728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-28

    සියලු දොස් නසන ආයු සැප බල වඩන ධජග්ග පිරිත

    සියලු කෙලෙසුන් නසා බුදුබව ලැබූ සම්මා සම්බුදු රජාණෝ සත්ත්වයාගේ හිතසුව පිණිස මෙන්ම ලෞකික ජීවිතයේ ආරක්ෂාව සඳහා සූත්‍ර දේශනා කළෝය.
    ඒ පිළීබඳ විශ්වාසයෙන් තේරුමද දැන ශීලයේ පිහිටා සජ්ඣායනා කරයි නම් කියන්නාද අසන්නාද ආරක්ෂා වෙයි. අපල උපද්‍රව වලින් මිදීමටද හේතු වෙයි.
    පිරිතේ ආරක්ෂාව ඇති තැනැත්තාට නාගයා දෂ්‍ට නොකරයි. සොර සතුරු බිය ඇති නොවේ.නොදැන අනුභව කළ වස විස පවා බෙහෙත් බවට පත් වේ.
    දුක් රෝග පීඩා සියල්ල සමනය වෙයි.
    නිසි පිහිට ලබන්නට නම් පිරිතේ අර්ථය,පරමාර්ථය,මානසික සම්බන්ධතාවය,පිරිතේ අක්ෂර ,පද ආදිය සිහි නුවණින් යුතුව දැන සජ්ඣායනා කළ යුතුය‍.
    දේශක ශ්‍රාවක දෙපිරිසම මනා සංයමයකින් සුපිරිසිදු බව සුරැකීමෙන් පිරිතේ සැබෑ ආශිර්වාදය මෙන්ම පිහිට ලැබෙන බව සිත තබාගන්න.

    නිසි පිළිවෙත් සුරකී නම් මෙයින් යහපත උදාවනු නියතය.

    ධජග්ග පරිත්තං
    ඒවං මේ සුතං,ඒකං සමයං භගවා,සාවත්ථියං විහරථි ජේතවනේ
    අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති භදන්තේ'ති තේ භික්ඛු
    භගවතෝ පච්චස්සෝසුං,භගවා ඒත ද වෝච
    භූතපුබ්බං භික්ඛවේ දේවාසුරසංගාමෝ සමුපබ්බුල් හෝ ‍
    අහෝසි ,අථඛෝ භික්ඛවේ සක්කෝ දේවානමින්දෝ දේවේ
    තාවතිංසේ ආමන් තේසි,සචේ මාරිසා දේවානං
    සංගාම ගතානං උප්පජ්ජෙය්‍ය භයං වා
    ඡම්භිතත්තංවා ලෝමහංසෝවා
    මමේව තස්මිං සමයේ ධජග්ගං උල්ලෝකෙය්‍යාථ,
    මමං හි වෝ
    ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා
    ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.
    නෝ චේ මේ ධජග්ගං උල්ලෝක්‍යොථ, අථ පජාපතිස්ස
    දේවරාජස්ස ධජග්ගං උල්ලෝක්‍යොථ ,පජාපතිස්ස හි වෝ
    දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං ' යං භවිස්සති භයං වා
    ඡම්භිතත්තංවා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති,
    නෝ චේ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං
    උල්ලෝකය්‍යාථ' අථ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං
    උල්ලෝකෙය්‍යාථ, වරුණස්සහි වෝ දේවරාජස්ස ධජග්ගං
    උල්ලෝකයතං යං භවිස්සති භයංවා ඡම්භිතත්තං වා
    ලෝමහංසෝ වා සෝ පහීයිස්සති‍.

    නෝ චේ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං
    උල්ලෝකෙය්‍යාථ, අථ ඊසානස්ස දේවරාජස්ස ධජග්ගං
    උල්ලෝකෙය්‍යාථ,ඊසානස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං
    උල්ලෝකයතං ,යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා
    ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.

    තං ඛෝ පන භික්ඛවේ සක්කස්ස වා දේවානමින්දස්ස
    ධජග්ගං උල්ලෝකයතං ,වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං
    උල්ලෝකයතං,ඊසානස්ස වා දේවරාජස්ස ධජග්ගං
    උල්ලෝකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා
    ලෝමහංසෝ වා සෝ පහීයේථා'පි නෝ'පි පහීයේථ, තං කිස්ස හේතු?

    සක්කෝ භික්ඛවේ දේවාන මින්දෝ අවීතරාගෝ අවීතදෝ සෝ
    අවිතමෝහෝ භීරුච්ඡම් භි උත්‍රාසි පලායී'ති‍
    අහංච ඛෝ භික්ඛවේ ඒවං වදාමි,සචේ තුම්හාකං භික්ඛවේ
    අරඤ්ඤගතානං වා රුක්ඛමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා
    උප්පජ්ජෙය්‍ය භයං වා ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා
    මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ,
    ඉතිපිසෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණ
    සම්පන්නනෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්සාරථී
    සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා'ති.

    මමංහි වෝ භික්ඛවේ අනුස්සරතං,යං භවිස්සති භයං වා
    ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති‍
    ‍නෝ චේ මං අනුස්සරෙය්‍යාථ,අථ ධම්මං අනුස්සරෙය්‍යාථ
    ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ
    ඒහිපස්සි‍කෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති
    ධම්මං හි වෝ භික්ඛවේ අනුස්සරතං ,යං භවිස්සති භයං වා
    ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති‍.‍

    නෝ චේ ධම්මං අනුස්සරෙය්‍යාථ,අථ සංඝං අනුස්සරෙය්‍යා ථ
    සුප‍ටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ
    භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ
    සාවකසංඝෝ,සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
    යදිදං චත්තාරිපුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ
    සාවකසංඝෝ,ආහුනෙය්‍යා පාහුනෙය්‍යා දක්ඛිණෙය්‍යා
    අඤ්ජලිකරණීයේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.

    සංඝං හි වෝ භික්ඛවේ අනුස්සරතං ,යං භවිස්සති භයං වා
    ඡම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති,තං කිස්සහේතු?
    තථාගතෝ ,භික්ඛවේ අරහං සම්මාසම්බුද්ධෝ වීතරාගෝ
    වීත දෝසෝ වීතමෝහෝ අභීරු අච්ඡම්භි අනුත්‍රාසි අපලායීති.
    ඉදමවෝ ච භගවා, ඉදං වත්වා සුගතෝ අථාපරං
    ඒ තදවෝ ච සත්ථා

    අරඤ්ඤේ රුක්ඛමූලේ වා සුඤ්ඤාගාරේ වා භික්ඛවෝ
    අනුස්සරේථ සම්බුද්ධං - භයං තුම්හාක නෝ සියා.
    නෝ චේ බුද්ධං සරෙය්‍යාථ ලෝක ජෙට්ඨං නරා සභං
    අථ සංඝං සරෙය්‍යා ථ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    ඒවං බුද්ධං සරන්තානං -ධම්මං සංඝඤ්ච භික්ඛවෝ
    භයං වා ඡම්භිතත්තං වා - ලෝමහංසෝ න හෙස්සතී'ති

    යක්ෂ,ප්‍රේත බැල්ම බන්ධන දිෂ්ටි කල්ගත වූ රෝග ආදිය සුවකර ගැනිමට මේ පිරිත පිහිට කරගත හැක.
    මස් මාංශයෙන් වෙන්ව නා පිරිසිදු ඇඳුම් ඇඳ පන්සල් භූමියක(රහතුන් වැඩසිටි බවට විශ්වාස කරන විහාරස්ථානයක් නම් වඩාත් සුදුසුය.) ඇති බෝධියක් අභියස මල්,තෙල් ,පහන්,සුවඳ,පැන්,ගිලන්පස,දැහැත් ආදිය පුදා බෝධිය නහවා තෙරුවන් නමැද මෙත්වඩා දෙවියන් ඇතුලු සියලු සතුන්ට පින් අනුමෝදන් කර තමන් ද ඒ පින් අනුමෝදන් වන්න.තිදොර හික්මවාගන්න. සුවවීමට පිහිට වන ලෙස ප්‍රාර්ථනා කරන්න.දින 21ක් නොකඩවා මේ පිළිවෙත් සිදුකරමින් ‍බෝධි පූජා තබා අවසානයේ ඒ සෑම දිනකම මේ පිරිතද සද්ධා සිතින් කියන්න.

    නිවසකට ඇති අපල උපද්‍රවද නැතිවී සැපවත් වාසය මෙයින් සිදු වේ.
    ඉහත ලෙසම පිරිසිදුව නිවසේ පිරිසිදු ස්ථානයක මල් පහන් බුදුන්ට පුදා තෙරුවන් නමැද මේ පිරිත දිනකට එක් වරක් හෝ සජ්ඣායනා කරන්න.
    මේ පිරිතෙන් පිරිසිදු ජලය108 වර පිරිත් කර තබාගන්න.අමනුෂ්‍ය බිය දුරුවේ. බියවී තැති ගනී නම් මෙයින් පිරිත්කළ පැන් බීමට දෙන්න.පිරිත් කළ පිරිසිදු පොල්තෙල් හිස ගල්වන්න.පිරිත් කර නූල් බඳින්න.සන්නි 18ම සුවවේ.

    ශිරාණි අඹේ‍ගොඩ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: සියලු දොස් නසන ආයු සැප බල වඩන ධජග්ග පිරිත Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top