728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-25

    ධනු රාශියේ සඳු තැන්පත්ව සිටියදී උපන් කත

    විවාහවෙනවා නම් මෙන්න කාන්තා රත්නය!
    සාහිත්‍ය-කලාවේ උසස් රසිකාවකි

    තමාගේ බලය සහ හැකියාව කිසිදා වටහා ගන්නේ නැත
    ආගම -දහමට- යුක්තියට ගරු කරන්නියකි.

    ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ ‍තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට ‍මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.

    ධනු රාශියේ සඳු සිටියදී උපන් කාන්තාව කෙබඳු තැනැත්තියක්ද?
    කෙටියෙන්ම කිවහොත් මැය සමාජයට මිණි පහණකි. මෙවැන්නියක ඇසුරු කිරීමට ලැබෙන සියලු දෙනාම වාසනා වන්තයෝ වෙති. එසේ වන්නේ ඇයි? ගුරු ග්‍රහලොව ධාර්මික සාධාරණ සහ උපදේශක ග්‍රහයාය. එකී ගුරුගේ මුල ත්‍රිකෝණ රාශිය වන්නේ ධනු රාශියයි. ඉතින් මේ ධනු රාශියේ සඳු සිටියදී උපදින කාන්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිං කෙතකි.

    මැය ආගම දහම කෙරෙහි උසස් අවබෝධයකින් යුතු වන අතර ධාර්මික ජීවිතයක් පවත්වා ගනී. පළිගැනීම -තමාට පීඩාකළවුන්ට වෛර කිරීම යනාදිය මේ කාන්තාවට හුරු නොවේ. සතුරාටද මිතුරාටද එකලෙස පිහිටවන අතර යුක්තිය අගය කරයි. දැහැමි සත්පුරුෂයන් සහ උගතුන් ඇසුර කරන මැය තමාගේ ජීවිතයද ආධ්‍යාත්මික කාලයෙන් ඉහළට පවත්වා ගනී. දෙවියන් කෙරෙහි බැතිමත්ය. සමාවදීම- කරුණව- දයාව අනුකම්පාව පමණක් නොව ධනු රාශියේ සඳු තැන්පත්ව සිටියදී උපදින කාන්තාව නිතර විනෝදයෙන් සිටින්නා සේම අන් අය අතර යහපත් තැනැත්තියක ලෙස බැබලෙන්නීය.

    මේ කාන්තාව සමාජයට ඉතා හිතකර තැනැත්තියක් වන්නේ කේලාම් -ඕපා-දූප- බොරු යනාදිය පිළිකුල් කරන අතරම තම මිතුරු- මිතුරියන්ද ඒවායින් ගලවා ගන්නා හෙයිනි. චරිත ඝාතණය ඇය නොරුස්සන්නීය. අන් අය ඇති තැන මෙන්ම නැති තැනද ඔවුන්ගේ හොඳ ගති ගුණ -ක්‍රියාකලාපයන් අගය කරමින් කතා කරයි. එහෙත් කිසි විටෙක අයුක්තියට හිස නවන්නේ නැත. කාටත් සාධාරණය ඉටු විය යුතු බව සිතයි. ඇගේ විවාහය ඉතා ප්‍රීතිමත්ය. එමෙන්ම වාසනාවන්තය. සැමියාට කායිකව මෙන්ම මානසිකවද ඇය පිරිසිදු කතකි. රාගාධික වන නමුත් එය තම සීමාව ඇතුළත රඳවා ගනී. නිරෝගී ශරීරයකි. සවිමත් දෙපා මෙන්ම සෘජු ගමන් විලාසයක් උරුම වේ.

    කිසි විටෙක මැය වනාන්තරයක පවා තනි වන්නේ නැත. කොතැන ගියත් කාගෙන් හෝ ආධාර උපකාර ලැබේ. ඒ පෙර පින් බලය නිසාය. රැකියාවක නිරත වන්නේ නම් කාර්යාලයේ ප්‍රධාන උපදේශිකාව ලෙස කා හටත් කළ යුතු නොකළ යුතු දේ කියා දෙන්නේ මැයයි. එමෙන්ම බොහෝ දෙනා ඇගේ අදහස් ලබා ගැනීමට මැදි නොවෙති.

    අධ්‍යාපනය ලබන කාලයේදී විෂය නිර්දේශයට වඩා බාහිර දැනුමෙන් ඉතා පොහොසත් වන මැය ‍බොහෝ විෂයයන් පිළිබඳ අවබෝධය ලබා ගැනීමට උත්සාහ දරයි. විභාග යනාදියෙහිදී එතරම් කැපී පෙනෙන ප්‍රතිඵල නොලබන නමුත් ඇය සියලු දෙනාටම වඩා බුද්ධිමත්ය. එමෙන්ම උපායශීලීය.
    පෙම්වතියක ලෙස මැය තම පෙම්වතාගේ ගුරුවරිය බවට පත්වන්නීය. කායික සුවය මෙන්ම මානසික සුවයද හෝ අඩුව මැගෙන් සැමියාට ලැබේ.ඉතාම හැඟීම්බර වන නමුත් ‍එය යම් සීමාවකට යටත්වේ. ‍බොහෝ දූ- දරුවන් ලබන්නීය. පිරිමි දරුවන් විශේෂ වේ.

    ගුරු- වෙද- හෙද- නීති- බැංකු- යනාදී ක්ෂේත්‍රයකින් බොහෝ විට සාර්ථක වෘත්තියකට හිමිකම් කියන්නීය. ලබන වැටුපට වඩා සේවය කරන තැනැත්නියකි. උසස් තනතුරු නිතැතින්ව හිමිවේ.
    සාහිත්‍ය- කලා සෞන්දර්ය වින්ඳනයේදී ඉතා උසස් රසිකාවියකි. හොඳම හොඳ දේ තෝරා ගැනීමට මැය තරම් හපනියක් තවත් ලොව නැත. ඇගේ තීරණ බො‍හෝ විට නිවැරදිය. එහෙත් තමාගේම ඥාතීන් අතර නම් මැය ජනප්‍රිය චරිතයක් නොවේ. ගැටුම් ඇති කර ගන්නේ ඥාතින් සමඟය. පැණි රස කෑම තවත් නරකම ඇබ්බැහියකි. අධික තරබාරුව පාලනය කර ගත යුතුය. ආහාර පාලනයද වැදගත්ය.

    මැගේ ලොකුම දුබලකම වන්නේ. තමා සතු සැබෑ බලය සහ හැකියාව වටහා නොගැනීමයි. සමස්තයක් ලෙස ගතහොත් ධනු රාශියේ සඳු තැන්පත් කාන්තාවක් යම් පුරුෂයෙකුට බිරිඳ ලෙස ලැබෙන්නේ ඔහු සතු මහා පෙර පින් බලය නිසාමය. ඇය උසස් කාන්තා රත්නයක් වන අතර එවැනි රත්නයක් සහිත කිරුළක් දරන්නට නම් එම පුරුෂයාද උසස් තැනැත්තෙකු විය යුතු හෙයිනි.


    මාරියා සැන්ටෝස් අමෙරිකාවේ සිට
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: ධනු රාශියේ සඳු තැන්පත්ව සිටියදී උපන් කත Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top