728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    ඔබට ලැබෙන සහකරු කොහොම වේවිද ?

    7 අධිපති වෘෂභයේ නම් කට්ට කාගෙන පවුල රකී
    හත අධිපති මීනයේ නම් හැමදේටම හොඳයි

    ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය පිළීබඳ සියලු තොරතුරු ඔබේ කේන්ද්‍රයේ හත්වැනි කොටුවෙන් දැනගත හැක. මේ ලිපිය ප්‍රීතිමත් විවාහයක් පතන ඔබ සඳහාමයි.
    විවාහය පෙන්වන්නේ හත් වන භාවයෙනි.එහි අධිපතියා සහ 7 වැන්නේ සි‍ටින ග්‍රහයන්ගේ ස්වභාවය අනුව කලාත්‍රයාගේ ගුණාංග පෙන්නුම් කරන බව ජ්‍යොතිෂයේ සදහන් වෙයි.

    ක්‍රිෂ්ණ මූර්ති පද්ධතියේ දී හත් වන භාවයේ උපපතියා සිටින රාශිය හෝ නැකත අනුව කලාත්‍රයාගේ ශරීරික ලක්ෂණ සහ ගතිගුණ කියැවෙයි.හත් වන භාවයේ නැකැත් අධිපතියා ද එම සාධක තහවුරු කිරීමට ඉදිරිපත් වෙයි.
    නමුත් පළමුවෙන්ම අප සොයා බැලිය යුත්තේ ජන්මියාට විවාහයක් පෙන්වනවාද නැද්ද යන්නයි. 7 වැනි භාවයේ උපපති 7,2 හෝ 11 නිවේදනය කරනවා නම් විවාහයක් සිදුවේ.

    මේෂ රාශියේ නම්
    හතේ උපපති මේෂ රාශියේ නම් උන්නති කාමී,නිර්භය ධෛර්යමත් දබරකාරී උසස් ඉලක්ක ඇති උද්‍යෝගිමත් ගැටෙන, හැම දේකටම කෙටි ක්‍රම සොයන ආත්මාර්ථකාමීව විශ්වාසයෙන් කටයුතු කරන්නෙකු බිහි කරයි.පරිත්‍යාගයට අකමැති ආඩම්බර චරිතයකි.

    වෘෂභයේ නම්
    දරාගෙන ඉවසාගෙන සිටින දඩබ්බර ගති ඇත්තෙකි.සෙමෙන් සැලසුමකට අනුව වැඩකරයි.භක්තිමත්ව ඇරම්භ කළ ද සුලු වේලාවක දී දරුණු ලෙස හැසිරේ.

    මිථුනයේ නම්
    විනෝදයෙන් හා සැහැල්ලුවෙන් සිටින විවිධත්වය අගය කරන දෙබිඩි ගති ඇත්තෙකි.උස සිහින් සිරුරකට හිමිකම් කියයි.සිත අධිවේගීය.සංචාරයට කැමතිය.බුද්ධිමත් ක්‍රියාශීලී උපදෙස් ලබාදීමට තරම් නුවණැත්තෙක් වේ.

    කටකයේ නම්
    නිතර වෙනස්වන සුළු ඉතා සංවේ දී බයාදු ගති ඇති දයානුකම්පිත ගැඹුරු චින්තනයෙන් යුත් ගතානුගතික අයෙකි.මානසික ධෛර්යය ඇති ,උපායශීලී නමුත් හදිසි කෝපගති ඇති කරයි.

    සිංහයේ නම්
    උතුම්,හිතහොඳ,ආත්ම ගෞරවනීය,අභිමානවත්,යමක් සාවදානව අසා සි‍ටින ගති ඇත.පලි නොගනී.තමන් වර්ණනා කරනවාට බොහෝ කැමතිය.චාටුබසට රැවටේ.

    කන්‍යා නම්
    වෙනස්කම් ඇතිකර ගන්නා හොඳ මත දරයි. ක්‍රමානුකූලව, පරෙස්සමෙන් හා බුද්ධියෙන් මෙන්ම ක්ෂණිකව ක්‍රියා කරයි.ගෙවතු වගාව,ඉවුම් පිහුම් ආදියට නැඹුරු වේ.සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන්නෙකි.සහේතුකවාදීය. ඇප උපස්ථාන‍යට කැමතිය.

    තුලාවේ නම්
    සමතුලිත මනසක් ඇ‍ත්තෙකි.සමාජශීලීය.සම්මුතිවලට එළඹිය හැක.සැප පහසුවට කැමතිය.අනන්‍යයන්ට වැඩදායි වුවද විවේචනයේ යෙදෙන,බුද්ධිමත් සංවාදශීලී අනුන්ට උපකාර කරන ගැඹුරු සිතිවිලි අත්තෙකි.විනීතය.ආචාරශීලිය.විරුද්ධ ලිංගික පාර්ශ්වයන් සමඟ ආශ්‍රය කිරීමට කැමති සූක්ෂම කෙනෙකි.

    වෘශ්චිකයේ නම්
    ඉතා දක්ෂ,කැපවී වැඩකරන,බැරෑරුම් ලෙස සිතන අධිෂ්ඨාන පූර්වක චරිතයකි.නමුත් ඊර්ෂ්‍යයා සහගතය.බාධා අවහිරතා පිළිබඳ තැකීමක් නැත.එකට එක කරන තීක්ෂණ මනසක් ඇති ගැඹුරු ලෙංගතු හා ආවේගශීලී ගති ඇත.ඉතා ස්වාධීනය. වචනයෙන් හෝ සටන් වදී.කෙලින් කථා ඇත්තෙකි.

    ධනුවේ නම්
    සුබ වාදී සංවාදයට කැමතිය.නීති ගරුකය.හතුරුකම් නොකරයි.ක්‍රීඩාශීලී පෙනුමක් ඇත.ආත්ම විශ්වාසයෙන් යුතුය.උද්‍යෝගිමත් ආගම දහම අදහන අවංක කෙලින් කථා කරන අයෙකි.

    මකරයේ නම්
    සැකසුරුවම්ය. පරෙස්සම් සහගතය.රහස්‍ය භාවය රකී.ඉවසා දරාගත හැකි චරිතයකි.ආත්මාර්ථකාමී එතරම් සුබවාදී නොවන කුලෑ‍ටි ගති ඇත.වෙනස්වන වාතාවරණයකට හැඩගැසිය හැක.සැළසුම් සහගතය.ගාට ගාට වැඩ කරන තැනැත්තෙකි.

    කුම්භයේ නම්
    බුද්ධිමත්ය.හොඳ මත දරයි.අවධානයෙන් සිටී.පුළුල් මනසකින් කටයුතු කරයි.මානව හිතවාදීය.කෙලින් කතා කරයි.සමාජශීලීය.නමුත් මුරණ්ඩුය.නව අදහස් වැළඳ ගනී.විද්‍යා තාක්ෂණ ආදියට ඇලුම් කරයි.

    මීන රාශියේ නම්

    දාර්ශනිකය.නිතර සිහින මවන සුළුය.සංචාරයට කැමතිය.සංවේදී දයා ගති ඇත්තෙකි.අනුන්ට උපකාර කරයි.නිහතමානීය.සමාව‍ දෙන සුළුය.පරිත්‍යාගශීලීය.නිතර ආවර්ජනය කරයි.දේව භක්තිය ඇත.සුබ අසුබ නිමිති පිළිබඳ පිළිගැනීමක් ඇත.

    ජ්‍යොතිෂවේදී පානදුරේ රෝහන් වීරරත්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබට ලැබෙන සහකරු කොහොම වේවිද ? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top