ආවාහ විවාහ කටයුතුවලට අති සුබම වැදගත් මුහුර්ථය ගෝධූලි මුහුර්ථය බව නාරද ඍෂි හා වරාමිහිර ඍෂි පෙන්වා දී තිබේ
.
ඕනෑම දිනක වේලාවක හදිසි විවාහයක් කර ගැනීමට අවශ්‍යද?
එය අත්‍යවශ්‍ය නම් එදින පවත්නා ගෝධූලි මුහුර්ථය සොයාගෙන විවාහ වන්න. එවිට සාර්ථක විවාහ දිවියක් ඔබට ගත කළ හැකි වන්නේය.
විවාහය අසාර්ථක වූ,දික්කසාද වූ හෝ වැන්දඹු කාන්තාවක් යළි විවාහ දිවියට ඇතුල් වන්නේ නම් අනිවාර්යයෙන්ම ගෝධූලි මුහුර්ථයේ විවාහ වන්නට කටයුතු කරන්න. එවිට ඔබ සාර්ථක වන බව නිසැකය.මේ සඳහා නැකැත්,තිථි,යෝග හෝ කර්ණ ආදිය අවශ්‍ය නොවේ.
මුහුර්ථය ලබන වේලාව හඳුනා ගනිමු.
ඕනෑම දිනක සවස හිරු බැස යාමට විනාඩි12කට පෙර හා විනාඩි12ක් ගෙවෙන අතරමැදි වේලාව (සම්මත ඔරලෝසු වේලාවට අනුව) ගෝධූලි මුහුර්ථය ලබන වේලාවයි.මේ කාලය සොයා ගෙන විවාහය අසාර්ථකව සිටින්නකු නැවත විවාහ වුනොත් නව විවාහය අති සාර්ථක වන බව වගකීමෙන් කියමි.
මේ මුහුර්ථය නිසි අයුරින් සොයාගෙන විවාහ වන නව යුවල මහා ධන සම්පතක් උසස් ජයග්‍රහණයක් අතිමහත් දියුණුවක් හා ප්‍රගතියක් මෙන්ම ලෞකික දිවියේ සැප සම්පත් ලබයි.කුසල් ඇති පින්වන්ත දීර්ඝායුෂ දරුවන් ලබයි.
මේ මුහුර්ථයෙන් විවාහ වූ දෙදෙනාට රැකී රක්ෂාවන් ලැබීමත් තිබෙන රැකී රක්ෂා උසස්වීමත්, බුද්ධිය ප්‍රඤ්ඤාව ඇති වීමත් සියලු අපල උපද්‍රව දුරුවීමත් සිදුවන්නේය.
දහවල් හෝ සවස උදාවන මුල්ම කාලයේ දී විවාහ වන නව යුවල මංගල මධුසමය ගත කිරීමට(මුල්ම අඹු සැමි ලිංගික සබඳතාවය)ගෝධූලි මුහුර්ථය තෝරාගෙන අඹු සැමියන්ගේ පළමු එකතුවීම දෙදෙනාට ඉතාම යහපත් බව ඍෂි මතය වෙයි.
දරුඵල නැති වඳ යැයි සමාජය විසින් පෙන්වා දෙන විවාහක කත ගෝධූලි මුහුර්ථයේ දී ලිංගික සබඳතා පැවැත්වීමෙන් වාසනාවන්ත පින්වත් දැරුවන් ලබයි.
වර්තමානයේදී ආවාහ විවාහ සඳහා මංගල පෝරුවේ නැකත් සාදන්නේ උදේට හෝ දහවලටය.මේ නිසා සවසට හා රාත්‍රියට නැකැත් සෑදීම කෙරෙන්නේ ම නැති තරම්ය.පැරණි ඉසිවර මතවලට අනුව නම් වර්තමානයේ දී භාවිතා වන ක්‍රමය තරමක් දුරට හෝ සංශෝධනයක් කරමින් පැරණි ඍෂිමත වලට මුල් තැනක්දීම වැදගත් බව පවුල් සංස්ථා දෙස බැලීමේදී හැඟීයයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී - කේ.ජී.ගුණරත්න බණ්ඩාර
0 comments:
Post a Comment