728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    පුතා සැළකුවේ නැතැයි දුකින් මියගිය සුමනාවති මිනිපිරියට ආවේශවී පළිය ගන්න ඇවිත්


    බොහෝ දෙනෙක් දාන, ශීල, භාවනා ආදී කුසල් කිරීම පසුවට කල් තබති. රැකියාවෙන් විශ්‍රාම ගොස් නිදහසේ පින් දහම් කරමියි කල් තබති.
    දරුවන්ගේ වගකීම් වලින් නිදහස් වී ශීල භාවනාවල යෙදෙමියි. තවත් කෙනෙක් කල් තබති. සිල් සමාදන්වීම් ආදිය මහලු වූ විට කරන දේවල්ය. අපි තවමත් තරුණ යැයි සමහරු කල් තබති.

    අද අද එයි මරු පින්කර ගන්නේ- කෙලෙසද සෙට මරු නේති සිතන්නේ යි කල්පනා කරන්නේ ඉතා ටික දෙනෙකි‍. තවත් කෙනෙක් හොඳටෝම වයස්ගත වී සිල් රෙදි පොරවා ගෙන තුනටිය රිදෙනවා කකුල් නවාගෙන ඉන්න අපහසු යැයි කෙඳිරිගාති. එසේ වන්නේ මේ ලෝකය කාම ලෝකයක් වෙන බැවිනි.
    ගාල්ලේ භද්‍රා විසි දෙහැවිරිදි තරුණියකි. ඇය ඇඟපත වේදනාවෙන් පෙළෙන්නට වූවාය.සිත එක අරමුණකතබාගත නොහැකිව මානසික වියවුල් ස්වභාවයකින් පෙළුනාය. වරෙක දැඩි හිසරදයකින් පීඩා වින්දාය.කීප වතාවක් සිය දිවි හානිකර ගැනීමටත් උත්සහ කළාය. වෛද්‍ය ප්‍රතිකාර ම‍නෝ වෛද්‍ය ප්‍රතිකාර ගණනාවක් සිදු කළද ඇයට සුවයක් නොවීය.

    සෙත්මිණ පත්‍රය කියවන ඥාතියකුගේ මඟ පෙන්වීම අනුව එහි පළවන නොපෙනෙන ලෝකය විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවාගෙන යන්නට වැඩිහිටියෝ කටයුතු කළහ. ඇගේ පියාත් මවත් වැඩිමල් සහෝදරියත් දිනක් භද්‍රා එහි කැඳවාගෙන පැමිණියාහ.
    අධ්‍යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී ඇගේ තත්ත්වය පැහැදිලි කොට ප්‍රතිකාර පැතූහ.

    ගවේෂකවරයා ඇය වෙත ශක්ති කිරණ එල්ල කරන විටම ඇය වහාම පියා ඉදිරියට ගොස් රවන්නත් ගොරවන්නත් දත් සපන්නත් වූවාය. ඉන් එහා දෙයක් එදින මතු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් ලැබිණි.
    ඊළඟට පැමිණි දිනයේ භද්‍රා ප්‍රලය වී කතා කරන්නට වූවාය ගවේශකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.
    “කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ යි ගවේශකවරයා ඇසීය.
    “සුමනාවතී” යි භූතාත්මය කීවාය‍.

    “කවුද සුමනාවතී කියන්නෙ?
    “මේ කෙල්ලගෙ ආච්චි යි කියන ගමන්ම ඇගේ පියා ඉදිරියට පැන්නේය.
    “මෙන්න මූ මගේ හතුරා මගෙන් පළිගන්න ඕනැ. මූ මට සැලකුවෙ නෑ. මූ මාව ගණන් ගන්නෙ නෑ. මුගෙ හිතේ මූ මට සැලකුවෙ නෑ. මුගෙ හිතේ මූ මලෙන් බිහිවුණා කියලා.
    භද්‍රා ප්‍රකෘති සිහියට පත් කොට ඇගේ පියාගෙන් මියගිය මෑණියන් ගැන විමසීය.

    මහත්මයා! ඇත්ත තත්ත්වය කියන්නත් ලැජ්ජයි.ඒත් මේ දුවගෙ ජීවිතේ බේරගන්න ඕන නිසා ඇත්ත කියන්නම්. අපේ අම්මා හොඳ චරිතයක් නෙවෙයි.තරුණ කාලෙ හරිම කැත විදිහට වැඩකළා හිටි හැටියෙ සුමාන ගණන් ගෙදරින් පි‍ට වෙලා යනවා.තාත්තා තමයි අපිව හැදුවේ අපේ පවුලේ සහෝද‍රයො හැමදෙනාම අම්මව පිලිකුල් කලා අම්මගෙ වැඩ නිසා ඒ අය අම්මව අයින් කළා.තාත්තා නැති වුණාම අම්මා ආයෙත් ගෙදර ආවා.මම මහගෙදර ඉන්නෙ.අම්මා නිසා පන්නන්නත් බෑ.වයස අවුරුදු හැට වෙලත් අවුරුදු තිහක කොල්ලෙක් එක්ක යාලු වුණා.අන්තිමට සුදු රෙදි පොරවගෙන සිල් ගන්න ගියා. බොරු සිල් පෙන්නුවට අපි ගණන් ගත්තෙ නෑ. මේ දුව තාත්තෙ පවු කියලා උන්දැට සැළකුවා. දැන් ‍ඒ දූගෙ ඇඟට රිංගලා කරදර කරනවා. අපිව වැදුවා තමයි. ඒත් හැදුවෙ තාත්තා.අනේ මහත්තයා අපේ තාත්තා බුදු වෙන්න ඕනැයි ඔහු කඳුළු පිසදමමින් කීවේය.

    ගවේශකවරයා නැවතත් භද්‍රා දිෂ්ටි ගන්වා සුමනාවතීගේ භූතාත්මය ගෙන්වීය.
    “මූ මට සැලකුවෙ නෑ.මුගෙන් මම පළිගන්නවා මේ කෙල්ල විතරයි මට සැළකුවෙ”
    “ඉතින් ඒ නිසාද ඒ ළමය ලෙඩ කරන්නෙ.
    “මම කෙල්ලට කරදර කරන්නෙ නෑ. මට ඕනෙ මුගෙන් පළිගන්න.මු මාව ගණන් ගන්නෑ සැළකුවෙ නෑ මහ එකාට නම් හොඳට සැළකුවා. මහ එකාව වන්දනාවෙ එක්ක ගියා යි භූතාත්මය කීවාය.
    “වන්දනාවෙ යන්නෙ මොකටදැයි ගවේෂක වරයා භූතාත්මයෙන් විමසීය.
    “වන්දනාවෙ යන්නෙ පින් කර ගන්න.”

    “තමුන් වන්දනාවේ ගියේ නැද්ද”
    කොහෙද මුන් මාව එක්ක ගියෙ නෑනෙ.
    “හරි ඒ මේ පුතානෙ,අනිත් දූ‍ලා පුතාලා එක්ක ගියා ද?
    “උනුත් මූවගේමයි.මතක් කරන්න එපා. උන් ඔක්කොම එකයි.මාව ගණන් ගත්තෙ නෑ”
    “හොඳයි දැන් මම අහන ඒවට ඇත්තම කියන්න ඕනැ නැත්නම් මම දඬුවම් කරනවා යි ගවේෂකවරයා වේවැල අතට ගත්තේය.භූතාත්මය වෙව්ලන්නට වූවාය.Óතමුන් තරුණ කාලෙ සුමාන ගණන් ගෙදරින් පිට වෙලා ගිහින් කොහේද හිටියේ? කා එක්කද ගියේ?..

    භූතාත්මය අඬන්නට විය.
    “වල්කමේ යනවා. ආයෙත් ගෙදර එනවා.දරුවන්ට ලැජ්ජා කරනවා. අම්මලා මෙහෙ‍මද? තරුණ කාලෙ මඟුල් විසේ හැදිලා නටලා දැන් දරුවන්ට කරදර කරනවා. මේවා බොරුද?
    භූතාත්මය නිරුත්තරය.
    “ඇත්ත කියාපිය යැයි වේවැල උළුක් ‍කළේය.
    “අනේ මට සමාවෙන්න.”
    “පුතාගෙන් පළිගන්න මේ අහිංසක ළමයා ලෙඩ කරනවා.

    හොඳ උපාසක අම්මා. උඹ කරපු පව් වලට ජරා පෙරේතියක් වෙලා ඉපදිලා.දැන් ගඳ ගගහ පවුලෙ දරුවන්ටත් කරදර කරනවා. උඹ‍ට මම සමාව දුන්නත් මේ දරුවො සමාව දුන්නත් කර්ම විපාක වලින් නම් සමාව ලැබෙන්නෙ නෑ. කලින් කරපු පව් මදිවට දැනුත් දරුවන්ට කරදර කරලා පවු පුරවා ගන්නවා. සිල් රෙදි පොරවාගෙන බොරුවට පන්සල් ගියා. මම මේ අයට තවත් සති දෙකක් බෝධි පූජා තියන්න නියම කරනවා. පුළුවන්නම් මේ අයත් එක්ක ඒ බෝධිපූජා වලට යන්න කියා තමන්ටත් මම නියම කරනවා. කී ගවේෂකවරයා භද්‍රාට හා පවුලේ අයට තවත් දින 14ක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
    එසේ බෝධි පූජා පවත්වන වි‍‍ට භද්‍රාගේ තත්ත්වය යහපත් අතට හැරෙන්නට විය. බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත ගෙන්වා ගවේෂකවරයා කතා කෙළේය.

    “තමුන් බෝධි පූජාවලට මේ අය සමඟ ගියාද?
    “ඔව් මම මුන්ගෙ පස්සෙන් ගියා”
    “ඉතින් මොකද වුණේ”
    “මට බෝධීන් වහන්සේ ලඟට යන්න දුන්නේ නෑ”
    “කවුද?”
    “එතැන ඉන්න එවුන්”
    “ඒ අය මොකද කළේ”

    “උඹ එන්න එපා ගඳයි ගඳයි මෙතැන ගඳ ගස්සන්න එන්න එපා කියලා මාව පැන්නුවා.”
    “තමුන් ජීවත්ව ඉන්දැද්දි ජරා වැඩ කළ නිසා ප්‍රේතියක් වුණා.ප්‍රේතියගෙ ඇඟෙන් දුර්ගන්ධය පිට වෙන‍වා.තමුන්ට තවත් අවුරුදු දහස් ගණනාවක් දුක් විඳින්න වේවි.
    “අනේ මහත්තයා මට සමාවෙලා පිහිට වෙන්න”
    “එහෙම නම් වහාම මේ ළමයා අතහැර යන්න තැනක් ‍සොයා ගන්න.

    “හොඳයි හොඳයි මම යන්නම් මට යන්න තැනක් සොයා දෙන්න.”
    ප්‍රේතිය මල් වට්ටියකට සම්බන්ධකර කළුතර බෝධියට යැවීය.බෝධි මළුවට පිටින් ඉඳගෙන බෝධිය වන්දනා කරන ලෙසත් මනුෂ්‍යයන් රැගෙන යන මල වට්ටිවලට අත ගසා සාදු කියන ලෙසත් නියම කෙළේය.


    මතුගම මහින්ද විජේතිලක
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පුතා සැළකුවේ නැතැයි දුකින් මියගිය සුමනාවති මිනිපිරියට ආවේශවී පළිය ගන්න ඇවිත් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top