728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-04

    හෘදය රේඛාවේ පිහිටීම ඔබට බලපාන අයුරු

    හෘදය රේඛාව ශීර්ෂ රේඛාවට ඉතා සමීපව පිහිටීමෙන්  පුද්ගලයා කපටි අයෙකු බවට පත් කරයි  

    හස්ත‍ රේඛා විද්‍යාවේදී ප්‍රධාන රේඛා අතරින් හෘදය රේඛාවද ප්‍රධාන රේඛාවක් ලෙස පිළි ගැනේ.
     පලාඵල කීමේදී  මෙයට විශේෂ ස්ථානයක් හිමි වේ.  රූප  සටහනේ පෙන්නා දී ඇති පරිදි හෘද  රේඛාව හඳුනා ගන්න.

    රූප සටහනේ A' A මෙය ආරම්භ වන්නේ බුධ මණ්ඩලයට යටිනි. මෙසේ පටන් ගන්නා රේඛාව ගුරු හෙවත් බ්‍රහස්පතී මණ්ඩලය දක්වා ගමන් කරන අතර ඇතැම් විට ශනි හා ගුරු මණ්ඩලය අතරින් අවසන් වේ. ඇතැම් විට ශාඛාවන් ශනි මණ්ඩලය අතරින් පහලට ගමන් කර පළමු කුජ මණ්ඩලයෙන් අවසන් වන බව පෙනේ.
    මේ හෘදය රේඛාවෙන්  කියැවෙන්නේ කෙනෙකු තුළ තිබෙන  මානුෂික ගුණාංග පිළිබඳවයි. එනම් ආදරය . දයාව කරුණාව වැනි උසස් හැඟීම් පිළිබඳයි.

    යම් කෙනෙකුගේ මේ රේඛාව ඉතා ගැඹුරින් පැහැදිළිව ගුරු හෙවත් බ්‍රහස්පති මණ්ඩලය දක්වා ගමන් කරයි නම් ඔහු හෝ ඇය තම පවුලේ සාමාජිකයින්ට ඉමහත් භක්තියකින් හා ගෞරවයකින් කටයුතු කරන බව පෙනේ. රේඛාව දෙකට කැඩී වෙන්ව තිබීමෙන් තම සහකරු හෝ සහකාරිය පිළිබඳ සැකය ඇති කර ගනී. පවුල් දිවියේ ගැටලු ඇති කර ගනී.

     රවි හෙවත් සුර්ය මණ්ඩලය යටදී රේඛාව කැඩී තිබීම ඇස්වල රෝග ඇති වීමට හේතුයි. ඉතා දුර්ලබ අපහැදිළි ලෙස පිහිටීමෙන් එම සළකුණ ඇති අයට පෙනහළු හෝ ශ්වසන පද්ධතියේ ආබාධ ඇති වීමට හේතුයි.
    ඉතා කෙටි රේඛාවක් ලෙස පිහිටා ශනි මණ්ඩලය දක්වා ගමන් කරයි නම් හෘද රෝග ඇති වීමට හේතු වන බව හස්ත රේඛා පරීක්ෂා කිරීමෙන් මා ලද අත් දැකීම් වේ.

    ශිර්ෂ රේඛාව හා ඒකාබද්ධ වෙයි නම් තරමක් හිතුවක්කාරී තීරණ ගන්නා පුද්ගලයින් වේ. මෙය පුරා දම්වැල් හා දුපත් වැනි සළකුණු පිහිටා ඇති අය කෙරෙහි විශ්වාසය තැබීමට බැරිය. ඔවුන් අවස්ථා වාදීන්ය. තරුණ තරුණියන්ගේ අත්ලේ මෙවැනි සළකුණ පිහිටීමෙන් ප්‍රේම සබඳතා වලදී අනේක විවිධ ප්‍රශ්න ඇති වීමට හේතු වේ.

    ශීර්ෂ රේඛාවට මෙය ඉතා ලංව පිහිටීමෙන්  පුද්ගලයා කපටි අයෙකු කරයි.
    හෘද රේඛාව රත් පැහැති නම් අකාරුණික තැනැත්තෙකි. බුධ මණ්ඩලයට ආසන්නව ආරම්භ වී ඇත්තම් බුද්ධිය ඥාාණය  දියුණු කර ගැනිමේ  භාග්‍ය උදා වේ. අසුබ සළකුණු පිහිටීමෙන් කාමුක බ‍ව පෙන්වයි.
    මේ රේඛාව ඉතා දුබල වු අය අලස ජීවිත  ගත කරන්නෝය. දබර ඇඟිල්ලේ මුල් පුරුක දක්වා  හෘද රේඛාව ගමන් කළ අය දැඩි ආගම් භක්තිකයෝය.

     සමස්තයක් ලෙස ගත් කල හෘදය රේඛාව ඉතා පැහැදිලිව ගැඹුරින්  පිහිටා  තිබීමෙන් අත්ල හිමියා ඉතා කාරුණික පරිත්‍යාගශීලී හා නීති ගරුක පුද්ගලයකු කරයි.

    ප්‍රවීන ජ්‍යෝතිෂවේදී - නන්දසේන වීරසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හෘදය රේඛාවේ පිහිටීම ඔබට බලපාන අයුරු Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top