ජීවිතේ හතර මායිම කේන්දරයෙන් හඳුන ගන්න
මෙහි පළමු වැනි කොටුව ලග්නය හෝ ලග්න භාවය ලෙස හැඳින්වේ. පුද්ගලයාගේ මුලික චරිතය, ගති ගුණ, පෞරුෂත්වය ආදී කරුණු මෙයින් නිවේදනය කෙරේ.
හතරවැනි කොටුව නම් කිහිපයකින් හැඳින්වේ. සුබ ස්ථානය මාතෘ ස්ථානය චිත්ත ස්ථානය ආදී වශයෙනි. පුද්ගලයාගේ සිතිවිලි ,ගේ දොරඉඩ කඩම්, මවගේ තත්ත්වය , ආදී කරුණු රාශියක් මෙයින් නිවේදනය වේ . හතරවැනි කොටුව කලත්‍ර ස්ථානය ලෙස ප්‍රකට වන නමුත් එමඟින් නිවේදනය කරන තවත් කරුණු රාශියකි.
විවාහය, සමාජ සම්බන්ධතා , හවුල් කරුවන්,හවුල් ව්‍යාපාර ආදී වශයෙනි. දහවැනි කොටුව කර්මස්ථානය ලෙස ප්‍රකටය පුද්ගලයාගේ රැකියාව, කුසලතාවයන් සහ විශේෂයෙන්ම පියාගේ තත්ත්වය යනාදිය 10 වැන්නේන් නිවේදනය කෙරේ. මේ කේන්ද්‍ර ස්ථාන සමඟම ඔබ තවත් වැදගත් සිද්ධාන්තයක් මතක තබා ගත යුතුය. රාශි දොළොස චර- තිර උභය ලෙස වර්ග තුනකට බෙදේ.
ඕනෑම පුද්ගලයකු ගේ කේන්දරයේ 1-4-7-10 යන කේන්ද්‍ර ස්ථාන සමන්විත වන්නේ එකම වර්ගයන්ට අයත් රාශි හතරකිනි.
මිථුන උභය රාශියකි .එනම් එහි ද්විත්ව ස්වභාවයක් පවතී .මිථුන රූපණය වන්නේ එකට වෙලුනු මානව රූප දෙකකිනි.
කන්‍යා රාශි්‍ය නිරූපණය වන්නේ පහනක් , වී කරල් මිටියක් රැගත් කාන්තාවක සහ යාත්‍රාවකිනි.
ධනු රාශිය නිරූපණය වන්නේ උඩ කොටස දුන්නක් අතින් ගත් පුරුෂයකු හා පසුපසින් ඊට බද්ධ වු අශ්ව රූපයකිනි. මින රාශිය සංකේතවත් වන්නේදෙපැත්තට හැරුණු එහෙත් එකිනෙකා හා බැඳුණු මත්ස්‍ය රූපයකිනි. මේ සංකේත රූප මෙන්ම එම ලග්න හිමියන්ද ද්විත්ව ගතිගුණ සහ ක්‍රියාකාරකම් පළ කරයි.
එවා සවිස්තරව පසුව ඉගෙන ගැනීමට හැකිය. දැනට මුලික කරුණ පමණක් මතක තබා ගන්න දැන් මිථුන -කන්‍යා -ධනු -මීන යන්ලග්න හතරෙන් කුමන ලග්නයක හෝ උපන් කෙනෙකුගේ හතර කේන්දරය සමන්විත වන්නේ එම ලග්න හතරෙන්ම පමණී. ආදර්ශ කේනදර සටහන බලන්නත
ආදර්ශ කේනදර සටහන ඔබගේ ජීවිතයේ හනර මායිම හතර කේන්දය ලෙස සැලකුවොත් ,එය සමන්විත වන්නේ එකම වර්ගයකට අයත් ලග්න හතරකිනි.
ඔබ අයත් ලග්නය චර- තිර උභය යන කාණ්ඩ තුනෙන් කුමන වර්ගයකට අයත් වන්නේ දැයි අංක 02 දරණ රූප සටහනින් බලා ගන්න .
(රූපය 02)
මේ සටහන සුරැකිව තබා ගන්න
චර රාශින්ට වඩා තිර රාශින්ද තිර රාශින්ට වඩා උභය රාශින්ද උත්තම වේ. පුද්ගල ගතිගුණ විනිශ්චයට මෙන්ම ග්‍රහයන් මේ රාශින් මත පිහිටන ආකාරයෙන්ද ප්‍රතිඵල වෙනස් වේ.
නැකැත් සෑදීමේදී තත්කාල ලග්න ලෙස තෝරා ගන්නේ අදළ කාර්යයට ගැලපෙන රාශියකි. නිදසුනකට මෝටර් රථය සුභ නැකතින් පණ ගන්වා ධාවතය කිරිමට ඉතා යෝග්‍ය වන්නේ චර රාශියකි. මන්ද එය ඉතා වේගයෙන් ක්‍රියාකාරිවන හෙයින් ස්ථාවර ගොඩනැගිල්ලක් ඉදි කිරීමට නම් ඉතා යෝග්‍ය වන්නේ තිර රාශියකි.
මන්ද එය කාලයක් ස්ථිරව පවතින හෙයිනි . එහෙත් චර රාශියක් උදා වී තිබිදී නිවෙසකට මුල් ගල තැබීම මෙන්ම තිර රාශියක් උදා වී තිබියදී
වාහනයක් සුබ නැකතට පණ ගැන්වීමද පරස්පර විරෝධී වේ. මේ මුලික සිද්ධාන්ත මතක තබා ගන්න. රාශි චක්‍රය නැවත ස්ත්‍රී හා පුරුෂ වශයෙන් දෙකට බෙදේ . ඒ මෙසේය.
පුරුෂ රාශි ස්ත්‍රි රාශි
මේෂ(කුජ) වෘෂභ(ශුක්‍ර)
මිථුන(බුධ) කටක(සඳු)
සිංහ(රවි) කන්‍යා(බුධ)
තුලා(ශුක්‍ර) වෘශ්චික(කුජ)
ධනු(ගුරු) මකර (ශනි)
කුම්භ(ශනි) මීන(ගුරු)
රවි හා සඳු හැරෙන්නට අනෙක් ග්‍රහයන්ට රාශි දෙක බැගින් අයත් වේ. නිදසුනකට පුරුෂ රාශියක් වු මේෂ මෙන්ම ස්ත්‍රී රාශියක් වන වෘශ්චික කුජ ග්‍රහයාට අයත්වේ.
මිථුන බුධ ග්‍රහයාට අයත් පුරුෂ රාශිය වන අතර කන්‍යා බුධට හිමි ස්ත්‍රි රාශිය වේ. තුලා සිකුරුට අයත් පිරිමි රාශිය වන අතර වෘෂභ ස්ත්‍රී රාශිය වේ. කුම්භ සෙනසුරුට හිමි පුරුෂ රාහිය වන අතර මකරය ස්ත්‍රී රාශිය වේ. ධනු ගුරුට අයත් පිරිමි රාශිය වන අතර මීන ගුරුගේ ස්ත්‍රී රාශියයි.
සිංහ පුරුෂ රාශිය රවිට අයත් වන අතර කටක ස්ත්‍රී රාශිය සඳුට අයත්වේ. එක් එක රාශියේ ස්වභාවය අනුව එය නැවත පඨවි ආපෝ -තේජෝ-වායෝ යනුවෙන් වර්ග හතරකට බෙදේන බව යළිත්අංක 02 දරණ රූප සටහන බලන්න. මේ අනුව පෙනෙන්නේ සෑම පුද්ගලයකුගේම හතර කේන්දරයේ පඨවි- තේජෝ -වායෝ යන ගුණංග හතරම නියෝජනය වන බවයි.
රාශි චක්‍රය තව දුරටත් විවිධකාර ලෙස වර්ගීකරණය කෙරේ. ඒවා මතුවට දැක ගත හැක . ඉරට්ටේ ඔත්තේ දිවා -රාත්‍රි, සත්ව රජස් තමස් වඳ හා පල මේ යනාදී වශයෙන් ඉතා සියුම්ව හා දීර්ඝව රාශි දොළොස සංකීර්ණ ප්‍රභේද රාශියකට වෙන් කෙරේ.
දැනට ඔබ සරලව මතක තබා ගත යුත්තේ කේන්දරය යනු අනන්ත අප්‍රමාණ විශ්වයේ සියල්ල කැටි කර ගත් හරස් කඩක් යන බවයි. ඔබේ කේන්දරයේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන ඉහත විස්තර කොට ඇති ප්‍රභේද අනුව සකස්කර ගන්න.
ලබන සතිනේ නව කොටසක්කේ.සී.ජේ. රත්නායක
0 comments:
Post a Comment