728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-04

    පර පුරුෂගාමී සුරූපිනියන්

    පතිදම් රකිනා රූමතියෝ ලොවට මිණිපහන්

    පතිදම් රකිනා රූමතියෝ ලොවට මිණිපහන් වැන්න.සුරූපිනියන් වැඩි දෙනෙක් මෙලොවට බිහි කරන්නේ සඳු සිකුරු යෝගයයි.මේ වටිනා ග්‍රහ වස්තූන්ගේ ශුභ ආකර්ෂණය මූර්තිමත් කිරීමට එම වනිතාවන්ගේ ජන්ම පත්‍රවල ලග්නාධිපති ග්‍රහයා ද 7,6,8,2 අධිපති ග්‍රහයා ද බලවත් විය යුතුය. එවිට සුරූපී වනිතාවක් වී මෙලොව උපදී. අනගි පතිදම් මාලය ගෙළ පැළඳ ශ්‍රියා කතක් වී ඈ විශ්ව විද්‍යාලය දක්වා උසස් අධ්‍යාපනය ද ලබයි.

    පතිදම් රකිනා රූමතියෝ
    ජන්ම කේන්ද්‍රයේ ලග්නාධිපති 1,5,9 ත්‍රිකෝණ අධිපති ග්‍රහයන්ගේ සඳු -සිකුරු ,සඳු- බුධ,සිකුරු-සඳු, ගුරු සිකුරු යන ග්‍රහයන්ගේ ද ශුභ ග්‍රහ බල ලබා උපන්නිය සැපවත් දිවියක් ගෙවන අතර තම සැමියාගෙන් පමණක් කම් සැප විඳ සෑහීමකට පත්වන්නීය.

    මෙහිදී කුජ,සිකුරු ,බුධ,ගුරු යන බලවත් ග්‍රහ සංයෝගයෙන් ඉපදුන වනිතාවකගේ ජන්ම පතේ ශනි රාහු කේතු රවි සඳු බලවත් නම් ඇය ලොව විශ්වකර්ම වැඩ කරන සුරූපිනියකි.
    සංයෝගය බලවත්ව ඇගේ ජන්ම පතේ පිහිටා ඇත්නම් ජීවිතේ පැවැත්ම තුළ ගුප්තකාරී සැඟවුණු හොඳ අදහස් ඇති මුදලට වඩා තම පතිවෘත්තා ධර්මය නිතර ආරක්ෂා කරන ආගම දහමට අනුව දිවි මඟ ආලෝක කරගෙන රටට දැයට ආගමට විශාල සේවයක් කරන අයෙක් වේ.
    කුජ,බුධ,ගුරු සිකුරු සංයෝගයද රාහු සිකුරු සංයෝගයද තුළින් "ගජ ලක්ෂ්මි යෝගය"ද "සරස්වතී යෝගය"ද සිකුරුගෙන් "මාලවී යෝගය"ද උදා වේ.

    බුධ ගුරු 4 වැන්නේ දිග් බලව ද සඳු සිකුරු දසවැන්නේ ද රවි කුජ දෙදෙනා සත්වැන්නටද ශනි 7 වැන්නේ ද රාහු 11වැන්නට ද දෝෂ භංග කරමින් දිග්බල ලබයිද මේ සුරූපී වනිතාවන්ගේ ජන්ම පත්වල ලග්නයෙන් බලවත් වූ ග්‍රහයා නවාංශක කුණ්ඩළියේ වර්ගෝත්තම බල ලබමින් ශුභයින්ගේ ශඩ් කෝණ ත්‍රිකෝණ දෘෂ‍්ටි ලබයි ද 1,5,9 යන ත්‍රිකෝණ ස්ථාන ගතවී ඇද්ද නැකැත් වාරයෙන් බලවත් වීද එම ග්‍රහයින් ලග්නයේ යෝග කාරක ග්‍රහයින් වූයේ ද එසේ වුවොත් කාන්තාවකට රූපශ්‍රීය පෙර පිනට ලැබුණාසේ ම ජීවිතයේ සෑම පැත්තකින්ම අඩුපාඩුවක් නොවේ.ජීවිතයේ නියම යස ඉසුර විඳිමේ වාසනාව බලය ගොඩ නැගේ.
    යම් ජන්ම පත්‍රයක ගජ කේෂරී යෝගය,ශුභ යෝග සරස්වතී ගජ ලක්ෂමි යෝග, පර්වත යෝගය, එකාවලී යෝගය, කුණ්ඩළකේෂි යෝගය පංච මහා පුරුෂ යෝග, පරිවර්තන ‍ ග්‍රහ‍ යෝග යෙදී තිබුණොත් එම වනිතා රත්නය පිරිමි නැකතක ඉපදුනා සේම පිරිමියෙක් කරන දවසේ වැඩ ටික ගෙදර වැඩ කර තම ස්වාමියාගෙන් කෙරෙන වැඩද තමාම කර ගන්නා තැනැත්තියකි.

    පර පුරුෂගාමී සුරූපිනියන්

    ශුභ වූ ග්‍රහ බල රකින සුරූපිනියන් ඉපදුනා සේම පරපුරුෂගාමී වූ සුරූපිනියන් ද මෙලොව බිහිවෙන ග්‍රහයෝග සංයෝග රැසක් ගැන මෙතැන් සිට ඔබ‍ට පහදාදීමට උත්සහ කරමි.
    කුජ,ශනි,කේතු බුධ රාහු වැනි පාප ග්‍රහයින් සංයෝග ජනකව අශුභව භාව 12න් 2,7,6,8,11,12 යන භාවවල තැන්පත්ව බලවත් වූ ගුරු සඳු සිකුරු බුධ යන ශුභයින්ගේ ශුභ දෘෂ්ටිවලට එම ග්‍රහයින් ලක්වී නැද්ද?එය එසේ වී වනිතාවක් සුරූපී බව ලබමින් ඉපදුණත් අනෙක් ග්‍රහයින් සතුරුව පාප පීඩිතව සිටීනම් ඇය පතිදම් නොරකියි.එයට බලපාන හේතු සාධක රැසක් පවතී.

    ජන්ම පත්‍රයේ ග්‍රහයින් පීඩිතව සිටිමින් ශුභයින්ගේ ශුභ දෘෂ්ටිවලට ලක්නොවීමට ද ඇයගේ පෙර පවින් තමා කුඩා කල සිට ඇසුරු කළ අයගේ ආභාෂය තුළින් ලැබූ අත්දැකීම් මතද කාම රසාස්වාදයට තම සිත යොමු කරන පාපයෙන් හීන වූ කුජ සිකුරු ග්‍රහයින්ගේ දුබලතා ද ගුරු,සිකුරු,ශනි,රවි,සඳු යන ග්‍රහයින්ගේ සුබ හා දුබල වීම එයට ප්‍රධාන සාධකය වේ.

    යම් ස්ත්‍රියක‍ගේ අංග ලක්ෂණ විද්‍යාවේ විදහා පෙන්වන කරුණු රැසක් ඇත.එයින් සිහින් කෙසඟ සිරුරක් ඇති පොඩි වූ පියයුරු යුවළක් ඇති නළලේ රැලි හයක් හතක් ඇති ඇද පැද කතා කරන කාන්තාව විශ්වාස කළ නොහැකිය. ඇය යටි සිතේ කරුණු කාරණා රැසක් සි‍තේ තබා ගනිමින් ජීවිතේ ක්‍රියාකාරී බලය ගොඩනගන කතකි.

    කහ පැහැ පිඟුවන් දෙනෙත් ඇති දිග කේෂ කලාපයකින් යුක්ත අතේ පයේ දිගු ඇඟිලි ඇති කෙසඟ සිරුරක් හිමි කාන්තාව තම සැමියාට හොරා කාමාස්වාදය සිතේ හැ‍ටියට භුක්ති විඳින වෙසඟනක් හා සමාන රූමත් වනිතාවක් වෙයි.තවද වදක, ස්වාමි, පතිනි, චෝර, දාස යනුවෙන් භාර්යාවන් වර්ග කර ඇත.
    ඔබට ලැබී ඇත්තේ කිනම් භාර්යාවක් දැයි මෙය කියවන වි‍ට සිතට දැනෙනු ඇත.

    දත්ඇන්දේ මැද හිඩැස් ඇති ,කකුලේ මහපටැඟිල්ලට වඩා දබරැඟිල්ල දිගටි තාලයට ගමන් කරන වනිතාව එක පුරුෂයෙකුගෙන් රති සැපයේ දී සතුටු වී මදි වේ. ඇය මඟුල් සක්වල කාමස්වාදයේ නියැලෙන පව පින නොතකන පරලොව වැඩ නොකරන සුරූපිනියකි
    වර්තමාන සමාජ‍යේ මුදලට ගිජු වූ රූමත් වනිතාවන් වයසක ධනපතීන් සමඟ පවුල් කෑම ද ඔහුට හොරා තරුණ පර පුරුෂයන්ගෙන් කම් සැප විඳිමද දැකිය හැක. ජීවිතය අභ්‍යන්තරය බාහිර යන දෙකේම රඳා පවතී. ලාභ, අලාභ, අයස, යස,නින්දා,ප්‍රසංශා යන සියල්ලම ජීවිතයට හිමි වන බව වටහා ගන්නේ නම්, ලෞකික-ලෝකෝත්තර බලය පිළිබඳ යම් වැටහීමක් ඇත්නම් මෙවැනි පාපයේ නොයෙදේ. සුබ හෝ අසුබ මත ඔබ සුරූපිනියක්ව ඉපදී සිටී නම් අනගි පතිදම් මාලය ගෙලෙහි පැළඳ "ධම්මෝ රක්කති ධම්මචාරී" යන බුදු වදන සිහියට ගෙන එලෝ මෙලෝ කරන දස අකුසල් වලින් බැහැරව කුසල් කරන්න. සොර සැමියන් කරා ගොස් පරපුරුෂ ගාමී වී පවුකර නිරයේ නොවැටී ජීවත්වීමට සිහිතබා ගන්න.


    ජ්‍යොතිෂවේදී දිවුල්පිටියේ ඇන්.ජී.පියසෝම
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: පර පුරුෂගාමී සුරූපිනියන් Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top