728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-18

    ග්‍රහ ගමනයි දිවි ගමනයි

    මේෂ

    තමන්ගේ දක්ෂතා පෙන්විය හැකි සතියකි.අන්‍යයන්ගේද සහයෝගය ඊට ලැබේ.ගුරු වක්‍රයේ නිසා ඥාතීන් ඈත්වේ.ග්‍රන්ථ එළිදැක්වීමට ගුරුවරුන්ගේ සහය ලැබෙනු ඇත.රැකියාව සම්බන්ධ විශ්වාසය කඩවේ. නව රැකියා ලැබීම ප්‍රමාදය.පැරණි නටඹුන් පිළීබඳ අධ්‍යනයට සිතේ.ප්‍රභූවරයෙකුගේ උදව් මෙන්ම අන්‍ය ජාතිකයන්ගෙන් සහන ලබයි.උණ රෝග මෙන්ම මුත්‍රා රෝග හා ලේ විෂවීමේ රෝග ඇතිවිය හැක.
    ජය අංකය-3,6,5,1 ජය වර්ණ - දුඹුරු,රෝස

    වෘෂභ
    ශාස්ත්‍රීය කටයුතුවලට පිටුපා යාමෙන් ඉදිරි ගමනට බාධා ඇතිවේ.තැන්පත් ධනය වැයවීමෙන් සිතට අසහනකාරී තත්ත්වයක් පැන නගී.දරුවකුගේ විවාහ කටයුතු සම්බන්ධ බලාපොරොත්තු කඩ වේ.යුතුකම් ඉ‍ටුකළද අසල්වැසියන්ගෙන් චෝදනා ඇතිවේ. කෘෂිකාර්මික කටයුතුවලට ජලයෙන් බාධා ඇති වෙයි.ගැහැණු දරුවන්ට උදරාබාධ හේතුවෙන් සුළු ශල්‍යකර්මවලටද මුහුණ දීමට සිදුවිය හැක.මල් වගාවෙන් හොඳ ආර්ථික තත්ත්වයක් ලැබේ.
    ජය අංකය - 9,2,5,1 ජය වර්ණ - රෝස,සුදු

    මිථුන
    රාජ්‍ය සේවයේ අයට ස්ථාන මාරු ඇතිවිය හැක.නිලතල නොලැබුණත් රාජකාරියේ විශාල වගකීම් කොටසක් ඉටුකිරීමට සිදුවෙයි.ව්‍යාපාරිකයන් නව ව්‍යාපාර පටන් ගැනීමටත් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කිරීමටත් සිතයි.අන් අයගේ උපදෙස් ගැනීමේදීත් ලිපි ලේඛන අත්සන් කිරීමේ දීත් කල්පනාකාරී වන්න.අලුත් අය මුණ ගැසීමට සුදුවේ.බලාපොරොත්තු වූ විෂයන් මාරු කිරීමට සිතයි.යහළුවකුගේ අමනාප ගති අධ්‍යාපනයටද බාධා ඇති කරයි.සති අගදී ආගමික කටයුතුවලට යොමුවේ.පිංකම්වලට සහභාගි වේ.
    ජය අංක-4,3,8,1 ජය වර්ණ-රෝස,සුදු

    කටක
    අන්‍ය ජාතීන් හා වැඩකිරීමේදී මුල්තැන ලැබේ.රාජකාරියේ දී චෝදනා ලබයි.සාත්තු සේවයේ නම් ස්ථාන මාරු ඇත.රාජකාරියේ දී වැරදීම් ඇති විය හැක.ගෘහ නිර්මාණ ශිල්පය ඉගෙනීමට විදෙස්ගත වීමේ අවස්ථාව උදාවේ.ගනු දෙනු වලට සුබ නැත.දරුවකුගේ ත්‍යාග ප්‍රදානෝත්සවයක දී ප්‍රභූන් හමුවෙයි.සේවක ගැටලු නිසා නිවෙසේ කටයුතු ප්‍රමාද වේ‍.
    ජය අංක - 7,2,5,8 ජය වර්ණ - දම්

    සිංහ
    ධර්මාව‍බෝධයට වන්දනාමානවලට උනන්දුව ඇතිවේ.රැකියාවේ ගැටලු නිසා කලකිරීමක් ඇතිවේ.මවු පස ඥාතියකුගේ මරණයක් ආරංචි වෙයි.අනවශ්‍ය ප්‍රේම සබඳතා ඇති වේ.දරුවන්ගේ මානසික තත්ත්වය ද අවුල් වෙයි. දේශපාලන කටයුතු වලින් ප්‍රශ්න ඇතිවිය හැක.කලාකටයුතු කරයි නම් ප්‍රසිද්ධ වෙයි. පෙර දැනුමක් නැතිව ඉගැන්වීමට ගොස් කරදර පටලවා ගනී. අමතර භාෂාවන් ඉගෙනීමෙන් උසස් අයගෙන් ගරු සම්මාන ලැබේ. රාහු, සඳු, කේතු,දශා ගතකරන අය තරමක් පරිස්සම්වන්න.
    ජය අංක -5,1,9,7 ජය වර්ණ - මිශ්‍ර වර්ණ

    කන්‍යා
    නොදන්නා දේ පෙන්වීමට ගොස් කරදර ඇතිවේ.විශේෂයෙන් වාහන ගැන වැ‍ඩ කිරීමේ දී හොඳ අවබෝධයක් ඇතිකරගන්න.දුර බැහැර භූමි ලාභ ලැබීමට ඉඩ ඇත.භාෂා කිහිපයක් ඉගෙනීමටත් භාෂා පරිවර්ථනයටත් හැකිවේ. ජාති භේද නිසා විවාහය කල් යයි.නිවාස මාරුවකට ඉඩ ඇත.අසල්වැසියන් සමඟ සිත් අමනාපයක් ඇති කරයි.රවි ග්‍රහයාගේ ‍ගෝචර ගමනක් අඟහරු මීනයට පැමිණීමත් අවාසි ඇති කරයි.ලිපිගොනු සම්බන්ධ ප්‍රශ්න ඇති කරයි.උදරා බාධ ලේ ගමනේ දුර්වලතා හිසේ කැක්කුම,ක්ලාන්තය ආදිය ඇතිකරයි.
    ජය අංක -8,3,6,4 ජය වර්ණ - නිල්,කහ

    තුලා
    සිකුරුගේ බලපෑම මන්දගාමී ස්වභාවයක් ඇති කරයි.දුර්වලතා ඇතිවේ.දේපළ ඉඩකඩම් විකිණීමට සිතයි. දියුණුව මදක් අඩපන කරයි. දරුවකුගේ ගැටළුවක් නිසා නින්ද අවිවේකය ඉක්මන් කෝපය ඇති වේ.පවුලේ සමඟියට බාධා ඇතිකරයි.මවටද මඳක් අපල ඇති කරයි.සිංහල වෙදකම ඉගෙනීමට සිතෙයි.අධ්‍යාපනයට තිබුණු දුර්වලතා මඳක් මඟ හැරේ.විදෙස් ගමන් ඇතිවිය හැක.අත් හැරුණු කෘෂිකර්ම කටයුතු කිරීමට රජයෙන් උපකාර ලැබේ..
    ජය අංක - 8,3,5,1 ජය වර්ණ - කොළ,රන්වන්

    වෘශ්චික
    සෙනසුරු ඒරාෂ්ඨකය නිසා දේපළ හානි ධන හානි ඇතිවෙයි.බලාපොරොත්තු වූ ගනු දෙනුවක් ලැබේ. ආනයන,අපනයන සම්බන්ධ ආයතනයක රැකියාව ලැබේ.ජලාශයක් ආශ්‍රිත රැකියාවකට හිමිකම ඇති අතර රවි මහ දශාව ගතකරන්නෙක් නම් සේවයේ උසස් වීම් හිමි වෙයි.ක්‍රීඩා කටයුතුවලින් විශිෂ්ට ජයක් ලබයි.පිරිමි ළමයි කාන්තාවන් ඇසුරේදී පරිස්සම් වන්න.රැව‍ටීමට,මුදල් පාඩු ඇති වීමට ඉඩ ඇත.
    ජය අංක - 6,8,4,3 ජය වර්ණ - අළු,කහ

    ධනු
    අවිවේකී සතියකි.පෙබරවාරි 16 සිට මීන රාශියට ප්‍රවිෂ්ට වන සිකුරු ග්‍රහයා රාහු සමඟ සංයෝග වේ.පෙබරවාරි 12 සිට කුජ ග්‍රහයා ද එකතුව ඇති බැවින් විශාල සටනක් කර ජයගැනීමට සිදුවේ.ජය ඒකාන්තව ලැබේ.ධනු ලග්න හිමියාට මේ යෝගය යෙදෙන්නේ කලාතුරකිනි.උත්‍රපු‍ටුප නැකැතේ ප්‍රථම පාදයෙන් සිකුරු ගමන් කරයි.ගුරු 12 සිටින සෙනසුරු දැකීම නිසා නීච භංග රාජ යෝගයක් උදාකරයි.ධනු ලග්න හිමියන්ට වෘත්තිමය වශයෙන් සැප පුටුවක වාඩි වීමට මඟ සැලසේ.
    ජය අංක - 4,2,7,5 ජය වර්ණ - සුදු,තැඹිලි

    මකර
    මකර ලග්න හිමියන්ට ශාස්ත්‍රීය කටයුතුවලට උනන්දුය.දෙවියන් කෙරේ වැඩි විශ්වාසයකින් යුතුය.සතියේ අග ආගමික කටයුතු වලට යොදවයි.මංගල යෝජනා ස්ථිර වේ. වයසට නොගැලපෙන විවාහ ද සිදුවෙයි.ප්‍රාග් ධනය යොදා කරන ව්‍යාපාර දියුණු වේ.උසස් අයගේ බලපෑම් නිසා රැකියාවෙන් අයින් වන්නට සිතුනත් එය නොකරන්න.චෝදනා එල්ල වුවත් බුධගේ ගමන නිසා කථිකත්වයෙන් ජය ලැබිය හැක.
    ජය අංක - 9,2,5,1 ජය වර්ණ -කහ,පච්ච

    කුම්භ
    දෙවැන්නේ කේතු ග්‍රහයා ගමන් කිරීමත්, අට වන්නේ ග්‍රහයින් කීපදෙනෙකු ගෝචර ගමනත් ප්‍රසිද්ධිය නැති කරයි.තරුණ මනස අවුල්වන විපරීත දේ ඇතිවේ.ප්‍රේම සබඳතාවයක් අත හැරීම නිසා මව සමඟද නොහොඳ විය හැක.දේපළ ආරවුලක් නීති මගින් විසඳේ. කලාකරුවන් ප්‍රසිද්ධ වෙයි.දක්ෂතා පෙන්වයි.සෙනසුරු මහ දශාව ගෙවන්නන්ට මැණික් කර්මාන්තයෙන් දියුණුවක් ලැබිය හැක
    ජය අංක- 7,2,5,3 ජය වර්ණ - රෝස,සුදු

    මීන
    සිංහලකම ඇගයීමෙන් පාසලෙන් ගෞරව ලැබේ.වාද විවාද තරඟවලදී යහපත් ප්‍රතිචාර ලබයි.නීතිය ක්‍රියාත්මක කරවීමට ‍ගොස් කරදර පටලවා ගනී.මානසික අසහනය ඇතිවේ.ආගමික කටයුතුවලදී කල්පනාකාරීව තීන්දු ගන්න.සති අග විනෝද ගමන් යෙදේ .සාමූහිකව කටයුතු කිරීමේ අවස්ථාව ලැබේ. .අන්‍ය ජාතීන් සමඟ ප්‍රේම සබඳතා ඇතිකර ගැනීමටත් හොර රහසේ විවාහ වීමටත් තීරණය කරයි.දරුවන්ගේ අධ්‍යාපනයට සුබය.පන්ති නායකයන් වීමේ දක්ෂතා පෙන්වයි.
    ජය අංක - 9,1,4,6
    ජය වර්ණ - සුදු,ලා නිල් වර්ණය

    ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි
    සොමී උඩවත්ත
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ග්‍රහ ගමනයි දිවි ගමනයි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top