728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    මෝර පිරිත

    1. බුද්ධෝ තිලෝකසරණෝ,බුද්ධෝ සූරියෝ තමෝනුදෝ
    ඒවං තං සරණං ඛේමං,බුද්ධෝ මේ සරණං වරං
    ගච්ඡාමි සරණං බුද්ධං, නත්ථි මය්හං'භයං සදා

     2. ධම්මෝ තිලෝකසරණෝ,ධම්මෝ සූරියෝ තමෝනුදෝ‍
    ඒවං තං සරණං ඛේමං,ධම්මෝ මේ සරණං වරං
    ගච්ඡාමි සරණං ධම්මං,නත්ථි මය්හං'භයං සදා

    3. සංඝෝ තිලෝක සරණෝ, සංඝෝ සූරියෝ තමෝනුදෝ
    ඒවං තං සරණං ඛේමං, සංඝෝ මේ සරණං වරං
    ගච්ඡාමි සරණං සංඝං,නත්ථි මය්හං'භයං සදා

    දු‍ටුගැමුණු රජතුමා රන් පතක ලියා ඔටුන්නෙහි තබාගත් මහානුභාවසම්පන්න ගාථා රත්නය වන මෙය නිසි ලෙස භාවිතා කිරීමෙන් ඔබටද මහඟු ඵල ‍ලැබිය හැක. ත්‍රිවිධ රත්නයේ ගුණ ඇති මේ ගාථා නිතර භාවිතයෙන් ජීවිත ආරක්ෂාව ලැබේ.අමනුෂ්‍ය බිය,රෝග බිය,සතුරු බිය මෙන්ම සියලු ආකාරයේ බිය දුරුකරන්නේය.සතුරන් මර්දනය කර ජයග්‍රහණය ලබයි. පිරිසිදුවී බුදු රදුන්ට මල් පහන් පුදා තුන්දොර හික්මවා ගෙන දිනකට තෙවරක් මේ ගාථා රත්නය සජ්ඣායනා කිරීමෙන් යහපත ගෙන දේ. මෙය සුරැකිව තබා ගන්න.

    මෝර පිරිත

    පූරෙන්තෝ බෝධිසම්භාරෙ - නිබ්බත්තෝ - මෝරයොනියං
    යේන සංවිහිතාරක්ඛං - මහා සත්තං වනෙචරා
    චිරස්සං වායමන්තාපි - නෙවසක්ඛිංසු ගණහිතුං
    බ්‍රහ්මමන්තන්ති අක්ඛාතං - පරිත්තං තං - භණාමහෙ”

    උදෙතයං චක්ඛුමා එකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසො
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං
    පඨවිප්පභාසං, තයජ්ජ ගුත්තා
    විහරෙමු දිවසං

    යේ බ්‍රාහ්මණ වෙදගු සබ්බධම්මේ
    තෙ මේ නමෝ තෙ ච මං පාලයන්තු,
    නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා,
    නමෝ විමුත්තීනං නමෝ විමුත්තියා,
    ඉමං සෝ පරිත්තං කත්වා

    මෝරෝ චරති එසනා
    අපෙතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසො,
    තං තං නමස්සාමි හරිස්සවණණං
    පඨවිප්පභාසං,තයජ්ජ ගුත්තා
    විහරෙමු රත්තිං,

    යේ බ්‍රාහ්මණා වෙදගු සබ්බධම්මේ ,
    තෙ මෙ නමෝ තෙ ච මං පාලයන්තු.
    නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා,
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා,
    ඉමං සෝ පරිත්තං කත්වා,
    මෝරෝ වාසමකප්පයීති.

    ප්‍රබල ජීවිත ආරක්ෂක බුද්ධ මන්තරයකි. කල්ගිය රෝගවලින් සුවය ලැබීමටත් වස,විස,ගිනි බිය,සොර සතුරු බිය ආදියෙන් ආරක්ෂා වීමට මෝර පිරිත ඉතා බලවත් ලෙස පිහිට වේ. විශේෂයෙන්ම සතුරු පීඩා මැඩලීම සඳහා මෝර පිරිත සජ්ඣායනා කිරීම මැනවි.
    විශ්වයේ ඇති විෂ කිරණ සිරුරෙන් ඉවත් කිරීමටද යහපත් ශක්ති කිරණ සිරුරට කාවද්දා ගැනීමටද මෝර පිරිත ප්‍රයෝජනවත්ය.

    උදෑසන ස්නානය කොට මල් පහන් පුදා තෙරුවන් නමැද සියලු ලෝ සත්ත්වයන්ට මෙත් වඩා තිදොර හික්මවා ගෙන උදේ සවස පිරිත තෙවර බැගින් සජ්ඣායනා කරන්න.
    කායික හා මානසික පීඩා ඇති අයට ශ්‍රවණය කිරීමෙන් ද සුවය ගෙන දෙනු ඇත.

    ශිරාණි අඹේගොඩ

    මේ කවි පෙළ සිතින් ගායනා කරමින් චිත්තරූප මවා ගන්න.එසේ නැත්නම් සෙමින් තමාට ඇසෙන ලෙස ගායනා කරන්න. කරණීය මෙත්ත සූත්‍රය ආශ්‍රයෙන් නිර්මාණය කළ මේ කවි පංතියෙන් සිත් තැවුල් ,සතුරු බිය හා කායික රෝග පීඩා සුවපත් සුවපත් වේ.උදේ හෝ සවස තෙරවන් නමැද පන්සිල් ගෙන තුන්වරක් මෙය ගායනා කරන්න.ඔබ පුදුමයට පත් කරවන ආකාරයෙන් කායික හා මානසික සුවය ඔබ වෙත ළඟා වන්නේය.

    අපල දුරලන භාවනාව
    මුනිඳු සරණ එක පිහිටම වේවා
    උතුම් නිවන අවබෝධය වේවා
    සුවච සුමුදු ඉදු ගුණ ඇති වේවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    මානෙන් තොර තුටු සිත් ඇති වේවා
    අනුන‍ට කරදරයක් නොකෙ රේවා
    සැහැල්ලු ජීවිතයක් ඇති වේවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    සන්සුන් ඉඳුරන් නිති ඇති වේවා
    සිහි නුවණින් කටයුතු ද කෙරේවා
    කුල මානෙන් දූසිත නොම වේවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    නැණැති දනන් වැණු ගුණ ඇති වේවා
    පාප කෙලෙස් සිත් පහළ නොවේවා
    කය, සිත, වචනය, පිරිසිදු වේවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    බියපත්- තැතිගත් සතුන් ද වේවා
    දිගු මහ සිරුරැති නේ සත් වේවා
    කෙළෙසුන් සුන් කළ රහතුන් වේවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    අහසෙහි දුර ලඟ ගොඩ දිය වේවා
    පෙනෙන නොපෙනෙනා පණුවන් වේවා
    ඉපදුන ඉපදෙන ගණනින් බෝවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    එකම සුතුස් දිවි නොතකා බෝවා
    ඇල්මෙන් රකිනා මව සේ වේවා
    මෙත් සිත සිල් බලයෙන් සුරැකේවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    ලෝ කුස උඩයට කොතැනක වේවා
    ගැටුමක් -අවුලක් ජනිත නොවේවා
    වෛරය සතුරු සිත් පහළ නොවේවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    සක්මන් කරමින-සිටගෙන වේවා
    නොනිදා සැතපෙන-හිඳගෙන වේවා
    කොයි ඉරියව්වෙත් මෙත් පැතිරේවා
    සියලු සතුන් ලොව සුවපත් වේවා

    ලෞකික ආසාවෙන් දුරු වෙම්වා
    ලොව්තුරු මගපල සැපත ලබම්වා
    සසරෙහි උපදන දුකෙන් මිදෙම්වා
    කෙ‍ළෙසුන් සුන්කර නිවන් දකිම්වා

    මස්-මාලු-කරවල-උම්බලකඩ-බිත්තර ආදී සත්ත්ව මලකුණු අනුභවයෙන් හා මත්පැන් බීමෙන් වැලකී මේ භාවනාව කිරීමෙන් සුවසේ නිදයි.සැපසේ පිබිදෙයි.භයානක සිහින නොපෙනෙයි.මනුෂ්‍යයන්ට ප්‍රිය වේ. අමනුෂ්‍යයන්ට ප්‍රිය වේ.දේවආරක්ෂාව ලැබේ.වස විෂ,ගිනි විපත් සිදු නොවේ. සිත සමාධියට පැමිණේ. මුහුණ පැහැපත් වේ. සිහියෙන් කළුරියකරයි. රහත් නොවුවහොත් බ්‍රහ්ම ලෝකයේ උපදියි.


    ආචාර්ය මාගල්ලේ ශාන්ත දේවප්‍රිය
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මෝර පිරිත Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top