728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-21

    පළිඟු බෝලෙන් ලෝකය කරකැවූ ගුප්ත ගැහැනිය


    අනා­ග­තයේ දී සිදු­වන දෑ පිළි­බඳ අනා­වැකි කිය­න්නි­යක ලෙසින් “ජීන් ඩික්සන් “නාමය මහත් ආන්දෝ­ල­න­ය­කට පත්විය.
    ඇය ඇම­රිකා එක්සත් ජන­ප­දයේ ජීවත් වූවාය.අංජ­න­ම්කා­රි­යක ලෙසින් ප්‍රසි­ද්ධි­යට පත්වූ ජීන් පෙර­ළ­කාර මෙන්ම භයං­කාර සිදු­විම් පිළි­බඳ පෙර දැනු­ම්දී­මක් කිරී­මට හප­නි­යක විය.
    පළිඟු බෝල­යෙන් (cystaL baLL)අංජ‍නම් බලා අනා­වැකි කියූ ඇගේ ජීවන තොර­තුරු ඇම­රි­කාවේ කා අත­රත් ප්‍රක­ටව තිබුණ ද වර්ත­මා­නයේ බොහෝ­දෙ­නකු නොදන්නා අප්‍ර­කට තොර­තුරු  ද රැසක් ඇත.එරට ප්‍රසිද්ධ දේශ­පා­ල­ඥ­යින් හා ඈ අතර තිබූ සබ­ඳතා බොහො­ම­යක් වැඩි දෙනෙක් දන්නේ නැත.

    වර්ෂ 1945දී ජීන් ඩික්සන් පල­කළ අනා­වැකි සත්‍ය ආන්දෝ­ල­නා­ත්මක ඒවා වේ.
    *ලෝක යුද්ධ­යෙන් පසු සිදුවූ වින්සන් චර්චිල්ගේ මැති­ව­රණ පරා­ජය,රුසි­යාව ගුව­න්ගත කළ පළමු චන්ද්‍රි­කාව “ස්පුට්නික්Óඅහ­සට විදීම.
    *ඉන්දි­යාවේ මහත්මා ගාන්ධි­තුමා හා ඇම­රි­කාවේ ජනා­ධි­පති කෙනඩි ඝාත­නය වීම.
    මෙන්ම තවත් සිදු­වීම් රැසක් සිදු­වීම‍ට පෙර ඇය ප්‍රකා­ශ­ක­ළාය.ජීන් වඩාත් නිවැ­ර­දිව කීවේ නුදුරේ දෑ නොව දුර අනා­ගත සිදු­වීම්ය.

    ජනා­ධි­පති කෙනඩි ගේ මර­ණය පිළි­බඳ ඩික්සන් කියා ඇත්තේ පුදුම සහ­ගත අනැ­වැ­කිය.ඈ අනා­වැ­කිය පල­ක­රන වි‍ට “කෙනඩි “සාමාන්‍ය මන්ත්‍රී­ව­ර­යෙක් ලෙස පත්ව සි‍ටියේය.ජීන් අනා­වැ­කිය පල­ක­ර­න­විට එය තමන් මුහු­ණ­දෙන භයා­නක ඉර­ණම පිළි­බඳ යැයි කෙනඩි කෙසේ­වත් දැන සිටියේ නැත.
    වර්ෂ 1952 එක්තරා දිනෙක ඇය තම මැ‍ජික් පළඟු බෝල­යෙන් අනා­ග­තය විප­රම් කළාය.ඉන් දුටු­දෙය පුදු­මය දන­ව­න්නකි.ධවල මන්දි­රය අභි­යස අහසේ ගම­න්ගත් කළු වලා­කු­ලක් ඒ අසල පාවෙ­මින් ඇති බවත් එය ක්‍රම­යෙන් අති විශා­ලවී ඝන­කම්ව අන්ධ­කා­රය පැතිර යන අයු­රුත් ඉන්පෙ­න්නුම් කර­තිබේ.මේ දර්ශ­නය හා සම්බන්ධ පුද්ග­ලයා පිළි­බඳ ජීන් විස්තර කළේ “තරු­ණ­වියේ පසු­වන නිල්පැහැ දෑස් ඇති දුඹුරු කෙස්වැ­ටි­ය­කට හිමි­කම් කියන ඔහු 1960 මැති­ව­ර­ණ­යෙන් ජය ලබන ඩිමො­ක්‍රො­ටික් පාක්ෂි­ක­යකුයන්නය.ජනා­ධි­පති වීමෙන් පසු මර­ණය සිදු­වන අන්දම පිළි­බ­ඳ­වද ඈ අනා­වැකි පල­ක­ළාය.ඇයට මේ විස්ත­රය ලැබී තිබුණේ ගුප්ත ශබ්ද­ය­කිනි.

    අනා­ගත ඛේද­වා­ච­කය දැන සිව්ව­ස­රක්ම මුනි­වත රකි­මින් සිටි ඈ 1956දී අනා­වැ­කිය ප්‍රසි­ද්ධි­යට පත්ක­ළාය.එම වසරේ මැයි මස 13දා එළි­දැක් වූ “පැරඩේ “නම් සඟ­රාව මඟින් ජීන් මේ අනා­වැ­කිය ප්‍රසිද්ධ කළාය.පළි­ඟු­වෙන් දුටු දර්ශ­නය හිතේ තබා­ගෙන සිටි මේ කාන්තාව තම නිවස ආස­න්නයේ සි‍ටි ජනා­ධි­පති පවුල හා කි‍ට්ටු සබ­ඳතා ඇති හේළි මහ­ත්මිය හමු­වට ගියාය.ඒ 1963වසරේ දින­කය.කල­බ­ලෙන් ගිය ද සමාව අය­දි­මින් හේළි මහ­ත්මිය සමඟ කතා­බ­හට එක්වූ ඈ ජනා­ධි­ප­ති­ව­රයා දකුණේ සංචා­ර­යක නිර­ත­වී­මට නිය­මිත යැයි දැන­ග­න්නට ලැබුණු බවත් එය මාරක ගම­නක් මෙන්ම ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­සන් ගමන විය­හැකි බව ඔහුට අන­තුරු ඇඟ­විය යුතු  බවත් පැව­සීය.(කෙනඩි ඩලාස් වෙත යාමට නිය­මිත වූ දිනය එදාය.)හේළි මහ­ත්මිය ජීන් ඩික්සන් පිළි­බඳ හොඳින් දැන සි‍ටියද ඒ පිළි­බඳ ජනා­ධි­ප­ති­ව­රයා‍ට දැනුම් දීමට මැලි­විය.

    ජීන් තම අනා­වැ­කිය පිළි­බඳ තවත් යමක් කීය.කාල­යක් තිස්සේ ධවල මන්දි­රය ට ඉහල  අහසේ පාවෙ­මින් තිබූ කාල­වර්ණ මේඝය දැන් ඉතා වේග­යෙන් පහත් වෙමින් තිබේ.  මේ අනුව ජනා­ධි­ප­ති­ව­රයා මන්දි­ර­යෙන් පිට­තදී ඝාත­නය වනවා” යන්නය.ඒ ඔහුගේ දෛවය නම් අපි කුමක් කර­න්නද යැයි හේළි මහ­ත්මි­යගේ පිළි­තුර විය. ජීන් අනා­වැ­කිය පිළි­බඳ ජනා­ධි­ප­ති­ව­ර­යාට දැනු­ම්දී­මට හේළි මහ­ත්මිය පොළ­ඹවා ගැනී­මට කොතෙක් උත්සහ කළත් මෙවැනි අනා­වැ­කි­ය­කින් කෙනඩි නව­තා­ලිය නොහැකි බව ඇගේ හැඟීම විය. එය එසේම සිදු­විය.
    මේ පුදුම සහ­ගත අනා­වැකි කාරිය හැදී වැඩුණේ ඇම­රි­කාවේ ශාන්ත­රෝසා ප්‍රදේ­ශ­යේය.ඇගේ මව්පි­යන්ගේ ජන්ම­භූ­මිව ජර්ම­නි­යයි.මේ නිසා ඈ යුරෝ­පීය ක්‍රම­යට ජීවත් වූවාය.
    ගුප්ත හැකි­යාවේ ලක්ෂණ ඈතු­ළින් කුඩා­වියේ සිටම දැක­ග­න්නට හැකි විය.පළිඟු බෝලය ලැබෙ­න්නට පෙර සිටම ඈ අනා­වැකි පල­කර තිබිණි.

    ජීන් වයස අවු­රුදු අටේ දී පමණ සිය මව සමඟ කූඩා­රම් ගසා‍ගෙන තාව­කා­ලි­කව ලැගුම් ගන්නා අහි­ගු­ණ්ඨික පිරි­සක් බලන්න‍ට ගියාය.මේ කණ්ඩා­යමේ සිටි ගැහැ­ණි­යක් ජීන්ගේ අතල පරී­ක්ෂා­කි­රී­මේදී අතලේ සට­හන් තරු ලකු­ණක් දැක විශ්ම­යට පත්විය.මේ ගැහැ­ණිය සතුව තිබූ මැජික් පළි­ඟුව ජීන්ට තිළිණ කළේ පළි­ඟු­වෙන් පෙන්වන අනා­වැකි කිය­න්නට හැකි එකම තැනැ­ත්තිය කුඩා ජීන්ම පම­ණක් බව පව­ස­මිනි. මේ නිසා පළි­ඟුව ප්‍රවේ­ස­මෙන් තබා­ගන්නා ලෙසද කීවාය.නමුත් ජීන් දැරිය මුල් කාලයේ එය සෙල්ලම් බඩු­වක් ලෙස සැල­කීය.
    තුරු­ණු­වි­යට පාතැබූ ජීන් ජේම්ස් ඩික්සන් නමැති තරු­ණ­යකු හා විවාහ විය.ලෝක යුද සමයේ දී සිය සැමි­යාගේ දිවි ගලවා ගැනී­මට හැකි වූයේ පළි­ඟූවේ ආධා­ර­යෙනි.

    සැමියා චිකාගෝ වෙත­යාම සඳහා ගුවන් යානයේ අසු­නක් වෙන්කර ගැනීම‍ට නිව­සින් බැහැ­ර­වී­මට සැර­සු­ණේය.ජීන් තම අධි­මා­න­සික බලය යොදා පළි­ගුව දෙස බැලීය.ඈ ඒතු­ළින් දුටුවේ සැමියා යන යානය අන­තු­ර­කට ලක්වන බවකි.ඇගේ බල­කි­රීම නිසා ඔහු චිකාගෝ ගියේ දුම්රි­යෙනි.යානය අනා­වැ­කිය පරි­දිම චිකාගෝ ආසන්න ගුවනේ දී අන­තු­රට පත්ව ගම­න්ගත් මගීහු සිය­ලු­දෙනා ජීවි­ත­ක්ෂ­යට පත්වූහ.
    මේ වන විට ඇගේ අධි­මා­න­සික තත්ත්වය පිළි­බඳ රට­පුරා ප්‍රසි­ද්ධව තිබිණි.

    රූස්වෙල් ජනා­ධි­ප­ති­ව­රයා 1944දී සිව්වන වර­ටත් එම පද­වි­යට පත්වී­මෙන් පසු එක්තරා සෑදෑ­වක ජීන් ජනා­ධි­පති නිල­නි­ව­සට කැඳෙ­ව්වේය.සුහද සාද­ච්චා­ව­කින් පසු ජනා­ධි­ප­ති­ව­රයා අසූ ප්‍රශ්න­යක් ‍හේතුවෙන් ජීන් ජනා­ධි­ප­ති­ව­ර­යගේ දෑඟිලි පරීක්ෂා කර තවත් හය මස­කින් ඔහු මිය­යන බවට අනා­වැ­කි­යක් පල­ක­ළාය.
    මේ කතා බහේදී තවත් පුදු­ම­ස­හ­ගත අනා­වැ­කි­යක් ඈ පල­ක­ළාය.චීනය අනා­ග­ත­යේදී කොමි­යු­නිස්ට් රටක් වී ඇම­රි­කාව සමඟ සතු­රු­වන බව ඒ අනා­වැ­කි­යයි.මේ ප්‍රකා­ශ­යෙන් රූස්වෙල් පුදු­ම­යට පත්විය.ඒවන විට චීනය ඇම­රි­කා­වට මිතුරු රටකි.නමුත් චීනය 1948න් පසු කොමි­යු­නි­ස්ට්වා­ද­යට හැරෙන බව ඈ තරයේ කියා සිටි­යාය.අනා­වැ­කිය පල­කර සිව්ව­සක් ගත­වන විට එය එසේම සිදු­විය.

    1945 ජන­වා­රියේ දින­කදී රූස්වෙල් නැවත ඈ කැඳ­වීය.එහිදී ද ජීන් පැවැ­සුවේ ජනා­ධි­ප­ති­ව­රයා තවත් හය­ම­ස­ක්වත් ජීවත් නොවන බවය.චීනය පිළි­බඳ  කී අනා­වැ­කිය ද ඒ අයු­රින්ම සිදු­වන බව සඳ­හන් කළාය.ජාති භේද කෝලා­හල ද රට­පුරා ඉදි­රියේ දී සිදු­වන බව කීවාය.එම වසරේ අප්‍රේල් මස රූස්වෙල් ජනා­ධි­ප­ති­ප­රයා මිය­ගි­යේය.

    විදෙස් රාජ්‍ය තාන්ත්‍රි­ක­යන් සම­ඟද හිත­ව­ත්කම් පැහැත්වූ ඇය 1945දිනක ඉන්දීය අණ­දෙන නිල­ධාරී ගිරිජා ශන්කර්ට පැවැ­සුවේ 1947ජුනි දෙවන දා  ඉන්දි­යාව දෙක­ඩ­වන බවය.ඒ අනුව අණ­දෙ­න්නාට ඉන්දි­යා­වෙන් වෙන්ව­න්නට සිදු­වන බවද කීවාය.ශන්කර් එය පිළි­ගත්තේ නැත.

    නිය­මිත දිනයේ උදෑ­සන එම නිල­ධා­රියා ජීන්ට කතා කර කීවේ අනා­වැ­කිය සිදු­නොවූ බවයි.තවම දිනය අව­සන් නැති බව ඇගේ පිළි­තුර විය. පසු­දින පුව­ත්ප­ත්වල පලව තිබුණේ ඉන්දි­යාව-පකි­ස්ථා­නය ‍න වශ­යෙන් රට දෙක­ඩය ඇති බවකි.ශන්කර් ට යුගො­ස්ලෝ­වි­යාවේ පකි­ස්ථානු  තානා­පති ලෙස පත්කර තිබිණි.
    මේ සිද්ධි­යෙන් ස්වල්ප කල­කට පසු ඇය අති ශෝච­නීය අනා­වැ­කි­යක් පල­ක­ර­මින් තවත් මාස හය­කින් ගාන්ධි­තුමා ඝාත­නය වන්නේ­යැයි කීවාය.එයද එසේම සිදු­විය.
    රුසි­යාවේ සිදු­වන බවත් ආණ්ඩු වෙන­සෙන් පසු අග­මැති ලෙස පත්වන මාෂල් බුල්ග­නින්ගේ හැඩ­රුව ,මෙන්ව 1957දී රුසි­යාව පෘථි­විය වටා සැරි­සැ­රී­මට හැකි රිදී බෝල­යක් වැනි දෙයක් අහ­සට විදි­මින් අජ­ට­කාශ යුග­යක් ඇර­ඹී­මට පෙළ­ඹෙන බවත් ඕ ප්‍රකාශ කළ සත්‍ය ලෙසම සිදුවූ අනා­වැකි අතර ප්‍රධා­නය.රුසි­යාය මුල්ම චන්ද්‍රි­කාව ගුව­න්ග­ත­කළේ 1957දීය.

    නමුත් ජීන් ඩික්සන් පල­කළ සිදු­නොවූ වැරදි අනා­වැ­කිද තිබිණි.
    කුයි­චොයි නම් දිව­යින හේතු­වෙන් 1958දී චීනය යුද්ධ­ය­කට ඈ‍ඳෙන බව,1964දී බ්‍රිතාන්‍ය මැති­ව­ර­ණ­යෙන් කොන්ස­ර්ව­ටිව් පක්ෂය ජය ලබන බව ඇයගේ අනා­වැකි අතර සිදු­නො­වුනි.
    ඇය තවත් සුවි­ශේෂී අනා­වැ­කි­යක් පල­කර තිබිණි.වර්ෂ 1980න් පසු ලෙව අධ්‍යා­ත්මික ගුණ­ව­ගා­වට යොමු­වන බවත් ලොව පහ­ල­වන ආග­මික කර්තෘ­ව­ර­යෙක් තම ධර්ම­යෙන් ලොව පුබු­දු­ක­රන අතර ඒ අනුව 1999වන­විට මුළු ලෝක­යම සාමය හා ශීලයේ පිහි­ටන බවත් ප්‍රකා­ශ­කර තිබු­ණාය.ඇගේ ප්‍රකා­ශය අද අත්‍ය­ව­ශ්‍යම වන නමුත් එය තව­මත් සිදුව නැත.

    ජ්‍යොති­ර්වේදී - පාන­දුරේ 
    රෝහන් වීර­රත්න
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පළිඟු බෝලෙන් ලෝකය කරකැවූ ගුප්ත ගැහැනිය Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top