ඔබේ පොදු ගති ලක්ෂණ හස්ත රේඛා සළකුණ
ඉතා දිගු ඉතිහාසයක් පවතින ශාස්ත්‍ර අතරින් හස්ත රේඛා ශාස්ත්‍රයට මුල් තැනක් හිමි වේ .
විද්‍යව හා තාක්ෂණය ඉතා දියුණු අවධියකපවතින අප සමාජයේ මිනිසුන් අතල බලා පලාඵල දැන ගන්නට මහත් රුචිකත්වයක් දක්වන්නේ එහි ඇති පරම සත්‍යතාවය නිසයි.
ඔබේ අත්ලේ ජීවන රේඛාවේ පිහිටීම අනුව පලාඵල පිළිබඳ විමසා බලමු.
(රූප සටහන බලන්න.)
A'A' සළකුණ මඟින් පෙන්වා ඇත්තේ ආයුෂ හෙවත් ජීවන රේඛාවයි.
මෙය එක් එක් අයගේ විවිධාකාරව පිහිටයි. කෙනෙකුගේ මෙය ඉතා පැහැදිලිම වර්ණවත්ව සිකුරු මණ්ඩළය වටකොට ගෙන ගමන් කරන බව පෙනේ. සමහර අයගේ ඉතා කෙටි රේඛාවක් ලෙස පිහිටනු ඇත. තවත් අයෙකුගේ මේ රේඛාව හරි මැදදී කැඩී පළුදුව ද පිහිටනු ඇත.
දිගින් වැඩිව පැහැදිලිව පිහිටිමෙන් ආරෝහ පරිණාහ දේහයක් හිමි වේ. අත්පා ශක්තිමත්ව දික්ව පිහිටයි. මුහුණ තරමක් උල් ස්වරූපයක් ගන්නා අතර නාසය දිගටි වේ. පළල් නලල් තලයකි.
ජිවන රේඛාව ඉතා සිහින් වේ නම් ශරීර ශක්තිය හීනය.
බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට නොහැක කුසගින්නය. ජීවන රේඛාව සුදු පාටින් යුක්ත වීමද පාණ්ඩු රෝග,ලේ හිඟකම හා නිතර අලස බව ඇතිකරන පිහිටීම්ය.
ඉතා රතු පැහැයෙන් යුක්ත වේ නම් ඉක්මණින් කෝප ගන්නා අතර නිතර සටනට සුදානම් චරිතයකි.
ජිවන රේඛාව තැනින් තැන ඇදව ඉතා තුනීව පිහිටීමෙන් අත්ල හිමියාට විවිධ බාධක කරදර හා නිතර නිතර රෝගාබාධාධවලට ලක්කරවන පිහිටීම්ය.
ජිවන රේඛාව කුජ මණ්ඩලයේදී කැපීමෙන් හා දෙකඩ වීමෙන් කියැවෙන්නේ එම වකවානුව තුළ හදිසි අනතුරු හෝ ජිවිත හානි විමට ඉඩ තිබෙන බවයි.
කෙනෙකුගේ දෙ අත්ලේම ජීවන රේඛාව ගැඹුරින් පැහැදිලිව පිහිටීමෙන් එම පුද්ගලයාට දීර්ඝායුෂ ලැබෙන බවත් ඔහු හෝ ඇය ඉතා වාසනාවන්තයකු කරවන බවත් දිගු කාලයක් හස්ත රේඛා පරික්ෂණයෙන් ඔප්පු වී ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී නන්දසේන වීරසිංහ

0 comments:
Post a Comment