ඔබගේ උපන් දවස 07 , 16 හෝ 25 දිනයක්ද ? එසේ නම් ඔබගේ ජීවන අංකය 07 වනු ඇත.
ජීවන අංක 07 ලබා උත්පත්තිය ලබන ඔබ කෙටි විනෝද ගමන් වලට ප්‍රියවේ. විශේෂයෙන් එම සංචාර යන එන තැන් අප්‍රසිද්ධ ස්ථානය පුරාණ පුජනිය නටබුන් ආදිය දැකබලා ගැනීමට විය හැක.
ධාර්මික ජීවිතයක් ගත කිරිමට බොහෝ ලෙස උනන්දුවක් දක්වයි. කුඩා කල සිටම පන්සල් යාමට ප්‍රිය වේ. භාවනා කිරිමට අසපු වෙත නිතර නිතර යයි.
පවුලේ අනෙකුත් සහෝදර සහෝදරියන් සමඟ සහයෝගයෙන් ජිවත් වීම අගය කොට සලකයි. නමුත් තරමක් දැඩි ගතියෙන් යුක්ත නිසා තමා හා ඇසුරු කරන අය තමා මුරණ්ඩු කාරයකු ලෙස දකියි. එහෙත් බොහෝ සරල ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන අයකුවේ.
ඔබ දරුවන්ටත් වඩා ඔවුන්ගේ අධ්‍යාපනයේ දී වෙහෙසෙන නමුත් ඔබගේ උත්සහයේ තරමට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහලට නංවා ගැනිමට අපහසුවේ.
සමහර කටයුතුවල දී ඉවසීමක් ඇත්තේම නැත. ඉවසීම අඩුකම හේතුවෙන් අමාරුවේ වැටෙන අවස්ථා ජිවිත කාලය පුරාම අනන්තවත් සිදුවනු ඇත.
කිසියම් ආකාරයක කාර්යයක් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එන කාර්ය කුමක්ද එම කාර්ය කිරීමෙන් තමාට යහපතක්වේද යනවග කලින් සොයා බැලිමක් නොකරයි. තමාගෙන් යමක්ඉල්ලු විට තමන්ට අවශ්‍ය වුවත් එය ඉල්ලු තැනැත්තාට දෙයි.
ඔබගේ ජීවිත කාලය පුරාම ඉතා නිහඬ, ධාර්මික, සරල බවකින් යුක්ත වු ජිවිතයක් ගත කිරීමට කටයුතු කරයි. තරහ කාරයින්නැත. අන් අයට දුගීන්ට කාරුණික ව සලකයි.
පරිගණක කටයුතු වලට මෙන්ම තාක්ෂණික අංශයේ කටයුතු සඳහා සහභාගිවීමෙන් වඩාත් නැවුම් දැනුම සම්භාරයක් ඉතා ආසාවෙන් යුක්තව ලබාගත හැකිවේ. විනෝද කටයුතු සඳහා සිත යොමු කරන බැවින් අධ්‍යපන කටයුතු සඳහා වැඩි උනන්දුවක් ඇති නොවේ. කිසියම් වු ආකාරයක පැරණි දේවල් මෙන්ම සැඟවුණු දේවල් සොයා බැලීමටත් ගුප්ත ශාස්ත්‍රය ඉගෙනීමටත් ඒ පිළිබඳ සොයා බැලීමටත් වැඩි රුචිකත්වයක් දක්වයි.
ජිවන අංක 07 ලබා උත්පත්තිය ලබන ඔබ තම විවාහක සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදි තම හිතට ගැලපෙන අයකු තමා විසින්ම සොයා ගනී. තම විවාහ ජිවිතය සාර්ථකව පවත්වාගෙන යාමට බොහෝ කැපවීම් කරමින් පවුලේ සමගිය උදෙසා කටයුතු කරයි. ගෘහනියක් ලෙස ඔබ කටයුතු කරයි නම් පාන්දරම නැගිට ඉහුම් පිහුම් කටයුතුකරමින් දිනය ආරම්භ කරයි. තම ස්වාමියාට රැකියාවට යාමට අවශ්‍ය සහය දක්වමින්ද දරුවන්ගේ කටයුතු ඉටු කරමින්ද රෙදි සේදීම මෙන්ම ගේදොර වතු පිටි ශුද්ධ කරමින් දවස පුරා විශාල කාර්යයක් ඉටු කරන්න වෙහෙසේ. මේ නිසා අවිවේකි බව,එපාවිම්, කලකිරීම් ආදියටත් ලක්වන අවස්ථා ඇත.
බදාදා දිනයන් ශුභ දින වේ.
ජය අංක ලෙස අංක 2හා7 සැලකිය හැකි අතර සාමාන්‍ය ආලෝකයේදී කොළ පාටින් යුත්ත වෛරෝඩි පාෂාණයක් කහ සහ දුඹුරු වර්ණ වලින් යුත් ටොපෑස් පාෂණයත් පැළඳීම තුළින් වඩාත් ආකර්ෂණ ශක්තියක් ඔබට ලබා ගත හැකිවේ. ඔබගේ වයස අවුරුදු 7.16.25.34.43.52 යන කාල වලදී ජිවිතයේ වැදගත් පරිවර්ථන සිදුවනු ඇත.
ප්‍රවිණ ජ්‍යොතිෂවේදි රේණුක වික්‍රමසිංහ

0 comments:
Post a Comment