5, 7, 8, 12
භාවයන් සිකුරු කුජ ශනි
ග්‍රහයන්ගේ නිවේදකත්වයෙන් පණ ගැන්වූ විට කාමාතුර ස්ත්‍රීන් බිහිවේ.
අතිශයෙන්ම ප්‍රකටව සිටි නිළියකට හිමි කේන්දරයක් ඇසුරෙන් මේ පිළිබඳ කතා කරමු.
ඇය රංගනයේදී ජනප්‍රියත්වයේ ඉහළටම ගියාය.අධික රාගී කාමුක යෝග යෙදීම නිසා වරින් වර විවාහ කීපයක් කරගත්තාය.අනාචාර හැසිරීම් ද විය. වයස අවුරුදු දොළහ තරම ලාබාල වයසේ දී කාමාතුර පිරිමින්ගේ ලිංගික අතවරවලටද ලක්වූවාය.
ඉතා ප්‍රසිද්ධ මේ කාන්තාවගේ නාමය හෙළිනොකර කේන්ද්‍රය පිළිබඳ විග්‍රහයක යෙදෙන්නට මම සිතුවෙමි.
ඇයට එවැනි තත්ත්වයක් ඇති වූයේ කෙසේද යන්න ඇගේ කේන්දරයෙන් විමසමු.
උපපති ශුක්‍රය. 5,11 උපපති බුධය.පහ අධිපති කුජ වන අතර 11 අධිපති ද ශුක්‍රය.විවාහය වරින් වර කැඩී ඒ අතරතුර පවා වෙනත් පුරුෂයන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමට ඇය පෙළඹුනාය.
මෙය විෂ කන්‍යා යෝගය වශයෙන් සම්ප්‍රදායික තීන්දු ජ්‍යොතිෂයේදී හඳුන්වයි.ලග්නයේ උපපති ශුක්‍රවීමෙන් ද එම ශුක්‍ර කාමය පණගැන්වෙන රාශියක් වන මේෂයේ තැන්පත්වීමෙන් ද එම ශුක්‍රගේ නැකැත් හා උපස්ථානවල කුජ,ශනි ඇතුලු තවත් ග්‍රහයන් කීපදෙනෙකු සිටීමෙන්ද ලග්නාධිපති සඳු කුජගේ නැකතක සිටීමෙන් සඳුට ශනිගෙන් චතුරශ්‍රය ලැබේ.
තම ප්‍රසිද්ධිය මධ්‍යයේ වුවත් අපචාරවත් ජීවිතයකට පෙළඹීම මෙමගින් පෙන්වයි.
විශේෂයෙන්5,11 උපපති බුධ බහුවිධ ග්‍රහයෙකුවීමෙන් ද පාප පීඩිත සඳුගේ නැකතක හා අට සිටින ගුරුගේ උපස්ථානයක වීමෙන් ද මෙවැනි රහස් ජීවිතයකට දපෙළඹෙනවා ඇත.
ගුරුද අටේ සිටින කුජගේ නැකැතක හා සිකුරුගේ උපස්ථානයක සිටී. 5,7,8,12 යන භාවයන්හි සිකුරු කුජ ශනි වැනි ග්‍රහයන්ගේ නිවේදකත්වයෙන් පනගැන්වූ විට කාමාතුර ස්ත්‍රීන් බිහිකරයි.හත උපපති කේතු ද ශුක්‍රගේ නැකතක සිටී. හත අධිපති ශනි ද ඇත්තේ ශුක්‍රගේ උපස්ථානයකය. අට කුජගෙන් ශනිට ත්‍රිකෝණයක් ඇත. 8,12 වැනි භාවයන්ගෙන් ලැබෙන ත්‍රිකෝණය පවා පාප පීඩිත වෙයි.(එය ක්‍රිෂ්ණමූර්ති සිද්ධාන්තයකි.)
වයස 11 සිටම මැය ගතකර ඇත්තේ රාහු මහදසාවයි. ලාබාල වියේදීම විවායක් කරගත් අතර එම පළමු විවාහයද ලාබාල වයේදීම අසාර්ථක විය.
රාහු තැන්පත්ව ඇත්තේ ද මිථුනයේ හෙවත් බහුවිධ රාශියකය.රාහුගේ උපපතියා ද බුධය.රාහුට කුජගෙන් ත්‍රිකෝණයක් ද ඇත.මෙයින් විනීත භාවය නැතිකරයි.
රහස් අනාචාර හැසිරීම් ඇති වුවත් රාහු ගුරුගේ නැකතක සිටීමෙනුත් ශනිගෙන් හතරේ සිට ත්‍රිකෝණයක් ලැබීමෙනුත් ලග්නාධිපති සඳු 5,10 අධිපති කුජගේ නැකතක සහ නවය අධිපති ගුරුගේ උපස්ථානයක සිටීමෙනුත් ගණිකාවක් වීමේ අන්තයටම යෑම වැළකුණේය.
නැප්චූන් ලග්නයෙන් ශනි හතරේත් සඳු හතේත් සිටීමෙන් එකිනෙකාට චතුරශ්‍රයක් සහ සප්තමයක් ලබවි. මානසික පිඩා ප්‍රබල ලෙස ගෙන දෙන ග්‍රහ සංයෝජනයකි. එම මානසික පීඩාව ජීවිතයේ විවිධ කාලවල තදබල ලෙස ඇය අත් වින්දාය.
අවසානයේ සිදුවූයේ ලොව මහත් ආන්දෝලනයකට ලක් වූ ගුප්ත අභිරහස් මරණයකි.
ජ්‍යොතිෂවේදී
රෝහන් වීරරත්න

0 comments:
Post a Comment