ශබ්ද විද්‍යාවේ උත්තරීතර නිමැවුවක් වන සෙත්කවියක් රචනා කරන්නට සුදානම් වීමෙදී සෙත් කවිය රචනා කරන්නා හෙවත් කාව්‍ය කර්තෘ තම ආගම සිහිකොට මේ කාර්යය අරඹනුයේ සෙත්කවියේ තිබිය යුතු බලවත් බව , ගුණාත්මක බව සඳහා සුදුසු පසුබිමක් නිර්මාණය කරගත යුතු බැවිනි, ආගම සිහිකිරීමෙන් පසු කාව්‍ය
කර්තෘ විසින් ශ්‍රී සරස්වතී දේවිය අභිවන්දනය කරනු ලබයි,ඒ සඳහා පුද පුජා විධි පවතී. ඒ සියලු පිළිවෙත්වලින් පසුව පමණක් සෙත් කවියක් ලිවීම ආරම්භ කරයි.
සෙත් කවිය පබඳින පුද්ගලයාගේ හෙවත් කාව්‍ය කර්තෘගේ උපන් නැකතත්, සෙතක් ශාන්තියක් බලාපොරොත්තුවන පුද්ගලයාගේ හෙවත් කාව්‍ය නායකයාගේ උපන් නැකතත්, සෙත්කවිය රචනා කරන මොහොතේ පවතින නැකතට ගැලපී යා යුතුය. එසේ ගැලපී නොයයි නම් සෙත්කවිය ලිවීම වෙනත් වේලාවකට යොදා ගනී.
සෙත්කවියක් ලියන්නට සුදුසු දිනයක් තෝරා ගනු ලැබීමද වැදගත් කටයුත්තකි. සඳුදා, බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනයන් සෙත්කවි ලිවීමට සුදුසු ය. ත්‍රියාංශ ශුද්ධිය ඇති වීම සඳහා නැකත හා දිනය පමණක් සුබවීම ප්‍රමාණවත් නොවේ. සෙත්කවිය ලිවීම සඳහා සුදුසු තිථියක්ද ග්‍රහස්ඵුට ලිත පරිශීලනය කෙරේ .
ජ්‍යොතිෂයේ දැක්වෙන පංචාංගයම එනම් දිනය ,නැකත.තිථිය, යෝගය , කරණය සුබ වු දිනයක් සෙත් කවිය රචනා කිරීම සඳහා තෝරා ගත හැකි නම් වඩාත් ප්‍රතිඵලදායක වේ. මීට අමතරව කාව්‍ය නායකයාගේ හෙවත් පිහිට ලබන්නාගේ ලග්නය අනුවද සුබ අසුබ දින ඇත. ඒ පිළිබඳවද සැලකිලිමත් වී සෙත්කවි රචනා කිරීම සිදු කරයි.
මේ සියලු තෝරාගැනීම්වලට අමතරව කාව්‍ය නායකයාගේ පක්ෂියා රජවන යාමය තෝරාගෙන සෙත්කවිය ලිවීම ආරම්භ කිරීම ඉතා සුදුසුය.
ඉහත කරුණු දැක්වීම් වලින් සිදු කෙරුණේ සෙත්කවියක් ලියන්නට සුදානම්වන කාව්‍ය කර්තෘ අංශ රාශියක් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවය.
ජ්‍යොතිෂමය දැනුමක් නොමැතිව සෙත්කවියක් නිසි ලෙස රචනා කළ නො හැකි බව මේ අනුව පෙනී යයි.
සෙත්කවි පබඳින කාව්‍ය රචකයා ජ්‍යොතිෂය හැරුණුවිට කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳවද හසල බුද්ධියක් ඇති අයෙකි. සිංහල භාෂාවේ අක්ෂර පිළිබඳ ඉතා ගැඹුරු දැනුමක් සෙත්කවි රචකයා තුළ තිබෙන අතර පණකුරු, ගතකුරු හැරුණු විට ඒවා අපායාක්ෂර , මනුෂ්‍යාක්ෂර සහ දිව්‍යාක්ෂර වශයෙන් බෙදෙන ආකාරයද, දේවගතික , මනුෂ්‍ය ගතික .තිරශ්චීනගතික වශයෙන් වෙන්කෙරෙන ආකාරයද බ්‍රාහ්මණ වංශය. රාජ වංශය වෛශ්‍ය වංශය, ශුද්‍ර වංශය වශයෙන් වෙන් වන ආකාරයද සෙත්කවි රචකයා ඉතා හොඳින් දනී.
සිංහල භාෂාවේ. ඇතැම් ස්වර එකිනෙකට වෙධ වේ. හෙවත් සතුරු වේ. සෙත් කවියේ අභිධානය හෙවත් කාව්‍ය නායකයාගේ නිතර භාවිතා කරන නම දෙපස වේධ ස්වර යෙදීමෙන් වැලකීමටද සෙත්කවි රචකයා සැලකිලිමත් වේ.
දීර්ඝ ස්වර සියලුම හල් අකුරු සහ බින්දු අභිධානය දෙපස නොයෙදීමටද කටයුතු කෙරෙන අතර ඒවා විෂ කලා අක්ෂර ලෙස සෙත්කවි රචනයේදී හැඳින්වේ.
අමෘතකලා අක්ෂර පමණක් අභිධානය දෙපසට යෙදීම සම්ප්‍රදායවේ. සෙත්කවි රචනයේදී මෙකී අක්ෂර සම්බන්ධව යොමු කරන අවධානය ඉතා දැඩි එකක්වන අතර සෙත්කවියක සියලු බලගැන්වීම් තීරණය වනුයේද සෙත් කවිය තුළ අක්ෂර පිහිටුවීම මගින් නිර්මාණය කරනු ලබන ගණ ඔස්සේ බවද තේරුම් ගත යුතුය.
සෙත්කවි රචනා කිරීම මේ ආකාරයේ අතිශය බැරැරුම් හා වගකීම් සහගත කාර්යයකි. පොදු ජන සුවසෙත උදෙසා කරනු ලබන මිළ කළ නො හැකි සද් කාර්යයකි.
සෙත් කවියක ගණ පිහිටුවීමේ අසිරීමත් ක්‍රමවේදයද. අක්ෂර යෝනි එකිනෙකට සතුරු වන අවස්ථාවන්ද, සිද්ධි චක්‍රය හඳුනා ගැනීමද මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න. නිසි වතාවත් හා නිසි පිළිවෙත්වලින් තොරව සෙත් කවි ගායනා කිරීම නිෂ් ප්‍රයෝජන බවද අවධාරණය කරමි.

ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්.විජයසේකර
0 comments:
Post a Comment