නිවසක පදනම වන්නේ අත්තිවාරමය. නිවසක් සම්පූර්ණ වන්නේ බිත්ති බැඳ වහලය ගැසූ පසුවය. දෝෂ නැති බිත්ති බැඳි නිවසක විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, නිදන කාමර ආදිය වෙන්ව සකසයි.
නිදන කාමරය මෙයින් වඩාත් වැදගත් ස්ථානයකි. එහි ආලේප කරන වර්ණ නිවැසියන්ගේ ලෙඩ දුක් සුව කිරීමේ ශක්තියකින් යුතු බව නූතන විද්‍යාඥයින් සොයා ගෙන ඇත. විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වා සොයාගෙන ඇති වර්ණ වලින් රෝග නිවාරණ වීමේ හැකියාව වාස්තු විද්‍යාවේ සත්‍යතාව ලොව ඉදිරියේ සනාථ වන අවස්ථාවකි.වර්ණ වලින් ලෙඩදුක් සුව වන බව විද්‍යාඥයන් ප්‍රකාශ කළත් එහි ගුප්ත භාවයක් ඇති බව ඔබ දන්නවාද?, වාස්තු විද්‍යාවද එක්තරා ගුප්ත ශාස්ත්රයකි.
නිවසක් සාදා නිම වූ විට එහි බිත්ති තමන් කැමති පාටකින් වර්ණ ගන්වයි. පදිංචි නිවසක වූවද වරින් වර වර්ණ ආලේප කෙරේ. නිවසක බිත්ති වර්ණ ගැල්වීමෙන් බලාපොරොත්තු වන්නේ නිවසට අලංකාරයක් ඇති කිරීම මෙන්ම නිවසේ පිරිසිදුකම රැකීමය.
මෙහිදී නිදන කාමරයට විශේෂ වර්ණයක් යොදා ගැනීමට සමහරු කැමතිය. විශේෂයෙන්ම මේ සඳහා තමන් කැමති පාටක් යොදා ගනී. නූතන විද්‍යාඥයින්ගේ අදහස අනුව නිදන කාමරයේ බිත්තිවල ආලේප කරන වර්ණ වලට එම කාමරය පාවිච්චි කරන නිවැසියන්ගේ ලෙඩ දුක් සුව කිරීමේ බලයක් ඇත.
විද්‍යාඥයන් විසින් කරන ලද විවිධ පර්යේෂණ යන්ට අනුව වර්ණ විවිධ රෝග සඳහා බලපාන බව සොයාගෙන ඇත. ඇතැම් වර්ණ ඉරුවාරදය, ඇදුම, උදරගත රෝග, හදවත් රෝග, කුෂ්ට රෝග, පිළිකා ආදිය සුව කිරීමට බලපාන බව සොයාගෙන ඇත.

නිල් වර්ණය
නිදන කාමරයේ බිත්තිවල මේ වර්ණය ගැල්වීමෙන් ඇදුම,ආමාශගත රෝග,හදවත් රෝග ආදිය සමනය වන බව සොයාගෙන තිබේ.එමෙන්ම මානසික රෝග සමනය කිරීමේ හැකියාවක් ද ස්නායු ගත ආබාධ සුව කිරීමේ ශක්තියක් ද නිල් වර්ණයට තිබේ. කුඩා ළමයින්ට සෑදෙන සරම්ප,කම්මුල් ගාය,පිටගැස්ම,හිස කැක්කුම වැනි රෝග සෑදීමේ අවදානම ද අඩු කරයි.
කෘමි සතුන් ඇඳ මකුණන්,මදුරුවන් දෂ්ට කිරීම් අඩුවීම නිල්පාට නිසා සිදුවේ.උගුරේ ආබාධ,කාන්තා ඔසප් වේදනා නිල් පැහැයෙන් සමනය වේ.විවිධ කම්පන අවස්ථාවලදී නිල් පැහැති බිත්ති ඇති කාමරයක ගතකිරීමෙන් සුව වීම සිදුවේ.ප්‍රතිශක්තිය වැඩිකිරීමෙන් බෝවෙන රෝග සෑදීමේ අවදානම ද අඩු කිරීමට නිල් වර්ණ ආලේප කළ කාමරයට හැකියාවක් පවතින බව විද්වතුන්ගේ ද මතය වී තිබේ.
කහ වර්ණය
කහ වර්ණය කල්පනා ශක්තිය වැඩිකරමින් තර්කානුකූල බව වර්ධනය කරයි.ස්වයං පාලනය ඇති කරයි.අන්‍යයන් සමඟ එකමුතුව වැඩ කිරීමේ ශක්තිය ලබා දේ.
නිලට කැමති පුද්ගලයා තුළ ධනාත්මක චින්තනය වර්ධනය කරන බවද විද්‍යාඥයන්ගේ මතයයි. ස්නායුවලට බලපාන කහ වර්ණය මොළය වෙහෙසවා වැඩ කරන අයට සුබ වේ.සිහිමඳ අයට උන්මත්තකයින්ට සුදුසු වන්නේ කහ වර්ණය ගැල් වූ කාමරයයි.
අධික කෝපය ඇතිවන අයටද නිතර අමතක වන ගතිය ඇති අයටද කහ වර්ණය ගැල්වූ කාමරය සුදුසුය. මේ වර්ණය ගැල්වූ කාමරය අධික කෝපය නැති කරයි.ආහාර ජීර්ණ පද්ධතියේ රෝග,චර්ම ආබාධ,හර්නියා,රක්තවාත,හන්දිපත් රෝග සමනය කිරීමේ ශක්තිය කහ වර්ණයට පවතින බව පිළිගැනීමයි.
රෝස වර්ණය
පුද්ගලයෙකුගේ ආත්ම ශක්තිය ,විශ්වාසය, වර්ධනය වේ.මනෝ පීඩාකාරී භාවය,බිය කනස්සල්ල ආදී තත්ත්වයන් අඩු කරයි.අධිරුධිර පීඩනය, ඉරුවාරදය සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වලින් මිදීමේ හැකියාවක් ඇති බව පැවසේ.කාන්තාවන්ගේ ඔසප් දෝෂ දුරුකිරීමට හේතුවන රෝස වර්ණය ආලේප කළ කාමර පුරුෂයන්ගේ ලිංගික දුර්වලතා සුවකිරීමට ද හේතුවෙයි.
තැඹිලි වර්ණය
තැඹිලි වර්ණය ආලේප කළ කාමරයක ජීවත්වීමෙන් පිළිකා තත්ත්වයන් වකුගඩු ආබාධ පෙනහළුවල පවතින රෝග අවම කිරීමේ හැකියාව ජනිත කරයි.
ක්ෂය රෝගීන්ට පුදුම ගුණයක් මේ වර්ණය ඇති කාමරයේ දී ලැබේ.කාන්තාවන්ගේ ඔසප් වේදනාව සහ පශ්චාත් ප්‍රසව ආබාධ සමනය කිරීමේ හැකියාවක් පවතින බවද ප්රකාශවේ.ගර්භනී මවුවරුන්ගේ නිදන කාමරයේ තැඹිලි වර්ණ ආලේප කිරීමෙන් ඔවුන්ට කරදරයක් නැතිව දරු ප්‍රසූතියට මුහුණදීමට හැකිවේ.
දම් වර්ණය
නිදන කාමරයේ බිත්ති මත ලා දම් පාට ගැල්වීමෙන් මානසික හා අධ්‍යාත්මික ශක්තීන් වර්ධනයට බලපානු ඇත.දම් වර්ණය මගින් වකුගඩු හා මුත්‍රා ආබාධ සුවවේ.රූමැටික් උණ සමනය කරන දම් පාට ස්නායු ගත ආබාධයන් ද නිවාරණය කරයි.
මොළයේ ගෙඩි ඇති රෝගීන්ට මේ වර්ණය සහනකාරී වනු ඇත.එමෙන්ම කොන්දේ ඇතිවන වේදනාවන් සමනය කිරීමේ මනා හැකියාවක් පවතින බවද සනාථ වී තිබේ.
කොළ වර්ණය
පුද්ගලයාගේ ද්වේශ සහගත හැඟීම් අඩුකරයි.චිත්ත වේගය පාලනය වේ . පලිගැනීමේ චේතනාව දුරුකරයි.
රුධිර පීඩනය පාලනය කරන මේ වර්ණය හිසරදය සෙම්ප්‍රතිශ්‍යාව සුව කරයි.තුවාල සුවවේ.පිළිකා සෑදීම වලකයි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් කරයි.
දියවැඩියා රෝගීන්ට නිදා ගැනීමට යෝග්‍ය වන්නේ ද කොළ පාට ගැල් වූ කාමරයකය.
ජ්‍යොතිෂයේදී - එම්.යූ.ජේ.ද සිල්වා
0 comments:
Post a Comment