උත්පත්ති ග්‍රහ බලය අනුව
මේ භවයේදි කරන හොඳ නරක
මතු භවයට ගෙනයන හැටි
යම්කිසි පුද්ගලයකු දිව පිනවීමට රසවත් දේ කමින් බොමින් උගතුන්ට මෙන්ම පුජක පක්ෂයට අපහාස කරමින්ද නිතර බනිමින්ද ඔවුන්ගේ ගමන අවහිර කරමින්ද තමාට වඩා උගත් අයකු නොමැති ලෙස කටයුතු කරමින්ද හැසිරේ නම් ඔහුගේ ජන්ම පත්‍රයෙහි භාග්‍යස්ථනයේ සිටින ග්‍රහයා පාප ග්‍රහයකු වී නීචව භාග්‍යසථානයේ තැන්පත්වේ.
අනුන්ට අපහාස කරමින් පලිගැනිමේ චේතනාවෙන් ජිවත් වෙමින් සිට මෙලොවෙන් සමුගෙන ආත්ම ගණනක් යන තුරු තමා විසින් කරන් ලද පව් නිරයෙහි ගෙවමින් පසු ආත්මයකදි නැවත වරක් මෙලොව මිනිස් ආත්මයක් ලබා උත්පත්තිය ලැබුවේද කොතරම් පොහොසත් ධනවත් මන්දිරයක උත්පත්තිය ලැබුවත් එම තැනැත්තා ක්‍රමයෙන් දුප්පත් බවට පත්වනු ඇත. එවැන්නාගේ සිත් තුළද පෙර ආත්ම භවයේ පැවති ක්‍රෝධ සිත එලෙසින්ම පවතිනු ඇත. අන්අයට කරදර කරමින් ජීවත්වේ. තමන් දුක් විඳිමින් කුෂ්ඨ රෝයකින් පිඩා විඳින්නකු බවට පත්වනු ඇත. මෙවැනි ඉරණමකට පත්වු පුද්ගලයන් අද සමාජයේ අනන්තවත් දැකිය හැකිවේ.
යම්කිසි පුද්ගලයකු මෙලොව උත්පත්තිය ලබා තමා අදහන්නාවු ආගමට අනුව භක්තිමත්ව තම ජිවිතය හැඩ ගස්වා ගනිද උගතුන්ට ආගමික පුජකවරුන්ට ගරු කරමින්, වැඩිහිටියන්ට සලකමින් ජිවත් වෙයිද. එවැනි අය බ්‍රහස්පති ග්‍රහයා ස්වක්ෂේත්‍රව උත්පත්තිය ලබයි. ඔවුන් මෙලොව උපන් ආත්මයෙන් පසු බොහෝ විට නැවත මනුෂ්‍ය ආත්මයක් ලබා ඉපිද මනුෂ්‍යන්ට උපදෙස් දෙමින් තමා යටතේ සේවක හෝ අනුගාමි පිරිසක් සහිතව ධාර්මික සැපවත් ජිවිතයක් ගතකරති. නැතිනම් දෙව් , බඹ ආදී ලෝකවල උපදිති.
සමහර අය එලෙස ඉතා ධාර්මික ජිවිතයක් ගතකර සැපවත් ලෙස අන් අය අතර ප්‍රසිද්ධ පුද්ගලයකුව කැපි පෙනෙමින් ජිවිතය ගත කලද වයසට යත්ම විශේෂයෙන් මැදි වයසෙන් පසු විවිධවු ශාරිරක අපහසුතා වලට ලක් වන බව ඔබ දැක ඇතුවාට සැක නැත. ශරිරය දැවෙන පිච්චේන ගති දැනෙන හෝ ක්ෂය රෝගයෙන් හෝ පිඩා විදින අයුරු අප දක ඇත්තෙමු ඔහුන්ගේ උත්පත්ති කේන්දරයේ ගුරු ස්වක්ෂේත්‍ර වෙමින් 05 වැන්නේත් 09 වැන්නේත් යෙදි හෝ උච්චව සිටී හතර , පහ , අට භාවයන්හි පාපග්‍රයයන් තැන්පත්ව සුර්්‍ය ත්‍රික ස්ථානයකද තැන්පත්ව සිටී නම් එසේ උත්පත්තිය ලද තැනැත්තා ධාර්මික ජිවිතයක් ගත කළද යම්කිසි ආකාරයක කරන ලද පාපකර්මයක් මැදිවයසේදි පලදී ශරිරික වශයෙන් පිඩා විදින්නෙකු බවට පත්වන්නේය.
විරූපිව දකින්නට ප්‍රියක් නැති පුද්ගලයන් සමාජයේ අනන්තවත් දැක ඇති. ඔවුන් ගැරහුමට ලක් වෙමින් සමාජයෙන් කොන්වී ජීවිත ගත කිරිමට වේ. සමහරුන්ගේ ශරිරය පුරා කුෂ්ට තුවාල සෑදි ඇත. එවැනි වු අන්දමේ විපාක ගෙවිමට හේතු වන්නේ පෙර ආත්ම භවයකදි පවිටු සිතික් පුජකපක්ෂයට කරන ලද අකුසල කර්මයක් පල දිමකි. එසේ විමට නම් යමෙකු උත්පත්තිය ලබන මොහොතේ ඔහුගේ ජන්ම පත්‍රයේ 5 ,9.10 භාව වල පාප ග්‍රහයින් නිච ව තැන්පත් වි සිටීමියි. එසේ අත්පත්තිය ලද තැනැත්තා මෙලොවදී කරන ලද අකුසල කර්මයට ලබනන ඵල විපාක ලෙස විරූපි ගතියෙන් යුක්තව සමාජයෙන් ගැරහුමට ලක්වේ.
මෙලොව උත්පත්තිය ලබද්දි රාහු අය ස්ථානයෙත් භාග්‍යස්ථානයේ බ්‍රහස්පතිත් තැන්පත් විද කර්ම ස්ථානයෙහි සිකුරු සදු ,සෙනසුරු තැන්පත්වීද උත්පත්ති ලග්නය කුම්භ ලග්නය වීද එසේ උත්පත්තිය ලබන්නාවු තැනැත්තා මේ ආත්මය ඉතා ධාර්මික ජීවිතයක් ගත කරමින් මතු ආත්මයද යහපත් ආත්මයක් බලාපොරොත්තු වී එම ආත්මයද යහපත් ලෙස ගත කරන්නාවු අයකු වේ.
මෙලොව උත්පත්තිය ලද්දේ කුමන ලග්නයෙන් වුවත් සතර වන භාවය අධිපති ග්‍රහයා පාප ග්‍රහයන් සමඟ යෝග වි සිටිත්දි සතරවන භාවයට නිච වන්නාවු ග්‍රහයන් සතර වැන්නේ හි තැන්පත්ව සිටියේද එසේ උත්පත්තිය ලද්දාවු පුද්ගලයා සැපවත් වු ජීවිතයක් ගතකරමින් සිටියද අශුභ වු පාප ග්‍රහයන්ගේ මහ දශා වන්හිදි ක්‍රමයෙන් දුක විදින්නාවුත් දුෂ්කර ජිවිතයක් ගෙවන්නෙකු බවට පත් වනු ඇත.
ඒ සඳහා බලපැ පෙර ආත්ම භවයේදි කරන ලද පාප කර්මයකි.
මේ ආත්ම භවයේදි ඇඟ පුරා කුෂ්ට සෑදි දුක්විදින මිනිසුන්ද උපතින්ම දෙනෙත් අහිමි වුවන්ද ජීවිතයේ මුල් කාලයේ හොඳට සිට පසුව දෙනෙත් නොපෙනී ගිය අයද කන් ඇසිමේ දෝෂ ඇති අයද විකෘති වු අවයව සහිතව උපදින අයද පෙර ආත්ම භවයන්හිදි කරන ලද පාපකර්ම ෙහ්තුවෙන් එම පාප කර්මයන්ට අනුරූප වෙමින් ජිවිතයෙන් දුක් ව්ඳින්ට නැවත කර්මය අනුව උත්පත්ති ලබා ඇතිබව වටහා ගන්න. පව, පින කුසල , අකුසල හඳුනාගෙන ඔබත් ජීවිතය හැඩගස්වා ගන්න. නැතිනම් ඵල විපාක අන් විඳින්නට සිදුවනු නියතය.
ප්‍රවිණ ජ්‍යොතිෂවේදි රේණුක වික්‍රමසිංහ
0 comments:
Post a Comment