සූර්ය රේඛාව බලවත්නම් ධනයෙන් බලයෙන් සහ රූපශ්‍රීයෙන්
බැබලෙයි
පසුගිය ලිපි වලින් ප්‍රධාන රේඛාවන්ගෙන් කීපයක් පිළිබඳ පලාඵල ඉදිරිපත් කළෙමි. මෙවර කලාපය මඟින් ප්‍රධාන රේඛාවන් ගෙන් එකක් වන සුර්යා හෙවත් රවි රේඛාව පිළිබඳ පලාඵල විස්තර ඉදිරිපත් කරමි .
මේ රේඛාවට හස්ත රේඛා විද්‍යාවේදී විශේෂත්වයක් හිමි වන්නේ මෙය සෞභාග්‍ය හෙවත් අත්ල හිමියාගේ පින පාදන රේඛාව හැටියට හඳුන්වන බැවිනි. අනිකුත් රේඛාවන් කොයිතරම් හොඳට පිහිටියත් මෙය මනාව සටහන් වී තිබේනම් කීර්තිය ප්‍රසිද්ධිය , සමාජයේ පිළිගැනීම ඇති නොවන බව පෙනේ. මෙය හොඳින් සළකුණු වී අති අය තුළ විවිධ හැකියාවන්, දක්ෂතාවන් රාශියක් ජන්මයෙන් ලබා දේ.රූප සටහන බලන්න.
එහි ඒ,ඒසළකුණ මඟින් පෙන්නා ඇත්තේ රවි හෙවත් සුර්ය රේඛාවයි.
මෙය විවිධ නම් වලින් හඳුන්වා ඇතත් හස්ත රේඛා ශාස්ත්‍රයේදී වඩාත් නිවැරදි නාමය වන්නේ රවි හෙවත් සුර්ය රේඛාව ලෙසිනි. ඇතැම් පොත්පත්වල මෙයට වාසනා රේඛාව නැත්නම් ධන රේඛාව හෝ කීර්ති රේඛාව කියාද හඳුන්වයි. ඒ කොහොම යම්කිසි අයෙකුගේ අත්ලේ මේ රේඛාව හොඳින් සළකුණු වන කාලයේ ඔහුගේ හෝ ඇයගේ කරන කියන කටයුතු සාර්ථක වී ජීවිතය ජයගන්නා බව පෙනේ.
මෙය විවිධ ස්ථානවලින් පටන් ගෙන සුර්ය හෙවත් රවි මණ්ඩළයෙන් අවසන් වන බව පෙනේ.
ඇතැම් විට අත්ලේ පහළ කොටසින් එනම් සඳු මණ්ඩළයෙන් ද ඇතැම් විට ජීවන රේඛාවෙන්ද ඇතැම් විට කුජ තලාවෙන් හෝ හෘද රේඛාව ආශ්‍රිතවද ආරම්භ වන බව පෙනේ.
වඩාත් සුබඵල උදාකිරීමට නම් අත්ලේ පහළ ප්‍රදේශයකින් පටන් ගතයුතු බව පෙනේ.
සුර්ය හෙවත් රවි රේඛාව ඇතැම් අයගේ දෙකක් ලෙස පිහිටන අවස්ථාද ඇත. එසේ පිහිටා තිබීමෙන් එයින් කියැවෙන පලාඵල දෙගුණ තෙගුණ වී ජන්මියා ඉතා ඉහළ තත්ත්වයන් කෙරේ ලඟා කරයි.
දෙඅත්ලේව සුර්ය රේඛාව ඉතා වර්ණවත්ව පැහැදිලිව පිහිටීමෙන් හොඳ ආත්ම ශක්තියක් ලබා දෙන අතර ඔහු හෝ ඇයගේ සහජ හැකියාවන් කීපයක්ම පිහිටයි. විශේෂයෙන් ජ්‍යාත්‍යන්තර කීර්තියට පත් වු ක්‍රීඩකයින් සංගීතඥයින් නළු නිළියක් හා දේශපාලඥ්ඥයින් ඇතුළු සම්භාවනීය පුද්ගලයින්ගේ මේ රවි හෙවත් සුර්ය රේඛාව හොඳින් සළකුණු වන බව අපගේ පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත.
හෘද රේඛාව ආසන්නයේ මේ රේඛාව සළකුණ වී ඇත්නම් දියුණුව හා ප්‍රසිද්ධිය ඇති වන්නේ මධ්‍යම වයසින් පසුවය .
මෙය කුජ තලාවෙන් හෝ කුජ දෙවන මණ්ඩළයෙන් ආරම්භ වී ඇති අය ඉඩම්,යාන වාහන ආදිය සම්බන්ධ හා පොළව සම්බන්ධ ව්‍යාපාර වලින් දියුණු වන බව පෙනේ.
විශේෂයෙන් කලාවට සම්බන්ධ අයගේ මේ රේඛාව ඉතා දිප්තිමත්ව සටහන් වන බව පෙනේ. එයින් ඔවුනට අවශ්‍ය කිර්තිය හා ජනප්‍රියත්වය ලබා දීමට මේ රේඛා විශේෂ අනුග්‍රහයක් ලබා දේ.
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී - නන්දසේන වීරසිංහ

0 comments:
Post a Comment