728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-06

    කටක රාශියෙන් උපන්නේ නම් පැහැපත්ය-නැණවත්ය

    රාශී මණ්ඩලයේ 4වන රාශිය කටකයයි.කකුලුවෙක් සේ විහිදුනු තාරකා මණ්ඩලයක් මේ නමින් හැඳින‍්වේ. අංශක 360න් අංශක 98˚ සිට අංශක 120˚ අතර පිහිටා ඇති ජල රාශියකි. ඵලදායී රාශියකි. ස්ත්‍රී රාශියකි. උත්තාරාථ චර තිරිසන් රාශියකි. කටක රාශියේ උපන් අය කරන කියන කටයුතුවල මේ ලක්ෂණ පෙන්නුම් කරයි. කටකයේ උපන් අයට බුධ, සිකුරු පාපීයෝ වෙති. කුජ, ගුරු ශුභයෝ වෙති. අසමාන ශුභ ග්‍රහයා කුජ හෙවත් අඟහරුය. ඒ 05 වැන්න හා 10වැන්න අධිපති වී යෝග කාරකයා වන බැවිනි. දෙවැන්න පමණක් අධිපති නමුත් රවි ශුභ ඵලදෙන ග්‍රහයා චන්ද්‍රයේ ලග්නාධිපති සඳුත් සමඟ ඇති අධිමිත්‍රකම නිසාය.

    ලග්නාධිපති සඳු ග්‍රහයා නිසා සඳට අයත් එකම රාශිය කටකය නිසාත් සඳු‍ගේ ගති පැවතුම් සියල්ලම කටකයේ උපන්නවුන්ට ඇති ‍වේ. සඳු ස්ත්‍රී ග්‍රහයෙකි. සෙමට,ජලයට අධිපතිය. නිතර සිටින ස්ථානය වෙනස් කරයි.
    කටකට ලග්නයේ උපන්නවුන් රවුම් පැහැපත් සිත් ඇදගන්නා සුළු මුහුණක් පිහිටයි. ශරීර අවයවයන් ද එසේමය. ප්‍රියමනාපය. කතාබහට බොහෝ දුර දක්නා සියුම් නුවණ ඇත්තෝය. කලාවට ලැදි සිත ධාර්මික පාපයන්ට බිය අය වෙති. විශේෂ දක්ෂතා ඇත්තේය. මේ ලෝකයේ බොහෝ තීක්ෂණ බුද්ධියක් ඇති බුද්ධිමතුන් කටකයේ ඉපදුනේ වේ. දැනුදු ඉදිරියට ද එසේම යැයි සිතිය හැක.

    විශ්වාසය තැබිය හැකි උදාර අදහස් ඇත්තන්ය. සාමාන්‍යයෙන් පොරාන්දු කඩ නොකරයි. තමා දුටු දේ විශ්වාස කරයි. ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමට දක්ෂය. දුටුවන් සිත් ගන්නා පෙනුම නිසාත්, ආචාරශීලී ගතිය නිසා ස්ත්‍රීයක් නම් මනා වූ ඇඟ පසඟ නිසා. ඉක්මණින් ප්‍රේමයට පෙළඹේ. ඇතිකර ගන්නා එවැනි සම්බන්ධතා ඉතා අවංකව කරන්නටම සිත් දරා ගනියි. නමුත් ඉතා ඉක්මණින් සිත් සසල වේ. වියෝ දුක් දරා ගැනීමට බැරිවීමය. සඳු ඉක්මණින් වෙනස් වුව ද සඳු හිමි කටක ලග්න හිමියාට එසේ නැත. කරන කියන දෑ ස්ථීවරවම කරන්නට හිතයි. හිත ලෞකික ගතියට වඩා ලෝකෝත්තර භාවයන්ට බරය. සුලු කරුණක් ගැන පවා සිතයි. මිනිසා කලඹවා ගනියි. අඬන්නට, දුක්වෙන්නට, වැළපීමට ඉතා දක්ෂයෝය. බොළඳය.

    රහස්රැකීමේ ලා එතරම් දක්ෂකමක් නැත. අඹු දරුවන්ට ඉතා හිතවත්ය. ගෙදරම වාසයට ප්‍රිය වේ. නිකරුණේ අඬ දබර ඇති කර නොගනී. තරහ මරහ ඇතිවුව ද එය වැඩි කලක් නොපවති. විපතට බිය වේ. ඒවා කල් ඇතිවම නවත්වා ගනියි. තමාට වඩා බැරි අය ගැන, දුර්වල අය ගැන හිත අනුකම්පා වෙන් පිරේ. අනුන්ගේ දුක් කරදර හිත අනුකම්පාවෙන් පිරේ. අනුන්ගේ දුක් කරදර තමාගේ කරදර සේ සලකා සිත දුක් කරගනී.
    ආගමික භක්තිය ඇත්තෙකි. ස්ත්‍රී පාර්ශවය වුවහොත් මෙය විශේෂයෙන් පවතී. මීයන්, කැරපොත්තන් වැනි ගෘහස්ථ කරදරකාරී සතුන් වුව ද මරා දැමීමට අකමැතිය. ආගමික කටයුතුවලට මෙන්ම සාමාජ වැඩට ධනය වියදම් කරයි. මල් වැවීමට ඉතා දක්ෂය. පිරිසිදුව අඳියි. ගේ දොර පිළිවෙළෙට, පිරිසිදුවට තබා ගනී. හැම වැඩක්ම පිළිවෙළට සිත් ඇද ගන්නා අයුරින් සිදුකරයි. ස්වාමියාට ඉතා හිතවත්ය. බොහෝ උත්කෘෂ්ට චර්තයක් වන්නේය. දරුවන්ට හොඳ මා පියන් වන්නේය. සුරාවට, සූදුවට ප්‍රිය නොවේ.

    පවතින්නාවූ සෘජු අදහස් නිසාත්, බොහෝ තීක්ෂණ නුවණ නිසාත් ප්‍රකට භාවයට පත් වේ. බොහෝ වෙ‍ෙළඳ ව්‍යාපාර ආදිය කරගෙන යාමට ඉතා දක්ෂය. දියුණු වීමට ඉත‍ා උත්සාහ කරයි. හම්බකිරීමට අරපිරිමැස්මට දක්ෂය. විශ්වාසවන්තය. වංචාව ප්‍රිය නොකරයි. එහෙයින් මුදල් ගණුදෙනු කිරීමේ දී නොපැකිළේ.
    මෙය විශේෂයෙන් බලපානුයේ උත්පත්තියේ දී චන්ද්‍රයාගේ පිහිටීම අනුවය. පුරපස සඳු අවපස සඳු සහ‍ නෛසර්ගික බලය අනුව මෙය තීරණය වේ. ඉරුගේ උත්තරායනයේ අවසන් මුදුන් රාශිය බැවින් ලෞකික තත්ත්වයට වඩා. ලෝකෝත්තර භාවය ගැන සිතයි. මරණමංචකයේ කුමක් වන්නේ දැයි සැලකිලිමත් වේ. ලෝකයේ බොහෝ උත්කෘෂ්ට පුද්ගලයෝ මේ ලග්නයෙන් උපදීති.

    ජන්මයේ දී ගුරු ලග්නයේ සිට චන්ද්‍රයා විසින් දුටුවේ නම් අංග සම්පූර්ණ “ගුරු හංස” මහා යෝගය පිහිටා ජීවිතයේ ඉහළටම නගී‍‍. හත්වන්නේ කුජ පිහිටියහොත් විවාහ දෝෂයක් වන කුජ දෝෂය හෙවත් ‘අංගාරක දෝෂය’ නොපිහිටයි. ඒ වෙනුවට ඉතා උත්කෘෂට බිරිඳක් හෝ ස්වාමිපුරුෂයෙක් ලබයි ඇය හෝ ඔහු ඉතා භක්තිමත්ය. ඔවුන්ගේ ජීවිතයේ සාර්ථක වන්නේ ඒ මතය. කෙසේ වෙතත් කටකයේ යෝග කාරක ග්‍රහයා කුජය. 7 පිහිටීම කුජ රාජයෝග කාරකයන්ය. ඉතා හොඳ කලාතුරකින් වන පිහිටීමකි. ස්ත්‍රියක් වුවහොත් එම නිවසේ සිරිදෙව් දුව වසඟ කරයි. පුරුෂයෙක් වුවහොත් හේ මහා පුරුෂයෙකි. නමුත් ලග්නයේ පිහිටීම ඉත‍ා අශුභය. එසේම ගුරු හත්වැන්නේ පිහිටීම ද ශුභය. මේ අනුව බලා කටකයේ උපන්නවුන් කෙ‍සේදැයි තීරණය කළ යුත්තේය.

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කලා භූෂණ ජ්‍යොතිෂ විද්‍යාරත්න


    රාජ්‍ය සම්මානලාභී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කටක රාශියෙන් උපන්නේ නම් පැහැපත්ය-නැණවත්ය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top