තම දරුවන් කෙරෙහි බැඳුණු සිතින් ආදරයෙන් මිය ගිය මව් පිය වැඩිහිටියෝ මිය යන
විට ඔවුන් සිතින් අත් නොහැරීම නිසා ඒ අය ලඟම දුගති ගාමීව උපදිති.
මියගිය කෙනෙක් ජීවත්ව සිටින දරුවන්ට උදව් කරන්නට උත්සාහ කරති . මේ ආදරය, ඇලීම අත්හරින්නට නොහැකි යි ආදී වචනවලින් විස්තර කළ හැකි ක්‍රියාවලිය ලෝභය මූලික වූ අකුසල චෛතසිකය හෙවත් ලෝභය නමැති හේතුවේ ඵලයකි. මේ මිනිස් නොමිනිස් සම්බන්ධතාවය ඉතා සියුම්ව නුවණින් බලා කටයුතු නොකළහොත් මහා විනාශ සිදුවීමට ද පුළුවන.
'සෙත්මිණේ' පලවෙන 'නොපෙනෙන ලෝකය'විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල් කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගන්නට පැමිණි ධමිමිකා රත්නපුර ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි කාන්තාවකි. ස්වාමි පුරුෂයාත් සොහොයුරියකුත් සමඟ පැමිණි ඇය කසුන් නාගොඩ විතාන මහතා මුණගැසී තමන්ට වැළඳී ඇති රෝගී තත්ත්වය පැහැදිලි කළාය.
'මහත්තයා මට කෑම කන්න බැහැ. අප්‍රියයි. යමක් කෑවොත් වමනය යනවා.අසාමාන්‍ය විදිහට බඩ ඉදිමිලා. මේ බඩ ඉදිමීම නිසා හුස්ම ගන්නත් අමාරුයි.ශරීරයේ ලේ මට්ටමත් අසාමාන්‍ය විදිහට පහළට බැහැලා.වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් කිසිම සුවයක් ,සනීපයක් නෑ.වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලින් ලෙඩක් අහුවෙන්නේ නැතිලු.මේ අතර අපේ මැරිච්ච අම්මා ඇඟට වැහෙනවා'යි ඇය කීවාය.
'අම්මගෙ භූතාත්මය වැහෙන්නෙ කොච්චර කල් ඉඳලද? ගවේෂකවරයා ඇසීය.
'දැනට හය මාසයක් විතර වෙනවා.ඊට කලින් මේ අක්කට තමයි වැහුණේ.ඒ කාලෙ අක්කා ආරූඪයෙන් දේවාලයක් කළා.දැන් අක්කට වැහෙන්නේ නෑ.මගේ ඇඟට එනවා'යි ධමිමිකා කීවාය.
මේ අතර ඇය අසල සිටි හැට දෙහැවරිදි ඇගේ අක්කා රංජනී කතාව මැදට හවුල් වූවාය.
'ඒක තමයි කලින් මටයි වැහුණේ.ඒ ආරූඪයෙන් මම හොඳට වැඩකරගෙන ගියා.දැන් නංගිගෙ ඇඟට ඇවිත් .ඒ වරම මට හදා දෙන්න මහත්තයා. මම කලිනුත් කරපු දේනෙ. අනිත් එක නංගි ආරූඪයෙන් වැඩ කරන්නත් කැමති නෑ.ආයෙත් වරම මට හදාගන්න ඕනෑයි කීවාය.
'මෙතන බෞද්ධ පිළිවෙතින් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක්. සාත්තර කියන්න වරම් හදන තැනක් නොවෙයි. ගෙවල් ආරක්ෂා කරන තැනකුත් නොවෙයි.යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන තැනකුත් නොවෙයි. ප්‍රතිකාරයේ දී අවශ්‍ය වුණොත් ආරක්ෂා යොදා දෙනවා .ඒත් බෞද්ධ පිළිවෙත් වලින්. බොහොම කණගාටුයි වරම හදැගන්න නම් වෙන තැනකට යන්න.මෙතැන ඒවනම් කරන්නෙ නෑ'යි නාගොඩවිතාන මහතා කීය.
අනේ මහත්තයා ඔය ආරූඪවලින් අපට වැඩක් නෑ.මෙන්න මෙයාගෙ ලෙඩේ සුවකර දෙන්නැයි ධම්මිකාගේ සැමියා කීවේය.
ගවේෂකවරයා ධමිමිකා වෙත ශක්ති කිරණ එල්ල කෙළේය.ඇය වෙව්ලන්නට වී සිහිසුන්ව වැටුණාය.ධම්මිකාගේ ශරීර ශක්තිය දුර්වල බැවින් ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.
ඊළඟ දිනයේ පැමිණි ධම්මිකා ප්‍රලය වූවාය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.
'කවුද මේ ශරීරයට රිංගා ගෙනකරදර කරන්නේ
මම කරදර කරන්නේ නෑ.මේ කෙල්ලට මම ආදරෙයි'භූතාත්මය කීවාය.
'කවුද කියලයි මම ඇහැව්වේ?
මම මැගිලින්
කවුද මැගින් කියන්නේ.
මේ කෙල්ලගෙ අම්මා
ඇයි මේ දුවව ලෙඩ කරන්නේ
මහත්තයා මම කතරගම දෙවි හැමුදුරුවන් ළඟ ආවතේව කරන කෙනෙක්.මම ආවේ කෙල්ලට ආදරේට.කෙල්ලට කැඹුරුමක් දෙන්නැයි භූතාත්මය කීවාය.
කලින් ලොකු දුව ළඟට ගිහින් දැන් මොකද මේ පොඩිදුව ළඟට ආවේ
මම කලින් අරකිට තමයි උදව් කළේ.ඒකි දේවාලයක් හදාගෙන හොඳට හම්බ කරගෙන ආවා.ඒත් පස්සෙ පස්සෙ මේකිගෙ අතට සල්ලි එන කොට නරක වැඩ කරන්නත් හිටියා.
මොනවද ලොකුදුව කරපු නරක වැඩ
ඇයි මේ මිනිස්සුන්ට අණවිණ හූනියම් කරලා හම්බ කරන්න හිටියානෙ. මම ඒවාට කැමති නෑ. මේකි හොඳ නෑ මහත්තයා. මේකිගෙ වල් වැඩ හින්ද මිනිහත් දාලා ගියා.මේකි දැන් වයස අවුරුදු හතලිහේ පුතාලා ඉන්න ආච්චි අම්මා කෙනෙක්. දැන් මේකි අවුරුදු තිහේ කොල්ලෙක් තියාගෙන ඉන්නවා. මම ඒවට විරුද්ධයි. මම දැන් මේකිට උදව් කරන්නෑ. පොඩි කෙල්ලට උදව් කරන්නයි ආවේ'යි භූතාත්මය කීවාය.
'දැන් ධම්මිකාගෙ අම්මා ධම්මිකාගෙ ශරීරයට ඇවිත් ඉන්නවා. නෝනයි මහත්තයයි දෙන්නම කැඹුරුමක් ගන්න අකැමැති නම් දැන් කෙලින්ම අම්මගෙ ප්රාණකාරයට කියන්න. අනේ අපිට එපා කියලා යැයි ගවේෂකවරයා ධම්මිකාගේ සැමියාට කීවේය.
එවිට ධම්මිකාගේ සැමියා 'අනේ අම්මේ අපට ඕවා එපා අපට නිදහසේ ඉන්න දෙන්න. බලන්න දැන් ධම්මිකා මාස හයක් තිස්සේ දුක් විඳිනවා. හරියට කෑමක් බීමක් කන්න බොන්න නෑ. දැන් බලනකොට හොඳට ජීවත්වෙන එකත් අපට නරකට හිටලා. මේ කරන වැඩෙන් අම්මත් පවු පුරවා ගන්නවායි. භූතාත්මය අමතා කීවේය.
භූතාත්මය අඬන්නට විය.
'අනේ මහත්තයා මට ගෙවල් දොරවල් අතහැර යන්න හිතෙන්නෙ නෑ.
මහත්තයා කියන්නෙ මට ආයෙත් අරකි ගාවට යන්න කියලද භූතාත්මය ගවේෂකවරයාගෙන් ඇසීය.
නෑ..නෑ..මම එහෙම කියන්නෙ නෑ. මිනිස්සුන්ට බොරු කියලා වැරදි වැඩ කරනවට මම තදින්ම විරුද්ධයි. ගවේෂකවරයා කීවේය.
ඉතින් මට මොකද කරන්න කියන්නෙ මහත්තයා.
තමුන් මම කියන දේ පිළිගන්නවද?
ඔව්
ඇයි ඔබතුමිය මම කියන දේ පිළිගන්නේ
මම දන්නවා මෙතන වැරදි වැඩ නොකරන බව.විශ්වාසයටයි මම පිළිගන්නේ.
එහෙනම් අහගන්න.ඔබ තුමිය හොඳ මවක් .දරුවන්ට ආදරෙයි.ඒ වුණත් ඔය කරන වැඩේ වැරදියි.ලොකු දුවට කැඹුරුමක් දුන්නා.එයා වැඩකළා.එහෙමනම් ඔබ වැරදියි. එයා වැරදි කළේ ඔබේ උදව්වෙන්. ඔබ එදා සිටි අය නෙවෙයි දැන් මැගිලින් මැරිලා. තණ්හාව ආශාව නිසා ප්‍රේතියෙක් වෙලා. ඔබේ දරුවන් ජීවත්වේවි. ඒ අයගෙ ජීවිතවලට ඇඟිලි ගහන්න එපා. ඔබට තවත් දුක් විඳින්න වේවි.ඔය අදහස අත්හරින්න. ඔය දුක්ඛිත ආත්මයෙන් මිදිලා දිව්යාංගනාවියක් වෙන්න. දිව්‍ය සැප විඳින්න. දෙවියන් අතරට ගිහින් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න.
'මම ඒකට මොනවද කරන්න ඕනෙ මහත්තයා
මම දැන් දුවටයි බෑණටයි තවත් බෝධිපූජා දහ හතරක් තියන්න නියම කරනවා.ඒ අය එක්ක පන්සලට ගිහින් පිනට දහමට යොමුවෙන්න. ඒ අය බුදු ගුණ දහම් ගුණ සඟ ගුණ කියන විට අහගෙන ඉන්න. පිරිත් අහගෙන ඉන්න. ඊට පස්සෙ සාංඝික දානයක් දී පින් අනුමෝදන් කරන්න කියන්නම්.ඒ පින් අනුමෝදන් වෙලා තවත් හොඳ තැනකට යමු.යි කී ගවේෂකවරයා ඒ සඳහා ධම්මිකා ගේ සැමියා දැනුවත් කළේය.
සාංඝික දානයෙන් පසු ධම්මිකා නැවත පැමිණියාය.එදිනද මැගිලින්ගේ ප්‍රාණකාරයා ආවිශ්ට වූවාය.
'දැන් කොහොමද ගවේෂකවරයා ඇසීය.
මම පින් අනුමෝදන් වුණා මහත්තයා.මම දැන් මේ අය අතහැර යන්න සූදානම් මට හොඳ සිද්ධස්ථානයක් සොයා දෙන්න.
ධම්මිකා ලවා පළතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට ඔවුන් සමඟ අනුරාධපුරයට යැවීය.
මතුගම මහින්ද විජේතිලක

0 comments:
Post a Comment