ජනපති බලය තහවුරුවන්නේ කුමන ග්‍රහචාරයකටද
ලබන්නේය.
2015 ජනවාරි අටවෙනිදා මහින්ද ජනාධිපතිතුමාගේ ජය තහවුරු කර ගන්නේ පහත සඳහන් න්‍යායාත්මක ජ්‍යොතිෂ දත්ත මතය.
ජනාධිපතිවරයා සේනාධිනායක ධුරය හෙබවිය යුතු හෙයින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ දී කුජ ග්‍රහයාගේ ගෝචරය ඉතා වැදගත් වන්නේය. මේ සඳහා ද්වන්ෂ සටනට අවතීර්ණ වූ අපේක්ෂකයින් දෙදෙනාගේ උත්පත්ති ජන්ම පත්‍ර සහ ඊට අදාළව 2015.01.08 දිනට පවතින ගෝචර ග්‍රහ ශක්තිය ද පිරික්සිය යුතුව පවති.
මැතිවරණ දිනයේ දී ගෝචර සෙනසුරා තුන්වැන්නේ පිහිටීම සිදුවන්නේ මහින්ද මැතිඳුන්ගේ ජන්ම පත්‍රයේය. එය මැතිවරණ ජයට ගෝචර ශනිගේ බලපෑමකි.
මැතිවරණ දිනයේ දී ගෝචර කුජ හයවැන්නේ පිහිටීම සිදුවන්නේ මහින්ද මැතිඳුන්ගේ ජන්ම පත්‍රයේය. එය මැතිවරණ ජයට ගෝචර කුජගේ බලපෑමකි. එකී ශනි - කුජ දෙදෙනාගේ පිහිටීමට පහත සඳහන් දෛවෝපගත සිද්ධි දෙකද බලපැවැත්වෙනු ඇත.
(i) ශනි - කුජ ගෝචර පරිවර්ථනය.
(ii) උත්පත්ති නීච භංග රාජ යෝගධාරී කුජ ග්‍රහයා රවිගේ දෘෂ්ටියෙන් බලවත් වී ශත්‍රැ ස්ථානයේ තැන්පත් වීම.
මීට අමතරව තවත් ගෝචර ශක්තියක් එකී ජන්ම පත්‍රයේ පවතී. එනම්:-
උත්පත්ති ලග්න කුණ්ඩලියේ රවි තැන්පත් ස්ථානයට දෘෂ්ටි දිය හැකි ස්ථානයක් වන ලග්න කුණ්ඩලියේ එකොළොස්වැන්නට ගුරු ග්‍රහයා පැමිණ සිටී. මැතිවරණ ජය්‍රහණය සඳහා පැවතිය යුතු මෙකී ගෝචර ශක්ති න්‍යාය බලවත් වන්නේ පහත සඳහන් තත්ත්වයන යටතේය.
උත්පත්ති රවිට දෘෂ්ටි දෙන මෙකී ගෝචර ගුරු ග්‍රහයා මහින්ද මැතිඳුන්ගේ “ආත්ම කාරක” ග්‍රහයායි.
ඒවාගේම එකී ආත්මකාරක ගුරු ග්‍රහයා උත්පත්ති ලග්න කුණ්ඩලියේ සිටිමින් චත්‍රාදි යෝගය සම්පූර්ණ කළ ග්‍රහයා ද වන්නේය.
(උත්පත්ති ජන්ම පත්‍රයක සඳුගෙන් 6-7-8 යන ස්ථානවල කවර ආකාරයෙන් හෝ බුධ - ගුරු-ශුක්‍ර යෙදීම චත්‍රාදි යෝගයයි. )
මෙකී ප්‍රබල ගුරුට එකී රාජයෝග බලය දිය හැක්කේ තමාගේ මහදශාවක් පවතින විට බව පරාශර මතයයි. ඇත්තෙන්ම ඒ කොන්දේසියක් සම්පූර්ණ වී පවතී. 2010.02.22 වෙනි දින එතුමාට ගුරු ග්‍රහයාගේ මහ දශාව ආරම්භ වූ අතර 2026.02.22 වෙනි දින දක්වාම පවතී.
දෛව බල අපූර්වත්වය කියන්නේ 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ද එතුමා විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගැනීමය. එය එතුමාගේ සිව්වෙනි ජනපති ජනවරම ලැබීම ද වන්නේය. එහි අඩිතාලම දමන්නේ 2015 ජනවාරි අටවෙනිදාය.
ඊළඟ අපූර්වත්වය වන්නේ 2014.10.22 වෙනි දින සිට 2017.01.28 වෙනි දින දක්වා එතුමා බලපත්වන ගුරුගේ මහ දශාවේ බුධගේ අතුරු දශාවය.
මෙකී බුධ අතුරු දශාව 2015.01.08 වෙනි දිනයේ දී ද බලපවත්වන්නේය. එකී බුධ ග්‍රහයා එතුමාගේ ලග්නාධිපතියාය. එමෙන්ම යෝගකාරක ග්‍රහ යුවලගෙන් කෙනෙකු වන්නේය. ඒ වාගේම අමාත්‍යකාරකයෙකු ද වන්නේය. තවත් අමාත්‍යකාරකයෙකු වන්නේ සිකුරායි.
දෛවෝපගත සිදුවීම වන්නේ එකී අමාත්‍යකාරකවරුන් වන බුධ - ශුක්‍ර දෙදෙනා පස්වැන්නේ ස්ථාපිත වී ගෝචර ගුරුගෙන් දෘෂ්ටි ලබා පෝෂණය වීමය. මේ අනුව ද පෙනී යන්නේ එතුමා 2015.01.08 වෙනි දින අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනු ඇති බවය.
පඤ්ච පක්ෂි බලය
මැතිවරණ ජයග්‍රහණය සඳහා මැතිවරණ දිනයේ දී පඤ්ච පක්ෂි ශාස්ත්‍රයෙන් ලබා දෙන සහය සුළුපටු නොවේ. ඒ නිසා ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම විමසා බැලිය යුතුයි.
2015 ජනවාරි 08 වෙනිදා අව පක්ෂයේ බ්‍රහස්පතින්දා දිනයකි. ඒ අනුව එදින බලපවත්වන පඤ්ච පක්ෂි බලය පහත සඳහන් ලෙස ක්‍රියාත්මක වෙයි.
(i) ජනාධිපති ධුරාපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ නක්ෂත්ර පක්ෂියා ‘භේරුන්ඩයාය’.
(ii) ජනාධිපති ධුරාපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ නක්ෂත්ර පක්ෂියා “කාකයා”ය.
(iii) සිරිසේන මැතිතුමා රජයෙන් ඉවත් වී ප්‍රථම කණ්ඩායම් රැස්වීම පැවැත්වූවේ 2014.1.21 වෙනි දින රාත්‍රී හතට කොළඹදී ය. එම මොහොතේ තත්කාල කේන්ද්‍රයට මතු වූ පක්ෂියා - ‘කාකයා’ ය.
(iv) සිරිසේන මැතිතුමා හෙල උරුමය මුල් කරගෙන ප්‍රථම ගිවිසුම වෙනත් දේශපාලන නායකයින්ද සමඟ විහාරමහා දේවි උද්‍යානයේ දී අත්සන් තැබුවේ 2014 .12.01 වෙනි දින පෙ:ව:10.00ටයි. ඒ මොහොතේ තත්කාල ක්ෂේත්‍රයේ මතු වූ පක්ෂියා-‘මයුරායා’ය.
\
මැතිවරණ ඉතිහාසයේ ජයග්‍රාහකයා වීමේ භාග්‍යය උදාකරන පඤ්ච පක්ෂි දත්තය නම් දිනාරම්භයේ දී රජවන පක්ෂියා හිමිකාර ජීවියාට ජයග්‍රහණය උදා කිරීමය. සමස්තජ ජනතාව අතෙරින් සියළු දෙනාම පක්ෂීන් පස්දෙනෙකුට බෙදා දී ඇත.
පක්ෂීන් පස්දෙනා අතරින් : රජවිය හැක්කේ එක් පක්ෂියෙකි. ඒ අනුව එදින පළවෙන යාමයේ දී භේරුණ්ඩ පක්ෂියා රජවී මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ජය්‍රහණය ගෙන දෙන්නේය.
2014.11.21 රාත්‍රී 07.00 චන්ද්‍රිකා මැතිණිය - රාජිත මැතිතුමා - මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මූලික වී ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වීමේ ප්‍රථම නිවේදනය නිකුත් කිරීම.
හත්වැන්න
මෙම හවුල් කණ්ඩායම පාලනය කරනු ලබන්නේ ලග්නාධිපතියා විසිනි. එකී පාලකයා වන්නා වූ සිකුරු ග්‍රහයාට ඉහත දී විස්තර කළ දුර්වල ගුරු ග්‍රහයා දෘෂ්ටි එල්ල කරනු ලබන්නේය. එමෙන්ම කොටස්කරුවන් පාලනය කරනු ලබන ලග්නයට පාපී රවි සහ ශනි දෘෂ්ටි එල්ල කරයි.
මේ නිසා මෙම හවුල්කරුවන් අතර විවිධ මතභේද අසමඟිතා මතුකිරීම් ද මෙම පාර්ශවකරුවන්ට අනේක විධ දෝෂාරෝපන කීර්තිනාම හානි ගෙන දීමට ද පසුබිම් සැළසෙනු ඇත.
මෙම ලිපිය පළවන දිනය වන විට ඒ දේ සිදුවී අවසානය.
රාහුගේ දෘෂ්ටිය-
සංගමය ඇරැඹීමේ දී පස්වැන්න හෙවත් ප්‍රේම සම්බන්ධතා සථානය හෙවත් වශීබල සථානය බලවත් විය යුතුයි.නමුත් මෙම තත්ත්කාලයේ දී එම ස්ථානය රාහු විසින් දූෂණය කරමින් ලග්නයට තම දෘෂ්ටිය එල්ල කරයි.උපක්‍රමශීලී -ගැටසූත්තරකාර - වංචා ප්‍රයෝගකාරී- උගුල් අටවන්නාවූ රාහු විසින් ජන්මියා හෙවත් සංවිධානය නිවේදනය කරන ලග්නය කෙළෙසීම නිසා අවුල් වියවුල් බාහිර වශයෙන් මෙන්ම අභ්‍යන්තරික වශයෙන් මේ වන විට උදා වී පවතී.
සටහන- (i) අයහපත් අවස්ථාවක ආරම්භ කළ මූලික සාකච්ඡාවේ ප්‍රථිඵලයක් ලෙස එයට සම්බන්ධ වූ දේශපාලන නායකයින් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයින්ද දේපලද සතුරු පාර්ශව සමඟ ගැටුම් ඇතිකර ගෙන උණුසුම් සමාජ වාතාවරණයක් නිර්මාණය වී පවතින බැව් මධ්‍යස්ථ පුද්ගලයෙකු වශයෙන් කණගාටුවෙන් යුතුව පෙන්වා දෙමි.
(ii) මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ උත්පත්ති නැකතට පුත්‍යාරි ගණයේ නැකතක් මේ මොහොතේ දී උදා වී තිබිණ.
හෙල උරුමය ප්‍රමුඛ ප්‍රධාන විරුද්ධ දේශපාලන පක්ෂ නායකයින් සමඟ ගිවිසුම අස්සන් කිරීම.
දිනය -2014.12.01 සඳුදා
වේලාව - පෙ.ව.10.00
ස්ථානය - විහාර මහා දේවි උද්‍යානය
කාලහෝරාව - කුජ 9.7-10.07දක්වා
පංචම කාලය - ශනි - 09.55-10.06 දක්වා
මෙය කුජගේ විෂ පංචමයයි.
6 ලග්නය
ලග්නය ‘චර’ රාශියක් වන්නේය. ස්ථාවර පැවතිය යුතු සන්ධාන ගිවිසුමට අනිවාර්යයෙන්ම තිර ලග්නයක් යෙදීම අත්‍යවශ්‍යය.
7 කෝටියක් දෝෂ භංගවීම -
සුහ මුහුර්ථ ලග්න කුණ්ඩලියේ එකොළොස්වැන්නේ රවි සිටි විට කෝටියක් දෝෂ භංග කිරීමේ නීතියක් පවතී. එය එසේ සිදුවීමට නම් රවි නෙමේ හුදෙකලා ලෙස සිටිය යුතුයි. නමුත් මෙහිද රවි ග්‍රහයා තවත් ග්‍රහයින් තිදෙනෙකු සමඟ සිටින නිසා කෝටියක් දෝෂ භංග කිරීමේ න්‍යාය ක්‍රියාත්මක නොවේ.
ධර්ම කර්මාධිපති යෝගය සහ විෂ්ණු ලක්ෂ්මී යෝගය -
බුධ ග්‍රහයා සමඟ සංයෝග වී ලග්නයෙන් එකොළොස් වැන්නේ සිටීම නිසා මෙම යෝග දෙකම එකවර යෙදී තත්කාල සුබ මුහුර්ථ බලවත් කළ බැව් බැලූ බැල්මට පෙනේ.
නමුත් මෙකී බුධ - ශුක්‍ර යෝගය යෙදී ඇත්තේ චන්ද්‍ර ලග්නයෙන් අටවැන්නේය.
මේ නිසා ඉහත යෝග දෙකම බල රහිත කරයි.
සටහන -
(i) උක්තගත ගිවිසුමට අදාළ පාර්ශවයන් ප්‍රබල ලෙසම මානසික ආතතීන්ට ලක්වන බවය.
(ii) ඔවුන්ගේ පරමාර්ථයට අභියෝග එල්ල වන බවය.
(iii) ගිවිසුමට අදාළ පාර්ශවයන්ගේ සාමාජිකයින් අතර විවිධ නුරුස්නාගති පහළ වන බවය.
(iv) ගිවිසුමේ පාර්ශවකරුවන් ප්‍රබල කුමන්ත්‍රණවලට ගොදුරු වන බවය.
(v) සතුරු ස්ථානාධිපතියා වන්නේ බුධ ග්‍රහයාය. මෙකී බුධ ග්‍රහයා දොළොස්වැන්නාධිපතියාගේ නැකත වන අනුර නැකතේ ගමන් කර තිබිණ.
එම බුධ ග්‍රහයා අංශක 16 යේය. අටාධිපතියා වන රාජ්‍යකාරක රවි,අංශක දාහතරේය. දොළොස්වැන්නාධිපතියා වන පොදු ජන නිවේදක සෙනසුරා අංශක තුනේය. රාජ්‍ය බලයෙන් ද පොදු මහජන බලයෙන් ද ගිවිසුමට සම්බන්ධ අයවළුන්ගේම කුමන්ත්‍රණ නිසාද ගිවිසුමට අදාළ ප්‍රබලයන් කැඩී බිඳී දුර්වල වන්නේය.
අත්දුටු ප්‍රථිඵලය -
(i) ගල්ලෙන බිඳගෙන එළියට ආ සිංහයන් වන අපට එක්වන්නයි සියලු සිංහ බලයට ආරාධනා කළ ප්‍රබලයන් සමඟ උක්නගත ගිවිසුමින් රසන්ධාන ගත වූයේ කොළඹ විහාර මහා දේවී උද්‍යෘනයේ දී 2014.12.01 පෙරවරු 10.00ටය.
මේ සඳහා පෙරමුණගත් නායකයා වන්නේ උදය ගම්මන්පිල මහත්මාය.
හැම ගිවිසුම ඉහත මොහොතේ දී අත්සන් තබන විට පහත සඳහන් නායකයින් ද අත්සන් තැබුවා.
මාදුළුවාවේ සෝභිත මහිමිපානො
රනිල් වික්‍රමසිංහ මැතිතුමා
සරත් ෆෝන්සේකා මැතිතුමා
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
2012.12.11 වෙනිදා ගිවිසුම දෙදරා යාම ඇරඹුණා. ඒ උදය ගම්මන්පිල මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල මහතාට සහයෝගය දීම නතර කර දමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දීමට නැවත රජයට එකතු වුණා.
අඟහරුගේ කාලහෝරාවේ සෙනසුරුගේ පංචමයෙන් ඇරඹූ ගිවිසුම් පාර්ශවකරුවන් එසේ කුලල් කා ගැනීට මෙකී විෂ පංචමය අපූරුවට ක්‍රියාත්මක වූයේ ගිවිසුම අත්සන් තබා දින 14ක් ගත වන්නටත් පෙරය.
මෙවැනි වැදගත් ගිවිසුමකදී පඤ්ච පක්ෂි බලය විමසිය යුතුමය. මේ මොහොතේ දී මයුර පක්ෂි බලය ක්‍රියාත්මක වන්නේය. එකී පක්ෂියාගේ “මරණ” අවස්ථාවට මෙම මොහොත ලක් වී ඇත. ගිවිසුම් පාර්ශ්වකරුවන් අතර එකිනෙකාට නුරුස්නා ගති පහළවීමට මෙම විශ්ව බලය ක්‍රියාත්මක වී ඇත.
පඤ්ච පක්ෂි ශක්තිය නිරාවරණය කර ගැනීම පිළිබඳ උපදෙස් දැනටමත් මා විසින් පළකොට ඇති “ප්‍රබුද්ධ මනසට පඤ්ච පක්ෂිය” යන ග්‍රන්ථයෙහි පෙළ ගස්වා ඇත.
ජනාධිපතිවරණයක් යනු ද්වන්ධ සටනකි. එකී අපේක්ෂකයින්ගේ ජන්ම පත්‍රවලට මැතිවරණය දා ගෝචර ශක්තිය ආරෝපනය කොට එකී ජයග්‍රාහකයා තෝරා ගත හැක.
දිවයිනේ පාලන ක්‍රමය ගැන නවතම අනාවැකිය
ජනාධිපතිවරයාට වගකියන විෂභාර අමාත්‍යවරෙයක් මධ්‍යම රජයේ පාර්ලිමේන්තුවට පත් වෙයි. රට තුළ කුඩා දේශපාලන පක්ෂ සිය ගණනක් බිහි වෙයි.
අධ්‍යාපනය - සෞඛ්‍යය ආදී වශයෙන් පවතින්නා වූ සියළු අමාත්‍යාංශවලින් සිදුකෙරෙන කටයුතු කුමන හෝ කුඩා පක්ෂයකට භාර කෙරෙයි. අමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ එකී කුඩා පක්ෂය විසින් දිවයින පුරා එම අමාත්‍යාංශයේ කටයුතු ක්‍රියාත්මක කරයි.
මෙම ක්‍රමවේදය දැනට කිසිඳු දේශපාලනඥයෙකු හෝ නීති විශාරදයෙකු හෝ සිදුකළ යුතු යයි කිසිදු සඳහනක් නොතිබෙන්නට පුළුවන. ග්‍රහ බලවේගය විසින් සිදුකරනු ලබන මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පමණි.
ග්‍රහලොව තතු දැක්ක ඉසිවරු තල් ඉරුවේ
නිබඳව ලියුවෙ තොරතුරු ගැන මිනිස් ලොවේ
විවරව එනවා නව ක්‍රමයක් ආණ්ඩුවේ
සිරිදුව වඩින වසරකි දොර දොර හමුවේ
සුරා ශ්‍රී
මෙකී කරුනු පදනම් කරගෙන 2014.12.10 වෙනිදා රාත්‍රී ITN රූපවාහිනී නාලිකාවේ ඇතුලාන්තය වැඩ සටහනේ දී මගේ මැතිවරණ අනාවැකිය ප්‍රසිද්ධියට පත් කෙළෙමි. එනම් - මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 .01.08 වෙනිදා ජනාධිපතිවරණයේ ද ලක්ෂ 25කට අධික වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය ලබන බවය.
මගේ එම අනාවැකිය කීවේ ආවාට ගියාට නොවේ ග්‍රහ ගෝචර ශක්තිය සමඟ ඡන්ද පදනමද විමසා බලා ගණනය කිරීම් මත පිහිටා සිටය. මගේ අනාවැකියට පාදක වූ පරීක්ෂණ හා නිරීක්ෂණ දත්තයන් පහත සඳහන් වෙනවා.
EXPERIMENT & OBSERVATION
අතීත පරීක්ෂණය හා නිරීක්ෂණය අංක :10
2010.0126 ජනාධිපතිවරණ ප්‍රථිඵලය
ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1,04,95,451 (74.79%)
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 1,01,801
වලංගු ඡන්ද සංඛ්‍යාව 1,03,93,650
මහින්ද රාජපක්ෂ මැතිඳුන් ලැබූ ඡන්ද - 60,15,934 (57.88%)
සරත් ෆොන්සේකා මැතිඳුන් ලැබු ඡන්ද - 41,73,185(40.15%)
ජය ලැබූ වැඩි ඡන්ද සංඛ්‍යාව - 18,42,749
THE PREDICTION IS BASED MY SPIRITUAL KNOWLAGE
මගේ අධ්‍යාත්මික ඥානය මත ලබා දෙන අනාවැකිය
ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලත් ඡන්දදායකයින් - 1,50,44,490
භාවිතයෙන් ඉවත් කරන සංඛ්‍යාව
උපකල්පනය - 37,61,123
වලංගු විය හැකි මුළු ඡන්ද සංඛ්‍යාවේ ආසන්න අනුමානය - 1,12,83,367
මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ලැබෙන ඡන්ද සංඛ්‍යාව
ආසන්න ලෙස - 65,00000
මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ට ලැබෙන ඡන්ද සංඛ්‍යාව - 40,00000
ජයග්‍රහණය කරනු ලබන වැඩි ඡන්ද සංඛ්‍යාව - 25,00000
හයියෝ සංසාරේ .වැරදුනා නේද අනාවැකිය
ReplyDelete