වර්තමානයේ දස දෙසින් නිති පතා අසන්ට ලැබෙන්නේ වාහන හදිසි අනතුරු සම්බන්ධවයි. කුම්භ ලග්නය හිමි ශ්‍රීලංකාවේ දිනෙන් දින සීඝ්‍රයෙන් මේ තත්වය වැඩි වෙමින් පවතී.
බොහෝ විට යෞවන වයස ගත කරන තරුණ කොටස් මේ අනතුරු දායක තත්ත්වයට මුහුණ දෙමින් සිටී. ඒ අතර හදිසි අනතුරුවලට ගොදුරුවන මහළු වයසේ සිටින අය ගැන ද අසන්ට ලැබේ.
මේ සියලු අනතුරු තත්ත්යන්ට බලපවත්වන ග්‍රහ තත්ත්වයේ කුජ රාහු ගැන ලග්න අනුව බලමු.
මේෂ
මේෂ ලග්නයේ ප්‍රථම දෙර්කාණයෙන් උපත ලැබ රාහු ලග්නයේත් කුජ අට වැන්නේත් යෙදී නම් වාහන පැදවීමේදී අනතුරු සිදුවීම නියතයි. සෙනසුරුද 12 වැන්නේ සිටියේනම් වාහන භාවිතයෙන් වෙන්වීම නුවණට හුරුය. චන්ද්‍රයා ලග්නයේ සිටිමින් රාහු කුජ සංයෝගය 8 වැන්නේද ඉතා නපුරු අනතුරු ග්‍රහ යෙදුමකි. මේෂ ලග්නයේ ඔබගේ කේන්ද්‍රයේ මේ ගැන බලන්න.
වෘෂභ
වෘෂභ ලග්නයේ දෙවෙනි දෙර්කාණයෙන් කන්‍යාවෙන් උපත ලබා කුජ රාහු අටවැන්නේද එම දශාවකදී ඔබට අනතුරු දායක තත්ත්වය යෙදේ.තුන් වෙනි දෙර්කාණයෙන් උපත ලබා රවි 8 වැන්නේද කුජ රාහු 12 වැන්නේද රවි දශාවකදී තද බල අනතුරු ඇතිවන්නේ අධික වේගයෙන් යන වාහනයකිනි.
මිථුන
මිථුන ලග්නයේ ප්‍රථම දෙර්කාණයෙන් උපත ලබා 22 වන දෙර්කාණධිපති සෙනසුරු 3න් වැන්නේද කුජ 8 වැන්නේද රහු ලග්නයේ ද වුයේ නම් අධික වේගයෙන් රිය පැදවීමකින් තද බල අනතුරුකට පත්වේ. මිථුන ලග්නයේ 3 වැන්නේ රවි කුජ රාහු ත්‍රිග්‍රහ යෝගයක් යෙදී නම් තරඟයකදී හෝ වාහන අනතුරකට ලක්වේ.
කටක
කටක ලග්නයේ තුන්වන දෙර්කාණයෙන් උපත ලබා සිකුරු සමඟ රාහු කුජ ත්‍රිග්‍රහ සංයෝගය 12 වැන්නේද සෙනසුරු දෙවැන්නේ ද යෙදුනේනම් සිකුරු දශාවකදී වාහන අනතුරු ඈත ප්‍රදේශයකදී සිදුවේ. ලග්නාධිපති චන්ද්‍රයා උපතින් 8 වැන්නේ කුජ 3 වැන්නේ රාහු 12 වැන්නේ යෙදුනේ ද වාහන අනතුරකට හේතු වේ.
සිංහ
සිංහ ලග්නයේ 2 වන දෙර්කාණයෙන් ධනුවෙන් උපත ලබා සඳු සිවු වැන්නේ 12 වැන්නේ ශනි රාහු 8 වැන්නේ කුජ යෙදී නම් දුර ප්‍රදේශයකදී තමන්ගේ වාහනය හදිසි අනතුරකට පත්වීමෙන් තමන්ටද විශාල හානියක් සිදුවේ. ලග්නයේ සෙනසුරු. කුජ ,රාහු උපතින් යෙදීමෙන් ශනි ලග්න ඒ රාෂ්ඨකයේදී වාහන අනතුරකින් හිසට හානි සිදුවේ.
කන්‍යා
කන්‍යා ලග්නයේ ප්‍රථම දෙර්කාණයෙන් උපත ලබා කුජ රාහු 3 න් වැන්නේද , සෙනසුරු 11 වැන්නේද චන්ද්‍රයා 8 වැන්නේද වුවොත් මේ ග්‍රහ තත්වය අනුව වාහන අනතුරකින් ජීවිතයට හානි සිදුවීම වැලැක්විය නොහැක. සඳුගේ මහ දශා අතුරු දශා හා කුජ රාහු ගේ මහ දශා අතුරු දශා කාලවලදී ඉතා කල්පනාකාරී විය යුතුය.
තුලා
තුලා ලග්නයේ සිකුරු 8 වැන්නේ සෙනසුරු දෙවැන්නේ කුජ රාහු ලග්නයේ යෙදුනේ නම් තමන් සතු වාහනයකින් අධික වේගය මත විශාල ශාරීරික හානියක් සිදු වීමට හේතු වේ. මෙය උපතින් යෙදීම අඩු ආයුෂ ගෙන දීමකට හේතුවේ.
වෘශ්චික
වෘශ්චික ලග්නාධිපති කුජ 4 වැන්නේද 7 වැන්නේ රවිද, 10වැන්නේ ශනිද , ලග්නයේ රාහු උපතින් යෙදුණේ නම් පැරණි වාහනයක් හිමිවන අතර එහි දුර්වලතාවයකින් මහ මඟදී අනතුරකට ගොදුරු වී තද බල හානියක් සිදුවේ. කුජ රාහු සිකුරු ත්‍රි ග්‍රහ යෝගය 8 වැන්නේ යෙදී නම් තද බල වාහන මරු කැඳවීමකි.
ධනු
ධනු ලග්නයේ දෙවන දෙර්කාණයෙන් ඉපිද කුජ,රාහු,සඳු දෙවැන්නේ මකරයේ ද සෙනසුරු දොළොස් වැන්නේ වෘශ්චිකයේ ද යෙදුණේනම් මේ පිහිටීම් මෙන්ම සිකුරු 4 වැන්නේ උපතින්ම තැන්පත් නම් තමන්ගේ වාහනයකින් තද බල අනතුරක් සිදුවේ. සෙනසුරු මහ දශා අතුරු දශාවකදී සෙනසුරු ඒරාෂඨක අපලය යෙදීමෙන් මේ අනතුරු තත්ත්වය එළඹේ.
මකර
මකර ලග්නයේ දෙවන දෙර්කාණයෙන් ඉපිද ගුරු කුජ, රාහු සෙනසුරු සිවු ග්‍රහ යෝගය 8 වැන්නේ උපතින් යෙදුණේ නම් සිකුරු ලග්නයේ ගෝචර අවස්ථාවක වාහන අනතුරකින් මරු තුරුලට යනු ඇත. මකර ලග්නයේ 3 වන දෙර්කාණයෙන් ඉපිද කුජ,රාහු ලග්නයේ උපතින් යෙදීමද දරුණු අනතුරක් වාහනයකින් සිදුවීම පෙන්වයි.
කුම්භ
කුම්භ ලග්නයේ තුන්වන දෙර්කාණයෙන් ඉපිද සිකුරු කුජ, රාහු 3න් වැන්නේ මේෂයේ යෙදුණේ ද තමන්ට හිමි වාහනයකින් ගමන් ගනිමින් සිටිය දී අනතුරක් සිදුවී ශාරීරික හානි ඇති වීමට හේතුවේ. කුජ රාහු ලග්නයේ යෙදී සිකුරු අටවැන්නේ වෙයි ද මහ මඟ පයින් යන අතර තුර වාහනයකින් හානි සිදුවේ.
මීන
මීන ලග්‍නයේ සිකුරු සමඟ කුජ තුන් වැන්නේද රාහු 8 වැන්නේද වාහන අනතුරක් ඇති කරන ග්‍රහ පිහිටීමක් වන්නේය. ලග්නාධිපති ගුරු 8 වැන්නේ සිකුරු කුජ සමඟ යෙදුණේ නම් ප්‍රසිද්ධ ස්ථානයකදී ඉතා කනගාටුදායක ලෙස වාහන අනතුරකට පත් වීමේ ඉඩ වැඩිය.
යම් අයකුගේ කේන්ද්‍රයේ උපතින් කුජ රාහු පිහිටා ඇති ආකාරය තේරුම් ගෙන වාහන භාවිතයේ දී සැලකිළිමත් වන්න.
ජ්‍යොතිෂවේදී - ජේ .ගුණපාල
0 comments:
Post a Comment