728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-18

    අංකය 9න් උපන් අය නපුරට බරද?

    ඔබ උපන් දිනය අංක නව­යට නතු­වන අංක­යක් නම් ඔබේ ජීව­වන අංකය 9 ය යි.
    යම් කෙනෙක් 9,18,27 යන දිනක උපන්නේ නම් ජීවන අංකය නවය වේ.
    ජීවන අංකය 9 ලබා උත්ප­ත්තිය ලබන ඔබ කු‍ඩාකළ සිටම  දඩ­බ්බර චරි­ත­යක් වනු ඇත.පාසලේ දී තම මිතු­රන් සමඟ ද ගැටුම් ඇති­කර ගනී.නමුත් ඔබ ක්‍රියා­ශීලි වේ.පාසලේ විවිධ වූ ක්‍රීඩා කට­යුතු සඳහා එක්වෙයි.

    තම මිතු­රෙ­කුට කවුරු හෝ අරි­යා­දු­වක් සිදු කළ­හොත් එම අරි­යා­දු­ක­ර­න්නාට එරෙ­හිව යුද්ධ කිරී­මට නොබි­යව ඉදි­රි­පත් වනු  ඇත. සම­හර අව­ස්ථා­වල පංතියේ මිතු­රන් අතර ප්‍රධා­නියා ලෙස කට­යුතු කරනු ඇත.යුක්තිය අයු­ක්තිය කුමක් වුවත් හදිසි ආවේ­ග­ශී­ලි­ත්වය නිසා නිතර නිතර රණ්ඩු­ව­ලට පැට‍ලේ.

    කුඩා කල සිටම ගුරු­වරු‍න්ට හිස පහත් නොක­රන ගති­යෙන් යුක්තව කට­යුතු කරයි.රැකි‍යා­ව­කට ගියත් එතන ප්‍රධා­නි­යාට හිස පහත් නොක­රයි.වැරදි දුටු තැන ප්‍රධා­නියා ද යන වග සිතට නොගෙන ආර­වුල් ඇති කර­ගනී.ඔබ ගම­නක් යන්නේ නම් අනෙකා පසු­කර ඉක්ම­නින් ගමන් කරයි. තමන්ට එරෙ­හිව යමෙක් කට­යුතු කරයි නම් තමන්ට සිදුවූ දේට වඩා වැඩි හානි­යක් අදාල අයට සිදු­ක­ර­න්නට පසු­බට නොවේ.
    හදිසි තීරණ ගන්නා අයෙකි.කොප­මණ හදිසි තීර­ණ­යක් වුවත් කලින් හිතා­මතා කළාක් මෙන් ඉතා සාර්ථක වෙයි.ඔබ ස්වාධීන අද­හ­ස්ව­ලට ගරු­ක­රන අයෙකු වේ.ඕනෑම භාර ධූර කට­යු­ත්තක් පැව­රු­වොත් එහි ප්‍රධා­න­ත්වය ගෙන කිරී­මට හැකි­යාව ඇත.

    සෑම විටම ආත්ම අභි­මා­න­යෙන් කට­යුතු කර­න්නන් වේ.සංචාර වලට ප්‍රියය.
    රථ වාහන පද­ව­න්නෙකු නම් ඉතා කල්ප­නා­වෙන් පද­වන්න.වේගය අන­තුරු ඇති­ක­රයි.
    පවුලේ අය සමඟ නිතර විනෝ­ද­ග­මන් යන්නට ප්‍රියය.නිව­සට අවශ්‍ය දේ මිලදී ගැනී­මට අතේ ඇති මුදල විය­දම් කරයි.
    මේ අංකය හිමි­යන් පවුලේ සම­ඟිය රැක ගැනී­මට උත්සහ කළද හදිසි කේන්ති කාර­යන්ය.සහ­කරු/සහ­කා­රිය සමඟ නිතර ගැටුම් ඇතිවේ.

    ඉව­සීම දරා ගැනීම පවුලේ සාම­යට රුකු­ලක් බව මතක තබා ගන්න.නොඉ­ව­සු­වොත් ඉතා අවා­ස­නා­වන්ත සිදු­වීම් වලට මුහුණ දීමට සිදු­වනු ඇත.සම­හර ආර­වුල් දුර­දිග යාම නිසා පවුල් ජීවි­තය දෙකඩ වීම­ටද ඉඩ ඇත.මේ නිසා හදිසි කෝපය පාල­න­ය­කර ගැනී­මට භාවනා ආදි­යට යොමු­වන්න.
    ඔබ වැඩි­පුර උෂ්ණ ආහා­ර­ව­ලට ප්‍රිය වුවත් ඇඟේ උෂ්ණ ගති ඇති අයෙකි.සැරට රසට ආහාර ගනී.එසේ නැති වූ  විට ආහාර ගැනීම ප්‍රති­ක්ෂේප කරයි.හදිසි අන­තු­රු­ව­ලට ලක්වීමේ අව­ධා­නම වැඩිය.
    ඇඟේ පලු දැමීම කුෂ්ට වැනි රෝග ඇති­විය හැක.කෑමට ගන්නා මේ නිසා ආහාර පිළි­බඳ සැල­කි­ළි­මත් වන්න.ලේ විෂ­වීම් ආදි­යෙන් රෝහ­ල්ගත වීමට පවා ඉඩ ඇත.

    ඔබගේ ජය අංකය ලෙස අංක 9 ද ට රතු හා අළු වර්ණ සුබය.සඳුදා දිනය ද සුබ වෙයි.ටොපෑස් පාෂාණ පැළ­ඳී­මෙන් වැඩි ආක­ර්ශ­න­යක් ලබා­ගත හැකි වෙයි.
    ඔබගේ ජීවි­තයේ වැද­ගත් සිදු­වීම් වන කාල ලෙස වයස අවු­රුදු 9,18,27,36,45,54  හඳු­නා­ගත හැක.
    ලේ ධාතුව කෝප­වන රෝග­ව­ලින් විශේ­ෂ­යෙන් ආරක්ෂා විය යුතුය.අව­ධා­නම් ස්ථාන­ව­ලට යාමෙන් වල­කින්න.
    සිතට වහල් නොවී බුද්ධි­යට ඉ‍ඩ දී කට­යුතු කළොත් ජීවි­තය සාර්ථ­කව ජය­ගත හැකි වෙයි.

    ප්‍රවීණ ජ්‍යොති­ෂ­වේදී රේණුක වික්‍ර­ම­සිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: අංකය 9න් උපන් අය නපුරට බරද? Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top