728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-25

    කට්ටඬි මොකටද? ඔබේ නිවෙස ඔබම ආරක්ෂාකර ගන්න


    පළමුව නිවෙස මකුළුදැල් කඩා පිරිසිදුවට තබාගන්න.නිවැසියන් රා අරක්කු බීමෙන් වැලකිය යුතුය.බෝධී පූජා දින 07ක් තබා නිවැසියන්ගේ ආරක්ෂාව පතන්න. ඉෂ්ට දේවතාවුන්ට පින් දී හිත් සතුටු කරන්න. මස් මාංශ පිළී ‍දේවලින් වලකින්න. නිවෙසට ගෙන ඒමෙන් දවලකින්න. මෙසේ පේවීමෙන් පසුව සෙනසුරාදා හෝ බදාදා දිනයක් ශාන්ති කර්මයට තෝරා ගන්න.

    ඇඳුරා අවංක විය යුතුය.දහස්වර මතිරීමට ඇති‍දේ ඊට අඩු වූවාට පල නොදේ. නියමිත වාර ගණන අනිවාර්යයෙන්ම ජීවම් කළ යුතුය. සමහර ඇඳුරන් තම කාර්යය මැනවින් ඉටුකරති. නමුත් සමහරෙක් මුදල් ගැන පමණක් සිතා කරන්නන් වාලේ කරති.මෙවිට නිවැරදි දේ සිදු නොවේ.
    නිවැරදිව මේ කටයුතු කර ගැනීමට මුලින්ම මල් බුලත් ත‍ට්ටුව පිළියෙළකර ගන්න.ප්ලාස්ටික් පුටු නොගන්න. ලී ඇණවලින් පමණක් පිරිද්දූ ලී පු‍ටුවක් භාවිතයට ගන්න.මරුට පිටුපා මල් බුලත් තටුව තබන්න.

    ගෙවත්ත අට කොන ආරක්ෂාව
    පුවක් මලක් , පාට පහක මල් ,නා,බෝ,බුලත් දලු ,සාම්බ්‍රානි, කපුරු සුවඳ හඳුන්කූරු,පහන් තිර, කහ දියර,නවසි පොල් ‍ගෙඩියක සිඳින ලද තෙල්, තඹ කාසි අටක්,පියන් සහිත කුඩා මුට්ටි අටක්,කුඩා කුප්පි 8ක්, බුලත් 21ක්, තැඹිලි ගෙඩියක්, කෙසෙල් පතුරු ,කෙසෙල් දල්ලක් ,කොටු 8ක්, නොපෑගුණු මුහුදු වැලි ,කපු ඇට,එළ අබ,වල් බෙලි,ගොක් අත්තක් ,
    නවා ඇපල පට්ටා (වර්තමානයේ ටුවයින් නූල් භාවිතයට ගත්තත් නියම පට්ටා භාවිතයට ගැනීම අවශ්‍යවේ.)
    අවම වශයෙන් ඇඳුරා දින 07ක් වත් සුරාවෙන් මස් මාංශවලින් ස්ත්‍රී සංගමයෙන් තොරව මරණ ගෙවල්වල,අලුතෙන් දරුවන් ලැබී ඇති හා කොටහළු කිළි ගෙවල්වල නොයා කන්කුන්, තෝර මාළු ආදියෙන් වැළකී සිටිය යුතුය.

    ගෙවත්ත හා නිවෙස ඉතා පිරිසිදුව තබාගැනීමත් කිළි හරණ මන්ත්‍ර භාවියට ගැනීමත් අවශ්‍ය කරුණකි.විශේෂයෙන් නිවෙසේ පිළී නොතැබිය යුතුය.
    බදාදා ,සිකුරාදා පුර පක්ෂයේ දිනයක් මේ සඳහා සුදුසු වන්නේය.සවස 5.45 ට බුදුන්ට පවන් දල්වා කටයුතු අරඹන්න.රහසින්වත් පව් නොකරන්නෙක් විය යුතුය.අටසිල් සමාදන් වන පන්සිල් සුරකින අයෙක් විය යුතුය.තම ගෙවත්ත ආරක්ෂා කරන බව සිහියේ තබා ගන්න‍.නිවැරදිව ශීලයේ පිහිටා කටයුතු නොකළොත් ඔබ මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවද පරිහානියට පත් වනු ඇත.

    ගෙමිදුලේ හෝ නිවෙසේ පිරිසිදු තැනක මල් පැල තබන්න.කෙසෙල් දල්ල ඒ මත අතුරා එහි කෙසෙල් පතුරු වලින් කොටු අටක් බෙදන්න.එම කොටු අටේ බුලත් 07 බැගින් තබා ඒ මත කුඩා මුට්ටි,තෙල් පිරවූ කුප්පිය තඹ කාසියක්,පහනක්,මුහුදු වැලි,කපු ඇට ,එළ අබ ස්වල්පයක් තබන්න.මල්,පහන්,කපුරු ,හඳුන්කූරු එහි දල්වන්න.මේ සඳහා වඩාත් සුවඳ හඳුන්කූරු තෝරා ගන්න.
    තැඹිලි ගෙඩියක් ඇස්ස කපා ලේන්සුවෙන් වසා මල් බුලත් තටුව මත තබන්න.හඳුන්කූරු කපුරු දල්වා තුන් සරණේ පිහිට පතා මල් තට්ටුවට සුවඳ දුම් අල්ලමින් මන්ත්‍ර ජපකිරීම අරඹන්න.

    මන්ත්‍රය
    ඕං ග්‍රීං ග්‍රීං රවි චන්ද්‍ර යමකාල දේවතා පුර්වයව හිං
    හිං කාර මරු දිෂ්ටි වර වර
    අග්නි යම පුර නාග මරු දිෂ්ටි වර වර -යාව විජය යාම
    රාජා පුලා දිෂ්ටි වර වර නයත්‍යි හං යවකාල දිෂ්ටි වර
    වර වයඹ ශ්‍රී රාම කාල රාජයා දිෂ්ටි වර වර
    පශ්චිම විභීෂණ යව රාජයා වර වර ඉසාන්‍ය ඉන්ද්‍ර
    සේනා යමකාල රාජයා දිෂ්ටි රාවයෙන් එවි එවි පනා බුනලී
    යම රජ්ජුරුවන්නේ දිෂ්ටි රාවයෙන් එවි එවි කිඩ කිඩ
    ත්‍රිංචි ත්‍රිංචි දිරි දිරි හිං හිං මන්ද ගුවන ප්‍රවලීලා ධනතිතු
    නාරායන යම කාල දේවතාව ප්‍රානෙන් කොන්ඩු අෂ්ව වෙ දිෂ්ටි
    භූමි ප්‍රදිෂ්ටි හිරන්ද කාම බන්ධ හිර හිත්‍ර විචිත්‍ර නයිලක්
    කොන්ඩුනේ -වර වර නේ වින්ද නෛයාරානේ
    මුතාල් කොත්ත සොළොස් දිග යම හිං රාජ රාජ
    චොත්තේ වින්සන නෛයාරනේ නමඃ

    මතුරන අතර තටුවට දුම් ඇල්ලීම දිගටම කළ යුතුය.108 මතුරන්න. 1008වරක් මතුරන්නේ නම් වඩාත් ප්‍රබල ඵල ලැබිය හැක.
    නියමිත වාර ගණන ජප කර අවසන් වී එයින් වතුර ස්වල්පයක් තටුවට ඉස කොටුවල ඇති දේවල් එහි ඇති මුට්ටිවලට දමා පියන වසන්න. වත්තේ සළකුණු කළ ස්ථාන අටේ අට දෙනෙකු ලවා මුට්ටි එකවර තැන්පත් කරවන්න.පාන්දර කුකුලන් හඬන්නට පෙර මුට්ටි තැන්පත් කර දෙවියන්ට පින් දී සෙත් පතන්න.
    ගෙවත්තට තුන් වරුවක් යනතුරු පි‍ට අයට ඇතුල්වෙන්න දෙන්න එපා.ප්‍රතිපත්ති ගරුකව කරන්න ඔබට වරදින්නේ නැත.

    ඔබ ඉගෙන ගෙන අත් හදා බලන්න.පසුව තම දන්නා හඳුනන අයට නිවෙස් ආරක්ෂාකර දී කුසල් රැස් කරගන්න.මෙය මහඟු ඵල ඇති පින්කමකි.මුදල් නොඉල්ලන තරමට කටයුත්ත සාර්ථක වේ. නමුත් මෙවැනි දෙයක් කරගැනීමෙන් පසු ඇඳුරාට සංතෝෂමක් දීම යුතුකමක් බව සිතට ගන්න.එවිට ආරක්ෂාව වඩාත් සඵල වෙයි.
    ගෙවතු ආරක්ෂාවක ප්‍රතිඵල දින තුනකින් ලැබේ.අද ආරක්ෂාව කර එය සාර්ථක දැයි දැනගැනීමට හෙට නොහැක.නිවාස හෝ භූමි දෝෂ ඉවත් වීමට දින 07 හෝ මාස තුනක් හෝ දක්වා කාලයක් ගතවන බවද සිතට ගන්න.

    සමහර නිවෙස්වලට මල යක්ෂ දෝෂ ඇතිවේ.නිවෙස අඳුරු පාලු ගතියකින් යුතු වේ.නිතර නිතර අල තම්බන ගඳ දැනෙයි. සමහර විට ඉහළිය නොහැකි දුගඳ වහනය වෙයි.බත් හැළිය අසූචි හැළියක් මෙන් වේ.නිවෙසේ වෙසෙන්නන් එකිනෙකා රුස්සන්නේ නැත.ධනය කොතෙක් හම්බ කළත් ඊට වෙන දෙයක් නැත.සමහර විට මළ යකා හෝ ගෙවලයා මුදල් සොරකම් කරයි.ලෙඩ දුක් වරදින්නේ නැත.කවුරු ‍හෝ අසනීපකාරයකු නිවසේ සිටී.
    මෙවැනි දෝෂ ඔබේ නිවෙසේ ඇති නම් අදම ගෙවතු ආරක්ෂාවට කටයුතු කරන්න.


    ජ්‍යොතිෂවේදී - ගොඩගම ජයසේන ජයසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: කට්ටඬි මොකටද? ඔබේ නිවෙස ඔබම ආරක්ෂාකර ගන්න Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top