728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    ඔබ තවම අවිවාහක ද?

    ‍පොරොන්දම් පරීක්ෂාවේ පවතින අඩුපාඩු සහ කේන්ද්‍ර පරීක්ෂාවන්හි දී විවාහ දෝෂ, විවාහ ප්‍රමාද දෝෂ නිසි ලෙස හඳුනා නොගැනීම නිසා එම දෝෂ සඳහා නිවැරදි ප්‍රතිකර්ම නොලැබීමෙන් විවාහ වීමට නොහැකි වූ, විවාහය පමාද වන පිරිස ඉතා විශාලය.

    සැබැවින්ම ඉතා සතුටුදායක විවාහ ගත කල හැකි අය‍ගේ කේන්ද්‍ර පරීක්ෂා කරන ඇතැම් ජ්‍යොතීර්වේදීන් නිවැරැදි සිද්ධාන්ත අනුගමනය නොකර විවාහ දෝෂ පෙන්වා දීමෙන් කරනුයේ බරපතල වරදකි.
    කුජ ශනි දෝෂයට මෙහිදී ප්‍රධානතම තැනක් හිමිවේ. කුජ හා ශනි සංයෝගය ගර්ග මහර්ෂී කුමන් විසින් කිසිඳු අවස්ථාවක කලත්‍ර නාශක යෝගයක් ලෙස හඳුන්වා නැත. එමෙන්ම තෙවැන්න, සයවැන්න, දශ වැන්න හා එකො‍ළොස්වැන්න යන උපචය රාශීන්හි කුජ ශනි තැන්පත් වීම බලය, ධනය, සෞභාග්‍ය හිමිවන යහපත් යෝගයක් වන අතර දෙවැන්න හා නව වැන්නේ ද, කුජ, හනි ලබා දෙනුයේ ශුභපලම පමණි.

    ගර්ග මහර්ෂී තුමන් සිය කෘති වලදී කුජ ශනි එක්ව සිටීම කලත්‍ර නාශක යෝගයක් ලෙස සඳහන් නොකරයි. අප‍ගේ පැරණි සම්භාව්‍ය ග්‍රන්ථයන්හිදී විවාහ දෝෂ සත්වරන්නෙන් දෙවැන්නට කරන බලපෑම් විනා, කුජ ශනි එක්ව සිටීමේ දෝෂ නොපෙන්වයි.නැකැත් පොරොන්දම ස්ත්‍රියගෙන් පුරුෂයාට අශුභ වුව ද පුරුෂයාගෙන් ස්ත්‍රියට ශුභ වන්නේ නම් මධ්‍යස්ථ සේ සැලකිය යුතුය.

    ඒ අනුව ඕනෑම නැකතක් ශුභ හෝ මධ්‍යම වක්‍ර විනා අශුභ නැකතක් බවට පත් නොවේ. සියලු සම්භාව්‍ය පොත‍පතෙහි 22 වන නැකත ‍කේෂ්ම නැකත බැවින් ශුභ බව පැවසේ. එහෙත් මෑත කාලීන පර්යේෂකයින් 22 නැකත යයි කියති.
    ග්‍රහ පොරොන්දම ද ‍ෛදවඥ කාම ධෙනු, ජගත් මෝහන පැරණි පොරොන්ද්ම් පරීක්ෂාව, රාමකෘත මුහුර්ථ චින්තාමනී කෘතීන්හි සඳහන් නොවේ.

    නිවැරැදි දෝෂ භංග විධි භාවිතා කරමින්, ප්‍රඥාවන්තව පොරොන්දම් පරීක්ෂා කරන්නේ නම් කුජ දෝෂ හා ශනිමංගල යෝග බොහෝ කේන්ද්‍රවල දෝෂ භංගම තිබිය දීද දෝෂ පවතින සේ සලකන කටයුතු කරන බව පැහිදිලිව පෙනේ.

    උපපදය, උපපදයෙන් දෙවැන්න, සත්වැන්න හා සය වැන්න යන ස්ථාන මෙන්ම සත් වැන්නේ හා උපපදයේ තැන්පත් ග්‍රහයින්, විවාහ දෝෂ හඳුනාගෙන ප්‍රථිකර්ම නොකලහොත් එම ප්‍රතිකර්මවලින් පලක් නොවන බවද වටහා ගත යුතු වේ.
    මෙම ලිපිය සකස් කිරීම සඳහා උපදෙස් ලබා දුන් ඉසිකර කතෘ ඩබ්.ඒ.ඩී. ඒ. වික්‍රමසිංහ මහතාට හැකිය.

    කිරින්දේ ඩී.ඒ. වික්‍රමසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ඔබ තවම අවිවාහක ද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top