විද්දත් පඳුරකට වැදුණේ හාවාට
දුන්නත් සුවය කලකදි ඇඟ මරුවාට
පැතුවත් පෙරුම් සැම නතුවෙයි ග්‍රහයාට
රොඩ්ඩත් ඕනවෙයි දිනකදි මිනිසාට
මේ වසරේ ජනවාරි 23 වැනිදා පෙරවරු 2.18ට පමණ කුම්භ රාශි ගත වූ සිකුරා පෙබරවාරි මස 16 වැනි දා පෙරවරු 6.10 පමණ දක්වා එහිම සැරිසරයි.මේ කාලයේ සිකුරා දෙනට සියාවස පුවපුටුප යන නැකැත් භජනය කරයි.
සිකුරු මාරු තත්කාල මොහෙතේ දී නැගෙනහිර ක්ෂිතිජයේ වෘශ්චික ලග්නය උදාවී පවතිතන්නේය.එවිට ලග්නය හා සිවුවැන්න පාදක කරගත් පරිවර්ථන යෝගයක් ක්‍රියාත්මක වන්නේය.එමෙන්ම නවවැන්න වූ ත්‍රිකෝණස්ථානයේ අධිපතියා වන චන්ද්‍රයා ලග්නය හා හත්වැන්න වන කේස්ද්රස්ථානවල අධිපතියන් සමඟ එක් වී විෂ්ණු -ලක්ෂ්මි යෝගය නිර්මාණය කර ඇත.
මෙකී කාල සීමාව තුළ දී පොදු මහජනතාවට සැප-සතුට-සාමය හිමිවීමේ භාග්‍ය උදාවනු ඇත.ඒ වගේම ජනතා ක්‍රියාශීලීව එඩිතරව තම දෛනික කටයුතුවල යෙදේ.
එහෙත් ඍතු විපර්යාසයකට පරිසරය මුහුණ දෙනු ඇත. මේ නිසා භව භෝග විනාශවියාමේ තර්ජනයක් මතුවනු ඇත. ඕනෑම පලතුරක් එළවළුවක් කල් තබා ගැනීමේ විවිධ ක්‍රම අනුගමනය කිරීමට සමාජය පෙළඹුණහොත් ආහාර හිඟයෙන් මඳක් හෝ සමනය කර ගැනීමේ පිළියමක් විය හැක.
භූමියේ ඉරිතැලීම් භූ චලන ආදී අස්වාභාවික දේ මතු කෙරේ. සිව් වැන්නේ තැන්පත් නැප්චූන් කුජ -ශුක්‍ර හේතුවෙන් සුප්‍රසිද්ධ ලේඛකයෙකුට පාප ග්‍රහ අපලයක් මතුකරවීමේ ප්රවනතා ඇත.
තත්කාල මකර ලග්න කුණ්ඩළියේ ලග්නයේ රවි බුධ තැන්පත් වෙද්දී ලග්නාධිපතියා එකොළහේ තැන්පත් වන්නේය.
මේ පිහිටීම නිසා අධ්‍යාපන ක්ෂේත්රයේ පෙරළි සිදුවේ. පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාලය දක්වා දරුවා සමාජගත කෙරෙන ආචාර ධර්ම පද්ධතියක් ළමා,ගැටවර හා තරුණ අවධිවල මනස ක්‍රමානුකූලව හැඩගස්වන ක්‍රමවේදයක් නෛතික තත්ත්වයෙන් ව්‍යවස්ථාදායකය හරහාම කළඑළි බස්සවන ගහ බලයක් ක්‍රියාත්මක වෙයි.
උක්තගත රවි බුධ සංයෝගයට සෙනසුරු පමණක් නොව ගුරුගේ සම්බන්ධය ද ගුරුගේ දෘෂ්ටිය හා සමඟ බැඳී පවතී. මේනිසා සියලු ආගම හා බැඳුණු දහම් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමුවේ.බුද්ධිමතුන් මේ වෙනුවෙන් පෙළ ගැසේ.මෙතෙක් අඩු සැළකිලි ලැබී තිබුණු දහම් අධ්යාපනගුරුවරුන්ගේ ආර්ථිකය නංවා ප්‍රබල පිළිගැනීමක් ,ඇගයීමක් මෙන්ම ගුරුපත්වීම් පිරිනැමීමේ ජාතික මෙහෙවරක් ක්‍රියාත්මක කරවයි.ගුරු ග්‍රහ බලවේගය මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.
විශ්වයේ සිද්ධාන්ත පවතී.එනම් ස්වභාව ධර්මය රැකගෙන පවත්වා ගෙන යාමට අවශ්‍ය ක්‍රියාකාරකම් කිසිදු බලවේගයකට යටත් නෙවී ඉටුකරිරීමයි මේ සඳහා සමාජ,ආර්ථික,දේශපාලන වශයෙන් විවිධ වෙනස්කම් එකීවිශ්ව නීතිය මගින් ක්‍රියාත්මක කරනු ඇත.මනුෂ්‍යයා පෘතග්ජන මනසින් යුතුව සිදු කරන බොහෝ ක්‍රියා කලාපයන් මොට වී විනාහ වී යන්නේ මේ නිසාය.
මනුෂ්‍යයා ඉල්ලන දේ නොව මනුෂ්‍යයාට අවශ්‍ය දේ පමණක් ලබා දීමට ස්වභාව ධර්මයා ක්‍රියාත්මක වේ.මෙවිට මනුෂ්‍යයා පරාජය වෙයි.මෙවිට ඉඩකඩම් හා සම්බන්ධ ගැටලු නඩු හබ ඇතිවේ.බද්දට කුලියට දුන් පෞද්ගලික මෙන්ම රජයේ ඒවාටද බදු මුදල් ගැනීමට අපහසු වෙයි.අදාල වගකිවයුතු නිලධාරීන් නිසිලෙස ක්‍රියාත්මක වුවොත් බදු එකතුකර ගැනීමට හැකි වාතාවරණක් මතුවිය හැක.
විනෝදාගාර - නෘත්‍යශාලා ආදියේ ආරක්ෂාව සඳහා ඒවායේ බලධාරීන් වැඩි අවධානයක් යොමුකළ යුතුය.ඔවුන්ගේ අවධානය වැඩිපුර යොමුවිහ වුත්තේ ර්වායේ ගොඩනැගිනි හා සම්බන්ධ වන විදුලි පද්ධති කෙරෙහිය. විදුලි කාන්දු ආදිය පිළිබඳ සැළකිලිමත් නොවුනොත් ගිනි ගැනීම් ආදිය සිදුවෙයි.
සාමාන්‍ය ජනතාවද ගෑස්,විදුලිය ආදිය භාවිතයේ දී පරිස්සම් වන්න. රතිඤ්ඤා වැනි පුපුරණ ද්‍රව්‍ය සෑදිම, ගබඩා කිරීම ආදියේ දීද පරිස්සම් වන්න.
විෂණු - ලක්ෂ්මි යෝගයේ සුබඵලවලත් ශනි-කුජ පරිවර්ථනයේ අශුභත් යන මේ දෙකම එකවර විශවගතව ඇති නිසා මේ කාලවකවානුවේ ඔබේ ලග්නය හරහා ගෙන එන උපදෙස් පිළිබඳ සැලකිලිමත්ව ඔබේ අභිවෘද්ධිය සලසාගන්න උත්සහ කරන්න.
මේෂ
ඔබේ ලග්නයේ එකොළොස් වැන්නේ සිකුරු සම්ප්‍රාප්ත විය.එකී කාම ත්‍රිකෝණයේ දී සඳු,කුජ දෙදෙනා සමඟ සංයෝග වීමට සිකුරාට අවස්ථාව සැලසේ .දිගු කලක් තිස්සේ ඉටු නොවී පැවැතුණු සුන්දර බලාපොරොත්තුවක් ඉටුවීමට පසුබිම සැලසේ.බොහෝ විට එය ඔබට මුදලක් ලැබෙන හෝ පමා වූ විවාහයක් ඉටුවන තත්ත්වයකි.මේ පිළිබඳ අවධානය යොමුකරන්න.ඔබ යම් ණය මුදලක් ඉල්ලුම් කිරීම ප්‍රමාද කළේ නම් එය ඉදිරිපත් කරයි.ඉල්ලා තිබූ ණයක් ප්‍රමාද වී තිබුණේ නම් එය ලැබෙනු ඇත.ව්‍යාපාර කටයුතු වලට වැඩි කාලයක් යොදන්න එයින් දියුණුවක් ලාභයක් ලැබේ.විවාහක නම් තම කාලාත්‍රයා සමඟ ගත කිරීමේ කාලය අධික වනවා මෙන්ම විනෝද ගමන් වන්දනාගමන් ආදියද යයි.පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් රිසි සේ විනෝදවෙයි.මේ කාලයේ දී තම ඥාතියෙකුගේ ලෙන්ගතු භාවය වාඩිපුර ලබා ගැනීමට අවස්ථාවක් උදාවූ වහාම ඉන් ප්‍රයෝජන ගන්න.කිසියම් ණය වාරිකයක් ගෙවීම අතපසු වී ඇත්නම් එය ගෙවා දැමීමට පසුබිමක් සැලසේ.මේ අවස්ථාව පැහැර හැරියොත් නීති කරදර මතුවිය හැක.වාහන ලීසිං ප්‍රමාදවීමක් නම් බරපතල ගැටලුවක් උද්ගත වනු ඇත.
වෘෂභ
ලග්න කුණ්ඩළියේ දසවැන්නේ චන්ද්‍ර මංගල යෝගය ක්‍රියාත්මක වෙයි.ලග්නාධිපතියා දසවැන්නට සම්ප්‍රාප්ත විය.ඔබේ ආදායම් තත්ත්වය උච්චාවචනය වෙයි . මේ නිසා සැළසුම් සහගත ක්‍රියාවලියන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත.මානසික අසමතුලිතතා ඇති විය හැක. තමන් ඊර්ෂ්‍යාකරන කෙනෙකුගෙන් පීඩා ගෙන දිය හැක. එමෙන්ම ඔබ මීට පෙර සිදු කරන ලද සුළු වරදකට හෝ පලිගැනීමේ චේතනාවෙන් ඔබේ සතුරෙකු කිසියම් ක්‍රියාමාර්ගයක් ගනු ඇත.
වර්තමානයේදී අසාධාරණයක් පෙනෙන දෙයක් වුවද ඔබට එරෙහිව සිදුකළ හැක. නමුත් ඔබට ඊට එරෙහිව නැගී සිට වාද විවාදයකට හෝ දබර කලකෝලාහලයකට මැදි වුවහොත් ඔබට ජයග්‍රහණය ලැබීම අසීරු විය හැක. නීතිය හමුවට ගියොත් පරාජය ලැබීමේ ඉඩක් වැඩිවෙයි. මේ නිසා සන්සුන්ව ඉවසීමෙන් කටයුතු නොකළොත් දෛනික කටයුතු අවුල්වී අභිවෘද්ධිය සළසා ගැනීම අඩාල විය හැක. බොහෝ දේවල් පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මැනවි. ඔබ සඳු කරගෙන යන රැකියා කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතු වලට අමතර තවත් මුදල් ඉපයීමේ අර්ධකාලීන රැකියාවක් හෝ අමතර ව්‍යාපාරික කටයුතු කිරීමෙන් සුබ ප්‍රතිපල ලඟාකර ගත හැක. විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති කාලයක් උදව් උපකාර ගත්තා නම් වරදක් නැත.නමුත් ඉන් කෙනෙකු අනියම් ඇසුරකට අත වනයි. ඊට මුලා නොවන්න. නම කෙළසිය හැක. ඕප දූපයක් ප්‍රචාරය විය හැක. පරිස්සම් වන්න.
මිථුන
ලග්නාධිපතියා වන බුධ ග්‍රහයා සෙනසුරුගෙන් දෘෂ්ටි ලබමින් ලග්නයෙන් අටවැන්නේ මෙන්ම චන්ද්‍රයාගෙන් දොළොස් වාන්නේ සිටින මොහොතක දී පස්වැන්නාධිපතියාද වන සිකුරු ග්‍රහයාය.ආගම ධර්මය කෙරෙහි පවතින ලැදියාව මෙන්ම භක්තිය වර්ධනය වනු ඇත. ඒ නිසාම කුසල් කිරීමට සිතක් පහළ වනු ඇත.ඒ තුලින් සමාජ පිළිගැනීමට ලක්වනු ඇත.
යක්ෂ,භූත,ප්‍රේත ආදී කොටස් පිළිබඳ ලියැවෙනු විවිධ දේ ඇස ගැසෙනු ඇත.ඒ නිසා භූත විද්‍යා වැනි විෂයක් හැදෑරීමට සිතක් පහල වේ. තමන් අදහන ආගම පිළිබඳ අන්තවාදී අදහස් ඇතිකර ගැනීම නුසුදුසු වනු ඇත.උදාහරණ ලෙස ඔබ හොඳ බෞද්ධයෙක් නම් විනය වර්ධන අදහස් උදහස් නිසා මානසික පීඩනයකට ලක් විය හැක.මේ නිසා පාරම්පරික මෙන්ම ගතානුගතික අදහස් වලට එරෙහි නොවන්න.සමතුලිත ආකාරයෙන් ඔබට ඩීවිතය යාත්‍රා කිරීමට හැකි වේ
සමහර භයානක සිහින නිසා සිත අවුල් විය හැක.ගතද අසනීප විය හැක.සිත අවුල් කරන කරුණු ද යෙදිය හැකි බැවින් අදහන ආගමේ ශාස්තෘන් වහන්සේ සිතේ ඇඳ ගනිමින් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරන්න.කිසිවෙකු හා කලකෝලාහල කර නොගන්න.වැට මායිම් ආදී ගැටලු වලදී නීතිමය පියවර ගත්තොත් ඔබ දුෂ්කරතාවට පත්විය හැක.එවැනි උසිගැන්වීම් වලදී නිහඬව වක්රාකාර ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න.
කටක
ලග්න කුණඩලියේ පස් වැන්නාධිපතිවන කුජ අටවැන්නේ ගොචරය වන මොහොතක හතරවැන්නාධිපති වන සිකුරු ග්‍රහයා අටවැන්නට ගෝචර වන මොහොතක හතර වැන්නාධිපතියා වන සිකුරු ග්‍රහයා අටවැන්නේ ගෝචර විම නිසා විෂ්ණු ලක්ෂ්මි යෝගය යෙදේ.යහපත් සුබ කෙනෙක් ලෙස තිබුණු කීර්තිය ට හානි වන ලෙස අසත්‍ය ප්‍රචාර ඔබ පිළිබඳ සමාජයේ පැතිරේ.
ඒවා අසත්‍ය වුවත් පිළිතුරු දෙන්නට ගියොත් දෛනික කටයුතු අඩාල වෙයි.මේ නිසා නිවැරදි කටයුතු වල යෙදීමට සිතේ තබාගන්න.එමගින් ඇති වූ අනර්ථයෙන් මිදීමටත් අලංකාර දේ ඔබට ලැබීමටත් මෙයින් ඉඩ ලැබෙනු ඇත.අන්තිම කැමති පත්‍රයකින් ලැබෙන යමක් ඔබට හිමි විමේ වාසනාව ඇත.යම් කනස්සල්ලකින් පෙළේනම ඉන් මිදීමේ හැකියාව ඇත.විශේෂ හෝ උසස් පුද්ගලයෙක් හා සම්බන්ධයක් ඇති වෙයි.රාජ්‍ය නිලධාරියෙක්ගේ සහයෝගය ලැබෙනු ඇත.දීර්ඝ ගමන් බිමන් යෙදේ.ඒ තුළින් අනාගත අභිවෘද්ධිය උදාකර ගත හැක.
සිංහ
ඔබට ගෝචර ධර්මකර්මාධිපති යෝගය මෙන්ම විෂ්ණු ලක්ෂ්මි යෝගය මවමින් සිකුරු මාරුව සිදුවිය.ඔබ විශාල පිරිසක් සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගනී. ඔවුනගෙන් තම තකටයුතු වලට උපකාර ලැබේ නමුත සමහර කාන්තාවන් නිසා කටයුතු අඩාල වේ. ඔබ කුමන ලිංගිකයෙකු වුවද කාන්තාවන්ගෙන් පරිස්සම් විය යුතුය. කාලාත්‍රයාගේ සිතුම් පැතුම් හඳුනා ගැනීමට උත්සාහ කරන්න. එක් දෘෂ්ටි කෝණයකින් පමණක් බලා කටයුතු කිරීම සාධාරණ නැතැයි පසුව වටහා ගනී. කාලාත්‍රයා විසින් සිදුකරන අයවැය ඔබ සත්‍යයෙන් තොරව සිදුකිරීම නිසා කාලාත්‍රයා ඔබ කෙරේ කලකිරෙන්නට පුළුවන.මේ නිසා විවාහ සංස්ථාව පවත්වාගෙන යාමට ඔබ සැලකිළිමත් වන්න.
කන්‍යා
ඔබගේ භාග්‍යස්ථානාධිපතියා සිකුරු වික්රමස්ථානාධිපති කුජ සය වැන්නේ රාශිගත වේ.හිතමිතුරන් ඒකරාශී වන ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමේ අවස්ථා මතුවනු ඇත.මත්පැන් දුම්පානය සඳහා දොරටු විවර වේ. මේ සඳහා පොළඹවන මිතුරන්ද වැඩය.ඉන් ඈත් වීමට වගබලා ගන්න.පිත කිපීමෙන් ඇතිවන රෝග ආමාශ ගත රෝග වලක්වා ගන්න.මත්පැන්,උෂ්ණාධික ආහාර ආදියෙන් වලකින්න.එමගින් ආමාශගත රෝග වලින් වැලකිය හැකිවේ.ස්‍යෙඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට ව්‍යායාම්වල යෙදෙන්න.ස්ත්‍රීන් සමඟ වැඩි අල්ලාප සල්ලාපයේ යෙදීමෙන් ස්ත්‍රී විරෝධතා මතුවිය හැක.දුරදිග නොබලා කටයුතු කිරීමෙන් යම් පසුබෑමකට ලක්විය හැක.ඇසූ පිරූ අැත්තන් හා කටයුතු කර සිදුවන හානි අවම කර ගන්න.
තුලා
ඔබට ප්‍රීතිමත් පැතුම් ඉටුවන කාලසීමාවකි.අහිතකර ලෙස සමාජය විසින් පිටු දැක්කද රේස් සූදු ආදියට ඔබ උනන්දුවක් දක්වයි නම් එයින් ජය අත්වනු ඇත. නමුත් එයට ඇබ්බැහි වූවකු නම් පෙබරවාරි 16 වැනිදායින් පසු පරාජය වෙයි.කෙසේ වෙතත් ලොතරැයි ආදියෙන් සුබ වෙයි.විවාහය සඳහා සුදුසු අයෙකු මුණ ගැසේ.රැකියාවේ ප්‍රසාදයට හේතුවෙයි. මේ නිසා ඔබට එරෙහි පිරිස් එළිපිට එරෙහි විමට ඉදිරිපත් නොවේ.සියලු කාරණා සාර්ථකව කටයුතු ඉටුකර ගැනීමට මෙන්ම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්කටයුතු කර ගැනීමට ද අවස්ථාව සලසාගනී.ඥාතීන්ට වඩා මිතුරන්ගෙන් උපකාර ලබයි.කාලයක් තිස්සේ හිතවත් මිතුරන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් අනාගත දියුණුව සැලසේ.
වෘශ්චික
ඔබ කුමන ක්ෂේත්රයක නියැලී සිටියත් කිසියම් භෝග වගාවකින් පල නෙලා ගැනීමේ භාග්‍ය උදාවෙයි. මල පෝච්චියක වුවත් කිසියම් ආහාර භෝගයක් වැවීමෙන් ආර්ථික වාසි සලසා ගත හැකිවේ. ගොවිකම ජීවිකාව කරගත් අයට යහපත් කාලයක් උදාවනු ඇත.දේපළ මිලදී ගැනීම් මෙන්ම විකිණීමේන්ද ලාභ අත්කර ගනී. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදාවේ.කිසියම් රාජකාරියක් නිසිලෙස ඉටුකිරීමට නුපුලුවන් වීම නිසා විවේකය අඩුවෙයි.රෝගාබාධයකින් පෙළුනේ නම් සුවවෙයි. කරදරයකට මුහුණපා සිටියේ නම් ඉන් මිදීමට ද අවස්ථාව උදා වීම නිසා අස්වැසිල්ලක් ඇතිවේ. මේ නිසා මවගෙන් ලැබීමට තිබූ අත් උදව්වක් අඩුවී තිබුනේ නම් එකී බාධාවද ඉවත්වී ඔබේ අභිවෘද්ධිය සැලසෙනු ඇත.
ධනු
ලග්නායේ දෙවැන්නේ විෂ්ණු ලක්ෂ්මි යෝගය මෙන්ම ධර්ම කර්මාධිපති යෝගය යෙදී තිබූ ප්‍රබල මොහොතක සිකුරා කුම්භ රාශිගත විය.මේ නිසා ඔබේ ආකල්ප වල මූලික ලෙස පරිවර්ථනයක් ඇතිවේ. ඔබ පත්ව තිබූ ආකූල ව්‍යාකූල තත්ත්වයෙන් මිදේ.අනාගතය වෙනුවෙන් පියවරක් තැබීමට අවස්ථාවක් උදාවේ.නමුත් ඉඩමක් හේතුවෙන් පීඩාකාරී තත්ත්වයක් ඇතිවෙයි.ඒ පිළිබඳ නඩු වල පැටලුනොත් පහසු නොවේ.කය වෙහෙසා කරන කටයුතු අසීරුවේ.රැකී රක්ෂා කටයතු වලදී අපහසුතා මතුවේ.යාන වාහන සම්බන්ධයෙන්ද ගැටලු මතුවිය හැක.වාහනයේ පළමු හිමිකරුවා ඔබ නොවේ නම් පෙර හිමිකරුවන් කළ යම් යම් වෙනස් කම් හේතුවෙන් නීති කරදර ඇතිවිය හැක.යාන වාහනවලට සොරසතුරු උවදුරු විය හැකි බැවින් දොරගුලු හොඳින් වසන්න.
මකර
යෝග කාරක සිකුරු ධනස්ථානයට සම්ප්‍රාප්ත වෙයි. මුවින් ගිලිහෙන වචන සුන්දර වචන සමුදායක් වනු ඇත. ගායකයෙක් නම් ඔබේ රසිකයන් තුළ නැවත නව ගීතයකින් මතකය අලුත් වනු ඇත. එමෙන්ම ලාභ ප්‍රයෝජන ද ලැබිය හැකි කාලයකි. කාලාත්‍රයා සමඟ නැවත ප්‍රබල බැඳීම්ක් ඇති කරයි. ආදරයෙන් බැඳෙයි.මුහුණේ සුන්දරත්වයට ආලේප අවශ්‍ය නොවනු ඇත.හදවත ප්‍රීතියෙන් වෙළෙන සිනාමුසු මුහුණෙන් සිටින කාලයකි.සමිති සමාගම් වල නිලතල ලබීමේ කාලයකි. මල් ව්‍යාපාරිකයෙක් නම් වෙළඳපල කටයුතු සාර්ථක වෙයි.වාහනය ගැනීමට ගැණුම්කරුවන් ඉදිරිපත් වෙන බැවින් එය විකුණන වාද නැද්ද යන්න දැන්ම තීරණය කරන්න.
කුම්භ
ධර්ම කර්මාධිපති යෝගය මෙන්ම විෂ්ණු ලක්ෂ්මි යෝගය උදාකරමින් සිකුරා සම්ප්‍රාප්ත වෙයි.වෙන්ව ගිය ප්‍රේමය නැවත ලැබේ.දැන්ම උත්සහ කිරීමෙන් ප්‍රතිපල ලබාගත හැක.විවාහක නම් කාලාත්‍රයා සමඟ උපරිම සතුට ලබයි.ඔහු සමඟ දුර බැහැර විනෝද ගමන් වන්දනා ගමන් යෙදෙනු ඇත.රාගාධික බවද තදින් මතුවේ.මේ නිසා අයුතු ප්‍රයොජන ගන්නටද පෙළඹිය හැක.යථාර්ථයෙන් පිට ගොස් දුකටද පත්වියහැකි බැවින් හිතුවක්කාර වියහැක.දහමට අනුව සියලු කම් සැප විඳින්න.අනාගතය උදාවේ.නිශ්පල වියදම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
මීන
ලග්නාධිපතියා පංච මහා පුරුෂ යෝගයක් මවා සිටින මොහොතක සිකුරා කුම්භ රාශිගත වෙයි.ගෝචරයේ දී සුබ ස්ථානයකට සිකුරු ගමන් කෙළේය.ලග්නයට යහපත සලසා දිය හැකි ගෝචර ශක්තියක් මෙයින් උදාවේ.රැකියා විරහිත තරුණයෙක් නම් රැකියා වරම් ලැබේ.උසස්වීම් තනතුරු ආදිය ද ලැබෙන කාලයකි.ගුරු වෘත්තියේ නියැලේ නම් සිසුන්ගේන් යහපත් ප්‍රතිචාර ලැබේ.නමුත් පෙර පාසල් ගුරුවරියක් නම් ශබ්ද නගා කතා කිරීමට සිදුවනු ඇත.උගුරේ ආබාධ මතුවිය හැකි බැවින් බෙරිහන් දීමෙන් වලකින්න.ගායකයෙක් නම් ඉහළ ස්වර ගී ගැයීමෙන් වලකින්න.සොර සතුරන්ගෙන් පරිස්සම් වන්න.අවිආයුධ ආදිය පරිහරණයෙන් වලකින්න.ආශාව අවම වීම ඉදිරි දියුණුවට බාධාවක් විය හැක.පෙම්වතා/පෙම්වතිය හමුවීමට රහසිගතව යාම නැතිකරදර ඇතිකරවන්නකි.ඔබේ සිතට බිය ඇතිවන කුමක් හෝවිය හැකි බැවින් සියලු කටයුතු විධිමත්ව සිදුකරන්න වග බලාගන්න.
අක්මීමණ තලගහ විශ්වකීර්ති ඡ්‍යොතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී සුරා ශ්‍රී ගුණවර්ධන

0 comments:
Post a Comment