728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-04

    මා නැකතේ මවු නොමැතේ කැති නැකතේ පියා නැතේ

    මල්වර නැකතින් කියන අනාගතය කොහොමද?

    දැරියක් උපත ලද සෑම වේලාවම මව ගත කරන්නේ කුමරිය නැත්තම් පුංචි දුවගේ අනාගතය කොහොමද? යන සිතිවිල්ල පෙරදැරිවය.

    දැරියකගේ ජීවිතය වසරින් වසර කොටස් කර පෙන්වන්නේ දියණියගේ අනාගත ජීවිත සැළැස්ම අනුවයි. එයින් එක් අවස්ථාවක දැරියක් වයසින් වැඩීගන එන විට මල්වර වීම විශේෂයි.
    දැරියක් මල්වර වන වයසක් තිබේ.පැරණි කාලයේ දැරියක් වයසින් මුහුකුරා යෑමත් සමඟ වයස අවුරුදු 10, 15 අතර මල්වර වීම සිදුවීමට පුළුවන .නමුත් කාලීන යුගයේ වයස අවුරුදු 4, 5 යන වයස්වල දැරියන්ද මල්වර වන බව පෙනේ.

    උපතේදී පවතින ග්‍රහ චාරයන් සමඟ දශාවන්ද මෙයට බොහෝ ලංවේ.
    ලේවලට අධිපති කුජ ග්‍රහයාගේ බලපෑමත්, සඳුගේ පිහිටීමත්, ගෝචර ගමනත් ‍මල්වර වීමට බලපායි.නිසි වයසට මල්වරවන කාලය රේවති, සා, පුවපල් ආදී නැකැත් වලින් ඇතිවන අතර ,අස්ලිස නැකත ,මා නැකත මල්වර වීම තරමක් ප්‍රමාද කරයි.

    අඩු වයසින් මල්වර වන දියණියන්ට කුජ ග්‍රහයා 4 වැන්නේ හෝ 3වැන්නේ සිටීමෙන්ද සඳු ගෝචර ගමනේ දී එම කුජ ග්‍රහයා සමඟ යෝග වීමෙන් ද කුඩා දැරියන් මල්වර වීමට පුළුවන. කුජ මහ දශාව සහ කේතු මහ දශාව පවතින කාලයේදීත් ,කුජ, සිකුරු සමඟ යෝගව සිට සඳු දැකීමෙන් හෝ සඳු ග්‍රහයා යෝග වීමෙන් ,හෝමෝනවල ශක්තිය වැඩි කරයි. ඒනිසා වයස අවුරුදු 4-6 අතර කාලයේ මල්වර වීමට ඉඩ ඇත. මල්වර දියණියගේ එම අවස්ථාවේ පවතින තක්කාල ග්‍රහචාරය මත ඇයගේ ඉදිරි ජීවිතය බලා ගැනීමට පුළුවන. ‍
    දියණියක් මල්වර වු සැනින් නැකත බලා ගැනීමට අපහසු බැවින් පසු දින උදෑසන ‍‍ගොස් නැකැත් බැලිය යුතුවේ. නැකත බැලීමට එන පුද්ගල‍යාගේ දූත ලක්ෂණ අනුවත් තත්කාලය අනුවත් දැරිය කුමන වේලාවක ,දිනයක මල්වර වුවාද කියා දැන ගැනීමට පුළුවන. ඇඳ සිටි වස්ත්‍රය ආදිය එම නැකතින් කීමට හැකිය. පුර පක්ෂයේ සුවන, පුවසල,රේවතී ආදී නැකැත් වලින් වැඩි වියට පත්වීම ඉතා ශුභ ලක්ෂණයකි. ඒ වගේම සෙනසුරුගේ නැකතක මල්වර වුයේ නම් දේපළ ඉඩකඩම් ආදිය ලබා පොහොසත් වේ. නමුත් ජීවිතයේ සැප අඩු කරයි.

    දැරියක් මල් වර වන කාලය කලින් දැන ගැනීමට හැකි වුවත් නැකත දැන ගැනීමට නොහැක. නමුත් මල්වර වන නැකත් අනුව පලාඵල වෙනස් වේ.
    නැකත බලන විට විශේෂ අවස්ථාද තිබේ. වේලාව, දිනය, හෝරාව බොහෝ විට වැදගත්වේ. විශේෂිත නැකැත් වශයෙන් රේවති, පුවපුටුප, පුනාවාස ,අද, නැකැත් වලින්ද පුර අටවකින් පසු මල්වර වු දියණිය විශේෂ දක්ෂතා වලින් යුතු වේ.ඇගේ අධ්‍යාපන කටයුතු වෛද්‍ය, රසායනික විද්‍යා ආදී දේ පිළිබඳ දැනුම ඒ වගේම ප්‍රභුන් අතර කැපී පෙනෙන දක්ෂතාවයන් පෙන්නුම් කරයි.

    මේ නැකැත් වලින් මල්වර වන දියණිය නිවස තුළදී මල්වර වන අතර ඊට පසු නිවසින් පිටතට යයි.
    එවැනි දැරියන් ගුණගරුක කමින් උසස් තත්ත්වයක් ඇතිකරගනී. ආගම දහමට ලැදිවේ. තද තීරණ ගන්නා සිතු මතයට වැඩ කරන ගතිද ඇත. මේ තරුණියගේ විවාහය කොයි ආකාරයෙන් සිදුවේද? නැත්නම් විවාහ වේවිද මල්වරවන අවස්ථාවේ පවතින ග්‍රහ බලපෑම අනුව කුජ ග්‍රහයා 7වැන්නේ හෝ ලග්නයේ සිට රාහු කේතු 2.7.8 යන ස්ථානයක පිහිටියේද විවාහය රැවටීමක් වන්නට පුළුවන .නැත්නම් තමන්ට නොගැලපෙන ‍විවාහයක් සිදු වීමට පුළුවන.

    කුජ ග්‍රහයා ලග්නයේ සිටින විට තමන් ට වඩා පැහැපත් බවින් අඩු තරමක් වයසින් මුහුකුරා ගිය කෙනෙකු හා විවහය සිදුවේ. සමහර විට තමන්ගේ උගත් කමට වඩා අඩු කෙනෙක් හා ප්‍රමාද වී විවාහ වීමට හේතුයි.
    පුර පක්ෂයේ ශුභ නැකතකින් මල්වර වීමෙදී විවාහය අසාර්ථක නොවේ. විවාහ දෙක තුනක් වන්නේ නැත. තම ආත්ම ගරුත්වය අගේ කරයි. යහපත් දරුවන් ලැබේ. මේ ශුභ නැකැත් වගේම අශුභ නැකතුත් තිබෙනවා. සිත ,සියාවස බෙරණ, කැති මා නැකැත් එතරම් ශුභනැත.

    'මා නැකැතේ ‍මව් නොකැතේ -කැති නැකතේ පියා නැතේ'. කියා පරණ කියමනක්ද තිබේ. මේ අගුණ ග්‍රහයින්ගේ ‍ගෝචර ගමන අනුව වෙනස් වීමට පුළුවන. සිත නැක‍තින් මල්වර වන දියණියක් තද හිතුවක්කාර ගති ඇති දෙමාපියන්ගේ වචනයට ගරු නොකරන අතර ,උසස් බුද්ධියක් මෙන්ම හොඳ ඥාන ශක්තියක් ඇතිවේ. අධ්‍යාපනයේ දැනුමට වඩා බුද්ධියෙන් කරන වැඩ වලින් ප්‍රථිලාභ ලබයි. මිනිසුන් වශීකර ගන්නා කථිකත්වයක් ඇත. ස්වෝත්සාහයෙන් මුදල් ලබා ඉතා පොහොසත් වන්නීය.
    විවාහයෙන් පසු දියුණුව ඇති වුවත් විවාහය තනි කැමත්තෙන් හිතුවක්කාර ලෙස දෙමාපියන්ගේ ආශිර්වාදය නො ලබා සිදුවේ.

    බෙරණ නැකතින් මල්වර වීමේදී සියලු දේ සඟවාගන සිටී. නිතර යටි සිතේ සැකය ඇත. තරමක් බොරු කියයි. අධ්‍යාපන‍ය ලබද්දී අවබෝධය ඇති කරගන්නේ නැත. අමතක වන ගති මෙන්ම අහංකාර ගුප්ත ගති ඇතිවේ.විශේෂයෙන්ම අව අටවක මාසයේ දිනක මල්වරය සිදු වුයේ නම් විවාහ කීපයක් කර ගනී. කුඩා වයසේ දී චරිතය කෙලෙසා ගනී.

    පුර පක්ෂයේ මල්වර වුයේ (බෙරණ නැකතේ) තද පරුෂ ගති තරමක් අඩු කරයි. බෙරණ නැකතේ මල්වර වී තත්කාල ‍ කේන්දරයේ සඳු සිකුරු 07 වැන්නේ සිටීමෙ‍න් හොර රහසේ පැන ගොස් විවාහ වෙයි. නමුත් පියාට ලැදිවේ.මා නැකැතින් මල්වර වුයේ නම් අධ්‍යාපනය ලැබීම අවමය. පුරුෂ පක්ෂයට ඉතා සමීපය. පිරිමි අදහස් දරන්නියක් වේ. ඇය පවුලේ වැඩිමල් දැරිය වුයේ නම් බාල සහෝදර සහෝදරියන්ගේ ජීවිතවලට කැලැලක් ඇති කරයි. නිතර හුදකාලාව ජීවත් වන්නට කැමැති වන අතර දෙමාපිය ඇසුරෙන් ඈත් වීමට සිතයි.බොහෝ යහළු යෙහෙළියන් ඇසුර ‍අගේ කරයි.

    'අද' නැකතින් මල්වර වන දියණිය මෝඩ සිතුවිලි ඇති කරගනී. උසස් ඉගෙනීම ලබයි. වෛද්‍ය අංශය, ගණකාධිකරණය ආදි ඉගෙනිම්වලට ඉතා දක්ෂ වේ. කථාව අඩුවන අතර බලයට රැවටේ. මිල මුදල් පාලනය කිසිසේත්ම අගේ නොකරයි. හොර රහසේ ප්‍රේම සබඳතා ඇතිකරගනී .නමුත් ඉක්මන් තීරණ ගන්නා අතර වස විස ආදියෙන් පීඩා ඇති කරගැනීමට සිතයි. විවාහ වී වසර 5, 6 ක් පමණ වන විට ස්වාමියාට අපල කරයි. දරුපල ප්‍රමාදයි.

    පුවසල නැකතින් හෝ පුෂ නැකතින් මලවර වන්නීය ඉතා ශුභයි. ‍පවුලේ කීර්තිය මෙන්ම පිටස්තර අයගෙන් ප්‍රසංශා ලබයි. අන්සතු දේපළ ඉඩකඩම් ලැබෙන අතර පිය පස ඥාතීන් අගේ කරයි. මේ නැකැත් වලින් මල්වර වන දියණි ගුප්ත ශාස්ත්‍රය , සිංහල බෙහෙත් ප්‍රථිකර්ම හොඳින් ඉගෙන ගනී. අන් අයගේ උපදෙස් ඉතා අගේ කරයි. ඇවිදීමට ප්‍රිය කරයි. ඉතා සැපවත් විවාහ ජීවිතයක් ගත කරන අතර, අග හිඟ කම් අතරේ වුවත් හොඳ විවාහ ජීවිතයක් ගත කරයි. අන් අයගේ සිත් ඇද ගන්නා ප්‍රියකරු මුහුණක් ඇතිවේ.
    මල් වර වීමෙන් පසු කළ යුතු වත් පිළිවෙත් පලාතෙන් පලාතට වෙනස් වේ.
    කුමන අයුරින් වත්පිළිවෙත් කළද මේ බෙහෙත් ද්‍රව්‍ය යොදා වතුර කළ හතකින් පළමුව නහවනවා නම් ගුණවෙයි.

    බෙහෙත් වර්ග
    මුරුව මුල්, ජටා මාංශ, මානෙල් අල, අමුකහ, වදකහ, ගල්සෙවල, කලාඳුරු අල, සුදු හඳුන් සැවැන්දරා, නාමල් රේණු, සුවඳ කොට්ටන්, වෙනිවැල්ගැට, සමන් පිච්ච


    ප්‍රවීණ ජ්‍යෝතිෂවේදීනී - සොමී උඩවත්ත
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: මා නැකතේ මවු නොමැතේ කැති නැකතේ පියා නැතේ Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top