අධික ආහාරය-විනාශයට මුල් වේ
සැමියාට පවා යටත් නොවේ
සම පැහැපත්ය.ඍජු ගමන් විලාශයක් පෙන්නුම් කරයි.කටහඬ ඉතා පැහැදිලිය.තරමක විධිනාත්මක කටහඬක් හිමිවේ.උස් හඬින් කතා කිරීම සහ සිනාසීම මැගේ සහජ ගතියකි.
නිතර විනෝදයෙන් සිටින බව පෙන්නුම් කළත් සිත යටින් ලෝකයා දෙස සැක මුසුව බලන තැනැත්තියකි.
කිසියම් කෙනෙකු අරියාදුවක් කළහොත් කොපමණ කල් ගියත් එය මතක තබාගෙන පළිගනී.තමාට ඉහළින් තමා හා සමාන තැනැත්තෙකු ඉහළ නගිනු දැකීමට කැමති නොවේ.මේ තැනැත්තිය සාමාන්‍යයෙන් ජීවත් වන්නේ වර්තමානයේ පමණි.අනාගත දැක්මක් නැත.
මැය ගෘහණියක නම් ගෙදර ආණ්ඩු බලය සම්පූර්ණයෙන්ම තමා යටතට පවරා ගනී.යම් වෘත්තියක නිරත වන්නේ නම් රාජකාරි ස්ථානයේ විධායක නිලධාරිනිය ලෙස බලය ලබා ගැනීමට අනවර්ථ උත්සාහයක යෙදෙන අතර යටත් වීමට කැමති නැත.
තද තීරණ ගනී.ඒවා වෙනස් කරන්නේ ද නැත.ඇත්ත-නැත්ත කුමක් වූවත් තම මතයම නිවරදි බව හුවා දක්වයි.නීතිගරුක මෙන්ම තදබල වේ.අනවශ්‍ය කඩිමුඩි ගතියක් මවා පෙන්වයි.
ගෘහ ජීවිතයේ ද මැය සැමියා හා සම තත්ත්වයක සිටී.නැතහොත් සැමියා නොතකා නිදහස් ලෙස තීරණ ගනී.රාගාධික චරිතයකි.කාම ශක්තියෙන් ඉතා බලවත්ය.ආක්‍රමණශීලීව ඉඳුරන් පිනවන්නියකි. මැය දරු සම්පත්තියෙන් ඉතා පොහොසත් වන අතර පිරිමි දරුවන් වැඩි දෙනෙකු ලබයි.පතිවත සුරකින නමුත් විවාහයට පෙර ප්‍රේම සබඳතා ගණනාවක පැටලෙයි. සැමියා මිය ගියද කිසිදා වැන්දඹුවක ලෙස ජීවත්වන්නේ නැත . පසිඳුරන්පිනවීම ඇගේ ජීවිතයේ අත්‍යවශ්‍ය ගුණයකි. එයින් තොර ජීවිතයක් නැති බව සිතයි.
සමාජ ඇසුරේදී මිතුරු-මිතුරියන් සීමා සහිතව තෝරා බේරා ගනී.කිසිවකු සමඟ තදින් මිත්‍ර වන්නේ නැත.කවුරු නැතත් තනිවම ජීවත්විය හැකි බව සිතයි. ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම,ආතතිය,මැගේ බලවත් දුබලකම් වේ.යම් දෙයකට ප්‍රිය කළහොත් ඊට තදින්ම ඇබ්බැහිවිම තවත් දුබලකමකි.කෙසේ නමුත් මැය නිතැතින්ම සමාජයේ නායක තනතුරු ආදියට උරුම කියන අතර කණ්ඩායම් හැඟීම නැති නිසා අන් අයගේ දෝෂ දර්ශනයට ලක්වේ.
අන් අය පහත් කොට සැලකීම මැය සතු තවත් බලවත්ම දුර්වලතාවයකි. දීමට එතරම් කැමති නැත.අන් අයගෙන් ගැනීමට කැමති නැත.එහෙත් බාරගත් කාර්යය කෙසේ හෝ නිමාවට පත්කරන තැනැත්තියකි.
උස් කඳු මුදුන් ,බබලන හිරු රැස් සහ රාජාලීන් වැනි යෝධ පක්ෂීන් සිහිනෙන් දකී.පරලොව පිළිබඳ එතරම් විශ්වාසයක් නැති ලෙස ජීවත්වන නමුත් මැය බොහෝ විට ධාර්මික ජීවතයක් ගත කරයි.
ඇබ්බැහි වීම් සහ බලවත් කාමුක හැඟීම් පාලනය කර නොගතහොත් එය පසුකාලීන උපද්‍රවයකට හේතුවක් වනු ඇත.ඔබේ කේන්දරයේ සඳු ග්‍රහයා තැන්පත් ව සිටින්නේ සිංහ රාශියේ නම් මේ කරුණු කෙතරම් නිවැරදි දැයි බලන්න.
ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.
මාරියා සැන්ටෝස් අමෙරිකාවේ
0 comments:
Post a Comment