හස්ත රේඛා විද්‍යාවේ අත්ලේ සළකුණු වන ප්‍රධාන රේඛාවන්ගෙන් එකකි ශීර්ෂය
රේඛාව.
කෙනෙකුගේ මෙලොව පරලොව දියුණුව කෙරෙහි ඉතා තදින් බලපාන හා වැදගත් වන මේ රේඛාව එක් එක් අයගේ විවිධාකාරව සළකුණු වන බව පෙනේ.
රූප සටහනේ A.A ලෙස සළකුණු කර ඇත්තේ ශීර්ෂ රේඛාවයි. අත්ලේ ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඬලයට යටින් ජීවන රේඛාවේ ආරම්භ වන ස්ථානයෙන් පටන් ගනී. මෙසේ ආරම්භ වන ශීර්ෂ රේඛාව දෙවන කුජ මණ්ඩලයෙන් හෝ සඳු මණ්ඩලය තුළ දී අවසන් වන බව පෙනේ. මෙයින් කියැවෙන්නේ අත්ල හිමියාගේ සිහිය බුද්ධිය හා කල්පනා ශක්තිය පිළිබඳවයි.
රූප සටහනේ පෙන්නා දී ඇති පරිදි මෙහි කෙලවර ශාඛා කිහිපයකින් අවසන් වී ඇත්නම් එවැනි සළකුණු ඇත්තාට හොඳ සංවිධාන ශක්තියක් ලැබේ. ආගිය තැන නායකත්වය ලැබේ. බොහෝ සිතා මතා බුද්ධිමත්ව කටයුතු කිරීමේ හැකියාව තිබේ.
කඩතොලු සහිතව පිහිටා තිබීමෙන් විශේෂ ශක්තියක් ලැබේ. විශේෂයෙන් බෙල්ලෙන් උඩ ප්‍රදේශය එනම් හිස කුඩා හා මහ මොළය ඇතුලු ස්නායු පද්ධතිය පිළිබඳ විශේෂ අවබෝධයක් ශීර්ෂ රේඛාවෙන් ලද හැකිය.
ඇතැම් අයගේ මේ රේඛාව හෘද රේඛාව සමඟ සම්බන්ධ වන අවස්ථා ද දක්නට ඇත. එවැනි අයට තද හිතක් ඇතිවේ. ශීර්ෂය රේඛාව යුගල ආකාරයෙන් ද පිහිටනු ඇත. එය ද සුබඵල උදා කිරීමට හේතුයි.
මේ රේඛාව ඉතා කෙටිව පිහිටීම ද අසුබයි. එසේ පිහිටන අයට අමතකවීම් බහුලයි. රේඛාව ආරම්භය දූපත් ලකුණකින් ආරම්භ වේ නම් එවැනි අයට නිතර නිතර හිසේ අමාරු ඇති වේ. අපහැදිලිව තැනින් තැන කැඩී දූපත් ඇතුළු අසුබ රේඛා පිහිටා ඇති අයට නිතර නිතර ස්නායු රෝග මෙන්ම විවිධ මානසික රෝග ඇති වීමට ඉඩ තිබේ.
මෙය ඉතා ගැඹුරින් පිහිටා සඳු මණ්ඩලයට බෑවුම්ව පිහිටීමෙන් විවිධ සහජ හැකියාවන් ඇති කරයි. ලේඛන කලාව, කාව්‍ය හා ගීත රචනය ඇතුළු විවිධාකාර සාහිත්‍ය කලාවට යොමු කරයි.
අනිකුත් රේඛා හා ග්‍රහ මණ්ඩල වලට අනුව ඒවායෙහි අඩු වැඩි වීම් වෙයි. ඇතැම් විට ජීවන රේඛාවට තරමක් දුරින් ආරම්භ වන බව පෙනේ. එවැනි අය තර්ක කිරීමටත් තමාගේ වාසියටම තැන දී කටයුතු කිරීමටත් පෙළෙඹේ.
සමස්තයක් ලෙස ගතහොත් අත්ල හිමියාට සුබඵල උදා කිරීමට නම් මෙය ඉතා පැහැදිලි මෙන්ම ගැඹුරු ලෙස පිහිටිය යුතු බව සළකන්න.
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී - නන්දසේන වීරසිංහ

E oya දෛවරේඛාව
ReplyDeleteE oya දෛවරේඛාව
ReplyDelete