728x90 AdSpace

  • නවතම පුවත්

    2015-02-11

    දෛවය රේඛාව හඳුනා ගැනීම හා එයින් කියැවෙන පලාඵල

    සඳු මණ්ඩයෙන්ද අතේ වළලුකර ප්‍රදේශයෙන් හෝ ජීවන රේඛාවෙන් හෝ කුජ තලාව තුළින්ද දෛව රේඛාව ආරම්භ වන බව පෙනේ.
    රූප සටහන බලන්න.  එහි A .A  ලෙස නම් කර ඇත්තේ දෛවය රේඛාවයි.

    මෙය කුමන ස්ථානයකින් පටන් ගත්තත් මෙයින් කිය වෙන්නේ කෙනෙකුට ලැබෙන රැකියාව ආදායම් මාර්ග ඇතුළු මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමට අවශ්‍ය දේපළ ඉඩකඩම් වැනි භෞතික සම්පත් පිළිබඳවය.

     රූප සටහනේ ඇති පරිදි මෙය හොඳින් සළකුණු වූ අයට මෙලොව කරදරයක් නැතිව සැප සම්පත් ලැබීමට වාසනාව ලැබෙන බ‍ව පෙනේ.
    ඇතැම් විට මෙය රේඛා දෙකක් ලෙසද පිහිටනු ඇත.
    සුර්ය හෙවත් රවි රේඛාව පිහිටා නොමැති අයගේ රවි මණ්ඩලය වෙත ගමන් කරනු ඇත.
    සාමාන්‍ය ස්වභාවය වන්නේ මෙය අත්ලේ පහල ප්‍රදේශයකින් පටන් ගෙන ශනි මණ්ඩලය වෙත ගමන් කර තරු සළකුණු වලින් අවසන් වීමයි.

    මෙය කුමන ස්ථානයකින් පටන් ගත්තත් ශනි මණ්ඩලය පසු කර මැදඟිල්ලේ පළමු හෝ දෙවන පුරුක දක්වා ගමන් කර ඇත්නම් එය අසුභ පිහිටීමකි. එසේ පිහිටි අය මුලදී හොඳින් ධනය දේපළ තිබී මහළු කාලයේදී ඒවා සියල්ල නැති කර ගනී. එසේ පිහිටි අය විවිධ දුරාචාරයන්ට යොමු වී තම ධනය නැතිකර ගනී.මෙය නොපිහිටන අයත් රැකියාව දේපළ ආදී තොරතුරු ඊට අදාළ අනිකුත් රේඛා සළකුණ බලා තීරණය කළ යුතුය.
     ධන හෙවත් දෛවය රේඛාව අත්ල මැද දුපත් සළකුණක් වැටී ඇත්නම් එවැනි අය අනියම් සබඳතා ඇති කර ගෙන  ආර්ථික තත්ත්වය නැති කරගනී.

    මෙය හොඳින් ‍පිහිටා එයින් පටන් ගන්නා සියුම් රේඛා සළකුණු ඇති අයට හදිසි ධනලාභ හා අන්සතු වස්තුව ලබන බව පෙන්වයි. මේ රේඛාව කුජ  තලාවෙන් පටන්ගෙන ඇත්නම් එවැනි අය ආරක්ෂක සේවයේ ඉහළට යයි.

    සඳු මණ්ඩලයෙන් පටන්ගත් අයට විදේශ ගමන් යෙදෙන අතර අනුන්ගේ උදව් උපකාර ලැබී අත්ලේ වෙනත් ස්ථානයකින් පටන් ගෙන සියුම් රේඛාවක් සම්බන්ධ වී නම් වාසනාවන්තයෙක් වේ.
    දෛවය රේඛාව තැනින් තැන ඇදව කැඩී පිහිටීමෙන් ආර්ථික අපහසුතා මෙන්ම රැකියාව නැති වීමට පවා හේතු වන පිහිටීම්ය.

    දෛවය රේඛාව කොහෙත්ම පිහිටා නැති අයට මොන තරම් උත්සාහ කලත් දියුණුව ලැ‍බෙන්නේ හෙමිහිටය. කුජ තුලාවේ කීප පලකින්ම කැඩී තිබීමෙන් නිවාස දේපළ සම්බන්ධ ගැටළු හා සතුරු පීඩා නිසා තම රැකියාව හරියට කර ගෙනයෑමට අපහසුතා ඇතිවේ. මෙය සම්පුර්ණයෙන්ම පිහිටා නොතිබී කෙටි රේඛාවක් ලෙස පැහැදිලිව වැඩී ඇති කාලයේදී පමණක් ආර්ථිකය යහපත් වන බව කියවේ.

    ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී - නන්දසේන වීරසිංහ
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: දෛවය රේඛාව හඳුනා ගැනීම හා එයින් කියැවෙන පලාඵල Rating: 5 Reviewed By: Unknown
    Scroll to Top