728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    ගැනීමට කැමති නමුත් දීමට අදිමදි කරන්නීය


    පහනක් සහිත ඔරුවක නැගුණු වී කරල් මිටියක් අතින් ගත් කාන්තාවකි. එවැනි රුවක් ඇඳි විහිදුණු තාරකා සමූහයක් ඔබ දැක තිබේද? ඒකන්‍යාවයි.
    කාමිනී,යුවති,නයනා,නාරි,ගෞරි,රමණි ආදී නම් වලින් ඈ හඳුන්වයි. රාශි චක්‍රයේ හය වැන්නාය.අංශක 150 සිට 180 දක්වා ප්‍රදේශයක විහිදී ඇත.පඨවි රාශියකි. වද රාශියකි.ස්ත්‍රී,උභය,සෞම්‍ය මෙන්ම සම රාශියකි.
    කන්‍යාවේ අධිපති ග්‍රහයා බුධය.බුධහු‍ට මිථුනය ද අයත් වේ.ලග්නයත් නවාංශකයත් කන්‍යාව වී නම් වර්ගෝත්ථමය.

    කන්‍යාවට බුධ සුබ නැත.හේ ලග්නාධිපති බැවින් එතරම්ම අසුබ වන්නේ නැත.මෙහි විශේෂත්වය වන්නේ බුධ එක් වරම උච්ච වන්නේත් ස්වක්ෂේත්‍ර වන්නේත් මූල ත්‍රිකෝණ භාවය ලබන්නේත් කන්‍යාවේ දී පමණක් වීමයි.
    බුද්ධියට මෙන්ම කථනයටද අධිපති ග්‍රහයා වන්නේ කන්‍යාවයි.

    බුධගේ නෛසර්ගික බලය අනුව බුද්ධිය මෙන්ම කථනයද තීරණය වේ. බුධ නීච වුවොත් බුද්ධිය හීන වේ.හත් වැන්නේ වුවොත් විවාහයට තදින් බලපායි.(අන්‍ය ලග්නයක් වෙයි නම් සිටින ස්ථානය අනුව මේය තීරණය වේ.)කතාවට හොරය.ගොත ගසයි.අධ්‍යාපනය කඩාකප්පල් කර ගනී.
    බුධ සාමාන්‍ය තත්ත්වයෙන් සිටී නම් ලග්නයත් දස වැන්නත් හිමි බැවින් ඔළුව පාවිච්චිකිරීම වෙනුවට බොරුවට සෙල්ලමට හිත යොමුකරයි.

    නමුත් සාමාන්‍ය තත්ත්වය ගත් කල කන්‍යාව පත පොත කියවීමට දැනුම එක්රැස් කර ගැනීමට කැමති රාශියකි.කියවීමෙන්,කතා කිරීමෙන් මෙන්ම සාකච්ඡවලට එක්වීමෙන් ද දැනුම එක්රැස් කර ගැනීමේ දක්ෂ වේ.මෙවැනි දේ පරිස්සමෙන් මෙන්ම අන්‍ය සිත් නොරිදෙන ආකාරයට සිදුකරයි.ඉවසිල්ලෙන් සවන් දීමට ඇති හැකියාව විශේෂය. කන්‍යා හිමියන් කොහොමත් ඉවසිලිවන්තය.ඇහුම්කන් දීමට රුසියෝය.අදහස් ප්‍රකාශ කිරීමේ දී පරිස්සම් වෙයි.නමුත් නොයිවසිලි ගති ඇත. උස් පහත් භේදයකින් තොරව ඇසුරු කරයි.සියල්ලන්ටම ඇහුම්කන් දී ප්‍රිය මනාප අයුරින් කතා කිරීමේ දක්ෂය.

    තමාගේ සියලු කටයුතු පරිස්සමෙන් පිළිවෙළකට කරයි. උවමනාවට වඩා පරිස්සම් වීම මේ අයගේ වරදකි.ලිපියක් ලීවද , දොර ජනේල වැසුවද නැවත නැවත බලා ක්‍රියාකිරීම කන්‍යා හිමියන්ගේ හැටියකි.අනවශ්‍ය දේට වැඩි කාලයක් වැය කරයි.එහෙත් ගේ දොර ගෘහ භාණ්ඩ පවා පිළිවෙළකට තබයි.අවුල් කරන අයට කැමති නැත.මිතුරන් අවමය. ඒ පිළිබඳ පරිස්සම් වෙයි.
    කන්‍යාව පඨවි රාශියක් බැවින් ඉඩකඩම් දේපළ අයත්කර ගැනීමට ආශා කරයි. මිල මුදල‍ට,ගේ දොරට,මල් වැවීමට මෙන්ම සෞන්දර්යයට ඇලුම් කරයි.සොභාව සෞන්දර්යයවාදියෙකි.

    උභය රාශියක් බැවින් ඇතැම් විට දෙබිඩි ස්වරූපයක් පෙන්නුම් කරයි. බාලවියේදී වැඩිහිටි බවක් පෙන්වන්නට උත්සාහ කරයි.උගත් බව පෙන්වීමට අදහස් දක්වයි. ඇතැම් විට මතවාද පවා කියවමින් තම පණ්ඩිත භාවය පෙන්වයි. හැසිරීමද එසේමය.මහත් වැඩිහිටි බවට පත්වූ පසු මහළු බවක් පෙන්නීමට අකමැතිය.ළමයෙක් මෙන් කෙළිලොල් බව හැසිරීම පෙන්වීමට කැමතිය.වැඩිමහළු බවක් ද නොපෙනේ.
    අනවශ්‍ය ඉක්මන් ගතිය මේ අයගේ අඩුවකි.අනවශ්‍ය ලෙස වැඩ වරද්දා ගන්නා අවස්ථා නැත්තේ නොවේ. මෙහි ඇති තවත් වැරැද්දක් වන්නේ තමා පිළිබඳ පූර්ණ විශ්වාසයක් නොතිබීමයි.තමන් කළ කී දෑ පිළිබඳ නැවත සොයන්නට කල්පනා කිරීමට මෙන්ම ලියන්නට යාමෙන් අනවශ්‍ය ප්‍රමාදයක් ඇති කර ගනී.
    යමක් කිරීමට පෙර ඒ පැත්ත මේ පැත්ත පෙරළමින්කල්පනා කරමින් විග්‍රහයේ යෙදීම ඊට කාලය ගත කිරීම නිසා කටයුතු ප්‍රමාද කර ගනී.

    යම් රෝග ලක්ෂණයක් යමෙකුට ඇතැයි කී විට එය තමාට ඇතැයි සිතමින් තමන්ම පරීක්ෂාවකට ලක් කර ගනී.වෛද්‍ය පරීක්ෂණයකින් තොරව තමාට රෝගය ඇතැයි ගොඩ බෙහෙත් ගිල දමයි.ආහාර රුචියද එසේමය.මේ නිසා රෝග සෑදීමට ද ඉඩ ඇත.

    විරුද්ධ පාර්ශවයට වැඩි ඇල්මක් දක්වයි.ගැඹුරු කට හඬකට හිමිකම් කියයි.
    නහර බෙලහීනතාවය,මන්දපෝෂණය,ශරීර ශක්තිය අඩුවන මෙන්ම ශරීරය අඩපනවන රෝග ආදියට නිතර භාජනය විය හැක.මේ පිළිබඳ නිතර නිතර සිතන බැවින් දුබල විය හැක.



    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න රාජ්‍ය සම්මානලාභී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ගැනීමට කැමති නමුත් දීමට අදිමදි කරන්නීය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top