හතර කේන්දරේ රජවෙන ග්‍රහයෝ
කේන්ද්‍රස්ථාන-හතර කේන්දරය යනුවෙන් නිතර නිතර ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ
1-4-7-10 යන ස්ථාන හතරයි.අපි ඒ පිළිබඳව ගිය සතියේ ඉගෙන ගත්තෙමු.
අද එහි තවත් දුරට යමු.
'එයාගේ හතර කේන්දරේම පාළුයි. ... කිසි වගතුවක් නැති මිනිහෙක්. ..
සමහරුන් මෙසේ කියනු ඔබ අසා තිබෙන්නට පුළුවන.'හතර කේන්දරය පාළු' යැයි කියන්නේ කේන්දරයක 1-4-7-10 යන ස්ථාන හතරේ එකම ග්‍රහයෙක් වත් තැන්පත් නොවී එකී ස්ථාන හතරම පාළු වී තිබීමටය. එහෙත් හතර කේන්දරයේ කිසිම ග්‍රහයෙක් තැන්පත් නොවූ පමණින් එම කේන්දරය හිමියාට ලෞකික දියුණුවක් ලැබිය නොහැකිය යන කතාව නම් මිථ්‍යාවකි. හතර කේන්දරයම පාළු එහෙත් කෝටිපති වෛද්‍යවරයකු ඒ සඳහා නිදසුනකට පමණක් ඉදිරිපත් කළ හැකිය.ජ්‍යොතිෂය වටා සමහරුන් පතුරුවා තිබෙන මිථ්‍යාවන් ද මේ සමඟ අවබෝධ කොට ගෙන තිබීම වැදගත් ය.
කේන්ද්‍රස්ථාන හතරට බලවත් වන ග්‍රහයන් මුලින් හඳුනා ගනිමු. මෙහි කොටස් දෙකකි.කේන්ද්‍රස්ථානවලට දිග් බල ලබන ග්‍රහයන් පිළිබඳ මූලික අවබෝධයක් මින් ලැබේ.හතර කේදරයේ දිසාවන් හතරක් ඇත.
පළමු වැනි භාවය හෙවත් ලග්නය
මෙයින් නැඟෙනහිර දිසාව නියෝජනය වන අතර බුධ සහ ගුරු යන ග්‍රහයින් දෙදෙනා ලග්න භාවයට දිග්බල වේ.
හතර වැනි භාවය හෙවත් මාතෘ ස්ථානය
මේ භාවයෙන් උතුරු දිසාව නියෝජනය වේ.සිකුරු (ශුක්‍ර)සහ සඳු (චන්ද්‍රයා )හතර වැන්නේ දිග්බල ලබයි.
හත් වැන්නට බස්නාහිර දිසාව අයත් වන අතර ශනි හෙවත් සෙනසුරු දිග්බල ග්‍රහයා වේ.
කේන්දරයේ දසවැන්න දකුණු දිසාව නියෝජනය කරන අතර රවි සහ කුජ (අඟහරු) යන ග්‍රහයින් දෙදෙනා දිග්බල වේ.
කිසියම් පුද්ගලයෙකු ගේ කේන්දරයේ ලග්න භාවයේ ගුරු ග්‍රහයා තැන්පත්ව සිටී නම් එය මහත් භාග්‍යයකි. ගුරු ලග්නයේ තැන්පත් පුද්ගලයා යන එන තැන කැපී පෙනෙයි.
මහා පෞරුෂත්වයකට උරුමකම් කියයි. ඔහු/ඇය රජෙක් හෝ රැජිණක් ලෙස ජීවත් වේ. ගුරු ග්‍රහයා නීච හෝ සතුරු නොවන රාශියක් ලග්නය වී ගුරු එහි තැන්පත් නම් නවාංශකයේදීත් ප්‍රබල නම් ඔහු/ඇය නියත වශයෙන්ම බොහෝ සැප සම්පත් භුක්ති විඳී.තරමක මහත දෙහෙත උත්තුංග සිරුරකට උරුමකම් කියයි.
මේ ආකාරයෙන් ම බුධ ග්‍රහයා යම් පුද්ගලයකුගේ කේන්දරයේ පළමු වැන්නේ තැන්පත් නම් ඔහු/ඇය සමාජයේ ගෞරවයට පත්වේ.
හතරවැන්නේ සිකුරු ග්‍රහයා තැන්පත් නම් එම පුද්ගලයාට යාන -වාහන- ගේ දොර ඉඩකඩම් නිතැතින්ම උරුමයි.
දිග් බලයට හිමිකම් කියන ග්‍රහයා කේන්දරයේ එම ස්ථානයේම බලවත්ව තැන්පත්ව සිටී නම් පෙර පින් බලය නිවේදනය කෙරේ.එම භාවයෙන් නිවේදනය කරන සුබ පල ඒලෙසම ලබා දෙන්නට කරන දිග් බලයෙන් යුත් ග්‍රහයා සැම විටම සූදානමින් සිටී.
දස වැන්නේ දිග්බලය ලබන්නේ රවි සහ කුජ යන ග්‍රහයන් දෙදෙනාය.නීච-සතුරු-භාවයක් නොවී එම ග්‍රහයන් දෙදෙනා හෝ එක් ග්‍රහයෙක් 10 වැන්නේ තැන්පත් නම් එම පුද්ගලයා විශිෂ්ට ක්‍රියාධරයෙකි. තම වෘත්තියෙහි ශ්‍රේෂ්ඨයෙකි. ක්‍රියා කෞෂල්‍යයෙන් සපිරි පුද්ගලයෙකි.
හත් වැන්නට දිග්බල ලබන සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා අමතක කළ නොහැක.හත්වැන්න කලත්‍රස්ථානය හෙවත් විවාහය ගැන කියැවෙන ස්ථානයයි.මෙහි දිග්බල ලබන්නේ සෙනසුරුය.තරමක් පුදුමයි නේද?විවාහය ගැන කියන තැන නපුරු-දුෂ්ට පාප ග්‍රහයකුට බාර දී තිබෙන්නේ ඇයි කියා ඔබ සිතනවාට සැක නැත.(ඒ පිළිබඳ සවිස්තරව වෙනත් ලිපියකින් සාකච්ඡා කරන බැවින් දැනට මතක තබා ගත යුත්තේ 7 වැන්නට සෙනසුරු දිග්බල ලබන බවයි.)
යම් කෙනෙකුගේ කේන්දරයේ 7 වැන්නේ සෙනසුරු ග්‍රහයා තැන්පත් නම් එම ග්‍රහයා බලවත් බව තේරුම් ගැනීම දැනට ප්රමාණවත්ය.
මේ කේන්ද්‍රස්ථාන හතරට දිග්බල ලබන ග්‍රහයන් ජන්ම කේන්දරයේ පිහිටා සිටින ආකාරයෙන් සහ ගෝචර ගමනේ දී පිහිටන ආකාරය අනුව ප්‍රතිඵල වෙනස් වේ.
ගුරු-සිකුරු-සඳු සහ රවි යන ග්‍රහයන් සුබ ග්‍රහයන් ලෙස සාමාන්‍යයෙන් මතක තබා ගන්න. ශනි-කුජ-පාප ග්‍රහයන් ලෙස සැලකිය යුතුය. එහෙත් සුබ/අසුබ පල විපාක දීමේදී සුබ අසුබ කියා වෙනසක් නැතිව ග්‍රහයන් ක්‍රියාත්මක වන බව මතක තබා ගන්න.
ලබන සතියේ ග්‍රහයන් උච්ච-නීච වන ආකාරය දැන ගන්න.

හොදට තේරුනා
ReplyDelete