728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-11

    මායාවෙන් ගැලවෙන හැටි

    ග්‍රහ වලල්ලේ නපුරා ලෙස බොහෝ දෙනා දකින්නේ සෙන­සු­රුය.එහෙත් සෙන­සුරු කෙත­රම් හොඳ පවි­ත්‍ර­කා­රක ආධ්‍යා­ත්මික ග්‍රහ­යෙක්ද යන බව බොහෝ දෙනා නොද­නිති. රාහු ග්‍රහයා ග්‍රහ මණ්ඩ­ලයේ සිටින ඉතාම
    බිහි­සුණු සහ දූෂි­තම ග්‍රහයා වේ.රාහු­ගෙන් පුද්ග­ල­යාට ඇති­ක­රන ලොකුම බල­පෑම වන්නේ මත් කිරී­මය.මත යනු සුරාව, සහ අනෙ­කුත් විෂ ද්‍රව්‍ය හේතු කොට‍ගෙන ඇති­වන මත පම­ණක් නොවේ.

    බලය,ධනය, මාන්නය, රාගය, තණ්හාව සහ ක්‍රෝධය යනා­දි­යෙන් පුද්ග­ලයා මත් ක­ර­වන්නේ රාහුය.
    රාහු කෙනෙකු ලඟට පැමි­ණෙන්නේ සුර දූත­යෙකු විලා­ස­යෙනි. ධනය, බලය, රාගය ආදී දේ ඔහුට පැන පැන දෙන්නට රාහු මහා හප­නෙකි. මෙසේ පැන පැන දෙන රාහු සිදු­ක­රන්නේ පුද්ග­ලයා මත්කොට ඔහු පියවි සිහි­යෙන් ඈත් කිරී­මයි.එවිට ධන­යෙන් බල­යෙන් හෝ රාග­යෙන් හෝ මුස­පත් වූ තැනැත්තා සිත­නුයේ මේ නම් සදා­කා­ලික සැප­යක්ය කියාය.

    එම සිතිවි‍ල්ල ඔහු තුළ පැල­ප­දි­යම් කරන රාහු දිගින් දිගට එම පුද්ග­ලයා ඇලී ගැලුණු 'සැප­යම' නොම­සු­රුව ලබාදේ.මෙවිට එම පුද්ග­ලයා අතින් සිදු­වන්නේ නිර­න්ත­ර­යෙන්ම අම­න­කම්ය. අන­පේ­ක්ෂිත සැප සම්පත් ලබාදී එම පුද්ග­ලයා තමාගේ දැලට කොටු­ක­ර­ගන්නා රාහු අන­පේ­ක්ෂිත මොහො­තක ඒ සිය­ල්ලම පැහැර ගනී.දෙන්නට මෙන්ම ආපසු ගන්න­ටද රාහු සූර­යෙකි.හැබැයි ආපසු ගන්නේ එම පුද්ග­ලයා සතුව කලින් පැවැති සිය­ල්ලද සම­ඟය.

    සූදුව කෙරෙහි රජ­ක­රන ප්‍රධාන ග්‍රහයා රාහුය.බලය සඳහා පුද්ග­ලයා මෙහෙ­ය­වන ප්‍රධාන වාහ­කයා ද රාහුය.
    අන්ධ යැයි කියන රාගය සඳහා පුද්ග­ලයා ඇබ්බැහි කර­වන්නේ ද රාහුය.
    අව­සා­නයේ දී තමා ලබා­දුන් සැප අනන්ත අප්‍ර­මාණ දුකක් බවට පරි­ව­ර්ථ­නය කරන්නේ ද මේ කෙවු­ල්ගති ඇති රාහු­මය. ස්ත්‍රිය,සුරාව ,සූදුව යන ත්‍රිවිධ මායා­වන්ට පුද්ග­ලයා ඇබ්බැහි ‍කොට එයින් ඔහුගේ විනා­ශය සද­න්නට රාහු ක්‍රියා­ත්මක වන්නේ සංසා­ර­ගත සතු­රෙකු විලා­ශ­යෙනි.

    කිසි­යම් පුද්ග­ල­යෙ­කුට අන­පේ­ක්ෂිත ලෙස ධනය,බලය,සැප සම්පත් ලැබෙන විට ඔහු ඒ සිය­ල්ලෙහි අනිත්‍ය දකි­න්නට අස­මත් වුව­හොත් අර මායා දැලෙහි පැටලේ.
    අන්ති­මට සිදු­වන්නේ තිබූ දෙයත් නැතිව ගොස් මෙලො­වත් පර­ලො­වත් යන දෙකෙ­හිම අග­ති­යට පත්වී­මය. යම් පුද්ග­ල­යෙ­කුගේ කේන්දර‍යේ රාහු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේ­ත්‍රව සිටී නම් ඒ මොහො­තෙහි දී ඔහු ක්‍රියා කරන්නේ උමතු වූවකු පරි­ද්දෙනි.

    රාහු වැනි ග්‍රහ­යෙක් මොනම හේතු­වක් නිසා­වත් කේන්ද­ර­යක බල­වත් විය ­යුතු නොවේ.මක් නිසාද යත් රාහු බල­වත් පුද්ග­ල­යාට ලබා­දෙන අසී­මිත සැප සම්පත්ම ඔහුගේ අනන්ත අප්‍ර­මාණ දුකට හේතු­වන බව වටහා ගත යුතු නිසාය.

    රාහු පුද්ග­ලයා කිසි­යම් දෙය­කින් මත් කිරීම හැරෙ­න්නට අන් කිසි­වක් ලබා නොදෙන බව තේරු­ම්ගත යුතුය. කිසි­යම් පුද්ග­ල­යෙක් උන් හිටි ගමන් ධන­යෙන්,බල­යෙන් හෝ මාන්න­යෙන් මත් වී තමාට වඩා කෙරු­මෙක් නැතැයි සිතා ක්‍රියා­ක­රන්නේ නම් අනේ ඒ අ­ස­ර­ණයා රාහුගේ මායා දැලට පැටලී සිටින බව අන් අය තේරුම් ගැනීම මැනවි.

    යම් කෙනෙ­කුට උන් හිටි ගමන් ධනය,බලය සහ පෙර නොවූ විරූ සැප සම්පත් ලැබෙ­න්නට ගත්විට එය උගු­ලක් බව තේරුම් ගෙන එළො­වත් මෙළො­වත් ජය­ග්‍ර­හ­ණය කර­ගත හැක්කේ ප්‍රඥ්ඥා­වෙනි.
    රාහු තරම් ප්‍රඥ්ඥා­වට එරෙහි  තවත් ග්‍රහ­යෙක් නැත.එ‍සේ නම් රාහුගේ  උගු­ලෙන් බේරී­මට කෙනෙකු සිතන්නේ නම් පළ­මුව ඔහු රාහුගේ බලය අඩ­පණ කර දැමිය යුතුය.එය කළ හැක්කේ රාහුට ප්‍රති විරුද්ධ කේතුගේ බලය වර්ධ­නය කිරී­මෙනි.
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මායාවෙන් ගැලවෙන හැටි Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top