කොපි කිරීම නිවට ගතියකි.එසේ කියන්නේ කොපියක් යනු අන් අයකු විසින් නිර්මාණය කරන ලද දෙයක සෙවනැල්ලක් වන නිසාය.
පුද්ගලයා යන යන තැනට සෙවනැල්ල ඇදී එන්නා සේ සෙවනැල්ල යන යන තැනට පුද්ගලයා යන්නේ එන්නේ නැත.පුද්ගලයා නොමැති නම් සෙවනැල්ලක්ද නොපවතී.මේ සෙවනැල්ල කොපියකට සමාන කළේ එහෙයිනි. කිසියම් කෙනෙකු අලුත් දෙයක් හඳුන්වා දුන් පසු එයම කොපි කරමින් යාන්තම් ජාම ගැටගසා ගැනීම නිවටකමක් වන්නේ මුල් නිර්මාණය නොමැති නම් මේ කොපිකාරයන්ට ද පැවැත්මක් නැති නිසාය.
කොපිය හෙවත් අනුකාරකයා හැම විටම සෙවනැල්ලක් පරිදි ඇදි ඇදී වැනි වැනී පවතිනවා මිස තමන්ටම කියා පැවැත්මක් ඇති කර ගැනීමට මෙහි ලා අපොහොසත් ය. සෑම පුද්ගලයෙක්ම නිර්මාණ කරුවෙකි. තමා සතු එම හැකියාව හඳුනා ගෙන ඔප් නංවා ගනු මිස අනුන්ගේ දේ තමාගේ මෙන් කොපි කරන්නට යාම අර මුලින් කී නිර්මාණාත්මක මිනිස් ගුණයට කරන නිගාවකි. එය නිවට මානසිකත්වයක් යැයි කියා මුලින්ම කීවේ ද ඒ නිසාය.
ලග්නයේ කාරක ග්රහයා රවිය.එහි අදහස වන්නේ ලග්න ශීර්ෂය නිසි ලෙස ක්රියාත්මක වන්නේ රවි ග්රහයාගේ හොඳ නරක පිහිටීම අනුව බවයි.ගුරු ද බුධ ද රවිට හිතවත් ග්රහයෝ වෙති.රවි ග්රහයා වෙනුවට ගුරු ග්රහයා ලග්නයේ සිටි විට වඩාත් යහපත් වේ.
මේ ලෙසටම කිසියම් පුද්ගලයෙකු අලුත් යමක් ඉදිරිපත් කිරීමට උත්සහ ගන්නේ නම් තමා සතු හැකියාව පදනම් කොට ගෙන තමන්ට හිතවත් අයගෙන් උදව් උපකාර ගැනීම වරදක් නැත.
ලග්නයේ සෙනසුරු සිකුරු රාහු කේතු වැනි ග්රහයෙකු තැන්පත්ව සිටින්නේ නම් ලග්නයේ කාරක බලය හිමි රවි ග්රහයාට මොවුහු සතුරෝ වෙති.එවිට සිදුවන්නේ කුමක්ද?සියලු දෙයම නොපිටට හැරීමය.ඒ ලෙසටම දැනුමෙන් කුසලතාවයෙන් හා නිර්මාණාත්මක හැකියාවෙන් හීන දීන පුද්ගලයන් අලුත් අලුත් දෑ නිර්මාණය කරන්නට කොතෙක් උත්සාහ ගත්ත ද එය සමාන වන්නේ වඳ පීදුනුකෙසෙල් ගසකට පෙහොර දැමීම වැනි ක්රියාවකටය.
තමාට නැති දේ අනුන්ගෙන් සොරා ගන්නට මෙවැන්නෝ නිතැතින්ම යොමු වෙති. එහෙත් ඔහු හැරෙන්නට අන් සියලු දෙනාම අර සොරකම දකිති.ලග්නයේ එයට සතුරු ග්රහයන් තැන්පත් වුණා සේම මේ පුද්ගලයන් ද ඔලුවට රැගෙන තිබෙන්නේ තමාට නොගැලපෙන කටයුතු ය. එමඟින් පුද්ගලයාට ද සමාජයටද අත්වන සෙතක් නැත.ලග්නයට සතුරු නමුත් සෙනසුරු වැනි ග්රහයෙක් තුන් වැන්නට හය වැන්නට සහ එකොළොස් වැන්නට සුබ යැයි කියති.එපරිද්දෙන් අනුකරණය ට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් තම තමාට ඇත්තෙන්ම උචිත තැන් හඳුනාගෙන ඒ තැන්වල සිට තමන්ට ගැලපෙන කටයුතු ආරම්භ කරන්නේ නම් එමඟින් පුද්ගලයාටත් සමාජයටත් යහපතක්ම උදාවේ.
යටත් පිරිසෙන් ඔහුට කාගේවත් සෙවනැල්ලක් නොවී පවතින්නට වාසනාව ලැබේ.

0 comments:
Post a Comment