙම දශාවේ අනුව පිහිටිම් ඇතිවිට උෂණ රෝග, හදේ රෝග, උණ රෝග ඇතිවේ. රාජ්‍ය භය, රජයෙන් කරදර ඇතිවිමටද හේතුවේ

    ගුරු දශාවේ සදු අන්තරය (වර්ෂ 01මාස 04)
    ඉඩකඩම් දේපල හිමිවේ. රැකියාවේ වෙනස්වීම්, පදිංචි ස්ථානයේ වෙනස් ‍වීමි සිදුවේ. දුහුල් සළුපිලි ලැබේ.කරන කියන කටයුතු සාර්ථකවන කාලයකි, සමාර්ථය ඇතිවේ. පිනට දහමට සිත යොමුවේ, සතුරන් මිතුරුවේ. නිතර ගමන් බිමන් යෙදේ එහෙත් ඉන් යහපත හිමිවෙයි. දරුවකු ලැබේ. අසුබ පිහිටීම ඇතිවිට හිතේ කරදර ලෙඩ රෝග ඇතිවිමට බලපායි. සෙම් රෝග මානසික රෝග ප්‍රධාන වෙයි. වියදම් අධිකවීම සිදුවේ. රහස් සබඳතා ඇතිවේ.

    ගුරු දශාවේ කුජ අන්තරය (වර්ෂ 0මාස09)
    යාන වාහන ලාභ ලැබේ. මග හැරි තිබුන කටයුතු නැවත කරගෙන යාමට අවස්ථාව ලැබේ. ඥාතීන්ගෙන් සංග්‍රහ ලාභ ප්‍රයෝජන හිමිවේ. සහෝදරයන්ගේ හොඳ හිත දිනාගැනිමට හැකිවේ .කෘෂිකර්ම කටයුතු දියුණුවේ. ආවේග ශීලිව කටයුතු කිරිමෙන් පාඩු සිදුවේ. නඩු හබ වලට පැටලවේ. කලකෝලහාල ඇති කෙරෙයි සොර සතුරු බිය ඇතිවේ. හෘදයාබාධ හදිසි අනතුරු , ලේ විෂවීම වැනි රෝගවලට භාජනය විය හැකිය.

    ගුරු දශාවේ. රාහු අන්තරය (වර්ෂ02 මාස 03)
    විදේශ ගමන් ලැබේ නැතිනම් තම රටේ දීර්ඝ ගමන් යෙදේ. රැකියාවේ වෙනස්කම් රැකියා ස්ථානයේ වෙනස්කම් ඇතිවේ. ව්‍යාපාරික ස්ථානය වැඩි දියුණු කිරිම, පුළුල් කිරිම් සිදුවේ. ‍හිත මිතුරන් සමග දබර වේ. බොහෝ කලක් නිවසින් පිටත සීදිමට සිදුවේ. අභුත චෝදනා එල්ලවේ. හිතවතෙක් නිසා සිතට කරදර ඇතිවේ. ආමවාත ‍රෝග , දත් වල රෝග, හිසාකෙස් වැටිම වැනි රෝගවලට ගොදුරුවේ.

    සටහන -ලක්ෂ්මි වික්‍රමසිංහ
    ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී ඇල්බ‍ට් සුදසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ගුරු හොඳ නම් ජීවි‍ෙත්ට ආයු-සැප-බල-වර්ණ නොවරදී Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top