728x90 AdSpace

  • නවතම පුවත්

    2015-01-14

    යටලීය නිවරදිව ‍නොගැසුවොත් එහි දොස් ගෘහ මූලිකයාටයි

    නිවෙසක ප්‍රධාන දෝෂ ඇති වෙන ස්ථානය වහලයයි. වහලය නිවැරැදිව නොගැසුවොත් නිවැසියන්ට විපත්ති කරදර ඇති වේ.මෙහි උච්ච තම අවස්ථාව වනුයේ නිවැසියා අංශභාග රෝගියෙකු බවට පත්වීමයි. නීරෝගීමත්, සුවපහසු දිවියක් ගත කිරීමට තමන්ට තනන නිවසේ වහලය ගැසීමේ දී පළපුරුදු වඩු කාර්මිකයෙකුගේ සහාය ලබා ගන්න. අප අළුතින් ආරම්භ කරන ලද ‘සෙත්මිණ’ පුවත් පත මඟින් එහි පාඨකයින් දැනුවත් කිරීමේ අදහසින් මෙසේ ලිවීමට අදහස් කළෙමි.

    වහලයකට යට ලී කීයක් ගැසිය යුතු ද කියා මුලින්ම විමසමු. නිවසක සියළුම බර ගෙදර මූලික‍යාට ඇත්තාසේ වහලයේ බරද යට ලී මත රඳා පවතී. එහි යම් දෝශයක් ඇති වුවහොත් එය ගෙදර මූලිකයාට තදින් බලපායි. මේ නිසා නිවැරැදි වාස්තු විද්‍යානුකූලව වහලය සකස් කර ගැනීමට අප කවුරුත් වගබලා ගත යුතුය.

    මේ පිළිබඳ හඳුනා ගනිමු.ඔබගේ අතේ ඇඟිලි පිහිටියාසේ ඒ ආකාරයට වහලයේ යට ලී යොදා ගන්න. එවිට කිසිම දෝෂයක් ඇති නොවේ. මැද ඇඟිල්ල ප්‍රධාන යටලීය සේ සලකා දෙවන ඇඟිල්ල දබරැඟිල්ල අට්ටාල යටලීයේ ද මාපට ඇඟිල්ල , සුළැඟිල්ල බිත්ති උඩ යටලීය සේ ද සලකා වහලය සෑදීමෙන් කිසිඳු දෝෂයක් ඇති නොවේ‍.

    රූප සටහන අංක1

     

    යට ලී මූට්ටු
    මේ සඳහා ගත යුත්තේ එකම වර්ගයේ එකම ගනකමින් යුත් ලී වර්ගයන්ය.

    2 යට ලී මූ‍ට්ටු කිරීමේ දී යටඩ ඇණ, නොගැසිය යුතුය. ඒ මන්ද යටලීය දිගේ ගමන් කරන තරංග යකඩ ඇණය නිසා එතැනින් එහාට මෙහාට ගමන් නොකරයි. එය නිවැසියාගේ රෝගයකට බලපායි.

    රූප සටහන අංක 03
    යට ලී මූ‍ට්ටු නිවැරදි ක්‍රමය කිඹුල් තැල්ල ක්‍රමය
    රූප සටහන අංක 03
    යට ලී නිවැරදි ක්‍රමය ජටපොරොත්තම
    යට ලී තැබීමේ දී මේ උපදෙස් පිළිපදින්න

    1 යට ලී මූ‍ට්ටු කිරීමේ දී යකඩ ඇණ නොගැසිය යුතුය.
    2 යටලීය මූට්ටු කිරීමට අවශ්‍ය වම් කිඹුල් කට්ට කපා එම
    ලීයෙන්ම ලී ඇණයක් සාදා ගසා ගන්න.
    3 ප්‍රධාන යටලීයට තනි මූට්ටුවක් හෝ මූට්ටු 3ක් නොවිය යුතුය.
    4 මුදුන් යටලියට කුරුපා 1 හෝ 3ක් නොතැබිය යුතුය.
    5 යටලීයක් බාල්කයක් උළුවස්සක් ජනේලයක් හරි මැදට
    නොවිය යුතුය.
    6 යට ලී වහලයට එළීමේදී එය 3,5, හෝ 7 නොවිය යුතුය.
    7 යටලී මූට්ටු 3ක් එක කෙලින් නොවිය යුතුය.
    9 මොනම හේතුවක් නිසාවත් ප්‍රධාන යටලීයට හරස් අතට සිටින
    ලෙසට තව යටලීයක් මූට්ටු නොකළ යුතු ය.

    යටලී එළීම

    යටලීය එළීම උතුරින් පටන් ගන්නේ නම් එය වැසිය යුත්තේ දකුණනි. උඩ පැත්තේ ඇති කැපුමම අනිත් යට ලීයේ කොටසින් වැසීම යට ලී එළීමේ නිවැරදි ක්‍රමයයි.
    මුදුන් යට ලී යට ලම්භකව සිටින සේ කාමර ආදියෙහි උළුවහු තැබීම අශුභය. මුදුන් යටලීය පිරිද්දීමේදී එය ශුභ පාදයකට අසුවෙන ආකාරයට ගත යුතුය. පිරිද්දීමකට පරාල ගැසීම නොකළ යුතුය.

    යටලී මූට්ටුවක් උඩට‍ පරාලයක් තබා ඒ මතම රීප්පයක්ද තබා ඇණ නොගැසිය යුතුය. ඒ මන්ද සමහර අවස්ථාවලදී නොදැනුවත්ම රීප්පයට ගසන ලද ඇණය රීප්පයත් පරාලයත් පසාරු කර ගෙන යයි. යටලීයේ මූට්ටුවක දී මෙය තද බල දෝසයකි. නිවසේ පළල හරි මැදින් බෙදා යටලී නොඑළිය යුතුය. එය අඟල් කීපයක් හෝ අඩු වැඩි කළ යුතු ය. මුදුන් යටලීයට තවත් යටලීයක් සම්බන්ධ නොකළ යුතුය.

    රූප සටහන 04 රූප සටහන 05
    මුදුන් යටලීයට කුරුපා
    මුදුන් යටලීයට කුරුපා තැබීමේ දී එකක් තැබීම අශූභ ඵල දායකය. එය දෙක 4 ආදී වශයෙන් විය යුතුය.

    රූප සටහන අංක 06 රූප සටහන 07
    යටලී තැබීමට ශුභ නැකත්
    යට ලී තැබීම එය ශුභ නැකතින් තැබිය යුතුය. එය ගෘහ මූලිකයාගේ උපන් නැකතට සීහුම් විය යුතු ය. නැකතට තබන ලද යටලීය මොනම හේතුවක් නිසාවත් වෙනස් නොකළ යුතුය. මෙය ඉතාම හොඳ ක්‍රමය වන්නේ යටලීය බිම තබා එය සකස් කර ගැනීමය.
    කර්මස්ථාන අසුනොවන ආකාරයට යටලීය තබා ගන්න

    රූප සටහන 08
    වාස්තු නර චක්‍රය පරිදි ශීර්ෂ පාදයේ පටන් පීතෘ පාදය දක්වාද, අනිල පාදයේ පටන් රෝග පාදය දක්වා ද අඳිනු ලබන රේඛා එකී නෙක කැපී යන ලක්ෂය මහා මර්මස්ථාන නම් වේ. මේ ලක්ෂයක් හරහා යට ලී වැටීම තදබල අශුභයක් වන අතර එය නිවැසියා අංශභාගියෙකු කිරීමට සමත්ය. කල දශාව අශුභ නම් මරණය පවාගෙන දීමට හේතු වන කරුණකි.

    ප්‍රේමසිරි කහඳවලආරච්චි
    • Blogger Comments
    • Facebook Comments

    3 comments:

    1. මෙවැනි දැනුවත් කරවීම් ඉතාමත් වටිනාකමකින් යුක්ත යි.බොහොම ස්තුතියි .ඉදිරියට ත් පවතී වා.!

      ReplyDelete

    Item Reviewed: යටලීය නිවරදිව ‍නොගැසුවොත් එහි දොස් ගෘහ මූලිකයාටයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top