පවුලේ වැඩිමලා නම් ගෙදරට සුර දූතියකි
සැමියාට දරුවන්ට පණසේ ආදරය කරයි
අන් මත නොපිළිගැනීම දුබල කමකි
ඇඟ බේරා ගෙන අතුරේ වුවද යා හැකිය
ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.
සඳු ග්‍රහයා කන්‍යා රාශියේ සිටිය දී උපන් කාන්තාව ඉතා මනහරය.වයසට වඩා .තරුණ බවක් නිතරම ඇය වෙතින් පළවේ.කාන්තිමත් මුහුණකට උරුමකම් කියයි.දෙතොල්,නාසය,ඇස් යනාදිය හොඳින් වැඩී ඇත.ඕනෑම තැනෙක මැගේ නාරි ලාලිත්‍යය කැපී පෙනේ . පිරිසිදුව සහ නිසි පිළවෙළට ජීවිතය පවත්වා ගනී.
තම සැමියාට මෙන්ම අන් ස්ත්රීන්ගේ පුරුෂයන් කෙරෙහිද ආකර්ෂණය වේ. එහෙත් තම පවුල් ජීවිතය ස්ථාවරව සහ ප්‍රීතිමත්ව පවත්වා ගෙන යෑමටද සමත් වන්නීය.
ලෝකාශ්වාද රතිය කෙරෙහි තදින් නැඹුරු වන්නා සේම, දරුවන් කෙරෙහි ඉමහත් ලෙස සෙනෙහස දායාද කරන ක්‍රියාශීලී තැනැත්තියකි.ගේ දොර - කාර්යාලීය මේසය සහ තමා පරිහරණය කරන සියලු දෙයම පිළිවෙළකට තබා ගැනීමට නිතර වග බලා ගනී.ඉතා හොඳ ගෘහණියකි.
සමාජ සබඳතා පැවැත්වීමේ දී මැය ජනප්‍රිය චරිතයකි. ඉතා කපටි ලෙස අන් අය ඇසුරු කරන්නියකි.ඕනෑම කෙනෙකු කියන දේ අසා සිටින නමුත් ඒ කිසිවක් ඇඟට ගත්නේනැත.තම මතය සත්‍යය ලෙස අදහයි.ඇතැම් විට බලහත්කාරයෙන් තම අදහස් අන් අය මතට පැටවීමටද මැය උත්සාහ ගනී. සියල්ල වැරදිය තමා පමණක් නිවැරදිය යන මානසිකත්වයෙන් පෙළීම මැගේ බලවත් දුබලකමකි.
ඔබේ කේන්දරයේ සඳු තැන්පත්ව සිටින්නේ කන්‍යා රාශියේ නම් ඔබේ සිතිවිලි මතම අන් අය හැසිරිය යුතුය යන ආකල්පය ඉවත් කර ගැනීමටද අන් අයගේ මතයන්ට ගරු කිරීමට ද හුරුවන්නේ නම් මැනවි.
විටෙක ඉතා සොඳුරු ලෙස අන් අය අතර ජනාදරයට පත්වන මැය තවත් විටෙක රෞද්‍ර විලාශයෙන් ක්‍රියාකර අන්අය අතර අප්‍රසාදයට ලක් වේ. සංගීතය,නර්ථනට පොත් පත් කියවීම යනාදිය තදින් ප්‍රිය කරන්නියකි.එහෙත් ඒවා පරිශීලනය කරන්නේ තෝරා බේරා ගැනීමෙන් අනතුරුවය. එකී තේරීම සීමාන්තික වීම නිසා ජීවිතයට ලබාගත හැකි බොහෝ රස විඳීම් සහ අවබෝධය අහිමිකර ගනී.
යම් යම් කාලවල ජීවිතයේ ඉතා දරුණු පසුබැසීම්වලට ලක්වේ.එහෙත් සාමාන්‍යයෙන් සැපවත් ජීවිතයක් ගෙන යෑමට භාග්‍ය ඇති තැනැත්තියකි.
කන්‍යාව බුධට අයත් රාශියකි.මෙහි සඳු තැන්පත් ව සිටියදී උපන් කාන්තාවට ප්‍රිය මනාප කතා විලාසයක් හා මිහිරි කට හඬක් හිමි වේ. තරමක ආක්‍රමණශීලි ගතියක්ද නැතිවා නොවේ.මිහිරි හඬින් කතා කළද අන් අයගේ සිත රිදවන වචන භාවිතා කිරීමටද පැකිලෙන්නේ නැත.
පුද්ගලයන් සහ සිදුවීම් විනිවිද දැකීමේ හැකියාව මැය සතුය.එහෙත් සියල්ල තමා මුල්කොට ගෙන සිතන නිසා අන් අයගේ නොමනාපයට ලක්වේ මහේ ශාක්‍ය ලීලාවක් පෙන්නුම් කරන නමුත් සිතිවිලි සහ ගති පැවැතුම් අතින් තරමක් බොළඳය.
සමස්තයක් වශයෙන් ගත් කල කන්‍යා රාශියේ සඳු සිටියදී උපන් කාන්තාව රූබරය.පින්බරය.එමෙන්ම මැය ගෙදරට නිසැකයෙන්ම සිරිකතකි.තම සැමියාට සහ දරුවන්ට පණ සේ ආදරය කරන්නියකි.සමාජයේ කුල කතක් ලෙස ගෞරවය ලබන අතර උසස් නිලතල දැරීමේ වාසනාවද හිමිවේ.අරපිරිමැස්මට හපනියකි.දෙයක් දෙතොත් දෙන්නේ තමාටද අනෙකාටද වැඩකට ගත නොහැකි දෙයකි. දෙබිඩි ගතිය මුළු ජීවිතය පුරාම පවතී.එහෙත් නරක ගති සඟවාගෙන සමාජයේ ජීවත්වන කලාව මැනවින් දනී. වයසට නොයන රූ සපුවකට හිමිකම් කීවද සැඟවුණු රෝග රාශියක් සිරුරේ පවතී.රුධිරගත සීනි -රුධිරගත මේදය හා තරබාරුව අනතුරුදායකය.ආහාර ජීර්ණ පද්දතියේ රෝග නිතර හට ගනී.
කිසියම් පවුලක මෙවැනි කාන්තාවක පළමු ලෙස උපත ලබා ඇත්නම් ඇගේ දෙමාපියන්ගේ වාසනාව ළඟාකර ගනු ඇත.ස්ථිර නිවසකට උරුමකම් කියයි. නිශ්චල දේපළ සම්භාරයකටද හිමිකම් කීමට සමත් වාසනාව ඇති තැනැත්තියකි.
කුමන දේ කළත් කරේ එල්ලාගෙන කරන්නේ නැත.ඇඟ බේරාගෙන වැඩ කරන කලාව මැනවින් දනී. අන්මත නොපිළිගැනීම මැගේ ලොකුම දුබලකමය.තමා නිවැරදි යැයි ද අන් අය දෝෂ සහිත යැයිද කල්පනා කරයි. මේ දුබලකම් දුරුකර ගත්තොත් ඉතා වාසනාවන්ත සිරිකතකි.
මාරියා සැන්ටෝස් අමෙරිකාවේ සිට
0 comments:
Post a Comment