අපට පවතින ග්‍රහදෝෂ ඉවත් කර ගැනීමට, අපගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට රවි හෙවත් සුර්ය දිව්‍ය රාජ්යාගෙන් ලැබිය හැකි පිටුවහල ඉතා විශාලය. සුර්යයා ලෝකය බිහි කරයි. පාලනය කරයි. විනාශ කරයි. සුර්ය වන්දනාව විවිධ අයුරින් කළ හැක. අපට දැනුම නැමැති ආලෝකය ලබා දෙනුයේ ද රවි හෙවත් සුර්යා වේ.විශ්වයේ සියලු දෙයකම පැවැත්ම සුර්යා මුල් කොට පවතී. සුර්යාගේ ගුණය ගැන කියැවෙන පහත ස්තෝත්‍රය අධ්‍යනය කරන්න.
'සොනම්භෝරු හසම් ස්ථිතම් ත්රිනයනම්
වේද ත්රෛවිග්රහම්
ධනම් භෝජ ශායනී දධතම් හස්තේයි
ප්‍රවල පුනාම්
කේයුරම් දද හරකම් කනදරම් කාර
තොල්ල සත්කුන්ඩලම්
ලෝකෝත්පත්ති විනාශ පාලන කරම්
සුර්යම් ගුනබ්ධිධිං භජේ
සුර්යා රාශි දොලස තුළ දොළස් ආකාරයකින් හැසිරේ.
මේ ආකාර දොළස එකිනෙකට වෙනස් වේ.
රවි නෛසර්ගික ආත්ම කාරක ග්‍රහයා වන අතර ලග්නයට කාරක වේ. ලග්නයට කාරක වන හෙයින් ශරිරයේ පාලනය රවි සතුවේ.
සඳු කාරක වනුයේ මනසටයි. ශාරීරක සෞඛ්‍ය සඳහා ශාන්ති කර්ම රවි මුල්කර කළයුතු වන්නේ මේ හේතුවෙනි. ඉහත කරුණු ජ්‍යොතිෂ සිදධාන්තයක් ගැඹුරින් හදාරන අය වෙනුවෙනි. ( කරු හින්කෙන්ද මහතාගේ පාරම්පරික ජ්‍යෝතිෂ රහස් ග්රන්ථයේද මේ පිළිබඳ ලියැවී ඇත.)
සුර්යාට රාශි 12දී ආකාර 12කින් ආමන්ත්‍රණය කෙරේ. දේව යනුවෙන් දේවතා යන වදනින් කිසියම් දෙයක් ලබා දෙන්නා යන අර්ථය ගෙන දේ. මේ සුර්ය වන්දනාව තුළින් ලෞකික සැප සම්පත් වර්ධනය මෙන්ම ප්‍රඥා වර්ධනයද ලබා ගත හැකිවේ. සත්වන රාශිය බලවත් කීරීම විවාහයටද දසවන රාශිය බලවත් වීම රැකියාව සඳහාද යහපත් වේ. ද්වාදශ ආදිත්‍ය වශයෙන් හඳුන්වා දෙන සුර්ය දේවතා නාමය අනුව තම කේන්ද්‍රයේ රවි තැන්පත් ස්ථානයට ආදාළ මන්ත්‍රය දිනපතා උදෑසන 108 වර භක්තියෙක් යුතුව ගායනා කිරීම තම බලාපොරොත්තු පරමාර්ථ ඉටු වීමට හේතු වේ.
ද්වාදශ ආදිත්‍ය
මේෂ - ද්රාත
වෘෂභ - ආර්යව
මිථුන - මිත්‍ර
කටක - වරුණ
සිංහ - ඉන්ද්‍ර
කන්‍යා - විවාශ්වත්
තුලා - පුෂ
වෘශ්චික - පරජන්ය
ධනු - අත්ශුමාන්
මකර - භාග
කුම්භ - ත්වස්ත
මීන - විෂ්ණු
මෙහිදී මේෂ රාශියේ රවි තැන්පත් අයකුගේ මන්ත්‍රය වනුයේ.
'ඕම් ද්රාත ආදිත්යයේ ඕම්' වන අතර කන්‍යා රාශියේ රවි සිටීනම් එම තැනැත්තා 'ඕම් විවාශ්වත් ආදීත්යයේ ඕම්' මන්ත්‍රය භාවිත කළ යුතුවේ. මුලින් සඳහන් කර ඇති ස්තෝත්‍රය කීමෙන් පසු තමන්ට අදාළ මන්ත්‍රය 108 වර කිව යුතුවේ. මේ මන්ත්‍ර ගායනයේදි කොඳු ඇට පෙළ සෘජුව තබාගනිමින් වාඩි වී මනස එකඟකර ගනිමින් කීම ඉතා වැදගත් වේ.
ප්රවිණ ජ්‍යෝතිෂවේදී
කිරින්දේ ඩී. ඒ. වික්‍රමසිංහ
0 comments:
Post a Comment